බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. වඩා භයානක වන්නේ නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව යහපත් මිනිසුන්ගේ අක්‍රීයත්වයයි යන්න වෙන කිසිඳු තැනකට වඩා මොවුන් සම්බන්ධයෙන් අදාළ වේ. ශ්‍රී ලාංකිකයින්ගෙන්, විශේෂයෙන්ම අන්තර්ජාලයේ ලිපි කියවන්නන්ගෙන්, අති මහත් බහුතරය මඩවර්ධන ශූරීන් විසින් කරන ලද වල්පල් දෙඩවිල්ල අනුමත නොකරන බව මට සහතිකය. පන්දහසකට අධික ශිෂ්‍ය සහ ආදිශිෂ්‍ය සහභාගිත්වයෙන් පාගමන සාර්ථක ලෙස පැවතුණ අතර ඉන් මසක් පමණ යන තුරු කිසිම විවේචනයක් ඒ වෙත එල්ල නොවීය. එහෙත් මඩවර්ධන තුමාගේ ස්ටේටස් එකත් සමග පිදුරු ගොඩට ගිනි ඇවිලෙන්නාක් මෙන් පාගමන්කාරියන් “සමූහ දූෂණය” කිරීමට අවජාතකවාදී හැත්ත බුරුත්ත ඉදිරිපත් විය. මෙයින් පෙනී යන්නේ කුමක්ද?

1. විවේචනය එල්ල වන්නේ පාගමන ගොස් මසකට පමණ පසුවය.
2. මෙම පාගමන ගිය පළමු වතාව මෙය නොවන අතර මඩවර්ධන තුමා ෆේස්බුකියේ රක්ෂාව පටන්ගත්තාට පසු පවා මෙබඳු පාගමන් කොතෙකුත් ගොස් ඇත.

එනයින් පෙනෙන්නේ මඩවර්ධන තුමා තුළ පාගමන කෙරෙහි ඇති විවේචනය වනාහී ඍජු, අවංක එකක් නොවන බවය. එක්කෝ විශාඛාව සමග කලින් නොතිබූ කෝන්තරයක් එකවර මතු වීමෙන්, නැතහොත් වෙනත් මාතෘකා ඔස්සේ සිදුවන මතවාදී කෙළවීම වසා ගන්නට “ඩයිවර්ෂන් ප්ලෑන් එකක්” වශයෙන් මෙම විවේචනය ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිය.

එමෙන්ම, මඩවර්ධන තුමා ඇතුළු ජාතිකවාදී යැයි කියාගන්නා (නමුත් ඇත්තෙන්ම අවස්ථාවාදී, දේශද්‍රෝහී, අවජාතක) නඩයේ සියලු ප්‍රචාරයන්හි එක් පොදු ලක්ෂණයක් ඇත. එනම් පොළව මත ඇත්තෙන්ම නොපවතින, හට නොගැණුනු විරෝධයක්, කලහයක් කෘත්‍රිමව ඇති කිරීමට එම ප්‍රචාර හරහා වෑයම් කිරීමය. ඩැඩීගේ (හෙවත් ගයාන් පෙරේරා මහතාගේ) “ටිකෙන් ටික” ගීතය ආශ්‍රිතව මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර එහිදී එම තත්ත්වය සෑහෙන දුරකට අධ්‍යයනය කිරීමට අපට හැකි විය. 2011 නොවැම්බර් මාසයේ රිලීස් වී අතිශය ජනප්‍රිය වන එම ගීතයට විවේචන එල්ල වන්න්නට ගන්නේ 2012 පෙබවරාරි සිටය. එනම්, මාස හතරකට පසුය. එම විවේචන ආරම්භ වීමට හරියටම පැය කිහිපයකට පෙර සිංහලබුඩිස්ට් අඩවියේ ඒ ගැන ලිපියක් පළවීම (සහ ඉන් පැය විසිහතරක් ඇතුළත මඩවර්ධන ශූරීන්ගේ ප්‍රොෆයිලය, ෆ්‍රොටෙක්ට් බුඩිෂම් පේජය සහ සොරි.කොම් පේජය යන සියල්ලෙහි එකම කොපි පේස්ට් දැන්වීම පළ වීම) කිසිසේත්ම අහම්බයෙන්, ස්වභාවිකව සිදු වූවක් නොවේ. එහෙත් එම ප්‍රචාර වලට වහ වැටුණු ජහමනයා නම්, මෙදා විශාඛාවන් දූෂණය කිරීමට මෙන් එදා ඩැඩීගේ නෑ සනුහරේම දූෂණය කිරීමට ඉදිරිපත් වූයේ හරියට එම විරෝධය තමන්ගේ බොක්ක අභ්‍යන්තරයෙන් පැන නැංග එකක් මෙනි.

මේ සිදු වන්නේ කුමක් ද? වෙන කිසිවක් නොව සමාජයේ කැළඹීම් ඇති කරමින් සැබෑ ප්‍රශ්න වසන් කිරීමට (සහ එමගින් පාලකයින්ගේ හිතසුව සැලසීමට) ගෙන යනු ලබන සංවිධානාත්මක නිර්ලජ්ජිත, පාපතර උත්සාහයකි. බොංග මඩවර්ධන (යයි පෙනී සිටිනා අහවල් බොගවර්ධන) ඇතුළු මෙම “පෙරගමන්කරුවන්” හට මේ සඳහා හොඳින් ගෙවනු ලබන බවට කිසිම සැකයක් නැත. එමෙන්ම ඔවුන්ගේ මතවාදී බංකොලොත් බව පසෙක තිබියදී (මොන මතවාදද? උන් කියන ලබ්බවල් එකක්වත් උන්ගෙ මතවාදයැ?) නූතන මනෝවිද්‍යාත්මක උපක්‍රම ආදියෙන් ඔවුන්ගේ කිසිම අඩුවක් නොමැති බව නම් පෙනෙයි. ඒ ධර්මපාල මහතාගේ පටන් ජේ.ආර්.පී සූරියප්පෙරුම දක්වා වූ තමන්ගේම කියා මතයක් නැතිකමින් පෙළුණු, එනයින්ම “සිංහලබෞද්ධ ජාතිකත්වය” නම් ව්‍යාජ මතවාදයට පණ පෙවූ ඊනියා දේශීය උගතුන්ගේ පිහිටෙන් මඩවර්ධනලාගේ වල් පැලෑටි රෝපණය කිරීමට සරු කෙතක් රට තුළ පැන නැගී ඇත. සිංහලබෞද්ධ ජාතිකත්වය නම් බොරුව හරහා සිංහලයින්ගේ නැසී යන (නැසී යා යුතු) ගෝත්‍රික අනන්‍යතාව කෙළින් කර නැගිටුවා ඇත. එම ගෝත්‍රික සාමූහිකත්වය මඩවර්ධනලාගේ පච ප්‍රචාර වලට රිසි තෝතැන්නක් වී තිබේ.

මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දිය හැකි හොඳම පිළිතුර නම් මුන් ගැන හොඳින් දැනුවත් වීමය. නිදසුනක් ලෙස, බොගවර්ධන ශූරීන්ගේ ව්‍යාජ චරිතයට පණ පොවන ධනකාමී කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම්, ඔවුන් සිටිනා තැන්, ඔවුන් නිදියන ගැහැණු අතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විට අප හට ලැබෙමින් පවතියි. ඒ පිළිබඳ නීතිමය සහ වෙනත් ප්‍රායෝගික පියවරයන් ගැනීම රට දැය හිතකාමී අවංක මිනිසුන්ගේ යුතුකමක් වෙයි. එලෙසම මොවුන්ගේ පච ප්‍රචාරයන් සහ එම ප්‍රචාර සඳහා උන් යොදා ගන්නා උපක්‍රම පිළිබඳ ජහමනයා දැනුවත් විය යුතුය. මොවුන් රටට, ජාතියට (හෝ ඔවුන් කියනා පරිදි සිංහලබුද්ධාගමට) ආදරේ පිරිසක් නොවන බවද තමන් හට මුදල් ගෙවන්නන්ගේ අභිප්‍රාය පමණක් ඉටු කරන බවද තේරුම් ගත යුතුය.

කෙසේ වුවද, නූගත්, මෝඩ සම හරක් දෙනාද විප්ලවකාරී කොල්ලො කුරුට්ටන් සහ කෙල්ලො කිරිට්ටියන් සමූහයක්ද මෙම පචයන් වටා එක්වීම වැළැක්වීම අපහසුය. දෙමාපියන් එදා වේල ගැට ගසමින් හම්බ කර දෙන තුට්ටු දෙකෙන් යුනිටි ප්ලාසාහි මුස්ලිම් කඩ වලට ගොස් ලැප් ටොප් එකක්ද මුස්ලිමුන්ට අයිති මැලේසියානු ආසියාටා සමාගමෙන් ඩයලොග් ඩොන්ගල් එකක්ද මිලට ගෙන ෆේස්බුක් ලොග් වී, අර පචයින්ගේ පච වලට වහ වැටී ඒවා ශෙයාර් කරමින් කාලයත් ශ්‍රමයත් කා දමන යොවුන් සහ තරුණ කාලකන්නින් පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කරවිය යුතුය.

ලිව්වේ – බුද්ධික තාඹුගල

Advertisements
This entry was posted in කාලීන, සදාචාරය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s