ආගම මගින් සදාචාරය විකෘති කිරීම – 2


ආගම් මගින් මානව සදාචාරය පැහැර ගැනීම හේතුවෙන් සදාචාරයට සිදුවන අහිතකර බලපෑම පිළිබදව විග්‍රහයක් පසුගිය ලිපියෙන් සිදුකෙරිණි. එම ලිපියට ඌණපූරණයක් ලෙස මෙම ලිපිය පළ වේ.

සෑම ආයතනගත ආගමකින්ම ඒවාගෙ අනුගාමිකයන්ගේ ඔලු වලට දාන්න හදන කාරණාවන් තුනකි. එකක් නම්, “යහපත්, නීතිගරුක, සහ සදාචාරාමක පැවැත්ම මෙන්ම අන්‍යෝන්‍ය උපකාරය කියන හරයන් මුල්කරගෙන ජීවත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ ය” යන්න ය. අනෙක නම්, “සදාචාරාත්මකව ජීවත් වීමට අමතරව ආයතනගත ආගමක රබර් මුද්‍රාව වැදුන ‘පිනක්’ සහිත සෙතක් ‘පරලොවට’ අත්‍යාවශ්‍ය ය” යන්න ය. අනෙක් කරුණ නම්, නීතිගරුක, සදාචාරාමක දිවි පැවැත්ම සහ අන්‍යෝන්‍ය උපකාරය යන හරයන් මොන එකක්වත් නැතිව වුවද “දාන” ,  “ආධාර” ,  “පූජා” යනාදිය හරහා “ආයතනයට අල්ලස් දීමෙන්” පමණක් “පරලොව” ගොඩ දාගන්න පුලුවන්ය යන්න ය.

ආගම ඇතත් නැතත් සදාචාරාත්මක සහ යහපත් ජීවිත ගතකරන්න පුලුවන් තරම් සමාජ අවබෝධයක් සහ සිහියක් ඇති මිනිසුන් කොහොමත් ඵලදායි යහපත් ජීවිත ගතකරනු ලැබේ. සදාචාරාත්මක වීම සඳහා ආගමික ආයතන වල මගපෙන්වීම ඇත්තටම අවශ්‍ය පුද්ගලයන් ටිකට වර්තමාන ආගමික ආයතන වලින් කිසිම මග පෙන්වීමක් ලැබෙන්නේ නැත. අර විදිහේ අවුල් සහගත පුද්ගලයන්ගේ භෞතික අල්ලස් ලබාගෙන ඔවුන් වෙත “දැන් පරලොව ගොඩ” කියන මානසික අල්ලස ආපසු ලබාදීමේ ගනු-දෙනු ව්‍යාපාරයකි බොහෝ ආගම් වල සිදුවෙන්නේ. “මෙතැනට ඇවිල්ල මේ ආයතනයට ද්‍රව්‍යමය අල්ලස් දුන්න කියල පරලොවට සත පහක වැඩක් නෑ යහපත් දිවි පැවැත්මක් නැත්තම්” යන අදහස සිය අනුගාමිකයන්ගේ ඔලු වලට කාවද්දන ආගමක් නැත. ඒ ආකාරයේ කතාවක් මොනම ආගමික ආයතනයකින් වත් ප්‍රකාශ කරනවා මා අසා නැත. ආගමික ආයතන මගින් කියන්නේම “අපිට දෙන්න පින්වත්නි අපිට දෙන්න. වෙන මොකාට මොනව දුන්නත් වැඩක් නෑ අපිට දුන්නෙ නැත්තම්” කියන එකමැයි!!

ලිව්වෙ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in දර්ශනය, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to ආගම මගින් සදාචාරය විකෘති කිරීම – 2

  1. Mayya says:

    ආගම ගැන පොදුවේ කථා කරලා තියෙන නිසා මං දන්න බුද්ධ සාසනේට බහින්නම්….

    සාස්නේට කරන් එක හොදක් වෙන්නේ වෙන අරුතකින්…

    මං හිතන්නේ රිටිගලට ඒක නෝතේරෙන්න තරම් මෝඩයේක් නොවෙයි….

    ඒත් අද ලංකාවේ නම් සාසනේට කරන එක බිස්නස් එකක්….තවත් අතකට මෝඩ කමක්…..මොනා කරන්නද තම තම ණැන පමනින්නේ…..

    Like

    • සැබෑ ලෙසම මානව සදාචාරය කලමනාකරනය කිරීමේ හා සැබෑ සදාචාරය සිය ජීවන මග කොටගත් අනුගාමිකයන් පිරිසක් බිහිකිරීමට ආගමික ආයතන කැපවී ඇත්නම්, එම ඵලදායී ආයතන පවත්වාගැනීම සඳහා ද්‍රව්‍යමය ආධාර කරන පුද්ගලයන් මාගේ පැසසුමට බඳුන් වෙනවා පමනක් නොව, මාගේ බදු මුදල්ද එවැනි කටයුත්තකට යොදා ගැනීම මට කිසිම ප්‍රශ්නයක් ඇති නොකරයි. එවැනි අර්ථයකින් යමෙකු ආයතනයට “දාන”, “ආධාර”, “පූජා” ලබාදීමේ කිසිම ගැටලුවක් මට නම් නැත. ඇත්තටම කිවහොත්, යහපත් සාමකාමී සමාජයක් තැනීමෙ කර්තව්‍යයට ආගමික සංස්ථා සැබෑවටම කැපවී ඇත්නම්, නිර්-ආගමික අපිට අපේ වැඩක් බලාගෙන පැත්තකට වී සිටිය හැක.

      උදාහරණයක් ලෙස කිවහොත් මාගේ බදු මුදල් වලින් ‘මානසික රෝහල්’, ‘සිර ගෙවල්’, ‘ආබාධිත පුද්ගලයට පහසුකම්’, ‘මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය’ ආදී කටයුතු වලට මුදල් වෙන් කිරීම මට ප්‍රශ්නයක් නොවෙනවා පමනක් නොව. මාගෙ බදු මුදල් එවැනි කටයුතු වලට යොදා ගන්නෙ නම් හා එවා අදාල කර්තව්‍යයට නිවැරදිම හා ඵලදායී ලෙස යොදා ගැනීම මාගේ සතුටට හේතුවෙ. මේ කිසිම ආයතනයකින් පෞද්ගලිකව සේවය ලබාගැනීමෙ බලාපොරොතුවක් නැත. එසේ නොවේවා යන්න මගේ පැතුමයි. නමුත් එම සේවාවන් අවශ්‍ය පුද්ගලයන් සමාජයේ සිටින බවද, ඔවුන්ට එම සේවාවන් නොලැබී යාම මුලු සමාජයටම අහිතකර ලෙස බලපාන බවද මා දනිමි.

      ආගමික ආයතන සම්බන්ධයෙන්ද තර්කය එයමැයි. නිර්-ආගමික මට පෞද්ගලිකව මේ ආගමික ආයතන වලින් සේවා ලබාගැනීමත අදහසක් නැති නමුදු, සේවා අවශ්‍ය අයට ඒවා සැපයීම වැදගත් බව දනිමි.

      නිර්-ආගමික අප ආගමික සංස්ථා සමග බද්ධ වෛරයකින් පෙලෙන්නේ යැයි උපකල්පනය කිරීම වැරදිය. අපට මල පනින්නේ, ආගම බලෙන් අපේ ඇඟේ ගැසීමට ඒමෙන් නොනැවතී, සමාජයේ සදාචාර සෝදාපාලුව නැවත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ආගමික ආයතන, වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදාගත හැකි සම්පත් නිකරුනේ කාබාසිනියා කරනු දකින විටය.

      Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s