දන් ඉලක්ක හා පින් ඉලක්ක බවට පත්වෙන අසරණ දරුවන්

අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැස්කිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි.  ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ටද හරි කැමතිය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පව් නේද?” කියා “පින් තකා” දන් දීමය.

මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසේ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” යන නමිනි. අඩුගාණනේ,  ඉදිරියේදී වත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමයින් පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.

ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීමය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීමය. මෙය හොඳ ප්‍රවනතාවයකි.

ලිව්වේ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in කාලීන, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

18 Responses to දන් ඉලක්ක හා පින් ඉලක්ක බවට පත්වෙන අසරණ දරුවන්

  1. malinda says:

    @ritigala jayasena – දන් දීම යනු පරලොවට පින් රැස් කිරීම නම් අන්‍යොන්‍ය උපකාරයෙන් බලාපොරොත්තු වන්නෙ බම්බුවද? මොකුත් ඕනෙ නැත්තන් නිකන් හිටිය නං ඉවරයි නේ. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ පුටේ. නිකන් නොදන්න පොයිං කතා නොකර ඉඳින්. මගෙත් යාලුවෙක් ඉන්නව ඔය වගෙ දෙකයි පනහෙ තුප්පැහි අයිඩියාස් තියෙන. ඕනෙ නං මම ඌව උඹලට සෙට් කරන්නන්. ගොන්නුන්ට කොහොමත් හරි යන්නෙ ගාල තමා

    Like

    • මලින්ද, හොද වැඩක් කරද්දී එය කළ යුත්තේ යම් කිසි “ලෝකෝත්තර රිටර්න් එකක්“ බලාපොරොත්තුවෙන්ම ද?

      Like

      • malinda says:

        ලෝකෝත්තරද බඩගෝස්තරද කියලා වැඩක් නෑ. රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා. එක මේ උඹලට පේන පින විතරක් නෙවෙයි. මොකද දානය කියන්නේ දීම. දීමෙන් බලාපොරොත්තු වෙන්නෙ තෘශ්නාව ප්‍රහීණ කිරීමයි. ඒකට බෝනස් එකක් විදියට කල හොඳ පස්සෙන් එනවා. තේරෙනවද මන්දා….. මේක බුදුදහමෙ සරල ඉගැන්වීමක්. මම කියන්නද වැඩක්. උඹල ඉස්සෙල්ලා තියෙන ආගම නැති කරගෙන පඩ වැඩ කරන්නෙ නැතුව ඉස්සෙල්ලම තමන්ගෙ ආගමේ ඉගැන්වීම් ගැඹුරටම හදාරපන්. නිකන් එහෙන් මෙහෙන් ගසලා බසලා දාලා මිනිස්සුන්ට උඹලා අමුතු චින්තනයක් තියෙන පිටසක්වල ජීවියො වගෙ අමුතු එවුන් ටිකක් කියල ප්‍රදර්ශනය කරන්නෙ නැතුව.

        Like

        • නිරාගමිකත්වය කියන්නෙ කිසිම ආකාරයක “අමුතු චින්තනයක්“ නොවේ. ලංකාවෙ ඉන්න ආගමික හා ගෝත්‍රික මතවාද වලින් තම විචාරය සීමා කරගත් අයට තමයි නිරාගමිකත්වය “අමුතු චින්තනයක්“ වෙන්නෙ…අනෙක නිරාගමිකත්වය “අමුතු චින්තනයක්“ වුනත් මොකද? ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයක චින්තනයක් දරන්න සහ සිය චින්තනය කුමක්ද කියලා ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා…චින්තනය “අමුතු“ වූ පමණින් ඒක අසත්‍යයයි කියලාවත්, අවලංගුයි කියලාවත් ගම්‍යමාන වෙන්නෙ නෑ,,,

          දැන් මාතෘකාවට එමු. ආගමක් අදහන මිනිස්සු පින්කම් කරන්නෙ එක්කො පරලොව ගොඩදාගන්න…නැත්තම් මොකක් හරි රිටර්න් එකක් බලාපොරොත්තුවෙන්…ආගම් වලින් වපුරන ලද චින්තනයට අනුව රිටර්න් එකක් නැත්නම් පින් කරලා වැඩක් නෑ…නමුත්, අප හොද වැඩ කළ යුත්තේ යම්කිසි රිටර්න් එකක් බලාපොරොත්තුවෙන්ම ද? නිරාගමික අයගේ ලෝකදැක්මට අනුව අපි කරන දේවල් අපේ “පස්සෙන් එන්නෙ“ නෑ…ඒක මිත්‍යාවක් පමණයි. ඒ නිසා අපි හොද වැඩ කළ යුත්තෙ ලෝකෝත්තර රිටර්න් බලාගෙන නෙමෙයි…

          අනෙක් කාරණය තමයි, බොහෝ නිරාගමිකයන් තමන් “උපන්“ ආගම පමණක් නොව ලොව ඇති සියලු ආගම් ගැඹුරින් හැදෑරූ අය. මෑතකදි කරන ලද සමීක්ෂණ වලින් හෙලි වෙලා තියනවා නිරාගමිකයන්ගෙ ආගමික දැනුම ආගම් තියන අයට වඩා වැඩියි කියලා (source – http://www.huffingtonpost.com/2010/09/28/pew-forum-religious-knowledge-survey_n_741349.html) ….උදාහරණයක් ලෙස, ඉස්ලාම් ආගම හැරගොස් නිරාගමික වූ බොහෝමයක් අයට කුරානය පිළිබද තියෙන දැනුම සාමාන්‍ය මුස්ලිම් අය අතුරින් බොහෝ දෙනෙකුට නෑ.

          Like

          • Anonymous says:

            උඹ පව් බන්

            Like

          • malinda says:

            — චින්තනය “අමුතු“ වූ පමණින් ඒක අසත්‍යයයි කියලාවත්, අවලංගුයි කියලාවත් ගම්‍යමාන වෙන්නෙ නෑ,,,—

            අසත්‍යයි නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිකයි තත්වය අතිශයින්ම ඛේදජනකයි. මොකද බොරුවක් උනත් හැමදාම කිව්වම ඒක ඇත්තක් කියල අමාරුවෙන් උනත් හිත පිලිගන්නවා. මම බෞද්ධයෙක්. හැබැයි සරල සාහිත්‍යමය බෞද්ධයෙක් නෙවෙයි. උඹලා බෞද්ධ අයිකන් එක විදියට අරන් තියෙන්නෙ ඔන්න ඔය කියන සරල සාහිත්‍යමය බෞද්ධයවයි. මොකද ඒ අයව විග්‍රහ කරන්න ලේසි. කොටින්ම කිව්වොත් රිනාත්මක විවේචනයක් කරන්න ලේසි. හැබැයි ඈත්තටම බැලුවොත් උඹලා ඊටත් අන්තයි. මෙලෝ තේරුමකුත් නෑ. විද්‍යාත්මක පදනමකුත් නෑ. හැබැයි පේරාදෙනිය මල්වත්ත වගේ ලස්සනයි. කලවම්.

            — දැන් මාතෘකාවට එමු. ආගමක් අදහන මිනිස්සු පින්කම් කරන්නෙ එක්කො පරලොව ගොඩදාගන්න…නැත්තම් මොකක් හරි රිටර්න් එකක් බලාපොරොත්තුවෙන්…ආගම් වලින් වපුරන ලද චින්තනයට අනුව රිටර්න් එකක් නැත්නම් පින් කරලා වැඩක් නෑ…නමුත්, අප හොද වැඩ කළ යුත්තේ යම්කිසි රිටර්න් එකක් බලාපොරොත්තුවෙන්ම ද? —

            කුමාර…..
            ඔයාගෙ මේ තර්කයෙන්ම ඔයා බෝල්ඩ් වෙනවා කිසිම හිතක් පපුවක් නැතුව.
            දානයෙන් බලාපොරොත්තු වෙන්නෙ තෘශ්ණාව නැති කිරීම කියලා සිංහලෙන්ම කියල තියෙද්දිත් ඒක තෙරුම් ගන්න බැරි නං ඉතින් සූත්‍ර, විනය, අභිධර්මය කොහොම තේරුම් ගන්නද? මොකක් හරි දර්ශනයක් එක්ක හැප්පෙනවනන් ඉස්සෙල්ල ඒකෙ අන්තර්ගතය හදාරල එන්න. නැතුව ඒකෙ ඉගැන්වීම් සරලව තම ජීවිත වලට එකතු කරගත්ත අය කරන දේවල් දිහා උඩින් බලල දහම මේ ආකාරයි කියල හිතලු වලට එන එක අණුවනයන්ගේ ලක්ශණයක්. ඒක හරියට අන්දයො අලියව විස්තර කරනව වගේ.

            — නිරාගමික අයගේ ලෝකදැක්මට අනුව අපි කරන දේවල් අපේ “පස්සෙන් එන්නෙ“ නෑ…ඒක මිත්‍යාවක් පමණයි. ඒ නිසා අපි හොද වැඩ කළ යුත්තෙ ලෝකෝත්තර රිටර්න් බලාගෙන නෙමෙයි —

            අපි කරන දේවල් අපේ පස්සෙන් එන්නෙ නැත්තන් වෙන්නෙ කොහොමද කියල පහදන්න.
            ලෝක දැක්ම කියන එක පැහැදිලි මදි. ඒ කියන්නෙ ප්‍රාදේශීය දැක්මවලුත් තියෙනවද?

            Like

            • කිසිම ඛේදජනකභාවයක් නෑ සහෝ…මුලින්ම කියන්න ඕන මේ “ලෝකදැක්ම“ කියන වචනෙ යොදාගත්තෙ ඉංග්‍රීසි භාෂාවේ එන world-view කියන අර්ථයෙන් බව…World-view කියන වචනය වැඩිදුරටත් විග්‍රහ කරොත් විශ්වය පිළිබදව අප තුල තියන දාර්ශනික ස්ථාවරය කියලා අපට කියන්න පුලුවන්…“ලෝක දැක්ම“ කියන සංකල්පය දැන් ඔයාට පැහැදිලියි කියලා මම හිතනවා!

              දාර්ශනික මට්ටමෙන් ගත්කල, දානය කියන සංකල්පයේ අරමුණ තෘෂ්ණාව නැතිකිරීම වෙන්න පුලුවන්…නමුත්, දානය හා තෘෂ්ණාව නැතිකිරීම අතර මනෝ විද්‍යාත්මක සම්බන්ධතාවයක් තියනවාද කියලා මටනං සැක සහිතයි…කෙසේවෙතත්, ලංකාවේ ඉන්න බහුතර සිංහලබෞද්ධ මිනිස්සු බෞද්ධ පල්ලියට “දාන“ “ආධාර“ “පූජා“ දෙන්නෙ තෘෂ්ණාව නැති කිරීම කියන අරමුණ පෙරදැරිව නෙවේ…පරලොව ගොඩ දාගැනීමේ අරමුණින්…මේ ලිපියෙන් සාකච්ඡාවට ලක්කරලා තියෙන්නෙ අපේ පොලොවෙ තියන, මිනිස්සු ප්‍රැක්ටිස් කරන, “බුද්ධාගම“ ගැන මිසක් ත්‍රිපිටකය ආදී පොත්පත් වලට පමණක් සීමා වූ – බහුතර ජනතාව ප්‍රැක්ටිස් නොකරන – “බෞද්ධ දර්ශනය“ ගැන නෙවේ…එහෙම කරන්න හේතුව නම්, සමාජයට බලපෑමක් එන්නේ යම් ආගමක අන්තර්ගත, පොත්පත් වලට සීමා වූ, පාරභෞතික/ දාර්ශනික ඉගැන්වීම් වලින් නොව යම් ආගමක ජනප්‍රිය අනුවාදයෙන් නිසා…

              Like

              • malinda says:

                බහුතර ජනතාව ප්‍රැක්ටිස් නොකරන – “බෞද්ධ දර්ශනය“ උඹලා පිලිගන්නවද?

                Like

                • තනි වචනෙකින් උත්තරයක් දෙනවනං “නැහැ“ කියලා තමයි කියන්න වෙන්නෙ….බුද්ධාගමේ දාර්ශනික පැතිකඩ පදනම් වෙලා තියෙන්නෙ මූලික වශයෙන්ම උපකල්පන කිහිපයක් මත…එකක් තමයි..පාරභෞතික ද්වෛතවාදය…අනෙක තමයි පුනර්භවය පිළිබද වන උපකල්පනය…අනෙක, කර්මය පිළිබද  උපකල්පනය…ඔය උපකල්පන 3 නිරාගමික අය පිළිගන්නෙ නෑ

                  Like

                  • Mayya says:

                    කුමාර/මාලින්ද

                    මේ සංවාදේ (විවාදේ 😉 ) මැද්දට පනින්න ඒම ගැන සමාවෙන්න…..

                    කුමාර මට පොඩ්ඩක් පැහැදිලි කොරලා දෙන්න ඔය උපකල්පන කියන ඒවා පිලිගන්න මිනුම් දන්ඩ ගැන

                    මොකද මම දන්න සාමාන්‍ය විද්‍යාව අනුව
                    නිව්ටන් මහත්තයා කොරලා තියෙන්නේත් උපකල්පන
                    අයින්සට්යින් මහත්තයා කරලා තියෙන්නේත් උපකල්පන
                    නීල්ස් බෝර්ලා මැක්ස් ප්ලාන්ක්ලා කරලා තියෙන්නේත් උපකල්පන

                    මේ හැමෝගෙම උපකල්පන විවිධ අවස්ථාවලදි විව්ධ පරාසයන් වලදි ඒ ඒ නිරික්ෂණ වලට පමනක් සත්‍ය වෙනබව කුමාර මහත්තයා දන්නවා…

                    එහෙම තියෙද්දි ඔයා උඩින් ලියලා තියෙන බුද්ධාගමේ තියෙන වයි කියන උපකල්පන පරසක්වල ගහලා බොරුයි කියන්නේ කොහොමද? අඩුම ගානේ ඇග්නොස්ටික් තත්වයක් නම් මම ඒක පිලිගන්න කැමතියි..ඒත් මේ ඒවා ඔක්කොම බොරුයි කියලා පරසක්වල ගහලා කියන දේවල් ගැන නම් මට තියෙනේ අවිශ්වාසයක්….

                    Like

          • malinda says:

            තව දෙයක්…. ඔයාලගෙ සිතුම් පැතුම් සහ විස්තර කිරීම් ටිකක් විතර ක්‍රිස්තියානි නිකායික ආරක් තියෙනව තියෙනව වගෙ. මම වැරදි වෙන්න පුලුවන්. ඒත් මට එහෙම හිතෙනව. අනේ මන්දා

            Like

  2. Nisal says:

    “මම කියන්නද වැඩක්. උඹල ඉස්සෙල්ලා තියෙන ආගම නැති කරගෙන පඩ වැඩ කරන්නෙ නැතුව ඉස්සෙල්ලම තමන්ගෙ ආගමේ ඉගැන්වීම් ගැඹුරටම හදාරපන්. නිකන් එහෙන් මෙහෙන් ගසලා බසලා දාලා මිනිස්සුන්ට උඹලා අමුතු චින්තනයක් තියෙන පිටසක්වල ජීවියො වගෙ අමුතු එවුන් ටිකක් කියල ප්‍රදර්ශනය කරන්නෙ නැතුව.”
    1) ආගම නැති එවුන්ට කොහෙන්ද බං තමන්ගේ කියල ආගමක් හදාරන්න තියෙන්නෙ? මෝඩ කතා කියන්න එපා.
    2) නිරාගමිකත්වය අමුතුයි කියන්නෙ උබල වගේ ලිං මැඩි ගොන්නු ටික දෙනෙක් විතරයි, පිලිගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. උඹ පිලිගත්තත් එකයි නැතත් එකයි.

    Like

    • malinda says:

      නිහතමානීව සතුටු වෙනවා නේද ඔයත් බහුතරය ගොඩේ ඉන්නවා කියලා. දන්නවද මචන්…. බහුතරය ෆුට්බෝල් වලටත් ආසයි

      Like

  3. මයියා,

    විද්‍යාව තුලින් ඉදිරිපත් කර ඇති – “උපකල්පන“ කියලා මයියා හදුන්වන – යම් යම් දේවල් වනාහී ඇත්තටම “උපකල්පන“ ද නැතහොත් වෙනින් දෙයක්ද කියන ප්‍රශ්නය මේ පුංචි කමෙන්ටුව තුළින් විමසීමකට භාජනය කරන්න මම යන්නෙ නෑ…

    හින්දු, ජෛන, බෞද්ධ ආගම් වල දාර්ශනික පැතිකඩ සළකා බැලුවොත් පෙනෙන කාරණය තමයි එම දර්ශන වල අත්තිවාරම වනුයේ පාරභෞතික ද්වෛතවාදය, කර්මය, පුනර්භවය යන සංකල්ප බව..මේ සංකල්පීය අත්තිවාරම මත ගොඩනැගුණු බෞද්ධ දර්ශනය නිරාගමිකයින් පිළිගන්නෙ නෑ කියලා තමයි මම සරලව කිව්වෙ

    මේ උපකල්පන ඇත්තද බොරුද කියන එක ගැන අපට දීර්ඝ ලෙස විවාද කරන්න පුලුවන් තමයි…නමුත්, ඒ මාතෘකාව රිටිගල ජයසේනගෙ මේ ලිපියෙ මාතෘකාවෙන් වෙනස් වූවක් නිසා ඒ ගැන මෙතන විවාදයකට එළඹෙන්න මගේ අදහසක් නෑ

    Like

    • Mayya says:

      🙂 මටත් ඕකම කියන්න පුලුවන්

      කුමාර,

      බුද්ධ දර්ශනය තුලින් ඉදිරිපත් කර ඇති – “උපකල්පන“ කියලාකුමාර හදුන්වන – යම් යම් දේවල් වනාහී ඇත්තටම “උපකල්පන“ ද නැතහොත් වෙනින් දෙයක්ද කියන ප්‍රශ්නය මේ පුංචි කමෙන්ටුව තුළින් විමසීමකට භාජනය කරන්න මම යන්නෙ නෑ…

      විද්‍යාවවේ දාර්ශනික පැතිකඩ සළකා බැලුවොත් පෙනෙන කාරණය තමයි එම දර්ශන වල අත්තිවාරම වනුයේ භෞතිකවාදය, හේතුඵලය යන සංකල්ප බව..මේ සංකල්පීය අත්තිවාරම මත ගොඩනැගුණු විද්‍යාවේ, ‘භෞතිකවාදය’ යන්න බෞද්ධයන් මෙන්ම හතරවන පරම්පරාවේ බෝහෝ විද්‍යඟයන්ද පිළිගන්නෙ නෑ කියලා තමයි මම සරලව කිව්වෙ

      Like

      • ඔබ කියන දේ පැහැදිලියි…භෞතිකවාදය බෞද්ධයින් පිළිගන්නෙ නෑ…මෙහිදී මම “භෞතිකවාදය“ කියලා අදහස් කරන්නෙ “සිත යැයි හදුන්වනු ලබන අභෞතික දෙයක් නැත“ කියන ස්ථාවරය…

        එතකොට, විද්‍යාව මගින් භෞතිකවාදය presuppose කරනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා…මේ ප්‍රශ්නයට ඔව් හෝ නැහැ වශයෙන් තනි වචනෙ සරල උත්තරයක් දෙන්න අමාරුයි…මන්දයත්,විවිධ විද්‍යාඥයන් මේ පිලිබද විවිධ මතවාද දරපු නිසා…විද්‍යාව භෞතිකවාදය මත පදනම් විය යුතුද නැද්ද කියන එක ගැන විද්‍යාඥයින් අතර consensus එකක් නැතිබව තමයි පෙනෙන්නෙ

        Like

  4. පින් පව් ගිනුම මිනිස්සු හදාගත්ත සංකල්පයක්. හොඳ වැඩක් කලාම හොඳ ප්‍රතිඵල ගිනුමකට එකතු වෙන බවත්, නරක කලාම එම නරක කලින් ගිනුමටම එකතුවන බවත් පව් පින් අදහන්නන්ගේ විස්වාසයයි.

    ඒ විතරක් නෙවෙයි තවත් ආගම් වල ඔය පින් පව් වෙනත් ගිනුම් වලටත් දාල දෙනව. ඒකට ඉතින් පොඩි චැට් එකක් දාල දැනුම බෙදාගෙන ඒ බෙදාගත්ත දැනුම පින් වලට හරවල වටේට ඉඳගෙන සාදු කියන්නත් ඕන. ඒගොල්ලන්ගෙ විස්වාසය තමයි වචන තුලින් ගිනුම තමාට ඕන විදියට හසුරුවන්න පුලුන්ය කියන එක.

    හැබැයි මේ වැඩේ කරන්න දන්න අය ඉන්නව වෙනම උනිෆෝම් ගහගෙන ඒගොල්ලො තමයි මේකෙ ඒකාධිකාරය පවත්වාගෙන යන්නෙ. ගිනුමට ප්‍රවේශවෙන විධානය තමයි සාදුකාරය. වැඩිපුරම ප්‍රවේශවෙන්නේ අමනුස්ස ගිනුම් වලට. හැබැයි කවුරුවත් දන්නෙත් නෑ ගිනුම තියන තැන තියා අමනුස්සය ඉන්න තැනවත්. අනේ මෙහෙමත් මුලාවක්…

    Like

  5. Test says:

    ela ela

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s