නිරාගමිකත්වය සහ ආගම් විවේචනය

“මේ නිරාගමිකයන් නම් බෞද්ධ පදනමටම පමණක් ගරහන එන්.ජී.ඕ කුමන්ත්‍රණ කරුවන් පිරිසකි” යන අවලාදය අහලාම එපා වී ඇත. නමුත්, මේ අවලාදයට පිළිතුරක් දිය යුතුම ය.

ශ්‍රී ලාංකීය නිරාගමිකයින් බොහෝ දෙනෙකුගේ හත්මුතු පරම්පරාවම නිරාගමික නො වේ. එබැවින් ඔවුන් කුඩා කල හැදුනු වැඩුනු, එපමණක් නොව, සමහර විට දැනට ද ජීවත්වන ආගමික වටපිටාවක් ඇත. තව දුරටත් සොයාගෙන ගියහොත් පෙනීයන්නේ ඔවුන්ගේ පවුල් වල උදවිය බොහෝදෙනෙක් තවමත් දැඩිව යම් ආගමික සංස්ථාවක් කෙරේ  බැඳුනු අය බවයි. තවත් දුරට සෙව්වොත් පෙනීයන දේ නම් බොහෝ නිරාගමිකයන්ගේ සැමියන්, බිරින්දෑවරුන් පෙම්වතුන් සහ පෙම්වතියන් බොහෝවිට කිසියම් ආගමකට අනුගත වූ අය බවයි. සැකවින් කිවතොත්, බොහෝ නිර්ආගමික පුද්ගලයින් නිර්නාමිකව සිටින්නේ, ඔවුන් තවමත් සාමාජයීය ලෙස “ආගමික” ලේබලය දරන සැඟවුනු නිරාගමිකයින් බැවිනි. ලංකාවේ ජීවත්වන සෑම පුද්ගලයින් දහදෙනෙකුගෙන්ම හත්දෙනෙකුම සිංහලබෞද්ධ වේ. මුස්ලිම් සමාජයෙන් නිරාගමිකයන් බිහිවන්නේ ඉතා අඩුවෙනි. බිහිවුනත් ඔවුන් “රැලෙන් පිටමන් කරාවි” යන බිය නිසා සිය නිරාගමිකත්වය සඟවා සමාජීය වශයෙන් මුස්ලිම් ජීවිත ගතකරති. ඇරුත්,  මුස්ලිම්ව සිට නිරාගමික වීම යනු මුස්ලිම් සමාජයෙන් දැඩි ප්‍රහාරයට ලක්වීමට හේතුවකි. එසේවුවද, කරුණු එසේ තිබියදී පවා අප විසින් එක්ස්-මුස්ලිම් නිරාගමිකයින් කිහිපදෙනෙකු බිහිකිරීමට සමත්ව ඇති බව කිව යුතු ය. එමෙන්ම, අපත් සමග ක්‍රිස්තියානි පසුබිමක සිට නිර්ආගමික වූ බොහෝ දෙනෙක් ඇත. ඔවුන් ද බොහෝවිට නිහඩ ජීවිත ගතකරති. ඔවුන් බ්ලොග් ලීවත් බොහෝවිට ලියන්නේ ඉංග්‍රීසියෙනි.

දැන් ඔබ සාමාන්‍ය ගණිතය දන්නේ නම් මෙම ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. සිංහල බසින් බ්ලොග් අවකාශයේ සටහන් තබන නිරාගමිකයෙකු වේ නම් ඔහුගේ පවුල් පසුබිම තුල ඇති ආගම කුමක් විය හැකිද? ඔහු හෝ ඇය බෞද්ධ පසුබිමකින් පැමිණීමේ සම්භාවිතාවය ඉතා අධික බව තේරුම් ගැනීමට ඔබට මහ ලොකු ගණිත දැනුමක් අවශ්‍ය නො වේ.

මෙම ගණිත පාඩම අවශ්‍ය වනුයේ මූණ සෝදන බේසමේ පවා කිඹුලන් දකින සහ සෑම පඳුරකම කුමන්ත්‍රණ දකින සිංහලබෞද්ධයන් වෙනුවෙනි. බෞද්ධ පවුල් පසුබිමකින් පැමිණෙන හා බෞද්ධ චින්තන මූලයක් සහිත නිරාගමිකයන් බොහෝවිට ආගම පිලිබඳ තමන්ගේ විචාර සඳහා සිය බෞද්ධ මූලයෙන් එන දැනුම හා උදාහරණ භාවිතා කරනු ලැබේ. එමෙන්ම, තවමත් ඔවුන් බුද්ධාගම “තමන්ගේය”  යන මානසිකත්වයෙන් ද පෙළෙනවා විය හැක. එබැවින්, තමගේ දෙය තමන්ට විවේචනය කිරීමට අයිතියක් ඇත යන හැඟිමක්ද ඔවුන් තුල තිබෙනවා විය හැක.

එමෙන්ම, ලාංකීය සන්ධර්භය තුල කෙරෙන නිරාගමික සංවාදයේ දී ප්‍රශ්න කිරීමට ලක්වන්නේ ලංකාවේ ජනතාවගෙන් තුනෙන් දෙකක්ම අදහන, ලංකාවෙ සියලු කටයුතු වලදී ප්‍රමුඛස්ථානය ගන්නා බුද්ධාගම බවත්, මේ අයුරින්ම ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය නිරාගමිකයන් සිය සංවාද වල වස්තුබීජය කරගන්නේ ක්‍රිස්තියානිය බවත්, මැදපෙරදිග, තුර්කි, මැලේසියානු නිරාගමිකයින් ඉස්ලාම් ආගම සිය සංවාද වල වස්තු බීජය කරගන්නා බවත් මේ තරම් වෙහෙසවී කියා දෙන්නට සිදුවීම අවාසනාවකි.

පෞද්ගලික වශයෙන්, මා සියලු ආතනයගත ආගම් වලට බෙදන්නේ එකම හැන්දෙනි. මේ ලිපිය පලවන ලාංකීය නිර්ආගමිකයෝ වෙබ් අඩවියත් සියලු ආයතනගත ආගම් වලට එක හැන්දෙන් බෙදීමට බලාපොරොත්තු වන බව දනිමි.

මෙහිදී ආගමික දර්ශන සහ එම දර්ශන මත පදනම් වී ඇතැයි කියන හා එම ශාස්තෲවරුන් නියෝජනය කරනවා යැයි කියන ආයතනගත ආගම් අතර වෙනස වටහාගැනීම ද වැදගත් ය. ලාංකීය නිර්ආගමිකයන් වන අප සියලු ආයතනගත ආගම් වලට එක හැන්දෙන් බෙදුව ද, ඒ ඒ ආගමික දර්ශන හා ඒ ඒ ආගමික ශාස්තෘන්ගේ චරිත අරභයා එක හැන්දෙන් නොබෙදමු. ඒ ඒ ආගමික දර්ශනයන් ඒ ඒ තල වල පිහිටුවා ඒ ඒ ආකාරයෙන් සලකමු. එමෙන්ම, අප විසින් “සියලු ආගම් වලින් එකම දේ කියයි” වැනි බොලඳ ප්‍රකාශයන් නොකරන බව ද අවධාරණය කරන්නෙමු.

මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමික ආයතන පිළිබද මාගේ විවේචනයන් දැක නැති බව ඇතමුන් පවසති. එය එසේ වන්නේ, එසේ කියන්නන් මාගෙ සියලු ලිපි කියවා නැති නිසා ය.

මාගේ කාලය වැඩිපුර වැයවන්නේ සිංහලබෞද්ධ පදනමක් මත පිහිටා “ජාතිකවාදී” දේශපාලන අදහස් හා තර්ක ඉදිරිපත් කරන පුද්ගලයන් හට ප්‍රතිතර්ක දීමට ය. එයට එක හේතුවක් නම් ඔවුන්ගෙන් ඇතැමුන් ඉතා ප්‍රබල තර්ක ගෙන ඒමයි. කෙසේවෙතත්, මතුපිටින් ආකර්ශණීය ලෙස පෙනුන ද, ශ්‍රී ලංකාව වැනි රටකට ජාතිවාදී හෝ ආගම්වාදී නොවී ජාතිකවාදී මාර්ගයක ගමන්කිරීමට බැරි බව මට මනාව වැටහෙන බැවින් මගේ කාලය ඔවුන් දැනුවත් කිරීම සඳහා වැඩිපුර යොදවමි. එමෙන්ම ශ්‍රි ලංකාව වැනි දුබල රාජ්‍යයක් ජාතිකවාදී, ආගම්වාදී ස්ථාවරයක් ගැනීමේ අවසාන ප්‍රතිඵලය නම් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් පසුබිමකින් එන නොයෙකුත් ජාත්‍යන්තර අත පෙවීම් වලට තවදුරටන් මං පෑදීමයි. ජාතික සමගියක් කිසිදාක ඇති කිරීමට ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන බලවේග වලට නොහැකි නිසා සැමදා අභ්‍යන්තර ගැටුම් ඇති, සැබෑ සමාජ-ආර්ථික ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීමට වඩා ගෝත්‍රික ගැටුම් ගැන වැඩි අවධානයක් යොමු කරන අවුල වියවුල් වලින් ගහන පරිසරක් පමණි “ජාතිකවාදය” ඔස්සේ අපට උරුම වන්නේ.

සියලු ඒබ්‍රහමික ආගම් වල දාර්ශනික පදනම වනුයේ ලෝකය මවා පාලනය කෙරෙතැයි සැළකෙන සර්වබලධාරී දෙවියන් පිළිබද සංකල්පය යි. මේ දාර්ශනික පදනම ප්‍රශ්න කිරීමට ලෝකය පුරා විසිරී සිටින උගතුන් සහ බුද්ධිමතුන් රාශියක් නොයෙකුත් සංවාද කරයි. ඒ මහා පරිමාණ සංවාද වලට දාර්ශනික වශයෙන් අලුතින් යමක් එක්කිරීමට මා වැන්නෙකු අවශ්‍ය නො වේ. කෙසේවුවත්, මේ සංවාද වල එන වටිනා අදහස් නිර්ආගමික පිටුව හරහා අනාගතයේ ඉදිරිපත් වනු ඇති.

ඉස්ලාම් ආගම ගැන මාගේ අදහස නම් මෙය යි. එනම්, මුස්ලිම් වරුන් යනු අවුරුදු එක්දාස් පන්සීයකට පමණ කලින් ලොව විසූ කාන්තාරවාසී එඩේර ගෝත්‍රිකයන් පිරිසක් වෙනුවෙන් මොහොමඩ් නැමත්තෙක් දුන් මධ්‍යකාලින සමාජ උපදෙස් නූතන ලෝකය තුල ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන අතීකකාමී ගෝත්‍රික පිරිසක් බවයි. ලෝකය පිලිබඳ යම් වැටහීමක් ඇති අටේ පන්තියේ සිසුවෙකුටද ඉස්ලාම් ආගම සාර්ථකව විවේචනය කළ හැක. පෙරමුණේ රාළගේ වෙබ් අඩවිය වැනි තැනකට ගියහොත් මේ ජාතියේ විවේචන ඔනෑවටත් වඩා සොයාගත හැක.

මානව ශිෂ්ඨාචාරයට වර්තමාන ලෝකය තුළ ප්‍රධාන තර්ජන දෙකක් ඇත. එකක් නම් නූතන විද්‍යාව හා තාක්ෂණය හරියාකාරව කලමනාකරණය කිරීමට නොහැකි වන ආකාරයේ ගෝලීය වශයෙන් දේශපාලනිකව බෙදුනු වාතාවරනයක් ඇතිවුවහොත්, ඒ හරහා සිදුවන පරිසර විනාශය යි. අනෙක නම්, ඉස්ලාම් ආගම, මූලධර්මවාදී ක්‍රිස්තියානිය ඇතුළු නානාප්‍රකාර ගෝත්‍රවාදී හා ආගම්වාදී සංස්කෘතීන් ය. මේ ගෝත්‍රවාදී හා ආගම්වාදී සංස්කෘතීන් හරහා ලෝකය කඩතොලු වුවහොත්, දැනට මිනිසා අත්කරගෙන ඇති විද්‍යාවේ හා තාක්ෂණයේ නරක ප්‍රතිඵල කලමනාකරණය කරගැනීමට සහයෝගීව ක්‍රියාකිරීමට ඇති නොහැකියාව හරහා ලෝක විනාශයක් දක්වා මානව සංහතිය ගමන් කළ හැකි බව අතිශෝක්තියක් නම් නොවේ.

මාගේ කාලය හා ශ්‍රමය මා වැයකරන්නේ ලෝකය මෙසේ කඩතොලුව යාම වැලකීමට සදහා අවශ්‍ය වන ගෝත්‍රික හෝ ආගමික බැඳීම් වලින් නිදහස්ව මානවයාගෙ  සාමුහික ශක්තිය මත විශ්වාසය තබා ක්‍රියාකළ හැකි පිරිසක් ගොඩ නැගීමට ය. දැනටමත්, එවන් විශාල පිරිසක් ලෝකය පුරා විසිරී සිටී. එහෙත්, විසිවන සියවසේ අගභාගයේ ලෝකය තුල සිදුවූ සමහර ක්‍රියාදාමයන් නිසා මේ ක්‍රියාවලිය තරමක් අඩපණ වී ඇත. කෙසේවුවත්, මෙය සමහරුන් කියන්නට උත්සාහ කරන ආකාරයේ රොමෑන්ටික සිහිනයක් පමණක් නම් නොවේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුල ලෝකය ක්‍රමයෙන් ගමන් කලේ ධනාත්මක දිශාවකට ය. ඒ ගැන මේ ලිපියේ පැහැදිලි කිරීමට උත්සාහ නොකරමි. මානව සංහතිය පිලිබඳ ධනාත්මක ආකල්පය රොමෑන්ටික සිහිනයක් නොවන බව පමණක් යළිත් සඳහන්කොට මෙතැනින් නවතිමි.

ලිව්වේ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in කාලීන, නිර්ආගමිකත්වය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

15 Responses to නිරාගමිකත්වය සහ ආගම් විවේචනය

  1. Mayya says:

    ඔබ අදහස් කරන සමාජ, සංස්කෘතික බේදිම දිය වී යන (යු)ටෝපියන් සමාජය කතොලිකයන්ගේ ස්වර්ගයටවත්, බුද්ධාගම් කාරයන්ගේ නිවනත් නොදවෙනි තවත් ෆැන්ටසියකි……

    පරිබෝජනවාදය හා බැදුනු විද්‍යාත්මක දියුණුව ඔබගේ ෆැන්ටසි (යු)ටෝපියන් සමාජය බිහිකිරීමට ප්‍රථම අතරමගදීම පරිසර ප්‍රශ්ණයෙන විනාශ කිරීමේ සම්භාවිතාව ඉතා ඉහලය..

    අවශ්‍ය වන්නේ එකිනෙකාගේ මථ වලට ගරු කරන විවිධත්වය පිලිගන්නා සමාජයක් , ලෝක සංස්ථාවක් බිහිකිරීමය.

    පරිසර ප්‍රශ්ණ හමුවේ විසදුම ප්‍රබෝජනය සිමා කිරීම හැර අන් කිසිවක් නොවේ…ඒ සදහා අවශ්‍ය ශක්තිමත් පදනම්ක් සැපයීමට ‘අතහැරීම’ පදනමක් සැපයීමට බුද්ධ දර්ශනය සමත්ය…විශ්වාසයෙන් තොර දර්ශනයක් නැත…ඔබට කුමක් මත හෝ විශ්වාස ය තැබීමට සිදු වේ…ප්‍රශ්ණය ඔබ, ඔබ බිහිකිරීමට වෙර දරන (යු)ටෝපියන් සමාජය විශ්වාසයක් නොව තාර්කික යථාර්ථයක් ලෙස දැකීමය. නමුත් එයද ෆැන්ටසියක් මිස වෙනකක් නොවේ………….

    Like

    • ඔය කතාව හා ඔය වචනය එනම් “යුටෝපියානු සිහිනය” යන්න ඔබ හෝ වෙන කවරෙකු හෝ මාගෙ අවසාන ඡෙදය අරභයා පවසසන බවන් හොඳින්ම දැන සිටියෙමි. එබැවින් දැනටමත් ඒ ගැන ලියන්නට වෙන්ම ලිපියක් සකස් කරමින් සිටිමි.

      “අවශ්‍ය වන්නේ එකිනෙකාගේ මත වලට ගරු කරන විවිධත්වය පිලිගන්නා සමාජයක් , ලෝක සංස්ථාවක් බිහිකිරීමය”. යන්න අපගේද පිලිගැනීමයි. යහපත් ලෝකයක් සඳහා ලෝකයේ සිටින සියලු පුද්ගලයන් එකම සංස්කෘතියක් වැලඳ ගැනීම හෝ නිර්-ආගමික වීම අවශ්‍ය යැයි අප සිතා සිටින්නේ යැයි ඔබ සිතා සිටින්නේ නම් ඔබ සිතා සිටින හැටි වැරදිය. මේ ගැන නිර්-ආගමික කවයේ වෙනත් මිතුරෙක් වෙනත් තැනෙක ඉංග්‍රීයෙන් සටහනක් තබමින් මෙසේ කියා ඇත.

      “Key to a better world would be that everyone to accept that all we have at the end is human perspective of things. There is nothing we can be certain about. The so called facts/truth are always negotiable as they are manufactured within human perspective, which is inherently limiting. So all religious/non-religious folks have to come to the terms with that fact that there aren’t any absolute truths that is given to us by anyone. We have to find our own way, and find an equilibrium that different ideas, cultures, beliefs can co-exist without stepping on each others toes” – Author unknown

      පරිබෝජන වාදය හා “ඉඳුරන්ට සැප දීමෙ ආදීනව” හා “අතහැරීම” පිලිබඳ සංකල්පය ගැනද වෙනම ලිපියක් ලියන්නට අදහස් කරගෙන් සිටිමි. ඇත්තට පුද්ගලානුබද්ධව මෙවා ඉතා ප්‍රයෝජනවත් සංකල්ප වේ. වෙනත් වචන වලින් කියන්නෙ නම් යමෙකුට සිය පෞද්ගලික ජීවිතය හැඩ ගස්වා ගැනීම සඳහා මේවා වටිනා උපදෙස් විය හැක. කෙසේ නමුත් “මිනිසා යනු සීමිත සම්පත් වලින් අසීමිත ආසාවන් සන්තර්පනය කරගන්නට උත්සාහ කරන්නෙකි, එබැවින් විද්‍යාත්මක දියුනුව හරහා මානව සංහතිය මිරිගුවක් පසුපස හඹායයි” යන තර්කය වැරදි තර්කයක් බව කියමි. (ඒ ගැන කතා කිරීමට වෙනම දිගු ලිපියක් අවශ්‍යයි )

      කෙසේ වුනත් මයියා මෙතැනට පැමින අපගෙ බ්ලොග් සටහන් කියවා “අමාරු ප්‍රශ්න” ඇසීම ගැන ස්තූතිවන්ත වෙමි. ඇත්තටම මයියාගෙ අදහස් හා තර්කයන් ගැන මම මාගෙ ලොකු ගරුත්වයක් ඇතිවී ඇත. නලින්ගෙ ඇතම් ගෝලයන් මෙන් නොව මයියා නලින් ගේ අදහස් “හරි කොනින්” අල්ලාගෙන ඇත. කොටින්ම කියයොත් දැන් නලින් පවා නලින්ගේ අදහස් අල්ලාගෙන ඉන්නෙ වැරදි කොනෙනි. ඉතින් එවැනි තත්වයක් තුල ලාංකීය කතිකාව තුලට වෙනත් සාධනීය ලෝක දැක්මක් ගෙනා නලින් ගෙ කර්තව්‍යය දැන් ඔහුගේ “අභාවය” නිසා නැතිවී නොයන්නට නම් “මයියා” වැන්නෙකු අවශ්‍යව තිබේ.

      මයියා ඉදිරියටත් මෙහි පැමිණ අමාරු ප්‍රශ්න අසමින් අප දිරිමත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. 🙂

      Like

    • /**පරිසර ප්‍රශ්ණ හමුවේ විසදුම ප්‍රබෝජනය සිමා කිරීම හැර අන් කිසිවක් නොවේ…ඒ සදහා අවශ්‍ය ශක්තිමත් පදනම්ක් සැපයීමට ‘අතහැරීම’ පදනමක් සැපයීමට බුද්ධ දර්ශනය සමත්ය…විශ්වාසයෙන් තොර දර්ශනයක් නැත…ඔබට කුමක් මත හෝ විශ්වාස ය තැබීමට සිදු වේ…ප්‍රශ්ණය ඔබ, ඔබ බිහිකිරීමට වෙර දරන (යු)ටෝපියන් සමාජය විශ්වාසයක් නොව තාර්කික යථාර්ථයක් ලෙස දැකීමය. නමුත් එයද ෆැන්ටසියක් මිස වෙනකක් නොවේ………….**/

      ආනන්ද සර්පයා දුටුවේද? මේ නලින්ගේ ලෝක දැක්මේ හරි කොනයි. (මෙය නලින්ගේ ලෝක දැක්ම යනුවෙන් කියන්නෙ පහසුව තකාය. එය නලින්ගේ බූදලයක් නොවන බව දනිමි ). මේ කොනින් අල්ලාගත් පුද්ගලයෙකු සමග අවංක සංවාදය සඳහා මාගෙ සියලු ශක්තිය වැය කිරීමට සිදුවේ. කාලයක් මමද ලෝකය මේ කොනින් තදින් අල්ලාගෙන සිටියෙමි. එබැවින් එයද සංගත ලෝක දැක්මක් බව දනිමි. මෙ ලෝක දැක්ම සමග මාගෙ ලොකු අවුලක් නැත. නමුත් මෙය පුද්ගලික ජීවිත කලමණාකරනය සඳහා වන ලෝක දැක්මක් මිස මානව සංහතිය කලමනාකරනයට යොදා ගත හැක්කක් නොවෙ.

      “තාර්කික යථාර්තයන් සොයා යාම” යනු ‘බඩගින්න’, ‘ලිංගික ආශාව’ වැනිම වූ මානව ස්වභාවයකි. බඩගින්න හෝ ලිංගික ආශව යන දේවල් වල පැවැත්ම ප්‍රතික්ෂෙප කරනා හෝ යටපත් කිරීමට වෙර දරන සමාජයක් කිසිදාක ස්ථායි තලයකට එලැඹෙන්නෙ නැත. උදාහර්ණයක් ලෙස “ලිංගික ආශාව” යන්න යටපත් කොට් වසාදමන්නට උත්සාකරන සමාජයක් තාවකාලික ලෙස ස්ථායි ලෙස පෙනිය හැකි වුවද කවදාහෝ තාප්ප කීපයකට කෙලවමින් මේ මිනිස් ස්වභාවය එලියට පනිනු ඇත. එවැනිම මිනිස් ස්වභාවයන් වන “තාර්කික යථාර්ථයන් සොයා යාම” යන ප්‍රපංඡය යටපත් කොට විශ්වාසය මුල්කොට ගත් සමාජයක් ස්ථායීව පවතින්නෙ නැත. කවදා හෝ තාප්පයට කෙලවේ.

      මයියා, ඔබ දුකට හේතුව හඳුනාගෙන ඇත. නමුත් දුක නැති කිරීමට යන්නේ “තොපිට මොන තාර්කික යථාර්ථද බොලව්, කියන දෙයක් අහගෙන හිටු” වැනි රදල වාදී ක්‍රමයකටය. තාවකාලිකව මෙවැනි සමාජයක් ඔබට හැදිය හැක. නමුත් ශක්තිය අඩුවෙන් වැයකොට, වැඩි වැඩ ප්‍රමානයක් කර්ගැනීමට මිනිසා ස්වභාවිකව උත්සාහ කරයි, මේ සඳහා තමා වටා ඇති ලෝකය තාර්කික මොඩලයට දමා අවබෝධ කරගන්නට මිනිසා පෙලැඹෙ. ටිකක් කල් යනවිට සාමාන්‍ය මිනිස් ස්වභාවය මතුවෙ. දුක නැති කිරීමට හැක්කෙ, සාමාන්‍ය මිනිස් ස්වභාවයන් පවතින බව පිලිගන්නා ක්‍රමයකට මානව ශිස්ථාචාරය කලමනාකරන කිරීමෙන් මිස ඒවා කෘතිමව යටපත් කිරීමෙන් නොවෙ.

      කෙසේ වුවත් මෙ සටහන් මාගෙ ලිපිය ලීව්මට ඉතිරිකර ගනිමි. ඒ ලිපිය යටතේ අපිට වැඩිදුර කතාකල හැක.

      Like

    • BTW when I wrote “තොපිට මොන තාර්කික යථාර්ථද බොලව්, කියන දෙයක් අහගෙන හිටු” , it reminded me a movie. This is M. Knight Shyamalan’s “The Village”

      Mayya, see if you find any correlation of your thoughts and the thoughts of the “Village Elders” in this movie.

      http://en.wikipedia.org/wiki/The_Village_(2004_film)

      Like

  2. Mayya says:

    BW are you ‘Atheist’? or ‘ irreligion’?…..the English translation or name of your blog does not implies what you really say here….

    Like

    • Mayya says:

      or irreligiost?????

      Like

    • I am a “whateverist”, if you really care for a label. The point is that like there are no permanent enemies or permanent friends in politics, you don’t have to have a permanent association with any ideological camp in your efforts to make the world a better place. Any ideological camp is inherently limiting due to the dogmatic nature any given ideology. The wisdom is to use your judgement and align yourself with “whatever that works”. You can never be void of ideology and get anything useful done. You have to make a value judgement and choose your ideological camp for betterment of human civilization.

      Like

  3. අනිත් එකාගේ එකට ගහපං අපේ එකට ගහන්නැතුව.අන්න එතකොට අපි හුරේ කියන්නං.අපේ එකට අත තිබ්බොත් උඹ පව් කාරයෙක්…. මෙන්න මේ සංකල්පේ තියෙන උන් ඕනෙ තරං මටත් හම්බ වෙලා තියෙනවා.මොනවා කරන්ඩද?

    Like

    • buwa says:

      අනිත් එකාගේ එකට ගහපං අපේ එකට ගහන්නැතුව.අන්න එතකොට අපි හුරේ කියන්නං.අපේ එකට අත තිබ්බොත් උඹ පව් කාරයෙක්…. 😀

      Like

  4. kathandarakaraya says:

    මේ වගේ “නිදහසට කරුණු දැක්වීම්” අවශ්‍යද? ඔය මුලින් කියන කෂ්ටිය මේ වගේ තර්කානුකූල දේ පිළිගන්නේ නෑ නේ කොහොමටත්.

    Like

    • එහෙමම හිතන්නත් හොඳ නැහැ. ගොබෙල්ස් න්‍යාය අනුව කවුරුහරි කියන තාර්කික නොවන දෙයක් ආයෙත් ආයෙත් අහල මොලේ කන්ඩිෂන් වෙලා හිටියත්, මේ සමහර අයට තර්කානුකූලව යමක් පැහැදිලි කරල දුන්නහම තේර්නුම් ගන්න බැරිත් නැහැ.

      Like

  5. Sujeewa says:

    මේ සම්බන්ධයෙන් මගේ මතය නම්, කිසියම් දෙයක වරදක් දැක දැකත්, වෙනත් එකක් හේතු කරගෙන ඊට සහය දෙන අය කරන්නේ තමන්ටම වංචාවක්. වරද දැක කතා කිරීම හෝ නිහඬ වීම අවස්ථානුකූලව තෝරා ගන්න ඒක වෙනම දෙයක්. උදාහරණයකට මුස්ලිම් අන්තවාදය කියන දහජරාව දැකලා බෞද්ධ අන්තවාදය නිසා අපි මුසිම් අන්තවාදය චෝයි කර ගනිමු කියාගෙන ඒකට කඩේ යාම වැරදි දෙයක්. කාලෙකට කලින් සිංහල ජාතිවාදය නිසා කොටින්ට කඩේ ගිය පිරිසකුත් උන්නා ඔය විදිහටම.

    මට නම් බෞද්ධ අන්තවාදයත් මුස්ලිම් අන්තවාදයත් යන දෙකම එකවර විවේචනය කල හැකියි.

    Like

    • මුස්ලිම් අන්තවාදයට එරෙහිව ඇත්තටම “විවේචනය” කරමින් ඉඳීමෙ අවශ්‍යතාවයක් තියෙනවාද? විශෙෂයෙන්ම සිංහලෙන් ලිපි ලියමින් මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කතාකිරීමෙන් වෙන එකම දෙය සිංහල බෞද්ධ ප්‍රජාව තුල කොහොමටත් උවමනාවටත් වඩා තිබෙන මුස්ලිම් විරෝධය තවත් උත්සන්න වීම පමනයි. මෙසේ උත්සන්න වූ මුස්ලිම් විරෝධය ඉන්පසු යොමු වෙන්නේ, රට තවත් අවුල් කරන, මුස්ලිම් පදනම විදේශ ආධාරද ලබමින් ශක්තිමත් වීමට උරදෙන ක්‍රියාමාර්ග ගන්නා “බොබසේ” වැනි බෞද්ධ අන්තවාදී කල්ලි ශක්තිමත් කිරීමටයි. මුස්ලිම් අන්තවාදයට වැට බැඳිය හැක්කෙ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිලිගන්නා ඓහික ක්‍රියාමාර්ගයක් හරහා පමනක් බව මගේ වැටහීමයි.

      මුස්ලිම් ආගම හා මුස්ලිම් සංස්කෘතිය යනු අතීතකාමි කල්ට් එකකි. ලංකාවෙ නීති පද්ධතිය තුල මේ කල්ට් ආගම හා ඔවුන්ගේ කල්ට් නීති රීති පිලිගැණීම හා ඔවුන්ට පොදු නීති පද්ධතියෙන් බැහැරව වෙනම ජීවත් වීමට අවසර ලබාදී “වෙනම රාජ්‍යයක්” (භෞමිකව නොව, නීතිමය “වෙනම රාජ්‍යයක්” ) ලබාදීම ප්‍රධාන ගැටලුවයි. මේ ගැටලුව මුලින්ම නිරාකරනය කොට “ආගම්” යනු මිනිසුන්ගෙ පෞද්ගලික අවකාශය තුල පමණක් පවතින්නක් හා රජය විසින් නෛතිකව පිලිගන්න දෙයක් නොවන බව තහවුරු කෙරෙන නීතිමය සංශෝදනයකට යා යුතුයි. ඒ සඳහා කල යුත්තේ මුස්ලිම් ආගම විවේචනය කරමින් වෛරය ගොඩ නගමින් කාලය නාස්තිකිරීම කිරීම නොව (මට නම් එය ‘විවේචනය’ කිරීමට තරම්වත් වටිනා දෙයක් නොවේ) ඓහික නෛතික පදනමක් ලංකාව තුල ගොඩ නැගීමට ක්‍රියාකිරීමයි. එය ඇත්තටම වෙනම මාතෘකාවකි.

      Like

      • Sujeewa says:

        සිංහල බෞද්ධ අන්තවාදය විවේචනය කිරීමේ තේරුමක් තියෙනවාද? එතරම්ම තේරුමක් මුස්ලිම් අන්තවාදය වවේචනය කිරීම තුල පවතියි.

        එහෙත් තේරුම හෝ කෝස් එක අප කරන අදහස් දැක්වීම් වල පාර්ශවයක් පමණි. ඉතිරි පාර්ශ්වය නම හැඟීම් පල කිරීමයි. මුහුණු පොත හෝ බ්ලොග් අවකාශයේ කරන මත පළකිරීම් වලින් වැඩි හරියක් අපට යමක ගැන සිතෙන දෙය කීම විනා ඒ තුලින් මහා සමාජ ප්‍රවාහයක් ගොඩ නැගීමේ උත්සාහයක් නොවේ.

        මුස්ලිම් අන්තවාදය විවේචනයේදී ප්‍රවේසම් වූ අවස්ථා සැහෙන්න තිබේ. එයට හේතුව ඔබ කියන ලෙසින්ම වෙනත් පාර්ශ්වයකට වාසි ලැබීමයි. එහෙත් හලාල් වැනි සිද්ධියකදී ඔවුන් සංවිධානාත්මකව හැසිරුණු ආකාරය ගැන විවේචනය කරමින් මම ඒ තත්වය තාවකාලිකව වෙනස් කළා. මොකද මම දැක්කේ හලාල් කියන එක ඇති කරන්න මෙන්ම නැති කරන්නත් මිනිසුන් අතර දැනුවත් කිරීමෙන් පමණක් පුළුවන් බව. හලාල් සිද්ධිය එක අවස්තාවක් මුස්ලිම් ගැන විවේචනයක් අවශ්‍ය වුනු.

        කෙසේ වෙතත් ඔබ කියන නිහඬ වීම ගැන නොවේ මේ කොමෙන්ටුවෙන් මා විවේචනය කර ඇත්තේ. සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහි නිසා ප්‍රතිපාක්ෂික අන්තවාදයන් අගයන ඊට සහය දෙන අය ඉන්නවා. ඒ අය ගැනයි මම විවේචනය කලේ. එහි වචන ම ආයිත් ලිව්වොත්; “වරද දැක කතා කිරීම හෝ නිහඬ වීම අවස්ථානුකූලව තෝරා ගන්න ඒක වෙනම දෙයක්.”

        ලංකාව එහි ෆේක් සිංහල බෞද්ධ විකාරය රකිනු අටියෙන් සුළු ජාතීන්ට කප්පම් දෙනවා. මුස්ලිම් දෙමල හැමෝටම තම තමන්ගේ නීති තියාගන්න දෙන්න වෙන්නේ ඔබ කියන සේම ව්‍යවස්ථාපිත ලෙස ආගමක් කරගහගෙන ඉන්න නිසා. ඒක නොවැටහෙන මෝඩකමට බෙහෙත් නැහැ.

        Like

  6. wijayanatha says:

    ඔබ තර්කය ගැන වුවමනාවට වඩා විශ්වාස කරන්නෙකි.උපමා මගින් හෝ තර්ක මගින් සත්‍ය සෙවිය නොහැක.මමද කිසිම ආගමක් විශ්වාස නොකරමි.නමුත් බුදුන්,යේසුස්,මුහම්මද් යනාදීන් එඩ්ගාර් කේසි වැනි අධිමානසිකලාභීන් විය හැක.කෙසේ හෝ ඇසට නොපෙනෙන සියල්ල ප්‍රතික්ෂේප කරන්නට ඉක්මන් නොවන්න.අපේ ත්‍රිමාණය ඉක්මවූ ලෝක තතවයන් ගැන කළ පර්යේශන ඇත.එහිදී අප භාවිතා කරන්නේ ප්‍රතිඵලයට සාපේක්ෂ හේතුවක් ඇත යන නියාමයයි.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s