අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව

ජාතිවාදි ෆැන්ටසි වෙනුවෙන් “ළමයි හදාපල්ලා” යැයි කියන මධ්‍යම පාන්තිකයන් අතුරින් කවරෙකුවත් ළමයි දහය පහලොව හදන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සිය ගෝත්‍රයේ ඔලු ගෙඩි ගණන දුප්පත් අසරණයන් ලවා වැඩි කර ගැනීමට ය. මුන්ට තමන්ගේ ගෝත්‍රයේ දුප්පත් අසරන මිනිස්සු පෙනෙන්නේ හරක්  පට්ටියේ අයිතිකාරයාට සිය හරක් පට්ටිය පෙනෙන ආකාරයටම ය.

එක එකාගේ ගෝත්‍රවාදී ෆැන්ටසි වෙනුවෙන් කවදත් පරිප්පු කන්නේ වැලේ වැල් නැති දුප්පත් අසරණයන් ය. එයිනුත් දුප්පත් උදවිය සමග දීග ගිය ගැහැණු ය. කොයි ගෝත්‍රයේ උනත් කතාව මේක ය. උදාහරණයක් ලෙස, ඉස්ලාම් ආගම අදහන ගෝත්‍රිකයන්ට සිය ගෑනුන් හූරා කා ගෑණුන්ව “ළමයි හදන මැෂින්” ලෙස පාවිච්චි කිරීමට මුස්ලිම් සංස්කෘතිය තුළින්ම ලයිසන් දී ඇත. නානසාර ඇතුලු බෞද්ධ තලිබාන් ගැන්සිය දැන් සිංහල බෞද්ධ ගොන් වාහේලාට ද මේ ලයිසම දීගෙන යයි. දැන් මුන්ගේ ගෝත්‍රික හටන වෙනුවෙන් පවුල් සැලසුම් කරන සායන ද වටලා වහගෙන යයි. වැහුනේ නැතත් පවත්වා ගෙන යන්නට බැරි තැනට වැඩ සිද්ද කරගෙන යයි. නිත්‍යානුකූල ලෙස අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කර ගැනීමේ මූලික අයිතියට පවා ලංකාවේ ඉඩ නොමැති බැවින්, ඒ අවශ්‍යතාවය හොර රහසේ ලබාදුන් සායන ද ගෝත්‍රික සවුදියේ මෙන් “ආගමික පොලීසි” විසින් වැටලේ. දැන් ඉතින් අසරණ දුප්පත් ගෑණු හැමදාම බඩින් ය. ඒ අසරණ ගෑණුන් හට දුව පැන ක්‍රීඩාවක් කරමින්, කදු නගිමින්, ඔරු පදිමින් විනෝද වීමටවත් සිය ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ව්‍යායාම කිරීමටවත්, අඩුම තරමේ මුනින් අතට නිදාගැනීමටවත් නිදහස් නැත. හැමදාම බඩ  දරාගෙන සිටිය යුතු ය.

මුන්ගේ මල මගුල් නිසා වැඩි වැඩියෙන් බෝවන්නේ චාටර්ව ගිය පවුල් පසුබිම්ක හැදෙන කාටත් අනවශ්‍ය දරුවන් ය. මුන්ගේ අම්මලා අප්පලා මුන්ට කන්න බොන්න දීගත නොහැකිව ගඟට විසිකලේ නැතිනම් කර දඬු උස් මහත්වූ පසු කුඩු බෙදාහැරීම සහ විකිණීම, ගෙවල් බිඳීම, මංකොල්ල කෑම, කොන්ත්‍රාත් මැර වැඩ, සහ ගණිකා වෘත්තිය වැනි “ස්වයංරැකියා” වලට නම් විශාල ශ්‍රම හමුදාවක් හැදෙනු ඇත.

සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් වනාහී “මම ජාතිය රකිනවා” යන වචන තුන කට කහනවට හෝ කියන ඕනෑම අයෙකු දේවත්වයෙන් පුදන්නට සැදී පැහැදී සිටින පිරිසකි. එබැවින් “ජාතිය වෙනුවෙන්” යැයි කියමින් ගෝත්‍රික හටනට එන්නේ නානසාර නොව ජුලම්පිටියේ අමරේ වුවත් සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ට කම් නැත. එය තව දුරටත් විස්තර කිරීම අනවශ්‍ය ය. “ජාතිය වෙනුවෙන්” යමෙක් නායකත්වය ගන්නේ නම් ඔහු මිනී කීයක් මරා තිබේ ද, ස්ත්‍රීන් කීයක් දුෂණය කර තිබේ ද, කුඩා දරුවන් කීයක් අපයෝජනය කර තිබේ ද, කුඩු කොපමණ බෙදාහැර තිබේ ද, හොරකම් කොපමණ කර තිබේ ද යන දේ වැදගත් නොවන බව මම දනිමි.

එමෙන්ම, මම බෞද්ධ ගෝත්‍රයේ සාමාජිකත්වය නොදරන බැවින්, කහ සිවුරක් පෙරවා ගත්තත් නැතත් ලංකාවේ පුරවැසියන් සියල්ල මට එක සමාන ය. එබැවින්, සිවුරක් පෙරවා ගත් අයෙකු ලංකාවේ නීතියට අනුව වරදක් හෝ සමාජ විරෝධී ක්‍රියාවක් නොකරයි නම් ඒ පුද්ගලයා ගැන මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නැත. එබැවින්, කන, බොන, සහ රිය පදවන සිවුරුධාරී මිනිසෙක් මා වැනිම මිනිසෙක් බැවින් (ඔය කිවූ සියල්ල මමද කරමි) මට ඒ මිනිසා පිලිබඳ ප්‍රශ්නයක් නැත. එබැවින් නානසාර රිය පැදවීම ඇතැම් බෞද්ධයන්ට ප්‍රශ්නයක් වුවද මට ප්‍රශනයක් නො වේ.

නමුත් රිය පැදවීමට නම් බලපත්‍රයක් අවශ්‍ය ය. එකී බලපත්‍රය දැරීමට නම් යම් යම් සුදුසුකම් සපුරාලීම අවශ්‍ය ය. රිය පදවන විට බීමතින් නොසිටීම ද එම සුදුසුකම් අතුරින් එකකි. ඔය කාරණය නොදන්නා පුද්ගලයෙක් යනු කහ සිවුරු කොපමණ ගණනක් ඇන්දත් පුරවැසියෙකුගේ වගකීම් නොදන්නා සමාජ විරෝධී අපතයෙකි. එවැනි අපතයෙක් අතින් පදිකයෙකු වාහනයට හැප්පීම පුදුමයක් නො වේ. සිංහල ගෝත්‍රය වෙනුවෙන් කරන ගෝත්‍රික හටන එවැනි අපතයකු විසින් මෙහෙයවීම ද මට ප්‍රශ්නයක් නො වේ. ඒ මා වනාහී සිංහල ගෝත්‍රයේ සාමාජිකයෙක් නොවන බැවිනි. නමුත් ලංකාවේ පොදු ජනතාව පීඩනයට ලක්කරන සමාජ විරෝධී ක්‍රියා කිරීමට කවුරුන් හෝ ක්‍රියා කරයි නම් එය රටේ පොදු ප්‍රශ්නයකි. මමද රටේ පුරවැසියෙකු බැවින් එය මගේද ප්‍රශ්නයක් වේ.

තවද, තරුණ පරම්පරාවේ හදවත් තුළ කෝපය අවුලුවා ඔවුන් මාරාවේශ කොට එකිනෙකාට එරෙහිව උසිගන්වන්නා සමාජ විරෝධියෙකි. කාන්තාවන්ට එරෙහිව සාහසික ප්‍රකාශ කරමින් ඔවුන් දෙවන ගණයේ පුරවැසියන් බවට පත්කිරීමට උත්සාහ කරන්නා සමාජ විරෝධියෙකි. පොදු ජනතාවගේ යහපතට ස්ථාපිත කර ඇති පවුල් සැලසුම් සේවා කඩාකප්පල් කරන්නා සමාජ විරෝධියෙකි. කහ සිවුරක් පෙරවූව ද නැත ද සමාජ විරෝධියා සමාජ විරෝධියෙකි.

එමෙන්ම, ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම දැනට ඉන්න ජනගහණය පවා ලෝකයට දරන්න බැරි තරම් ය. මිනිසාට මේ විදිහෙ ජනගහන ඝනත්වයක් පවත්වාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ නූතන විද්‍යාව හරහා පැමිණි වැඩි ඵලදාව දෙන කෘෂිකාර්මික උපක්‍රම හා බෝග, නව ශක්ති ප්‍රභව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව වැනි දෑ නිසා ය. මේ දේවල් නොමැතිව මේ ලෝක ජනගහණය පවතින්නේ නැත . මේ දේවල් එකපාරට ඉවත් කළහොත් මිනිස්සු ආහාර හිඟයන්, ස්වභාවික අනතුරු, ලෙඩ රෝග ආදිය නිසා තොග ගණනින් මැරෙන්න පටන් ගනී. නූතන තාක්ෂණය මත යැපෙන්නෙ නැති පැරණි කෘෂිකාර්මික හා දඩයම් ජීවිතයක් ගෙවන කුඩා ගෝත්‍රික කන්ඩායම් කීපයක් බවට ලෝක ජනගහනය අඩු වෙලා වෙලා යනවා නූතනත්වය ඉවත් කරල පරම්පරා ගානකින්. ඊට පස්සෙ ආයෙත් අර “පෙර රජ දවස” තිබුන ශිස්ථාචාරය ආපහු මතුවෙන්නත් අවුරුදු දාස් ගානක් යයි.

අප තේරුම් ගත යුතු කරුණ නම් නූතනත්වය තුල ජීවත්වීම වනාහී “දැලි පිහියෙන් කිරි කෑම” වැනි පරිස්සමින් කරන්න ඔනේ වැඩක් බවය. නූතනත්වය නිසාම විශාල පරිසර හානියක් වේ. මෙම පරිසර හානිය නුතන දැනුම තුලින්ම පාලනය කලේ නැතිනම් අපි හැමෝම සෙත්තපෝච්චි ය. ඇරුත්, ජනගහනයේ වර්ධනය යනු පරිසර විනාශය තීව්ර කරන මූලික සාධකයකි. නූතන උපක්‍රම භාවිතා කර ජනගනහන වර්ධනය පාලන කල යුතුවන්නේ එබැවිණි. ජනගහණය අධික වීම නිසා පරිසර හානිය වගේම සීමිත සම්පත් වලට ඇතිවන තරඟය නිසා සමාජ පරිහාණියකුත් සිදු වේ. මේ සියල්ල පරිස්සමින් කලමණාකරණය කළ යුතු වේ.

මේ කිසිවක බරපතලභාවය තේරෙන්නේ නැති, තාමත් තියෙන්නේ මධ්‍යතන යුගයේ ලෝකයමැයි යැයි සිතන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇතුළු ඒබ්‍රහමික ආගම් වල මොලේ කචල් ආගමික නායකයෝ මිනිස්සුන්ට උපත් පාලනය කරන්න එපා ය, කොන්ඩම් පාවිච්චි කරන්න එපා ය යනුවෙන් සහ පුලුවන් තරම් ළමයි හදපල්ලාය යැයි කියති.

ඇත්තමට වෙන්න ඔනේ මේ මැන්ටල් කේස් ටික ආපහු ඔය ආගම් පටන් ගත්ත කාලෙ තිබුන වගේ තිබුන රටක් අලුතෙන් කොහේ හරි කාන්තාරයක හදල, උඹල ඔනේ කෙහෙල්මලක් ඔක ඇතුලෙ විතරක් කර ගනිල්ල කියල එලවලා දාන එක ය. ඇමරිකාවෙ තියෙනවා ඔය ජාතියේ ආමිශ් (Amish) ජනපද. දහ හත්වැනි සියවසේ විතර තිබුන තාක්ෂනයක් පාවිච්චි කරල තමයි කට්ටිය ජීවත් වන්නේ.

මේ බොදු බල සේනා මැන්ටල් කේස් ටිකටත් තිබුනා ඔනෙ නම් “සියලු ලාංකික පවුල් වල දරුවන් ගණන දෙකකට සීමා කරනු” වගේ සටන් පාඨයක් ගෙන එන්න. මොකද බුද්ධාගමේ කොහේවත් මිනිස්සු ගෑනු ළමයි හැදිය යුත්තෙ කෙසේ ද, කීයක් ද වගේ කතන්දර කියල නැති නිසා. අනේ අම්මපා මුන් ටිකත් අර ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ගෝත්‍ර වල ගොන් රැලවල් මෙන් “පුලුවන් තරම් හදපිය” කියල පිරිමින්ටත් “පලල් කොරගෙනම හිටපිය” කියල ගෑනුන්ටත් කියන්න පටන් ගත්තා නේ. මුන් සෙට් එක අර හලාල් කේස් එක අදිනකොට මම කට වහගෙන හිටියේ “හලාල්” යන්න ගැන මගෙත් තියෙන්නේ විරෝධයක් නිසා ය. මොකක් හරි කරන්න ගියහම ජාතිවාදය/ආගම්වාදය ඉස්සරහට දාගෙන හත්පොලේ ගා ගන්න නිසා, එකතුවෙලා සහයෝගය දෙන්න බැරි උනත්, හලාල් කේස් එකේදි වගේ මෙතැනත් “පවුලක දරුවන් ගනණ සීමා කරවු” වගේ සටන් පාඨයක් ඉස්සරහට දැම්මා නම් අඩු ගනනෙ අපිට පැත්තකට වෙලා කට වහගෙන ඉන්න තිබුණි.

ලිව්වේ – රිටිගල ජයසේන

Advertisements
This entry was posted in කාලීන, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

39 Responses to අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව

  1. Mayya says:

    ආගම ‍රැක ගන්න ලමයින් හදන්න කියන අයට මට නම් කියන්න තියෙන්නේ ”””පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු….පිණ නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරු””” කියලා තමයි…

    තමන් හදන ලමයින් ගාන තීරණය කරන එක දෙමව්පියන්ට අයත් වැඩක්…….ලමයින් වැඩියෙන් හදන්න කියන ආගමික් තලෙයිබාන් පොරවල් වගේම, පරිසර ‍රැකගන්න ජනගහනය පාලනය කරන එක ගැන කථා කරන රීටිගල අතරත් ලොකු වෙනසක් නෑ…..

    පොඩි චිත්‍රයේදි ජනගහන පාලනය ලස්සන කථාවක් වගේ පෙනුනට , ලොකු චිත්‍රයේදි ජනගහන පාලනය කියන්නේත් ස්භාවික සම්පත් පරහරනයෙදි දියුණු රටවල 80-20 බැලන්ස් එක තියා ගහන හහන් ගේමක් විතරයි….80% ක් පමන දුප්පතුන් කාබන් විමෝචනයෙන් 20% ක් පමන කරද්දි……20% ක් උන දියුණු රටවල මිනිස්සු 80% ක් උන කාබන් දහනයට හේතු වෙනවා..ඒ කියඟේ වැඩියෙන්ම පරිසර විනාශයට හවුල් වෙන්නේ ඇති හැකි මිනිස්සු වැඩි වැඩියෙන් ඉන්ද්‍රියන් පිනවීම සදහයි…ඒක නිසා ඇත්ත ප්‍රශ්නේ ඔලු ගෙඩි ගාන වැඩි වීමට ව්ඩා, ඒ ඔලු ඇතුලේ තියෙන කෑදරකමයි…

    ඕවා විසදන්න නිරාගමිකයන් ගාව බෙහෙත් නෑ…..මේ ප්‍රශ්නෙ විසදන්න කථා කරන්න ඕනේ ඉන්ද්‍රියන් වලට නෙවෙයි..මෝලේටයි…..මෝලේට කතා කරන ශක්තිමත්ම දර්ශනයක් වෙන්නේ බුද්ධ දර්ශනයයි…..

    Like

    • රාජ් says:

      තමන් හදන ලමයින් ගාන තීරණය කරන එක දෙමව්පියන්ට අයත් වැඩක්…….ලමයින් වැඩියෙන් හදන්න කියන ආගමික් තලෙයිබාන් පොරවල් වගේම, පරිසර ‍රැකගන්න ජනගහනය පාලනය කරන එක ගැන කථා කරන රීටිගල අතරත් ලොකු වෙනසක් නෑ…..//

      වෙනසක් නැත්තෙ නෑ. ඔලුගෙඩි ගනන වැඩිවනවිට ඇතිවන ප්‍රශ්න හැමෝටම බලපානව. ඒක අනෙකට වඩා සාධාරණයි.

      Like

      • Mayya says:

        ඕව් ඕව් පොඩි වෙනසක් තියෙනවා..ඒකනේ මං ලොකු වෙනසක් නෑ කියලා ලියලා තියෙන්නේ 🙂

        Like

        • පොඩි වෙනස ගැන අපි කතා කරමු ටිකක්. 🙂

          නූතනත්වය විසින් ලබාදුන් යහපල භුක්තිවිඳින ගමන් (ඒ කියන්නෙ නූතන කෘෂිකර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, ප්‍රතිශක්තිකරනය, වැනි දේ) නූතනත්වය විසින් ලබාදුන් පවුල් සැලසුම් කරනය ක්‍රියාත්මක නොකරයි නම එතැන අනිවාර්යයෙන්ම ජනගහන පිපිරීමක් වෙනවා. තුන්වැනි ලෝකයේ දැන් වෙන්නෙ ඒකයි. ලෝක ජනගහනයෙන් ඉතා අධික ප්‍රතිශතයක් ඉන්නෙ තුන්වැනි ලෝකයේ රටවල බව අමතක කරන්න එපා.

          මයියාගෙ කුමන්ත්‍රන තියරිය අනුව ගත්තත්, ජනගහනය පාලනය නොකොට රටේ සම්පත් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන ජනගහණයක් ඇති වන්න ඉඩ දුන්නොත් කෙලවෙන්නේ අපිටමයි.

          ලංකාව වැනි සුබ සාධක රාජ්‍යයක් (welfare state) තුල පවුලක සිටින ලමයි ගාන හුදෙක්ම දෙමාපියන්ගේ තීරනයක් නොවේ. රාජ්‍යයට තියෙනවා යම්කිසි තීරක අයිතියක් රටෙ අවශ්‍යතාවය අනුව සුභසාධක ගාස්තු ඉවත් කරගැනීමට ගෝ ආපසු අයකර ගැනීමට. (රාජ්‍යයේ අවශ්‍යතාවය ජනගහනය වර්ධනය කර ගැනීම වෙන්න පුලුවන් ඇතැම් අවස්ථාවල. කැනඩාව හෝ ඔස්ට්‍රලියාව වැනි භූමිය විශාල නමුත් ජනගනහන කුඩා රටවල් ගත්තොත් කතාව ඒකයි). ඇමරිකාව වැනි සුබසාධක නොවන රාජ්‍යයක් තුල නම් මයියා කියු කතාව හරි. රාජ්‍යයට කිසිම අයිතියක් නෑ පවුලක ලමයි ගාන තීරණය කරන්න.

          මයියා මහතා නලින් මහතා ඇතුලු නූතනත්ව විරෝධීන් විසින් නැවත නැවත ගොබෙල්ස්කරනය කරමින් ස්ථාපිත කරන ඇති “උන්ගේ බටහිර” හා “අපේ පෙරදිග” යන මන්ත්‍රය ජපකරමින් මේ බෙදීම “ඇදහීම” නිසා මේ කතිකාවෙ එතරම් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුලුවන්.

          මේ ඔක්කොටම බේත් අපිගාව තියෙනවා. බෞද්ධ දර්ශනය තමයි කෝකටත් තෛලය කියන මන්ත්‍රයකුත් ජප කරන බව පේනවා. මයියා මහතාගෙ තත්වය ඉතාම අසාධ්‍යයි. ඇත්තටම මීට වසර කීපයකට පෙර කතා බහ කරන විට ඒ මහතා මීට වඩා හොඳ සෞඛ්‍ය තත්වයකින් හිටියා. 🙂 මේ අවුරුද්දට වෙලා තියෙන දෙයක් කියල මම කල්පනා කලේ.

          බෞද්ධ දර්ශනයේ ඉතා හොඳ ප්‍රයෝජන තියෙනවා. ඇතැම් අවස්ථා වල ඇතැම් කාරන වලදි බෞද්ධ දර්ශනය තරම් ප්‍රයෝජනවත් වන වෙනත් සංකල්පයක් මටත් පෙනිලා නෑ. නමුත් බෞද්ධ දර්ශනය දිහා මම බලන්නේ ආත්මාරක්ශක සටන් ක්‍රමයක් දිහා බලන විදිහට. ඉගෙන ගන්න පුලුවන් නම් හොඳයි. දන්නා අයට වැඩ ගන්න පුලුවන්. දන්නේ නැහැ කියල මේ ලෝකෙ ජීවත් වෙන්න බැරි කමකුත් නෑ. හැබැයි කවුරු හරි කියනවානම් ලෝකෙ තියෙන හැම ප්‍රශ්නෙටම උත්තර ඔතන තියෙනව කියල, ඒක මට පේන්නෙ මේ විදිහට -> ඔන්න ටයිකොන්ඩෝ මාස්ටර් කෙනෙක් ඉන්නවා. මිනිහාගේ ජීවිතයම ඉතින් ටයිකොන්ඩෝ තමයි. කවුරු හරි කතා කලොත් ලෝකයේ ජනගහන වැඩිවීම පිලිබඳව. මේ මාස්ටර් කියනවා “ඔය ජනගනහ ප්‍රශ්නයට හේතුව් මිනිස්සු ටයිකොන්ඩෝ නොදැනීම. ඔවා ඔක්කොම විසඳන්න පුලුවන් ටයිකොන්ඩෝ හර්හා” 🙂

          Like

          • Mayya says:

            ස්තූතියි දිර්ඝ පිලිතුරට….

            ප්‍රස්තූත කාරණයට පිලිතුරු දීමට පෙර ඔබ මා හට අලවා ඇති අදාල නොවන ලේබල් කීපයක් ගැලවීමට ඉඩ දෙන්න…
            1. මා නලීන් වාදියෙකු ලෙස ලේබල් කර ඒ මහතාට විරුද්ධ ඇති විවේචන රාශියක් මා හට පැවරීම (මීට පෙර ලිපියකද මේ හා සමාන අදහසක් ඔබ දක්වා තිබුනා)..මා නලීන් වාදියකු ලෙස ලේබල් කිරීමට පෙර , මීට පෙර ඔබද කියවා ඇති මේ ලිපිය නැවත වරක් කියවන්න…

            මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ:

            2. මා නූතනත්ව විරෝධීයෙක් යැයි නම් කිරීම – මා නූතන දෙයින් ඵල ප්‍රයෝජන ලබනවා මෙන්ම හැමවිටම නවීකරණය වීමට උත්සහ කරමි,,එහෙත් නූතනත්වයේ අඩු පාඩු දැකීමට එය බධාවක් නොකර ගන්නෙක්මි.

            3. බෞද්ධ දර්ශනය කෝකටත් තෛලය ලෙස විශ්වාස කිරීම…
            මගේ බෞද්ධ දර්ශනය ගැන කියැවීමට පහත ලිපි කියවන්න

            ථේරවාදේද……නැත්නම් මොකුත්ම නැද්ද?

            මහායානයද? ථේරවාදයද?………..දෙවෙනි ලිපිය

            දැන් ප්‍රස්තූත කාරනයට පිවිසෙමු. ඔබගේ තර්කය වූයේ පරිසර ප්‍රශ්ණයට, ජනගහන වර්ධනය හේතූ වේ යන්නයි…
            මගේ තර්කය වූයේ ජනගහන වර්ධනයට වඩා වැදගත් කාරනය වන්නේ ‘ඒක පුද්ගල කාබන් විමෝචනය යන කාරනයයි.

            /////කාර්මික විප්ලවය අවධියේ යුරෝපයේ කාර්මික රටවල් වායුගෝලයට නිදහස් කරන ලද අති වීශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමාන ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියේ ආරම්භයයි. එසේම වර්තමානයේ ශ්‍රීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව හා චීනය අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලය වෙත නිදහස් කරමින් පවතී.

            කෙසේ නමුත් වර්තමාන ලෝකයේ වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.

            ලෝකය දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ලෙස බෙදා දක්වතොත් , වර්තමාන්යේ ලෝකයේ ස්භාවික සම්පත් වලින් 80% ක් පරිහරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 20% ක් වූ දියුණු රටවල ජනතාවය. ඉතිරි 80% වූ දියුණු වෙමින් පවතින රටවල දුප්පත් ජනතාව පරිහරණය කරන්නේ ලෝකයේ ඇති 20% පමණ වූ ස්භාවික සම්පත්ය.

            ඒ නයින් බලන කල 20% ක් වූ පොහොසත් රටවල් ලෝක කාබන් දහනයට 80% දායක වන අතර ඔවුන්ගේ ඒක පුද්ගල කාබන් දහනය ඉතා ඉහලය. වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.

            මෙම විශමතාවය දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තයේදීද වෙන්ව දක්නට ලැබේ. මේ රටවල දුප්පතුන් යනු දුප්පතුන්ගෙත් දුප්පතුන්ය.

            මානව ඉතිහාසය පුරාම ගැ‍ටුම්, යුද්ධ බොහොමයක් ඇති වී ඇත්තේ ස්භාවික සම්පත් බෙදා ගැනීම උදෙසාය. වර්ථමානය වන විට ස්භාවික සම්පත් දිනා ගැනීමට අමතරව ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමද මෙම ස්භාවික සම්පත් දිනා ගැනීමේ සටනේ එක අංගයක්ය.

            උදාහරනයක් ලෙස චීනයේ හා ඉන්දීයාවේ පාපැදියෙන් අද වැඩට යන ශ්‍රමිකයා හෙට දිනයේ මොටො බයිසිකලයෙන් වැඩට යෑම ලෝකයේ ජීවත් වෙන අප සැවෝටම ප්‍රශ්ණයකි. ඔවුන් නිකුත් කරන කාබන් නිසා ගෝලීය උෂ්නත්වය ඉහල යයි. එය දියුණු රටවල ජනයාට කාබන් නිකුත් කිරීමට තියෙන හැකියාව තව තවත් සීමා කිරීමට හේතු වෙයි.

            අද දවසේ බොහෝ දේශපාලන තීන්දු තීරන ගැනෙන්නේ ස්භාවික සම්පත් කොල්ල කා ගැනීම උදෙසා පමනක් නොවේය. ස්භාවික සම්පත් පාවිච්චි කරන ඔලු ගෙඩි ගණන සීමා කිරීමද ( උපත් පාලනය,යුද්ධය ), ස්භාවික සම්පත් භාවිතා කිරීමට ඇති හැකියාව ( පෝසත් වීම) අවම කිරීමද නූතන යටත් විජිත දේශපාලනයේ නව මානයන්ය.////

            Read
            බෝලේ වගේද ගෝලේ…රත් උනාම මොකද වෙන්නේ….

            රිටිගල ජයසේන…ලස්සන ටයිකොන්ඩෝ කතන්දරය්ක් ලියා ඇති මුත් එය මට අදාල නොවේ යැයි මට සිතේ..නමුත් අවවාදය මා සුරුකිව තබා ගන්නම්…..කෙසේ නමුත් එය ඔබට අදාල කරගත්හොත් වඩා යහපති..මන්ද ඔබ සිංහල බෞද්ධ ගෝත්‍රික විඟානය අත්‍රික්‍රමණය කර් ඈති මුත්…..විද්‍යාව හා භෞතිකත්වය නැමැති විඟානයේ සීරවී ඇතැයි මට සිතෙන නිසාය….කුඩා කො‍ටුවක් පැන්න ඔබ, ඇතුලු වී ඇත්තේ තවත් කො‍ටුවකටය…..

            Like

            • Ramachandra says:

              මයියා මෙතැන වැදගත් කරුණක් මතුකර තිබේ – ඒක පුද්ගල කාබන් විමෝචනයද? ජනගහන වර්ධනයද? යන්න සම්බන්ධව. රිටිගල ඒ ගැන දෙන පිලිතුර දැනගැනීමට කැමැත්තෙමි.

              Like

            • Dimithri says:

              මයියා,

              //කෙසේ නමුත් වර්තමාන ලෝකයේ වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.//
              //වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.//

              විකිපීඩියාවට අනුව නම් මේවා වෙනස්. ලෝකයේ නොම්මර එකේ කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා ඇ.එ.ජ. නොවෙයි චීනයයි. ඒකපුද්ගල විමෝචකයා ඕස්ට්‍රේලියාව නොවෙයි කටාර් රාජ්‍යයයි. ලෝක බැංකු දත්ත මේ බව සනාථ කරනවා. ( http://data.worldbank.org/indicator/EN.ATM.CO2E.PC?order=wbapi_data_value_2009+wbapi_data_value+wbapi_data_value-last&sort=desc ) IPCC (Intergovernmental Panel on Climate Change) ය අනුව අර්ථදක්වන හරිතාගාර වායු වර්ග එකතුව ගත්තත් පලමු වැනියා චීනයයි, ඇ.එ.ජ. නොවෙයි.

              ඔබ සමහරවිට නවතම දත්ත මත පදනම් වෙන්න ඇති. මේ විශය ගැන උනන්දුවක් ඇත්තෙක් ලෙස එම මූලාශ්‍ර දැනගන්න කැමතියි.

              Like

              • Mayya says:

                මූලිකම සාධකය මංතූමාගේම ලිපියකින් තමයි..

                1.)බෝලේ වගේද ගෝලේ…රත් උනාම මොකද වෙන්නේ….

                2.) අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය

                එවාට තොරතුරු අරං තියෙන්නේ මේකෙන් …

                WB (2010). Development and Climate Change. Washinton DC, World Bank.

                BTW following article also good one

                http://www.guardian.co.uk/environment/datablog/2009/sep/02/carbon-emissions-per-person-capita

                Like

                • Dimithri says:

                  මූලාශ්‍ර වලට ස්තුතියි මයියා..

                  WB (2010) වාර්තාවේ අඩංගු වන්නේ 2005 දත්ත වන අතර guardian ලිපියේ අඩංගුවන්නේ 2006 දත්ත වේ. 2006 දත්ත අනුවත් සනාත වන්නේ නොම්මර එකේ කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා ඇ.එ.ජ. නොවෙයි චීනයයි. ඒකපුද්ගල විමෝචකයා ඕස්ට්‍රේලියාව නොවෙයි ජිබ්‍රෝල්ටාව, වර්ජින් දූපත් සහ කටාර් රාජ්‍යයයි.

                  World carbon dioxide emissions from the consumption and flaring of fossil fuels, 1980-2006 (Million metric tonnes of carbon dioxide)
                  Gibraltar 160.22
                  Virgin Islands, U.S. 118.3
                  Qatar 61.19
                  Netherlands Antilles 49.13
                  Trinidad and Tobago 44.32
                  Bahrain 38.44
                  United Arab Emirates 35.05
                  Singapore 31.41
                  Kuwait 30.92
                  Brunei 26.89
                  Luxembourg 26.28
                  Australia 20.58
                  United States 19.78

                  දත්ත මෙසේ වුවත් ඔබේ ‘ඇමරිකානු අධිපරිභෝජනවාද => පරිසර විනාශය’ තර්කය ගොඩ නැගීමට බාධාවක් නැහැ!

                  Like

  2. Mayya says:

    උඩ කමෙන්ට් එකේ… මෝලෙට යන්න මොලේට යන්න නිවැරදි විය යුතු උනත්……නැවත සිතා බැලිමේදී ඒ වචන දෙකේ පැටලැවිල්ලේත් ඒතරම් වරදක් නැති බව පෙනේ…:))

    Like

  3. රාජ් says:

    ජයසේන එක්ක එකඟයි. කවුරුහරි දාන්න කලින් දාන්න ඕන කමෙන්ටුවක් තියනව,
    “දැං ඕක හම්බයන්ට කිව්වොත් නරකද? ඇයි අපිට කියන්නෙ?” 🙂

    Like

    • අන්න හරි!

      කවුරු හරි මේ කතාව දෙමලට පරිවර්තනය කරල දෙන්න අප්පා… ගොඩක් “හම්බයන්ට” සිංහල කියවන්න බෑ ලු නෙ.

      Like

  4. මේවා කියලා වැඩක් නෑ.අපේ රටේ උං හිතන්නේ උංව පොඩ්ඩක් කිචි කවලා ආතල් එකක් දුන්නම ළමයි හැදිහෑකි කියලා පෝළිමට.ඒ හරක්ට මතක් වෙන්නේ නෑ ළමයිට කන්ඩ අඳින්ඩ දෙන්නේ කොහොමද? උගන්නන්නේ කොහොමද කියලා.ඒක මුස්ලිම් උන්ටත් එකයි.ළමයි හදාපියව් කියලා කෑ ගහන එක ලොක්කෙක්ටවත් ළමයි තුනකට වඩා ඉන්නවද? මුස්ලිම් උංගෙත් එච්චරම තමයි.

    මයියා කියලා තියෙන විදිහට දෙමව්පියන්ට ඕනෙ විදිහට ළමයි හදන්ඩ අයිතියක් දෙන්නේ කොහොමද? හැම ළමයෙක්ටම තියෙන අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ රජයෙන් ලබා දෙන හැම දේකටම මුළු රටම දායක වෙනවා.එතකොට කාටවත් ඇම්ම තිබ්බ පලියට ළමයි හද හද දාන්ඩ අයිතියක් ලැබෙන්නෙ නෑ.අනිත් මිනිස්සු ගැනත් හිතන්ඩ වෙනවා.

    ළමයෙක් හම්බවෙනකොට අම්මට ඇතිවෙන වේදනාව ඔය නානසාරලාට මුල්ලලාට කාදිනල්ලාට දන්නන්ඩ විදිහක් තිබ්බනං ඔය මෝඩ මතවාද ටිකක් වෙනස් වෙයි.

    Like

    • Mayya says:

      ජනගහනය වර්ධනය කියන එක..ලොකයේ ඉතා සීමීත පිරිසක්..අතිවිශාල ස්භාවික සම්පත් පරිහරනය කිරීම වහගන්න හදපු ලස්සන චිත්‍රයක්….මගේ මූලික තර්කය ඒකයි….

      තමන්ට ඉන්න ඕනා ලමයින් ගාන තීරනය කරන එක දේමව්පියන් තීරනය කරන්න ඔනා දෙයක්…අන්ඩුවට ඒකට වියදමක් යනවා නම් ඒක් දේමව්පියනගෙන් අය කර ගත්තම ඉවරයි..දැන් ඔය චීනය කරන්නෙත් ඒකනේ…හැබැයි ඕස්ට්‍රලියාවෙ නම් ලමයින් වදනවට ඩොලර් 5000 ක් හම්බ වෙනවා..නඩත්තු කරන්න වෙනම ගෙවනවා….

      Like

      • N says:

        The fatal flaw in Mayya’s argument is this:
        The reason that developed countries consume 80% more energy is because the people in those countries lead more comfortable lifestyles – requiring more energy and resources. The reason that the rest of the world only consumes 20% – is because they live in poverty, destitution and generally piss-poor conditions.

        Now, if Mayya wants the rest of the world to have a comfortable lifestyle similar to developed countries, then Mayya has to do the math and figure out how this miracle is accomplished while simultaneously maintaining a population boom. On the other hand, if Mayya wants Sri Lanka to continue to be destitute and under-developed, but have a large starving Buddhist population, then his solution is without parallel. So it’s not Nalin De Silva’s demented conspiracy theory that we should be concerned about, it’s simple common sense and logic.

        Going further, three obvious solutions present themselves.
        1. Bring down the developed world to piss-poor conditions too. Is this what Mayya wants? The “spiteful theory” of population sustainability? Furthermore, a basic understanding of exponential growth should indicate that this is unsustainable anyway.
        2. Maintain population at a sustainable level and increase living standards in our country so that our people can live better lives. This is the only humane option available to us.
        3. Let population growth continue, and let nature carry out its own brutish form of birth control – poverty, poor living standards, famine, war, destruction of environment. This is another option that’s readily available to us, and evidently the one embraced by the Nalin De Silva types.

        Like

      • //ජනගහනය වර්ධනය කියන එක..ලොකයේ ඉතා සීමීත පිරිසක්..අතිවිශාල ස්භාවික සම්පත් පරිහරනය කිරීම වහගන්න හදපු ලස්සන චිත්‍රයක්….මගේ මූලික තර්කය ඒකයි….//

        ලෝකයට දරාගන්ඩ බැරි තරමට මිනිස් ජනගහනයේ වර්ධනයක් තියෙනවා කියන එක නොපෙනෙන්ඩ තරමට මයියාගේ දෑස් අඳ වීම ගැන මම කණගාටු වෙමි.ලෝකයේ සුළු පිරිසක් සම්පත් සූරා කන බව ඇත්තය.නමුත් ජේවීපී ඇත්තන් මෙන් හැම දේටම එකම හේතුවක් දකින මයියා සමඟ වාද කිරීමේ වටිනකමක් මට පෙනෙන්නේ නැත.සම්පත් සූරා කෑම ළමයින් හැදීමෙන් අඩු කළ හැකි ආකාරය පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

        Like

  5. Mayya says:

    name

    ස්තූතියි දිර්ඝ පිලිතුරට….

    ප්‍රස්තූත කාරණයට පිලිතුරු දීමට පෙර ඔබ මා හට අලවා ඇති අදාල නොවන ලේබල් කීපයක් ගැලවීමට ඉඩ දෙන්න…
    1. මා නලීන් වාදියෙකු ලෙස ලේබල් කර ඒ මහතාට විරුද්ධ ඇති විවේචන රාශියක් මා හට පැවරීම (මීට පෙර ලිපියකද මේ හා සමාන අදහසක් ඔබ දක්වා තිබුනා)..මා නලීන් වාදියකු ලෙස ලේබල් කිරීමට පෙර , මීට පෙර ඔබද කියවා ඇති මේ ලිපිය නැවත වරක් කියවන්න…

    මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ:

    2. මා නූතනත්ව විරෝධීයෙක් යැයි නම් කිරීම – මා නූතන දෙයින් ඵල ප්‍රයෝජන ලබනවා මෙන්ම හැමවිටම නවීකරණය වීමට උත්සහ කරමි,,එහෙත් නූතනත්වයේ අඩු පාඩු දැකීමට එය බධාවක් නොකර ගන්නෙක්මි.

    3. බෞද්ධ දර්ශනය කෝකටත් තෛලය ලෙස විශ්වාස කිරීම…
    මගේ බෞද්ධ දර්ශනය ගැන කියැවීමට පහත ලිපි කියවන්න

    මහායානෙද?..ථේරවාදේද……නැත්නම් මොකුත්ම නැද්ද?

    මහායානයද? ථේරවාදයද?………..දෙවෙනි ලිපිය

    යෝනිය සම්භන්ධයෙන් බුදුන් ඇන ගත්තාද?: Whither Buddhism on Feminism

    දැන් ප්‍රස්තූත කාරනයට පිවිසෙමු. ඔබගේ තර්කය වූයේ පරිසර ප්‍රශ්ණයට, ජනගහන වර්ධනය හේතූ වේ යන්නයි…
    මගේ තර්කය වූයේ ජනගහන වර්ධනයට වඩා වැදගත් කාරනය වන්නේ ‘ඒක පුද්ගල කාබන් විමෝචනය යන කාරනයයි.

    /////කාර්මික විප්ලවය අවධියේ යුරෝපයේ කාර්මික රටවල් වායුගෝලයට නිදහස් කරන ලද අති වීශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමාන ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියේ ආරම්භයයි. එසේම වර්තමානයේ ශ්‍රීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව හා චීනය අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලය වෙත නිදහස් කරමින් පවතී.

    කෙසේ නමුත් වර්තමාන ලෝකයේ වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.

    ලෝකය දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ලෙස බෙදා දක්වතොත් , වර්තමාන්යේ ලෝකයේ ස්භාවික සම්පත් වලින් 80% ක් පරිහරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 20% ක් වූ දියුණු රටවල ජනතාවය. ඉතිරි 80% වූ දියුණු වෙමින් පවතින රටවල දුප්පත් ජනතාව පරිහරණය කරන්නේ ලෝකයේ ඇති 20% පමණ වූ ස්භාවික සම්පත්ය.

    ඒ නයින් බලන කල 20% ක් වූ පොහොසත් රටවල් ලෝක කාබන් දහනයට 80% දායක වන අතර ඔවුන්ගේ ඒක පුද්ගල කාබන් දහනය ඉතා ඉහලය. වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.

    මෙම විශමතාවය දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තයේදීද වෙන්ව දක්නට ලැබේ. මේ රටවල දුප්පතුන් යනු දුප්පතුන්ගෙත් දුප්පතුන්ය.

    මානව ඉතිහාසය පුරාම ගැ‍ටුම්, යුද්ධ බොහොමයක් ඇති වී ඇත්තේ ස්භාවික සම්පත් බෙදා ගැනීම උදෙසාය. වර්ථමානය වන විට ස්භාවික සම්පත් දිනා ගැනීමට අමතරව ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමද මෙම ස්භාවික සම්පත් දිනා ගැනීමේ සටනේ එක අංගයක්ය.

    උදාහරනයක් ලෙස චීනයේ හා ඉන්දීයාවේ පාපැදියෙන් අද වැඩට යන ශ්‍රමිකයා හෙට දිනයේ මොටො බයිසිකලයෙන් වැඩට යෑම ලෝකයේ ජීවත් වෙන අප සැවෝටම ප්‍රශ්ණයකි. ඔවුන් නිකුත් කරන කාබන් නිසා ගෝලීය උෂ්නත්වය ඉහල යයි. එය දියුණු රටවල ජනයාට කාබන් නිකුත් කිරීමට තියෙන හැකියාව තව තවත් සීමා කිරීමට හේතු වෙයි.

    අද දවසේ බොහෝ දේශපාලන තීන්දු තීරන ගැනෙන්නේ ස්භාවික සම්පත් කොල්ල කා ගැනීම උදෙසා පමනක් නොවේය. ස්භාවික සම්පත් පාවිච්චි කරන ඔලු ගෙඩි ගණන සීමා කිරීමද ( උපත් පාලනය,යුද්ධය ), ස්භාවික සම්පත් භාවිතා කිරීමට ඇති හැකියාව ( පෝසත් වීම) අවම කිරීමද නූතන යටත් විජිත දේශපාලනයේ නව මානයන්ය.////

    බෝලේ වගේද ගෝලේ…රත් උනාම මොකද වෙන්නේ….

    රිටිගල ජයසේන…ලස්සන ටයිකොන්ඩෝ කතන්දරය්ක් ලියා ඇති මුත් එය මට අදාල නොවේ…..එය ඔබට අදාල කරගත්හොත් වඩා යහපති..මන්ද ඔබ සිංහල බෞද්ධ ගෝත්‍රික විඟානය අත්‍රික්‍රමණය කර් ඈති මුත්…..විද්‍යාව හා භෞතිකත්වය නැමැති විඟානයේ සීරවී ඇතැයි මට සිතෙන නිසාය….කුඩා කො‍ටුවක් පැන්න ඔබ, ඇතුලු වී ඇත්තේ තවත් කො‍ටුවකටය…..

    Like

  6. මයියා says:

    නිරාආගමිකයන් ප්‍රජාත්‍රන්තවාදීන් හා අන්‍ය මත ඉවසන්නන් බව මා තේරුම් ගෙන සිටි විදිහයි..මා වැරදිය

    මා රිටිගලට් දැමු පහත පිලිතුරු මෝඩරේට් කරනවා යැයි පවසමින් පල කර නැත

    Mayya says:
    Your comment is awaiting moderation.
    June 28, 2013 at 11:03 PM

    Mayya says:
    Your comment is awaiting moderation.
    June 28, 2013 at 11:26 PM

    එහෙත් ඊට පසු වෙනත් අය දැමු පිලිතුරු සයිටයේ දිස්වේ..

    Naleen Dilruksha says:
    June 28, 2013 at 11:50 PM

    N says:
    June 29, 2013 at 12:24 AM.

    ඔබට අනුකම්පා කරනවා හැර වෙන යමක් කීමට මම නොදනිමි….නිදහස් අදහ්ස සදහා විවෘත නොවු තැනක් සංවාදයට එලඹීම සමභන්ද කණගා‍ටුව පමනක් මා තුල ඇත……

    මෙය මා ප්‍රොක්සි සයිටයක් හරහා පැමින කල කමෙන්‍ටුවකි

    Like

    • මොකක්ද මයියෝ මේ කතාව. කවුරු හරි මයියාගෙ කමෙන්ට් වාරණය කරලා නම් මේ උඩ දාල තියෙන කමෙන්ටුව විතරක් තියෙන්නට හරීද? මොකක් හරි තාක්ෂනික දෝශයක් ඇත්නම් මේකෙ ඇඩ්මින් මහතා ඒක නිවැරදි කරාවි. පොඩ්ඩක් ඉවසන්න. ඔය තරම් ඉක්මමින් ඔය වගේ නිගමන වලට එලැඹි, බාල වර්ගයේ චෝදනා කරන්න එපා. මම දාන කමෙන්ට් නම් එවෙලේම වැටෙනවා මිසක් මොඩරේඩ් වන බවක් පෙනෙන්නේ නෑ.

      බ්ලොග් අවකාශයට අලුත් නිරාගමික සහෘදයන්, මයියා වැනි බ්ලොග් අවකාශයේ දිගු කලක් තිස්සේ ස්ථාපිත වෙටරන්ලා මෙහි පැමින කමෙන්ට් කිරීම සලකන්නේ ගෞරවයක් හැටියට. මයියා යනු පඳුරකට පයින් ගැසුවත් දෙතුන් දෙනෙක් විසිවන ජාතියේ දෙකයි පනහේ සිංහලබෞද්ධ දේශප්‍රෙමියෙක් නොවන බව මෙහි ඇඩ්මින්ලා දන්නවා ඇති කියා මම හිතනවා. එබැවින් තාක්ෂනික දෝෂයක් තියෙනවානම් ඔවුන් එය නිවැරදි කරාවි.

      හැබැයි ඔබතුමා දැන් වෙනත් ප්‍රොක්සියකින් පැමින දැම්ම කමෙන්ට් මොඩරේට් උනේ නෑ නේද? අර කිව්ව වාරණය වූ කෙමෙන්ට් දෙකත් මේ විදිහටම දැනට දාන්න කියලා මම ඉල්ලා හිටිනවා.

      Like

    • මයියා, අපි දෙදෙනාම සංවාදයට ප්‍රවිශ්ථ වී ඇති ආකාරයේ අඩු පාඩු තිබෙනවා. මම තරමක් ඇනෙන රිදෙන ආකාරයෙ හා උවමනාවට වඩා උපහාසාත්මක කමෙන්ට් කිහිපයක් ඔබ එල්ලයේ ප්‍රකාශ කල බව සැබැයි. නමුත් ඔබ නිර්-ආගමික වෙබ් අඩ වියට ගොඩ වැදුනේම “මේ නිරාගමිකයන් යනු කවුදැයි මා නොදනීද, මුන්ගේ ලෝක දැක්ම නම් මේ ආකාරය. මම මේ නිරාගමික සත්ව කොටස මා හොඳින් හඳුනමි” වැනි අදහසක් හිසේ දරාගෙන ලෙසක් පෙන්ව්න කමෙන්ට් කීපයක් ම ඔබෙන් වැටී තිබුනා (උදා . “නිර් ආගමිකයනට මේවාට උත්තර නැත”, “නිර් ආගමිකයන් මෙය වටහාගෙන නැත” ආකාරයෙ )

      නිර්-ආගමික වෙබ් අඩවිය ලෙස නම් කර තිබුනද මෙතැන පලවෙන ලිපි කිසියම් එක ස්ටීරියෝටයිප් ගුරුකුලයක් නියෝජනය කරන්න්නේ නැත. එබැවින් එවැනි අධි-සාමාන්‍යකරනයෙන් යුතු කමෙන්ටු ඔබ අතින් පලවීම වැරදි බව මට සිතුනි. ඔබවද කිසියම් stereotype එකක් තුලට දමන්නට උත්සාහ කල මාගේ ආක්‍රමනශිලි පිලිතුරු වලට හේතුව එයයි.

      කෙසේ වුවත් මාගෙ පිලිතුරු හරහා; ඉන්ග්‍රීසියෙන් කියන්නේ නම් “I have managed to get under your skin”.මේ බව තේරුනේ ඔබේ කමෙන්ට් කිහිපයක් මොඩරේට් කිව් එකට යාම නිසා ඉතාම නොඉවසිලිවත්ව ඔබ නිර්-ආගමිකයන් ප්‍රජාතාන්ත්‍රවාදි නොවන බවට තීන්දු කර ප්‍රකාශයක් නිකුත් කිරීම නිසයි. බ්ලොග් අවකාශයේ වසර ගනනක අත්දැකීම් ඇති ඔබට ඔබේ කමෙන්ට් මොඩරේට් කිව් එකට යාමට හේතුව සිතාගැනීමට බැරිවීම මට පුදුමයක්. ඔබේ කමෙන්ටුව තුල ලින්ක් බර ගනනක් තිබී ඇත. හේතුව එයයි. එවිට ඔටෝ ඇපෲ වීම නොවී එය කිව් එකකට යයි. කෙසේ වුවත් ඔබේ තාර්කික හැකියාව මොට වන තරමට ඔබව ඇවිස්සීම ගැන මම සමාව අයදිනවා. ඒ වගෙම ඔබට ඇලවූ සමහර ලේබල් සාධාරන නොවන බවත් මම පිලිගන්නවා.

      Like

  7. කමෙන්ට් මොඩරේට් කරන්න යනුවෙන් settings සකස් කර නැ..නමුත් යම් හේතුවක් නිසා (සමහර විට ලින්ක් කිහිපයක් තිබුණු නිසා wordpress anti-spam සේවයෙන් බ්ලොක් කරන්න ඇති) මයියා පළකරන ලද අදහස් දෙකක් moderation queue එකට ගිහිල්ලා තියනවා..නමුත්, දැන් මම එම කමෙන්ටු දෙක approve කළා..ඊයේ දිනයේ (එනම් 28වෙනිදා) කාර්යබහුල නිසා ඊයේ දිනයේ මට ලොගින් වීමට හැකියාවක් තිබුනෙ නෑ…ඒ පිළිබද සමාවෙන්න

    Like

  8. හිතවත් රිටිගල හා ඇඩ්මින්වරුනි…

    කමෙන්ට් එක පල කිරීම ගැන මගේ නොවක් ස්තූතිය් හා මගේ කමෙන්ට්‍ටුවකින් කිසියම් අපහසුතාවයක් හෝ සිතරිදවීමක් සිදූ උනි නම් මගේ අවංක කණගා‍ටුව පිලිගන්න.

    බ්ලොග කාලාවේ තාක්ශණික ඥානය පිලිබද මාගේ දැනුම කෙතරම්ද යත් අයිපී එඩ්‍රස් බ්ලෝක් කර කල් මැරීම පිලිබදවද මා දැනුවත්ය.

    තර්ක නැමති පිදුරුවලින් පිදුරු මිනිසා නැමති වෙනත් කථාවක් හෝ ලේබලයක් සාදා…… හදා ගත් පිදුරු මිනිසාට පොරි හැලෙන්නට නෙලීමද කලාවකි. නමුත් පිදුරු ගස නම් පිදුරු ගසමය.

    මගේ පිදුරු ගස නම් 20% වූ සුලුතර ජනතාවගේ අති විශාල කාබන් විමෝචනය ගැන ය. පිදුරු මිනිසාට ගැසූවාට මට උත්තර බැදීමට නොහැක…

    Like

    • N says:

      ඔබගේ 80:20 බල විබේදනය සත්‍යයක් බව පිලිගනිමි, එහෙත්, එහි අදාළ තාවයක් හෝ ප්‍රොයෝජනයක් නැත. එයට හේතුව කිමෙක්ද යත් 20% ක සුළු ජන ගහනයක් 80% කාබන් විමෝචනයක් කරනුයේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉතා ඉහල තත්වයක තිබෙන නිසාය. බොහෝ විට එය නාස්තිකාර ලෙසද සිදුවෙන බව සත්‍යයකි. එම නාස්තිය අඩු කිරීම ඔවුන්ගේ යුතුකමක් වේ. හැබැයි, එය කොපමණ අඩු කරත් එම ජීවන මට්ටම maintain කිරීම සඳහා යම් කිසි අවම කාබන් විමෝචනයක් වීම වැලක්වීම ඉතා අපහසුය. මේ සඳහා ලෝක තාක්ෂණික දැනුම තවම නොදියුණු තත්වයක ඇත.

      එවිට ඔබ සැලකිය යුතු කාරණය විය යුත්තේ මෙයයි. ලෝක ජනගහනයෙන් බිලියන 1.2 සිටින්නේ එවැනි දියුනි රටවල්වලය. ඉතුරු බිලියන 5.3 සිටින්නේ ඉතුරු රටවල්වලය. ඉදිරියදි සිදුවන ජනගහන වර්දනය බොහෝ දුරට සිදු වෙනුයේ මෙම දියුණු වෙමින් පවතින රටවල්වලය – 2050 වන විට බිලියන 7.8 වෙන තෙක්. එහෙත්, දියුනි රටවල්වල ජනගහනය බිලියන 1.2 ම පැවතෙනු ඇත (source: https://en.wikipedia.org/wiki/Human_overpopulation)

      මගේ ප්‍රශ්නය වනුයේ, දැනට සිටින මෙම බිලියන 5.3 මෙම දිළිඳු තත්වයෙන් ගොඩ ගෙන දියුණු රටක ජීවන මට්ටමක් කරා යාම සඳහා,කොපමණ කාබන් විමෝචනයක් අවශ්‍යද ? මේ සියල්ල අතර තුර තව දුරටත් ශීග්‍ර ලෙස ජනගහයන වර්දනය කිරීමෙන් අපට දියුණු විය හැකිද ? Malthusian catastrophe එකකින් (http://en.wikipedia.org/wiki/Malthusian_catastrophe) අපි බේරෙන්නේ කෙසේද?

      එම නිසයි ඔබ කියන්නා මෙන් බටහිරට අත දිගූ කර අපිට බේරී සිටිය නොහැක්කේ. එක්කෝ අපි නොදියුණු තත්වයකින් දිගින් දිගටම පැටව් ගසමින් සිටිය හැක. එසේත් නැතිනම් අප රටවල්වල ජනගහන අඩු කර ගෙන, ඉන්න අයගේ ජීවන මට්ටම දියුණු කල හැකිය. මේ දෙකම එකවර කිරීමට බැරිය. මෙම සත්‍යට දියුණු රටවල්වල කාබන් විමෝචනය දෙස බලා අපි තවත් බියට පත් විය යුතුය. හේතුව: බිලියන 1.2 දියුණු තත්වයෙන් ජීවත් වීමට ඔතරම් කාබන් විමෝචනය කරනවා නම්, බිලියන 7 දියුණු වීමට කොපමණ කාබන් විමෝචනය කල යුතුද ?

      Like

  9. මාගේ තර්ක වැරදි කොනෙන් අල්ලා මුව හමකට තඩිබාන කීප දෙනෙකුගේ දැන ගැනීම උදෙසා මෙය ලියන්නේමි…..

    ජනගහන වර්ධනය හා එය ස්භාවික සම්පත් කෙරෙහි දක්වන ඉල්ලුමහි වර්ධනය එක කාරණාවකි….. සභාවික සම්පත්( පොසීල ඉන්දන) භාවිතය නිසා සිදුවන කාබන් විමෝචනය, ගෝලීය උණුසුම ඉහල යාම හා ජනගනහන වර්ධනය අතර ඇති සම්භන්ධය තව කාරනාවකි.

    ජනගහන වර්ධනය හා ස්භාවික සම්පත් කෙරෙහි ඇති ඉල්ලුම සම්භන්දයෙන් මගේ විග්‍රහය, පූර්ණ නිදහස් වෙළදපල අර්ථිකයක් විශ්වාසකරන්නෙකුගේ චිත්‍රයට සමගාමිය. ඒ කෙසේද යත්, ජනගහන වර්ධනය හා අදායමේ වර්ධනය, ස්භාවික සම්පත් මත දැඩි ඉල්ලුමක් ඇතිකරනවා මෙන්ම, අපේක්ශිත හිගතාවයන් නිසා එම සම්පත්වල මිලෙහි ඉහලයාමක් ද සිදු වීමට නියමිතය. මිලෙහි සිදුවන වැඩීවීමත් සමගම ලාභය අපේක්ශා කරන ව්‍යවසායකයයේ ආගමනය වැඩි වනාවා මෙන්ම එම නව ව්‍යවසායකය ලාභය අපේක්ශාවෙන් නව විඩි හා ක්‍රම සොයා ගනු ඇත. දියුණුවෙමින් පවතින අප වැනි රටක මෙම ප්‍රශ්ණ හමුවේ පවතින නෝමේරූ ආයතනගත ක්‍රමයන් බිද වැටීමටද හේතූ විය හැක.මේ සටනේදී පරාජය යනු රාජ්‍ය අරාජිකත්වය වීම අතර ජයග්‍රහණය යනු වඩා ලිබරල් නිදහස් සමාජයක් බිහි වීමය.

    සභාවික සම්පත්( පොසීල ඉන්දන) භාවිතය නිසා සිදුවන කාබන් විමෝචනය, එ හා බැදුනු අනෙකුත් පරසර හා සාමාජීය ප්‍රශ්න වන ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම, කාන්තාරකරනය,ඕසෝන්වියනේ සිදුරු ඇතිවීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, මුහුදු මට්ටම් ඉහල යෑන, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, ඇති අය හා නැති අය අතර පරතරය වැඩි වීම වැනි කරුණු සම්භන්දයේන් තුන්වෙනි ලෝකයේ අධික ජනගහනනේ බලපෑම,දියුණු රටවල කාබන් විමෝචනය හා සසදන කල කුඩා සාදකයකි.

    ඒ මන්ද යතොත් තුන්වෙනි ලෝකයේ රටවල වල ජනයා සම්ස්ත කාබන් විමෝචනයෙන් දායක වෙන්නේ 20% පමනක් උදෙසා වීම නිසාය…..වඩා වැදගත් වන්නේ දියුනු රටවල් විශේශයෙන් වැඩිම කාබන් වොමෝචකයා වන ඇමෙරිකාව මේ සම්භන්දයෙන් කර ඇත්තේ කුමක් ද යන්නය…..

    අමෙරිකාව මේ වන තුරුත් කියො‍තෝ සම්මුතියට එකඟ වන්නේ නෑත.කාබන් විමෝචනය අඩු කිරීම සදාහා රාජ්‍යයේ සාධනීය වැඩ පිලිවෙලක් නෑත.

    මා පෙන්වන්නේ හඳය. මා හඳ පෙන්වන විට මගේ ඇඟිල්ල කැත යැයි කියා කරන විවේචනයන්ට උත්තර දීම මා වෙහෙසට පත් කරවන්නකි….

    පරිසර ප්‍රශ්ණය සම්භන්දයෙන නිරාගමිකයන් සමිභන්ධ මට ඇති විවේචනය නම් මිනිසාගේ අධික හා අන්වශ්‍ය පරිබෝජනවාදාය සම්භන්දයෙන් ඔවුන්ගේ ඇති පිලිතුර සම්භන්දයෙනි..විද්‍යාව හා එහි දියුණුව එයට ලිපිතුරු සෑපයීමට යම් කිසි සම්භාවිතාවක් ඇතත් ඊට කලියෙන් පරිසර ප්‍රශ්ණය ලෝකය විනාශ කිරීමට ද පුලුවන.. මනසට හා එහි අධික තන්හාවට ආමන්ත්‍රනය කරන බුද්ධ දර්ශනය ඒයට නිශ්චිත පිලිතුරක් යැයි මා සදහන් කරන්නේ එහෙයිනි….

    Like

    • N says:

      ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ලොව සියලු ප්‍රශ්න විසදෙනවා යැයි කියන මුස්ලිම්වරයකුගේත්, බුදුදහම ක්‍රියාත්මක කිරීමෙන් එලෙසම සියලු ප්‍රශ්න විසදීමට තනන ඔබත් අතර දැඩි සමාන බවක් ඇතැයි මට නම් හැඟේ. මේ දෙගොල්ලොන්ගේම පොදු තේමාව වනුයේ අදහස් සම්පුර්ණයෙන්ම අතාත්වික වීමයි. ඔය කියනා ලෙස බුදුදහමෙන් ඔය කිසිම ප්‍රශ්නයක් විසදීමට නොහැකි බව අපේ ඉතිහාසයෙන්ම තෙරේ. ලෝකය පැතලිද රවුම්ද යනනවත් නොදැන, රජවරුන්ගේ න්‍යායට වහල් වී, ලෙඩ බෝවෙන හැටිවත් නොදැන (germ theory), ඉතා දුක්කිත තත්වයෙන් ජීවත් වූ මිනිස්සුන්හට බුදු දහමෙන් වූ සේවය ඔවුන්ගේ එම දුකට ව්‍යාජ නිර්වින්දනයක් දීම පමණි (opiate of the masses). ඔය සියල්ල අතරතුර යුද්ද, සාගත, වසංගත එමටවත් අප රට තුල තිබුණි. එම නිසා බුදු දහම තුලින් ලෝකයේ උග්‍ර ප්‍රශ්න විසදීමට තැනීම හුදු මනස්ගාතයක් පමණක් බව පැහැදිලි වේ. අද දවසේ බොදු බල සේනා වැනි සංවිදාන වලින් තව දුරටත් පෙනී යන්නෙත් ආශාව යන දෙය බොදු දහම ගෑවුණු පලියට නැති වෙන්නේ නැති බවයි.

      ඔය සියල්ල කෙසේ වෙතත්, එක දෙයක් නම් පැහැදිලිය. එය කිමෙක්ද යත්, සිංහල ගෝත්‍රයේ පැටවූ ගණන වැඩි කිරීමෙන් කිසිම ප්‍රශ්නයක් විසදෙන්නේ නැතුවා පමණක් නොව, එම ප්‍රශ්න තව දුරටත් උග්‍ර වන බවයි. එය පිළිගන්නේ හෝ නොපිළිගන්නේ නැතුව, අපට පාලනය කල නොහැකි පඹයෙකුට (strawman) සිහිසුන් වන තෙක් පහර ගස්සන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

      Like

    • අර ‘N’ කිව්වත් වගේ මයියා, බුදු දහම නිකන් කටෙ තොලේ ගාගත් පලියට තන්හාව ආශාව අඩු වෙන්නෙත් නෑ, ප්‍රශ්න විසදෙන්නෙත් නෑ කියන කතාව ඇත්ත වගේ නේද? අපේ ඉතිහාසයෙන් හා වර්තමානයෙන් උදාහරණ ගොඩක් දෙන්නත් පුලුවන්. බුදු දහමින් යම් ප්‍රයෝජනයක් ගන්නවානම් ඒ ගන්නෙත් මූලික අවශ්‍යතා සැපිරුන මිනිස්සු. විශේෂයෙන්ම බටහිර සංවර්ධිත රටවල ඉන්න බෞද්ධයෝ.

      ඔකට ප්‍රති තර්කය තමයි නලින් කියන එක. නූතනත්වය අපි කරා ලඟා වෙන්න කලින් “සමතුලිත සමාජයක්” තිබ්බ කියන එක. හැබැයි ඔය කියන “ඊනියා” සමතුලිත සමාජයේ හිටපු මිනිස්සු නොවිඳිනා දුක් වින්දා. ඔය කියන සමතුලිත සමාජය පවතින්නෙ ඊත වඩා පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රම තියෙනවා කියන එක පෙනෙනකම් විතරයි.

      අර මම කලින් වතාවක කමෙන්ට් එකක කිව්වා වගේ “දුකට හේතුව” සොයාගැනීමට ක්‍රෙඩිට් එක දුන්න පලියට “දුක නැති කිරීමට” මාර්ගයට ක්‍රෙඩිට් දෙන්න බෑ.

      Like

  10. Mayya says:

    ‘N’ සහ රිටිගලගේ අදහස් වලට ස්තූතියි…

    පරිසර ප්‍රශ්ණය ලෙස වර්ථමානයේ සලකනු ලබන්නේ හුදෙක් ස්භාවිකව ඇතිවන නියඟ හෝ ගංවතුර වැනි තත්වයන් නොවෙයි…පරිසර ප්‍රශ්ණය ලෙස සලකනු ලබන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන, විශේෂයෙන් පෝසීල ඉන්ධන දහනය හා කාබන් විමෝචනය නිසා ඇතිවන, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණයි. ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණ ලෙස පොදුවේ පිලි ගැනෙන්නේ මා මීට පෙර විස්තර කරන ලද කාන්තාරකරනය,ඕසෝන් වියනේ සිදුරු ඇතිවීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, මුහුදු මට්ටම් ඉහල යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, ‘ඇති අය’ හා ‘නැති අය’ අතර පරතරය වැඩීමීම යන පරිසර හා සමාජීය ප්‍රශ්ණයි.

    එම නිසා මිනිසාගේ ක්‍රියාකාරකම් පොදුවේ ලෝකයට තර්ජනයක් ඇති නොවෙන පරිදි පාලනය කිරීමට විශේශයෙන් පරිසර ප්‍රශ්ණ කලමණාකරණය සදහා, ඒ සදහා නීතී රීතී මෙන්ම , මිනිසා තුලින් බෝක්කෙන්ම එන කැපවීමක් ද අවශ්‍යයි…

    මේ බොක්කෙන්ම එන කැපවීම පිලිබද කථාවේදී , මම මීට පෙර සදහන් කල ලෝකයේ 20% ක් වූ ඉතා ධනවත් හා බලවත් අයගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක්…මන්ද 80% ක් වූ කාබන් විමෝචනයේ පාලනය ඇත්තේ ඔවුන් අත නිසා…..

    මෙම 20 % වූ සුලුතරයේ කාබන් විමෝචනය පාලනය කිරීම සාමානය ලෝකය්යේ පවතින ඉල්ලුම හා සැපයුම න්‍යාය හෝ ලිබරල් වාදී නොවන දරදඩු නීතී මගින් පාලනය ඉතා අපහසු කාරණයක්…

    සාමානයෙන් ‘ඉල්ලුම හා සැපයුම්’ න්‍යායෙන් සිද්ධ වෙන තෙල් බැරලයේ මිල ඉහල යාම, මෙම 20% පොසීල ඉන්දන භාවිතය අඩූ කිරීමට බලපාන්නේ ඉතා සුලු වශයෙන්….මන්ද මොවුන් සතුව අධික ධනයක් (හා බලයක්) ඇති නිසා…උදාහරනයක් විදිහට කියනව නම් ලංකාවේ උනත් ඉන්න සුපිරිම පැලැන්තියට පෙට්‍රල් 200 තියා 300ට නැග්ගත් ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට එය හේතූ නොවන්නේ එය ඔවුන්ගේ ආර්ථිකයට කිසිසේත් නොදැනෙන නිසා….

    අනිත් අතින් දර දඬු නීතී මගින් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙම සංවර්ධිත ලිබරල්වාදී සාමාජයන් උඩු යටි කුරු කිරීමක්….එවන් දේකට යෑම එක අතකින් එම සමාජයන් ගොඩා නංවා ඇති පුද්ගල නිදහස් පිලිබද සංකල්ප නැවත ආපසු හැරවීමක්…

    මේ වෙලාවේ තමයි මම මීට පෙර සදහන් කල ‘පරිසර ප්‍රශ්ණයට’ ..එහෙමත් නැත්තං බොක්කෙන් එන කැපවීම කියන කාරණයට….බෞද්ධ දර්ශණය නිශ්චිත පිලිතුරක් කථාව මට කියන්න වෙන්නේ…මෙතැනදි මම කියලා තියෙන්නේ ‘බෞද්ධ දර්ශනය’ මිසක් ‘බෞද්ධාගම’ නොවන බව උගත් මහත්තුරුන්ට මතක් කරන්න කැමතියි…ඒ මොකද කියලා කියනව නම්, බෞද්ධ දර්ශනය තුල ඇදහීමක් මෙන්ම, බලාහත්කාරකමක් ද ඇතුලත් නොවන නිසා…විශේෂයෙන් එයට අවශ්‍ය වන්නේ බලහාත්කාරකම වෙනුවට සංවාදය මෙන්ම, විශ්වාසයට වඩා අවබෝධය යන කාරණා නිසා නිදහස් මිනිසෙකුට එය පැහැදිලි කරලා දෙන්න ලේසීයි.

    නූතන කාබන් විමෝචනයෙ ප්‍රධානම ප්‍රශ්ණයක් වෙන්නේ මිනිසාගේ අධික පරිභෝජනය යි….ලංකාවේ නම් වේලක් බඩ ගින්නේ ඉන්න, අවුරුද්දක් එකම ඇදුම අදින, මාසේ පඩිය සතියෙන් ඉවර වෙන, බහුතරයකට මේ අධික පරිභෝජනය කියන දේ විහිලුවක් වගේ පේන්න පුලුවන් උනත්, සංවර්ධිත රටක ‘බහුතරය වූ අයගේ’ ජීවන ක්‍රමය ගැන යන්තං අවබෝධයක් තියෙන අයෙක් නම් මම මේ කියන පරිභෝජනවාදය මොකක්ද කියලා අදුනනවා..

    මම මේ කියන පරිභෝජනවාදය සීමා කිරීමට ..කොටින්ම ඇති කරන්න ඕනා සිතන පතන විදිහේ වෙනසකුයි…

    බුද්ධ දර්ශනයේ එන ‘අතහැරීම’ කියන සංකල්පය මේ පරිභෝජනවාදයට විසදුමක් මෙන්ම ශක්තිමත් දාර්ශනික් උත්තරයක් කියලා මට හිතෙන්නේ මේ කාරණය නිසයි.

    ‘අතහැරීම ‘ ගැන කියන කොට මතක් වෙන අනිත් කාරණය තමයි ‘උපාදාන’ කියන සංකල්පය..
    බෞද්ධ දර්ශනයේ උපාදාන කියන්නේ විවිධාකර වූ අල්ලා ගැනිම්, ඇලීම් කීපයකට…

    මින් පලමු උපාදානය….ඇස කණ නාසය දිව හම ආදී වූ අපේ පංචෛන්ද්‍රියන් සතු‍ටු කිරීමේ ආශාවට ඇති කැමැත්ත…. අධික පරිභෝජනය කියන්නේ මේ උපාදානයේ ප්‍රතිපලයක්…පැහැදිලිවම මෙම උපාදානයෙන් හා ඒය සීමා කිරීමට බුද්ධ දර්ශනය යෝජනා කරන ක්‍රියා මාර්ග මගින් අධික පරිබෝජනය කියන එක ගැන මිනිහෙක්ව දෙපාරක් හිතන්න පොලඹ්වනවයි කියලා මට හිතෙනවා..

    දෙවන උපාදානය වෙන්නේ ‘දිට්ඨි උපාදානය’ මේක නම් විවිධා කාර වූ සංකල්ප, තියරි ආදීයට අපි දක්වන කැමැත්ත…උදාහරණයක් ලෙස මගේ බුද්ධ දර්ශණයට ඇති ආශාවත් උපාදානයක් කියලයි මට හිතෙන්නේ..අර පාරුව කරේ තියා ගෙන යන්නැතුව ග‍ඟෙන් එගොඩ වීමට පමනක් පාරුව පාවිච්චි කරන්න කියලා කියන්නේ ඔය උපාදානෙත් නැති කර ගන්න තමා…කෙසේ උනත් මේ දිට්ඨි උපාදානය අත ඇරීම නම් වර්ථමාන ලෝකයේ බොහෝ ගැ‍ටුම් නිරාකරණය කරන්න උදව්වක් කියලයි මට හිතෙන්නේ…මොනා උනත් මේවා ගැන කියලා දෙන්න අයම මථවාද හින්දා සිවුරු කරට අරං කෙල ගන්න යෑමේ වැ‍රැද්ද මං නොපිලිගන්නා හැසීරීමක්…මථවාද වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තිය දිට්ඨි උපාදානයේ පහත්ම තත්වයක්

    තුන්වෙනි උපාදානය වෙන්නේ ”සීලබ්බත උපාදානය’…මේ කියන්නේ අපේ විවිධාකාර පුරුදු වලට, ශීලයන්ට තියෙන කැමැත්ත…උදාහරනක් විදිහට ආතල් එකටත් වඩා පුරුද්දට අපි කරන සමහර වැඩ ගැන මෙතැනදී කථා කරනවා…

    හතර වෙනි උපාදානය නම් ‘ ආත්මය’ ගැන අපි තුල තියෙන උපාදානයි…මේක නම් එච්චර සරල නැති නිසා මම මෙතැන කථා කරන්නේ නැති උනත් වර්තමානයේ වාස්තවික යතාර්තය, නිරීක්ශකයා හා නිරීක්ශනයණය අතර සම්භ්න්ධතාවය ආදිය ගැන බුද්දදර්ශනයේ කියැවීම මේකෙන් ඉගෙන ගන්න පුලුවන්…ඒ උනත් මටත් තේරෙන විදිහට බුදුහාමුදුරුවන්ගෙන් පස්සෙ නාගර්ජුන හාමුදුරුවන් මේ ඉගැන්වීම වෙනත් මානයකට ගෙනිහිල්ලා කියලත් මට හිතෙනවා….

    කෙසේ උනත් මං උත්සහ කරන්නේ වර්ථමාන ලොකෙයේ පරිසර ප්‍රශ්ණ මෙන්ම විවිධ දෘෂ්ඨිවාද වෙනුවෙන් කෙරෙන ලේ හැලීම් වලටත් බුද්ධ දර්ශනයේ එන උපාදාන පිලිබද අධ්‍යනයත් එවා අත හැරීම පිලිබද ක්‍රම වේදත් නිසි උත්තරයක් කියන එක පෙන්වලා දෙන්නයි… ඒ සදහා මම සාකච්චාවට සංවාදයට කැමති නමුත්, ප්‍රචන්ඩත්වය, අධික තණ්හාව ක්‍රේනද්‍රකරගත් ක්‍රියාමාර්ග වලට කැමති නැති බවත් කියන්න ඕනා…

    ඉතින් කවුරු හරි කියනවනම් අවුරුදු 2500 ට කලින් ජීවත් වෙච්ච ගෞතමයන් උත්තර දීලා තියෙන්නේ ඒ කාලේ ප්‍රශ්න කීපයකට කියලා ඒකට මට එකඟ වෙන්න බැරි මේ නිසයි…

    කොටින්ම බාහීර ලෝකය කොච්චර දියුණු උනත් මිනිස්සුන්ගේ තිබ්බ ආශාවන්, අධික පරිබෝජනය පිලිබද තිබ්බ කැමැත්තවල්, කෝලාහාල වලට තියෙන නැඹුරුතාවයන් අදත් ඒ විදිහටම තියෙනවා….ක්‍රමේ වෙනස් උනත්, තාලේ වෙනස් උනත් මිනිස්සුන්ගේ හිතන පතන විදි වෙනස් වෙලා තියෙන්නේ බොහොම සුලුවෙන්..ගෞතම බුදුන් ආමන්ත්‍රණය කරන්නේ මේ හිතන පතන ක්‍රමයටයි…ඒකයි ඒතුමාගේ උත්තර අදටත් වලංගු නිවැරදි උත්තර කියලා මට හිතෙන්නේ……

    Like

    • මයියාගේ දීර්ඝ පිලිතුරු ගැන ස්තූතියි. බෞද්ධ දර්ශනය ගැන මගේ තියෙන්නෙ පහන් හැඟිමක් බව කියන්නට කැමතියි. හැබැයි මයියාත් ඉඟි කර ඇති ආකාරයට; ලංකාව ඇතුලු නොයෙකුත් ආසියාතික රටවල ආයතනගත වෙලා තියෙන බුද්ධාගම වටා එකතුවෙන බොහෝ පිරිස් ඔය දැන් මයියා කියපු එක පුරුද්දක් වත් ජීවිතයට ඇතුලත් කරගන්නෙ නෑ. වර්තමාන ආයතනගත බුද්ධාගම යනු වෙලඳපොල තුල ඇති වෙනත් ආගම් හා තරඟයක යෙදෙන සාමාන්‍ය ආගමක් පමනයි. එබැවින් සාමාන්‍ය ආගමක ඇති හොඳ මෙන්ම අයහපත් ලක්ෂනත් එහි තියෙනවා. වත්මත් ලෝකය තුල ආයතනගත ආගමකින් වෙන හොඳට වඩා නරක වැඩියි. ඒ හින්දා අපිට “බුද්ධාගම” විශේෂ තැනක ලා සලකන්න බැහැ.

      බෞද්ධ දර්ශනය ගැන මයියාගේ කියවීමට මම සම්පූර්නයෙන් නොවුනත් බොහෝ දුරට එකඟයි. නමුත් එහෙම එකඟ උනා කියල මගේ ස්ථාවරයේ අමුතු වෙනසක නොවෙන්නෙ මේකයි. මයියාගේ බෞද්ධ දර්ශනය ගැන කියැවීම උනත් ආයතනගත බුද්ධාගම විසින් පාවිච්චි කරන්නෙ තවත් එක “මාකටින්” ලයින් එකක් විදිහට විතරයි. අර සමහර පාරිබෝගික භාන්ඩ තියෙනවානේ ඇඩ් එක අම්බ සිරා (මොකද ඇඩ් එක හදන්නෙ වෙනම කට්ටියක් ) නමුත් බඩුව ඇත්තටම හදන්නෙ වෙන කට්ටියක්. ඒ හින්දා ඇඩ් එක විතරක් බලලා බඩු ගත්තොත් බඩුම තමා.

      අධි පරිභොජන වාදය ලෝකයේ දැනට තියෙන පරිසර ප්‍රශ්න අතුරින් ප්‍රධානම එක බවට මම සම්පූර්නයෙන්ම එකඟයි.

      ජීවන දර්ශනයක්, දිවි පෙවෙතක් විදිහට බෞද්ධ දර්ශනය වගේම තවත් නොයෙකුත් යහපත් සංකල්ප අනුගමනය කරන්න පුලුවන් නම් ඒක ලෝකයට ඉතාම හිතකරයි. ඒ ගැන විවාදයක් නෑ. ඒ වගේ බෞද්ධ දර්ශනයට වඩා සරල මතවාද හරහා උනත් මිනිසුන්ගේ අධි පරිබෝජනවාදී ජීවන රටාවල් වෙනස් කරන්න පුලුවන්. බටහිර ලෝකයේ මේ වගේ සමපත් පරිබෝජන කිරීමේ රටාවල් වෙනස් කරගේන ඉතාම අල්පේච්ඡ ජීවිත ගතකරන “lifestyle groups” ඉන්න බව (බුදු දහමට කිසිම සම්බන්දයක් නැති ) මයියා දැනටමත් දන්නවා ඇති. අන්තර්ජාලයෙ පොඩ්ඩක් සොයා බැලුවොත් මේ වගේ කන්ඩායම් විශාල ප්‍රමානයක් ගැන තොරතුරු හොයාගන්න පුලුවන්. බළලා මැටියෙන් උනත් මොකද මීයෝ අල්ලනවා නම්?

      Like

    • N says:

      ඔබගේ අවසාන පිළිතුරෙන් ඔබේ අදහස් වඩාත් පැහැදිලි විය – එයට ස්තුති. අප තිදෙනාගේ මත අතර නොඑකෙඟතාවයට වඩා, මෙතෙක් වුනු මෙම සාකච්චාවේ මුලිකම දෝෂය ලෙස මට හැගෙන්නේ මාතෘකාවේ මායිම් අපි පැහැදිලිව ස්ථාපනය නොකිරීමයි. එම නිසා පළමුව එම අඩුපාඩුව ආමන්ත්‍රණය කිරීමට උත්සහ කරමි. ඉන්පසුව ඔබේ අදහස් සාකච්චා කිරීමට බලාපොරුත්තු වෙමි.

      රිටිගල ජයසේනගේ මුලිකම අදහස වුයේ බොදු බල සේනාව නමැති හිස් කලගෙඩි සමුහය “පුලුවන්තරම් ළමයි හදපල්ලා” යැයි කල ගෝරනාඩුව, මෝඩ කමේ මුදුන්පෙත්ත තරණය කිරීමට දරන උත්සහයක් පමණක්ම වන බවය. එම නිසා, මෙම අදහසට ඔබ එකඟ වන්නේද, නොවන්නේද යන්න පළමුව දන ගැනීමට කැමැත්තෙමි. මෙතෙක් දිගින් දිගටම මා කරුණු දෙක්වුයේ මෙම මාතෘකාව සම්බන්දයෙනි – එනම් ජන ගහන වර්දනය, ස්වබාවික සම්පත් වලට දැඩි පීඩනයක් එල්ල කරන හෙයින් එයින්ද ඔබ පෙන්වූ කාන්තාරකරන, කාබන් විමෝචනය වැඩි වීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, ‘ඇති අය’ හා ‘නැති අය’ අතර පරතරය වැඩීමී වැනි සියලු දේ කෙලින්ම හෝ වක්‍රව සිදු වන බවයි. එම නිසා උපත් පාලනය මේ සම්බන්දයෙන් ගත යුතු අනිවාර්ය පියවරක් බව අප තිදෙනාම එකඟ වෙනු ඇතැයි මා සිතමි.

      ඔබ කතා කරනුයේ මීට අමතර සාදකයක් ගැනය – එනම් ආදී පාරිබෝගික වාදය නිසා වන සම්පත් පරිහානිය පිළිබඳවයි. එම මුලික අදහස සමඟ එකඟ වෙමි.

      ඔබ දක්වූ අදහස් වලින් කැපී පෙනුණු එක අදහසක් වන්නේ “අනිත් අතින් දර දඬු නීතී මගින් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙම සංවර්ධිත ලිබරල්වාදී සාමාජයන් උඩු යටි කුරු කිරීමක්….එවන් දේකට යෑම එක අතකින් එම සමාජයන් ගොඩා නංවා ඇති පුද්ගල නිදහස් පිලිබද සංකල්ප නැවත ආපසු හැරවීමක්…” යන්නය. එය වැදගත් කාරණාවක් බව මට හැඟේ. හැබැයි, පුද්ගල නිදහස් පිලිබද සංකල්පය මිනිසුන් තුල අවශ්‍යතාව (necessity) තුලින් ස්ථාපනය කල ආකාරයටම, පරිසරය සුරක්ෂිත කිරීම ගැන සංකල්පද එලෙසම ස්ථාපනය කල හැකි බව මගේ හැඟීමයි. ඊට අමතරව, පුද්ගල නිදහස යනු ආත්මාර්ථකාමී බව නොවන බවත් බොහෝ මිනිසුන් දන්නා දෙයකි.

      මේ කිසි දෙයක් කිරීමට විශේෂයෙන්ම අපහසු වනුයේ අදික දනවාදයක ඇලී ගැලී සිටින, අමුතුම ගෝත්‍රික බවක්ද ප්‍රදර්ශනය කරන America වෙහිය. Kyoto protocol එක පවා අත්සන් නොතැබූ එකම වැදගත් දියුණු රට වනුයේ අමෙරිකාවයි. එම නිසා ඔබ කියු බොහෝ කරුණු වඩාත්ම අදාළ වන්නේ එම රටට බව මට හැඟේ.

      කෙසේ වෙතත්, ඔබ මේ සියල්ලට විසඳුමක් ලෙස පෙන්වන්නේ බෞද්ධ දර්ශනයයි. රිටිගල ජයසේන කිවූ පරිදි, බෞද්ධ දර්ශනයත්, වෙනත් දර්ශනත් සුදුසු ලෙස බාවිතා කර ප්‍රශ්නය විසදීමට උත්සහ කිරීම පිළිබඳව මගේද වීරෝදයක් නැත. බෞද්ධ දර්ශනය පමණක් මෙයට විසදුම යයි කියන්නේනම් පමණක් (ඔබ එසේ නොකියූ බව පිලිගනිමි) එයට විරුද්ද වෙමි. තවද, බෞද්ධ දර්ශනය තුල බලාහත්කාරකමක් නැති බව පිළිගත හැක. ඇදහීමක් නැතිබව පිලි නොගනිමි.

      Like

    • Dimithri says:

      මයියා,

      මේ ලිපියේ මූලික තේමාවට අදාල නොවුනත් මම කැමතියි ඔබගෙන් යම් පැහැදිලි කර ගැනීමකට..

      ඔබ කියනවා //හතර වෙනි උපාදානය නම් ‘ ආත්මය’ ගැන අපි තුල තියෙන උපාදානයි//

      මා දන්නා තරමට බෞද්ධ ඉගැන්වීම ‘අනාත්මයි’. ඔබ ආත්මයක් ගැන සඳහන් කරනවා. මෙම නොගැලපීම පැහැදිලි කල හැකිද? ඔබ අදහස් කලේ ‘භවය’ යන්න බව ඔබේ පිලිතුර වීමට හොඳටම ඉඩ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී [බෞද්ධ භික්ශූන් පවා] නම්, ‘භවය’ සහ ‘ආත්මය’ එතරම් තැකීමක් නැතිව භාවිතා කරනවා. මෙම ‘අනාත්මවාදය’ ගැන කිසිවෙක් (ඔබද ඇතුලුව!) සීරියස් නැත්තේ ඇයි? එය එතරම් පැහැදිලි නැති සංකල්පයක්ද? නැත්නම් එතරම් වැදගත් නොවන සංකල්පයක්ද? මා දන්නා තරමින් ‘භවය’ සහ ‘ආත්මය’ කිසිසේත්ම ඉන්ටර්චේන්ජ් කල නොහැකි සංකල්ප දෙකක්. බෞද්ධ දර්ශනය හින්දු දර්ශනයෙන් මූලිකව වෙන් වන තැනත් එතැනයි.

      ඇත්තටම බෞද්ධ දර්ශනයේ ‘භවය’ සහ ‘ආත්මය’ අතර ඇති වෙනස කුමක්ද?

      විශ්වාස කරන්න.. අපිට එදිනෙදා හමුවන බෞද්ධයන් වැඩිදෙනෙක් බෞද්ධ දර්ශනය තුල ආත්මය කියන සංකල්පය නැහැ කියන විට පුදුම වනවා සහ ඇතැම් විට විශ්වාස කරන්නේද නැහැ! එනිසා මට මෙම ප්‍රශ්නයට උත්තරයක් කිසිවෙකුගෙන් ලැබී නැහැ… ඔවුන් දන්නා ගැඹුරුම ධර්ම සංකල්පය ‘දිට්ඨධම්ම වේදනීය කර්මය’ පමනයි!

      ඔබ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමානික දැනුමක් ඇත්තෙකු ලෙස හා සංවාදශීලී කෙනෙකු ලෙසත් පෙනී ගිය හෙයින් ඔබෙන් මේ ගැන පිලිතුරක් ලැබෙතැයි අපේක්ශා කරනවා. මා උපතින් බෞද්ධයෙක් බව සහ බුදු දහම ගැන යම් දැනීමක් ඇතැයි කීම ඔබ දෙන පිලිතුරේ ගැඹුර තීරනය කිරීමට ඔබට උදව් වනු ඇතැයි සිතනවා.

      මෙයට පිලිතුරු දිය යුතු ස්ථානය මම බ්ලොගය නොවේ යැයි ඔබ හෝ මෙහි පාලකයන් සිතනවා නම්, “ඔබගේ ලෝකය” අවකාශයේ ඔබගේ පැහැදිලි කිරීම කරනු ඇතැයි සිතනවා.

      ස්තුතියි..

      Like

      • Mayya says:

        නිරාගමිකත්වය ප්‍රමෝට් කරන ස්ථානයක , මාතෘකාවට අදාල නොවන පරිදි, බුද්ධාගමට අදාල බුද්ධදර්ශනය සාකච්චා කිරීම , සදාචාරාත්මක නොවන යයි මට සිතෙන නිසා මේයට පිලිතුරක් මා මගේ බ්ලොගයේ දමමි..

        කෙසේ උවත් ආත්මය පිලිබද උපාදානය අතහැරීම අනාත්ම අවබෝධය වේ…

        මේ ගැන කිසියම් අවබෝදයක් මගේ පහත ලිපි වලින් ලද හැක…

        1.)මහායානෙද?..ථේරවාදේද……නැත්නම් මොකුත්ම නැද්ද?

        2.) මහායානයද? ථේරවාදයද?………..දෙවෙනි ලිපිය

        Like

        • Dimithri says:

          ස්තුතියි මයියා

          ඔබේ කැමැත්තක්ම වේවා! ඔබගේ බ්ලොගයෙහි පලවන පිලිතුර ගැන උනන්දුවෙන් සිටිමි!

          Like

      • moda katha nokiya idapan

        Atheism යන්නෙහි තේරුම අදේවවාදය මිසක , නිරාගමික බව නොවේ .
        මෙවන් සාවද්‍ය විකුර්ති කිරීම් කිරීමට පෙර atheism ඉගෙන ගන්න

        Like

  11. “@ N

    සංවාදය පවත්වා ගැනීම ගැනට් ස්තූතියි…

    මං හිතන්නේ ඔයාගේ ප්‍රශ්ණ වලට මම කලින් අදහස් දක්වලා තියෙනවයි කියලා…

    1) ///බොදු බල සේනාව නමැති හිස් කලගෙඩි සමුහය “පුලුවන්තරම් ළමයි හදපල්ලා” යැයි කල ගෝරනාඩුව, මෝඩ කමේ මුදුන්පෙත්ත තරණය කිරීමට දරන උත්සහයක් පමණක්ම වන බවය. එම නිසා, මෙම අදහසට ඔබ එකඟ වන්නේද, නොවන්නේද යන්න පළමුව දන ගැනීමට කැමැත්තෙමි. ///

    මේ සම්භන්දයෙන් මගේ අදහස /// පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු….පිණ නැන බලෙන් යුතු පුතුමය ඉතා ගරු// කියලා මගේ පලමු කමෙන්ට් එකේ තියෙනවා

    2.) ///එනම් ජන ගහන වර්දනය, ස්වබාවික සම්පත් වලට දැඩි පීඩනයක් එල්ල කරන හෙයින් එයින්ද ඔබ පෙන්වූ කාන්තාරකරන, කාබන් විමෝචනය වැඩි වීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, ‘ඇති අය’ හා ‘නැති අය’ අතර පරතරය වැඩීමී වැනි සියලු දේ කෙලින්ම හෝ වක්‍රව සිදු වන බවයි.///

    මේ සම්භන්ධයෙන් මගේ අදහස තුන්වෙනි ලෝකයේ රටවල ජනගහන වර්ධනය නිසා සිදුවන බලපෑම ‘නිදහස් වෙලදපොල මගින්’ කුශන් කරන බවයි. මේ බව මගේ තුන්වෙනි කමෙන්ට් එකේ තියෙනවා

    උදාහරනයක් ලෙස ඉස්සර 5-6 හිටපු සිංහල පුව්ල් වල දැන් එහෙම නැත්තේ ඒ පවුල් වල්ට තියෙන ආර්ථික අමාරු කම් නිසා කියා මා විශ්වාස් අකරනවා….

    /// ජනගහන වර්ධනය හා ස්භාවික සම්පත් කෙරෙහි ඇති ඉල්ලුම සම්භන්දයෙන් මගේ විග්‍රහය, පූර්ණ නිදහස් වෙළදපල අර්ථිකයක් විශ්වාසකරන්නෙකුගේ චිත්‍රයට සමගාමිය. ඒ කෙසේද යත්, ජනගහන වර්ධනය හා අදායමේ වර්ධනය, ස්භාවික සම්පත් මත දැඩි ඉල්ලුමක් ඇතිකරනවා මෙන්ම, අපේක්ශිත හිගතාවයන් නිසා එම සම්පත්වල මිලෙහි ඉහලයාමක් ද සිදු වීමට නියමිතය. මිලෙහි සිදුවන වැඩීවීමත් සමගම ලාභය අපේක්ශා කරන ව්‍යවසායකයයේ ආගමනය වැඩි වනාවා මෙන්ම එම නව ව්‍යවසායකය ලාභය අපේක්ශාවෙන් නව විඩි හා ක්‍රම සොයා ගනු ඇත. දියුණුවෙමින් පවතින අප වැනි රටක මෙම ප්‍රශ්ණ හමුවේ පවතින නෝමේරූ ආයතනගත ක්‍රමයන් බිද වැටීමටද හේතූ විය හැක.මේ සටනේදී පරාජය යනු රාජ්‍ය අරාජිකත්වය වීම අතර ජයග්‍රහණය යනු වඩා ලිබරල් නිදහස් සමාජයක් බිහි වීමය.///

    3) //බෞද්ධ දර්ශනය………. ඇදහීමක් නැතිබව පිලි නොගනිමි.//

    ඇදාහීම කියා ඔබ කියන්නේ චිශ්වාස කිරීම නම්…. මේ සමිභන්දව මගේ ගැටලුවක් නෑ…මා ලියා ඇත්තේ //විහ්වාසයට වාඩා අවබෝධය වැදගත්// බව මිසක් විශ්වාසය අවශ්‍ය නැති බව නොවේ…..

    විශේශයෙන් පටිච්ච සමුප්පාදයේදී විස්තර වන ‘උපාදානය’ නිසා ‘භවය’ ඇති වෙනවයි කියන තැනදී කර්මය/ පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා.

    මා දන්නා ආකාරයට විශ්වාසයෙන් තොර දර්ශනයක් හෝ දැනුම් පද්ධතියක් ලෝකයේ ඇත්තේත් නෑ….

    දිර්ඝ සංවාදයක යෙදීම ගැන සියලු දෙනාට ස්තූතිය පිරිනමන අතර, පෞද්ගතිකත්වය අභිවබා ‘දැනුම’ හා ‘මථය’ ඉදිරිපත් කිරීමට සැවම උතසුක වීම සතුටට කාරණයක්..

    කෙසේ නමුත් මගේ කමෙන්‍ටු වලීන් කිසියම් හිති රිදවීමක් සිදු උනි නම් ඒ සදහා මගේ අවංක කණගා‍ටුව ප්‍රකාශ කිරීමට මම මෙය අවස්තාවක් කර ගන්නවා..

    Like

    • N says:

      @මයියා
      ඔබගේ විස්තර කිරීමට ස්තූතියි. අවසානයේදී ගත් කල, මෙම සාකච්චාවෙන් බොහෝ දුරට එකඟත්වයකට ඒමට හැකි වීම ගැන සතුටුයි. ඔබගේ අවසාන පිළිතුර සමග එකඟ වන නිසා එම එකඟ වන දේවල් ගැන වැඩි වැඩියෙන් විශ්ලේෂණය කිරීමට උත්සහ නොදරමි – මොකද එකඟ වන කාරණා වලින් මහත් අලුත් දැනුමක් අප කිසිවෙකුටත් නොලැබෙන නිසා.

      ඔබ කියූ පහත වගන්තිය:
      “උදාහරනයක් ලෙස ඉස්සර 5-6 හිටපු සිංහල පුව්ල් වල දැන් එහෙම නැත්තේ ඒ පවුල් වල්ට තියෙන ආර්ථික අමාරු කම් නිසා කියා මා විශ්වාස් අකරනවා”
      ඔබ කියනා අදහසට යම් සත්‍යතාවයක් ඇති බව විශ්වාස කරමි (http://www.sciencemag.org/content/319/5864/764). මෙම තත්වය පිටිසර පෙදෙස් වලත් සත්‍යයක්ද බව දැන ගැනීමට කුතුහලයක් ඇත. ලංකාවේ අඩු ළදරු මරණ සංඛ්‍යාව මෙයට කෙතරම් දුරට සාදකයක් වන්නේද යන්නත් ප්‍රශ්නයකි.

      ඔබ කියූ තවත් දෙයක් වනුයේ “මා දන්නා ආකාරයට විශ්වාසයෙන් තොර දර්ශනයක් හෝ දැනුම් පද්ධතියක් ලෝකයේ ඇත්තේත් නෑ”.
      විශ්වාසයට වඩා, දැනුම යන දෙයට සම්බාවිතාවයක් (probabilistic) ඇති බව කීම වඩාත් සුදුසු බව මගේ මතයයි. එම නිසා, සැම අදහසක්ම සමාන සම්බාවිතාවයක් (equiprobable) නොවන බව අපි කවුරුත් පිලි ගන්නෙමු. උදාහරණයක් වශයෙන් සීරි යකා ගැන විශ්වාසය බොහෝ දුරට මවාගත් අදහසක් පමණක් බව කීමට ඔබ නොපැකිලෙනු ඇතැයි සිතමි. වෙනත් වචනයෙන් කිව්වොත්, සම්බාවිතාවය 0ට ආසන්නයි (near certainty). එම නිසා, වැදගත් දෙය වනුයේ විශ්වාස අවිශ්වාස නොව, වඩාත් probable සහ probable නොවන විශ්වාස වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමවේදය බව මගේ මතයයි.

      මාහටත් කාවවත් පුද්ගලිකව ගැරහීමට හෝ විවේචනයකට ලක් කිරෙමේ අදහසක් නැති බවත්, අදහස් පමණක් සංවාදයට ලක් කිරීම ඉල්ලක්කය වුනු බවත් කීමට කැමති අතර, ඉතා ශිෂ්ට සම්පන්න ලෙස වුනු මෙම දීර්ග සංවාදය ගැන සැමෝටම ස්තුතිය පුද කරමි.

      Like

    • මයියා, ‘N’ හා රිටිගල යන තිදෙනාම අන්වර්ථ නම් වලින් පෙනී සිට අදහස් දක්වන්නන්. අන්වර්ථ නම් වලින් පෙනී සිටීම නිසාම, සාමාන්‍ය සමාජයේ පවතින ආචාර්ධර්ම කඩකරමින් කතා කිරීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වුවත් මේ සාකච්ඡාව තරමක් වැරදි අතකට මුලින් ගමන් කලත් පසුව නැවතත් හරවත් සාකච්ඡාවක් බවට පත්වීම හා තමන්ගේ අන්වර්ථ නාමය සැබෑ අනන්‍යතාවයක් ලෙස සලකා කටයුතු කිරීම අගය කල යුතුයි. මෙහිදී ‘මයියා’ හා ‘රිටිගල’ යන නම් දෙකම සයිබර් අවකාශය තුල යම්කිසි අනන්‍යතාවයක් ගොඩ නගා ගත් පුද්ගලයන්. ‘N’ යන අන්වර්ථනාමය මම මීට කලින් දැක නැහැ. කෙසේ වුවත් යන නම මේ සාකච්ඡාවට පමනක් යොදා ගත නමක් නොවන්නේ නම් වඩා හොඳයි. හෙට දිනයේදී ඔබ ‘M’ නමින් පැමින්නේන් නම් ‘මයියා’ හෝ ‘රිටිගල’ මෙන් ආරක්ෂා කිරීමට අනන්‍ය තාවයක් නොමැතිවීම තරමක අඩුපාඩුවක් වෙයි. 🙂 මාගේ පෞද්ගලික අදහස් හා ‘N’ අදහස් ඉතාමත් ලඟින් යන නිසයි එසේ කියන්නට සිතුනේ.

      අදහස් පමනක් ගැටෙන, පුද්ගලයන් නොගැටෙන තැනක් ලෙස මේ නිර්-ආගමික බ්ලොග් අඩවිය ප්‍රචලිත වෙනු ඇතැයි සිතමි.

      Like

      • wijayanatha says:

        බුදුන් වහන්සේ සර්වඥද? එසේත් නැත්නම් උන් වහන්සේ දාර්ශනිකයෙක් පමනක්ද?උන් වහන්සේ අධිමානසිකලාභියෙක් පමනක්ද?

        ඉන්දියානුකෘත වූ සමාජ 28 ක් මීට පෙර විශ්වයේ පැවතියාද?

        දාර්ශනික ලක්ෂණ පරයමින් ආගමික ලක්ෂන ඉස්මතුවූ ජනතාව බිය කරවා රජ සිටුවරු න්ගේ සිත් පහදවන බඩගිනි බුද්ධාගමක් බිහි නොවිනිද?

        සසර සැරිසරණ සිතිවිලි පරම්පරාවල් නිවන් අවබෝධ කරගෙන අහෝසි වී දුකින් මිදේනම් ඒ සිතිවිලි පරම්පරාවල් මුලින්ම ඇති වුනේ කෙසේද?

        සියල්ලෝම නිවන් දුටු විට ජනශූන්‍ය විශ්වයක් බිහි නොවේවිද?

        නිවනට අදාල වුනත් නැතත් මේ දැනුම අවශ්යයි නේද?

        x න්මැත්තා මැරී z වී උපදිනවා කියන්නේ සම්පූර්නයෙන්ම වෙනම කෙනෙකි.ප්‍රතිසන්ධි සිතේ ( හේතුව ) මගින් චුති සිත ( ඵලය ) පහල වේ.එවිට කෙනෙක් ජීවත් වෙන්නේ ඒ සිත අතරතුර පමණි.ඒ අනුව මැරී උපදින්නේ මැරුණැ කෙනා නොව වෙනත් කෙනෙකි.

        මම දකින බුදු දහමේ එන පරම සත්‍ය මෙයයි.සිතිවිලි පරම්පාරව අනන්‍ය ලෙස ගෙන එය ආත්මය යන වචනයට පර්යාය පදහයක් තනාගෙන සරල බුදුදම වචන හරඹයක් කර ගෙන ඇත.

        මේ ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්න ලෙස දුටුවත් බෞද්ධ දර්ශනය ආගමක් බවට අශෝක රජු විසින් පත් කරන විට වෙනත් ආගම් වල කෑලි එකතු කර එය සෑදීය.ඉන් පසු වසර 500 කට පමන පසු ග්‍රන්ථාරූඪ කරන ලදී.මේ කරුණු ගැන සංවාද අවශ්‍යය.තව කලක් යද්දී ශුද්ධ වූ යුද්ධ වැනි සංකල්පද බුදු දහමට රිංගවනු ඇත.

        මේ අඩවිය පවසට පැන් පොදක් මෙනි.මිත්‍යාව වපුරන සමාජයක ක්ෂේමභූමියකි.නමුත් ඇසට නොපෙනෙන බලවේග ඇති බව නම් බැහැර කරන්න බෑ නේද?

        Like

  12. Atheism යන්නෙහි තේරුම අදේවවාදය මිසක , නිරාගමික බව නොවේ .
    මෙවන් සාවද්‍ය විකුර්ති කිරීම් කිරීමට පෙර atheism ඉගෙන ගන්න

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s