නිව්ටෝනියානු න්‍යායන් ඉගෙනීමේ වැදගත්කම

ඇල්බට් අයින්ස්ටයින් විසින් 1905 වර්ෂය තුළ විශේෂ සාපේක්ෂතා න්‍යායද 1915 වර්ෂය තුළ සාධාරණ සාපේක්ෂතා න්‍යායද ඉදිරිපත් කරන තෙක් චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද විද්‍යාවේ ස්ථාපිතව තිබුණේ නිව්ටෝනියානු න්‍යායන්ය. අයින්ස්ටයින් ඉදිරිපත් කෙරූ න්‍යායන් මගින් නිව්ටෝනියානු න්‍යායන් අවලංගු වනවා යැයිද එම නිසා නිව්ටෝනියානු න්‍යායන් වනාහී “පට්ටපල් බොරු” යැයිද ඇතැමුන් විසින් තර්ක කරනු දැකිය හැකිය. එසේවුවද, අයින්ස්ටයින් පවා නිව්ටෝනියානු න්‍යායන් ඉවත් නොකර භාවිතයේ තබා ගත යුතු බව ප්‍රකාශ කෙරූ බව අයින්ස්ටයින්ගේ ජීවිත කතාව අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ.

නිව්ටෝනියානු න්‍යායන් ව්‍යුත්පන්න කරනු ලැබ ඇත්තේ පෘථිවි පෘෂ්ඨය ආශ්‍රිතව සහ ආලෝකයේ ප්‍රවේගයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රවේගයන් යටතේ කරනු ලැබූ නිරීක්ෂණයන් ආශ්‍රය කොටගෙනය. පෘථිවිය යනු සූර්යයා වැනි විශාල තාරකා වලට සාපේක්ෂව ඉතා අඩු ස්කන්දයකින් යුත් වස්තුවකි. එබැවින්, සූර්යයා වැනි විශාල ස්කන්දයකින් යුත් වස්තුවක් විෂයෙහි ව්‍යවහාර කරනු ලබන ගණිතමය ආකෘතීන් පෘථිවිය විෂයෙහි ව්‍යවහාර කිරීම ප්‍රායෝගික වශයෙන් අනවශ්‍යය.

අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ න්‍යායන්ගේ අඩංගු ගණිතමය ආකෘතීන් අපට අවශ්‍ය වනුයේ එක්කෝ අප ජීවත්වන්නේ සූර්යයා මෙන් අධික ස්කන්දයක් සහිත අභ්‍යවකාශ වස්තුවක් ආශ්‍රය කොටගෙන නම්ය; එසේත් නැතිනම්, අප සිටින්නේ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් චලනය වන වස්තුවක නම්ය. නමුත්, පෘථිවිය වනාහී සාපේක්ෂ වශයෙන් අඩු ස්කන්දයකින් යුත් සහ ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතාම අඩු වේගයකින් භ්‍රමණය සහ පරිභ්‍රමණය වන වස්තුවක් බැවින් එදිනෙදා ජීවිතයේ කටයුතු සදහා නිව්ටෝනියානු න්‍යායන් හරහා කරනු ලබන සන්නිකර්ෂණ අපට හොදටම ප්‍රමාණවත්ය.

උදාහරණයක් ලෙස, ගම්‍යතාවය සළකමු. නිව්ටෝනියානු න්‍යායන්ට අනුව චලනය වන වස්තුවක ගම්‍යතාවය සමාන වනුයේ එම වස්තුවේ ස්කන්දයේත් ප්‍රවේගයේත් ගුණිතයටයි. අයින්ස්ටයිනියානු න්‍යායන්ට අනුව ගතහොත්, වස්තුවක සාපේක්ෂතාශ්‍රිත ගම්‍යතාවය එම වස්තුවේ නිව්ටෝනියානු ගම්‍යතාවය මෙන් 1/√(1-v2/c2) ගුණයක්ය. එනම්, චලනය වන වස්තුවක සාපේක්ෂතාශ්‍රිත ගම්‍යතාවය ලබාදෙන ගණිතමය ආකෘතිය වනුයේ p=mv/√(1-v2/c2) යන්න ය. දැන් පැහැදිලි කළ ගත යුතු දෙය වනුයේ යම් වස්තුවක් චලනය වන්නේ ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතා අඩු වේගයකින් නම් එම වස්තුවේ ගම්‍යතාවය සදහා වන නිව්ටෝනියානු සහ සාපේක්ෂතාශ්‍රිත අනුවාදයන් බොහෝදුරට සමාන වන බවය. සැකවින් කිවතොත්, ඒවා අතර වෙනස නොසැළකිය හැකි තරම් කුඩාය. අපට ඒ බව පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වේ.

dsdsdsdsdrfrtrt

නිදසුනක් ලෙස, තත්පරයට මීටර් සියයක ප්‍රවේගයකින් චලනය වන කිලෝග්‍රෑම් 1000කින් යුත් මෝටර් රථයක් සළකමු. මෙහි ගම්‍යතාවයේ නිව්ටෝනියානු අනුවාදය වනුයේ 100000kgms-1 යන්නයි. එමෙන්ම, මෙම මෝටර් රථයේ ගම්‍යතාවයේ සාපේක්ෂතාශ්‍රිත අනුවාදය වනුයේ 100000.0056kgms-1 යන්නයි. මින් පෙනීයන කාරණය නම්, ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතා අඩු වේගයන් යටතේ නිව්ටෝනියානු න්‍යායන් හරහා ලබාදෙන සන්නිකර්ෂණයන් රළු වුවද ඉතා විශ්වසනීය ඒවා බවයි. නිව්ටෝනියානු න්‍යායන්ගේ අඩංගු ගණිතමය ආකෘතීන් හරහා කරනු ලබන සන්නිකර්ෂණයන්ගේ විශ්වසනීයභාවය අඩුවන්නේ ආලෝකයේ ප්‍රවේගයට ඉතා කිට්ටු ප්‍රවේගයන් යටතේය.

අපට නිව්ටෝනියානු භෞතික විද්‍යාව ඉරිදා පොලේ ඇති තරාදියකට උපමා කර දැක්විය හැකිය. ඉරිදා පොලේ ඇති තරාදියෙන් වම්බටු, වැටකොලු, පතෝල ආදියේ ස්කන්දය පිළිබද ඉතා රළු සන්නිකර්ෂණයක් ලබාදේ. සැකවින් කිවතොත්, ග්‍රෑම් වලින් දශමස්ථාන බිංදුවකට, එනම් එකස්ථානය දක්වා, සියුම් වූ අගයක් ඉරිදා පොලේ තරාදිය මගින් අපට ලබාගත හැකිය. අප විසින් වම්බටු ග්‍රෑම් දෙසිය පනහක් ඉරිදා පොලෙන් මිලදී ගන්නේ නම් අපට ලැබුනුයේ වම්බටු ග්‍රෑම් 250.0000ක්ද නැතහොත් ග්‍රෑම් 250.0045ක්ද යන්න පිළිබදව අප ළතැවෙන්නේ නැත. මන්දයත්, දශමස්ථාන හතරක් දක්වා සියුම් මිම්මක් අප එහිදී බලාපොරොත්තු නොවන බැවිනි. නිව්ටෝනියානු න්‍යායන් මගින් ද කරනුයේ ස්වභාවික පරිසරය රළු ලෙස සන්නිකර්ෂණය කිරීමය. නිව්ටෝනියානු න්‍යායන් හරහා කරන රළු සන්නිකර්ෂණයන් අපට පාලම් සෑදීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි කාර්යයන් සදහා ප්‍රමාණවත් වේ.

නිව්ටෝනියානු න්‍යායන් ඇත්තේ වැඩ ගැනීමට විනා සත්‍ය ඇති සැටියෙන් දැනගැනීමට නොවේ. ඉංජිනේරුවන් විසින් ගොඩනැගිලි සහ පාලම් සෑදීමේදී සැමවිටම අවධානය යොමුකරනුයේ නිව්ටෝනියානු න්‍යායන් හරහා කරන සන්නිකර්ෂණයන් වෙතය. අපට වම්බටු ග්‍රෑම් දෙසිය පනහක් මැන ගැනීම උදෙසා දශමස්ථාන හතරක සියුම්භාවයෙන් යුක්ත analytical balance එකක් භාවිත කිරීම අනවශ්‍ය ය. ඒ සදහා සාමාන්‍ය තරාදියක් හොදටම ප්‍රමාණවත්ය. එලෙසම, අපට පාලම් සෑදීම, විසිකරන ලද බෝලයක් පතිතවන ස්ථානය නිර්ණය කිරීම, තුවක්කු උණ්ඩයක් චලනය වන වේගය ගණනය කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි එදිනෙදා ජීවිතයේ සුළභව කිරීමට සිදුවන දේ සදහා අයින්ස්ටයිනියානු න්‍යායන් හරහා කරන සන්නිකර්ෂණ අනවශ්‍යය. නිව්ටෝනියානු න්‍යායන්ගේ සන්නිකර්ෂණ ඊට හොදටම ප්‍රමාණවත්ය.

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

56 Responses to නිව්ටෝනියානු න්‍යායන් ඉගෙනීමේ වැදගත්කම

  1. And to think people question its validity even when you see all those bridges and vehicles that were built based on Newtonian principles!

    Like

  2. Ra says:

    යුක්ලීඩ්ගේ ජ්‍යාමිතිය ගැනත් ඔයවගේම කතාවක් කියනවා.

    Like

  3. මෙහිදී කිව යුතුව තිබූ තව වාක්‍යයක් නම්. නිව්ටන්ගේ නියාම පමනක් නොව අයින්ස්ටයින්ගේ නියාමයන්ද අපට අවශ්‍ය වනුවෙ “සත්‍යය දැනගැනීම”, “යථාර්තය තේරුම් ගැනීම” වැනි දාර්ශනික කටයුත්තකට නොව. එදිනෙදා ජීවිතයේ වැඩ ගැනීමට බවය. තවද සමාන්‍ය සාපේක්ෂතාවාදය ඔස්සේද කරන්නෙ සන්නිකර්ෂනයක් බවය. අනවශ්‍ය දාර්ශනික උගුල් වල වැටීම වැලක්වීමට නම් නිරපේක්ෂ ‘යථාර්තය’ හෝ නිරපේක්ෂ ‘සත්‍යය’ වැනි para-normal, supernatural සංකල්ප විද්‍යාවෙ ආඛ්‍යානයෙන් ඉවත් වියයුතු ය. විද්‍යාවෙ ප්‍රයෝජ්‍ය අගය අමතක කරමින්, එහි නියාමයන් ගොඩ නැගෙන සංකල්ප වල ඊනියා “වාස්තවිකත්වයක්” ගැන ප්‍රශ්න කිරීම වත්මන් ලාංකීය විද්‍යාත්මක කතිකාව “අල” කිරීමෙ මෙහෙයුමක යෙදෙන විද්‍යා-විරෝධීන් ගෙ ප්‍රියතම උපක්‍රමයයි.

    Like

  4. nuwarasira says:

    මෙතැන්දී විද්‍යාව යනු කිසියම් පරමසත්‍යයක් ඇතැයි කියා ප්‍රකාශකරන්නේය කියා සමහරුන් විසින්ම පවසා පසුව ඔවුන් විසින්ම විද්‍යාවෙන් පෙන්විය හැකි පරම සත්‍යයක් නැතැයි කියාද චෝදනා කෙරෙන බවද පෙන්වා දිය යුතුය.

    විද්‍යාවට දායක වූ පුද්ගලයින්,ජාතීන්, සංස්කෘතීන් තිබෙන මුත් විද්‍යාවට උරුමක්කාරයෝ නැත. එමෙන්ම ආගම්වල මෙන් යලිකිසිදා වෙනස් නොකලහැකි සේ ලියා ඇති ප්‍රවාද නැත. මේ නිසා විද්‍යාවෙන් පරම සත්‍යයක් කරා ගමන් කරන්නේය, එයට ලඟාවෙන්නේය යන කතාව පුද්ගලික හෝ කන්ඩායම් මට්ටමකින් මිස සමස්ථ මට්ටමකින් කිව නොහැක. එසේ තිබියදී විද්‍යාව එසේ කියයි කියා කීම ගැන නම් මට දැක්විය හැක්කේ “පට්ටපල් බොරුවක්” ලෙසය.

    එමෙන්ම විද්‍යාව යනු “ඊනියා” පරම සත්‍යකට ලගා නොවන නිසාම පට්ටපල් බොරුවේද.දැනුම පද්ධතියක් යනු අනිවාර්යයෙන්ම මේ “ඊනියා”පරම සත්‍යයක් ඇති දෙයක්මද?

    Like

  5. විද්‍යාව පට්ටපල් බොරුවකැයිද, සියලු නූතන සංකල්ප බංකොලොත් යැයිද තැන තැන කියා ඇවිදින යම් නඩයක් වේද, ඒ නඩය වචන හරඹ කරමින්, දැවැන්ත දාර්ශනික සංකල්ප වලින් දමා ගසමින් කරන්නෙ විශාල මවාපෑමකි. ඔවුන්ගෙ මතවාදය ලෙහා බැලූවිට ඔවුන් දැනුම් නිර්මාණය කිරීමට භාවිත කරනවා කියන්නේද විද්‍යාත්මක ක්‍රමය මැයි. පොඩි වෙනසකට ඇත්තෙ හාන්සි පුටුවෙ වාඩිවී සිටින විට හදිසියේ පහලවන දැනුම් හෙවත් “ප්‍රත්‍යක්ෂ” වැනි කතාවක්ද එහි තිබිමයි.

    මීට අමතරව “සංයුක්ත” හා “වියුක්ත” කතාවක්ද ලඟකදී පටන් කියැවෙ. ඒ කතාව නම් තාම හරියට තේරුනේ නැත. ‘පුටුව’, ‘කපුටා’ හෝ ‘අහස’ වැනි සංකල්ප වලින් පටන් ගෙන ලොව ඇති සියලු දේ ‘වියුක්ත’ සංකල්ප බවම ඉතා නිවැරදිව මීට කලකට පෙර පෙන්වාදුන් නලින් මහතාම, දැන් කපුටා සංයුක්තය, ඉලෙක්ට්‍රොනය වියුක්තය යනුවෙන් කියනවා නම් කොතැනක හෝ ලොකු වරදක් සිදුවී ඇත. ඒ කතාවත් ලෙහා බැලිය යුතුය.

    විද්‍යාව යනු සත්‍යය සොයන සත්‍ය ගවේෂනයකැයි සිතන බොහෝ විද්‍යාර්ථීන් ඇත. එසේ නොසිතන අයද ඇත. එසේ සිතන හා නොසිතන අය හැරුනු කොට තවත් අයද ඇත. (… ඒ කෑල්ල දැම්මෙ කවුරු හරි මෙතැන ඇවිත් ද්විකෝටික තර්ක කතාව කියයි කියල හිතුන නිසා ………. පොඩ්ඩක් ඉන්න. තාම ත්‍රිකෝටිකයි.) එසේ සිතන, එසේ නොසිතන හා එසේ සිතන හෝ නොසිතන අය හැරුනුකොට එසේ සිතන නොසිතන හෝ නොවන අයද ඇත (….දැන් හරි… හතරයි ) 🙂

    නුවර සිරා කියා ඇති සේම නූතන විද්‍යාව කාගෙවත් තනි බූදලයක් නොවේ.

    Like

    • shirantha chamara says:

      මෙම ලිපිය ජාතික චින්තන ෆේස්බූක් පිටුවේ ම දැක්වූ ප්‍රතිචාරයකට යටින් පලවිය. ලිපියේ ඇතැමුන් යනුවෙන් හඳුන්වන්නන් අතර මම ද වන්නේ යයි සිතමි. රිටිගලද ම මෙහි මීට පෙර දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වා තිබිණි. මෙහි ද රිටිගල ප්‍රතිචාර දක්වා ඇත්තේ මටත් සමග යයි සිතුනි. කෙසේ වෙතත් මෙම ‘නිවුටෝනියානු න්‍යායන් ඉගෙනගැනීමේ වැදගත්කම’ යන ලිපියට ප්‍රතිචාර දැක්වීමට මට කැමැත්තක් නැත. ඊට හේතු අවශ්‍ය නැතැයි සිතමි. දවස් දෙක තුනකින් ප්‍රතිචාරයක් දක්වන්නම්. එහෙත් එය රිටිගලට දක්වන ප්‍රතිචාරයක් මිස ‘නිවුටෝනියානු න්‍යායන් ඉගෙනගැනීමේ වැදගත්කම’ මුල් ලිපියට දක්වන ප්‍රතිචාරයක් නොවේ යයි ගන්න ලෙස ඉල්ලමි. කලින් සංවාදයේදී මම අදහස් දක්වුඋයේ සන්ධර්භය තුලය. එහෙත් දැන් මෙහිදී මම නලින් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටිමි. කෙසේ වෙතත් අදහස් වල වගකීම මගේ මිස එතුමාගේ නොවේ. ජාතික චින්තනය කතා කරන අනෙක් අයගේ මත වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැත. මෙහිදී (රිටිගල විසින්) නැගෙන ප්‍රධාන චෝදනා වන්නේ 1. නලින් ද සිල්වා මහතා විද්‍යාත්මක ක්‍රමය ම යොදාගනිමින් දැනුම නිර්මාණය කරමින් බටහිර විද්‍යාවට (ඔබ විද්‍යාව ලෙසින් හඳුන්වන්නට) ඒ ගැන චෝදනා කිරීම හා විද්‍යාත්මක ක්‍රමය නොපිළිගැනීම . 2. බටහිර විද්‍යාවේ ප්‍රයෝජ්‍ය අගය නොසලකා එහි නියැලෙන විද්යන්යයන් ගෙන් පිරිසක් පමණක් විශ්වාස කරන නිරපේක්ෂ යතාර්ථය ප්‍රශ්න කරමින් විද්‍යාව පිලිබඳ සංවාදය අල කිරීමට උත්සාහ කිරීම. මෙම චෝදනා දෙකට අනිවාර්යයෙන් පිළිතුරු සැපයිය යුතු ය . මෙහි යම් වෙනසක් විය යුතු බව හෝ නොවිය යුතු බව/ යමක් එකතු කලයුතු බව පුළුවන් ඉක්මනින් කියන්න . ඊට පසු මම ප්‍රතිචාර දැක්වීම සුදුසුයි නේ?

      තව මම කලින් ප්‍රතිචාර දැක්වූ සංවාදයේ තැනක ඔබ කියා තිබුනා නිරපේක්ෂ යතාර්ථයක් ඇත හෝ නැත යනුවෙන් කීම – නිරපේක්ෂ යථාර්තයක් තිබේද නැද්ද යන්න ගැන කතා කිරීම නිෂ්පල බව. නිරපේක්ෂ යතාර්ථයක් නැත යන්නෙන් මම අදහස් කරන දේ මට පැහැදිලි කරන්න පුළුවන්. නිරපේක්ෂ යතාර්ථයක් ගැන කතා කිරීම තේරුමක් නැත යන්නත් නිරපේක්ෂ යතාර්ථයක් නැත යන්නත් තුලය අර්ථයකින් තමයි මම භාවිතා කරන්නේ. නිරපේක්ෂා යතාර්ථයක් ගැන කතා කිරීම තේරුමක් නැත යන්නත් නිරපේක්ෂ යතාර්ථයක් තිබේද නැද්ද යන්න ගැන කතා කිරීම තේරුමක් නැත කියන එකත් එකක් නෙමෙයි දෙකක්. (වචන හරඹයක් නෙමෙයි). මේක තව කතා කිරීමට පෙර ඒ පිලිබඳ අදහස පැවසිය හැකිද? (මේක මෙතනට බොහොම අදාලයි- දාර්ශනික අර්ථයකින් නෙමේ- බටහිර විද්‍යාවේ ආදිපත්‍යක් තිබේද නැද්ද යන්න හඳුනාගැනීමට හා එයට එරෙහිව කටයුතු කල යුතුද නැද්ද යන්න පිලිබඳ සංවාදයට- ප්‍රයෝජ්‍ය අර්ථයකින්)
      මීට අමතරව විද්‍යාත්මක ක්‍රමය යන්නෙන් ඔබ හඳුන්වන්නේ අර ජීව විද්‍යාව කරන ළමයින්ට හා බටහිර විද්‍යාව විෂයක් ලෙස නොහදාරන අයට කියල දෙන කල්පිත -නිගමන – නියම කතා ටිකද නැත්නම් බටහිර විද්යාන්යයෝ සාමන්යෙන් වැඩ කරන විදිහද? (මට මෙතන ඔයා පලවෙනි එක කියනවයි කියල උපකල්පනය කරලා නොට ලියන්න පුළුවන් . එහෙම ඕනේ නැහැනේ.)
      අනිත් අතට ඔබ විද්‍යාව කියන වචනයෙන් හඳුන්වන්නේ කුමක්ද (අර්ථ දක්වන්න ඕනේ නැහැ – එහෙම බැහැ කියල මම දන්නවා – ඇත්තටම මට දැනගන්න ඕනේ. ඒ නිසා අදහස් කරන දේ පුළුවන් තරම් කෙටියෙන් මට කියන්න තේරුම් ගන්න පුළුවන් විදිහට)

      තවත් අදාළ කරුණු තියී නම් කියන්න. ඔක්කොම කියන්න ඕනේ නැහැ. මගදී හම්බවෙයි නේ (මගේ axiomatic පිස්සුව හොඳ වෙලා හුඟක් කල් – පෙනෙන හැටියට උපයෝගිතාව බර කරන නිසා ඔබටත් එහෙම පිස්සුවක් නැහැ මම හිතන්නේ)

      සංවාදයට අකමැති නම් කියන්න.

      Like

      • shirantha chamara සංවාදයට ඔබේ ප්‍රවේශය (දැනට) ඉතා හොඳ බව පේනවා. සාමාන්‍යයෙන් නලින්ද සිල්වා මහතාගෙ අදහස් ඇසුරින් සිය ලෝක දැක්ම ගොඩනගාගත් පුද්ගලයන් සමග සංවාද කිරීමේදී මා තුලින් සංවාදශීලි නොවන ගති ලක්ෂන ටිකක් මතුවෙනවා. මීට හේතුව මින් පෙර බොහෝ අවස්ථාවලදී ඔවුන් සමග කරන සංවාදයන් වල තීරනාත්මක අවස්ථාවලට එලැඹුන කල්හි ඔවුන්ගෙන් intellectual dishonestly ප්‍රදර්ශනය වීමයි. බොහෝවිට එම සංවාද අවසන් උනෙ ‘අනුකාරක පඬීයෙක්’ යන පරිභවය මා වෙත එල්ල කිරීමෙන් මිසක් ඇසු ප්‍රශ්නයට උත්තර දීමෙන් නොවේ. ඔබ සමග සංවාදය එවන් අන්තයකට නොයාවි යැයි සිතනවා. ඔබේ අදහස් මෙතැන දක්වන්න. පිලිතුරු ලිවීම තරමක් ප්‍රමාද විය හැකියි. නමුත් සංවාදයක් කිරීමට කැමතියි.

        /**නිරපේක්ෂා යතාර්ථයක් ගැන කතා කිරීම තේරුමක් නැත යන්නත් නිරපේක්ෂ යතාර්ථයක් තිබේද නැද්ද යන්න ගැන කතා කිරීම තේරුමක් නැත කියන එකත් එකක් නෙමෙයි දෙකක්.**/

        ඔතැනට ‘නිර්පේක්ෂ යථාර්තය’ යන වචනය වෙනුවට ‘කුල බේදය’ හෝ ‘පිටසක්වල ජීවීන්’ වගේ වචනයක් දැම්මොත් ඔබේ වාක්‍යයට තේරුමක් තියෙන බව මම පිලිගන්නවා හා ඒ තේරුමට එකඟ වෙනවා. නමුත් ‘නිර්පේක්ෂ යථාර්තය’ කියන වචනෙ පාවිච්චි කල ගමන් මට ඔය කතාවෙ තේරුමක් නැති වෙනවා. ‘නිර්පේක්ෂ යථාර්තය’ කියන් එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියන එක ගැනත් අපිට එකඟ තාවයක් නැහැ මම හිතන්නෙ.

        ඔබ අහල තියෙන අනෙක් ප්‍රශ්න වලට පිලිතුරු පසුවට දෙන්න වෙන්නෙ දැන් වෙනත් වැඩකට යන්න වෙලා තියෙන නිසා.

        Like

        • shirantha chamara says:

          x ගැන කතා කිරීම තේරුමක් නැත —— මෙතන x තියෙන තැනට කුල භේදය, පිටසක්වල ජීවින්, නිරපේක්ෂ යතාර්ථය යන වචන 3 යෙදුවම මට එන්නේ තේරුම් 3ක්. කුලභේදය ගැන කතා කිරීම තේරුමක් නැහැයි කියන්නේ එක සමාජයට මම දකින විදිහට අයහපතක් නිසයි. ඔයා කියන්න ඇත්තෙත් ඒ තේරුමින් කියල හිතනවා . එහෙත් එතන තාර්කික ප්‍රශ්නයක් නැහැ. කුල භේදය තමන් කරන රස්සාව අනුව හරි – මව්පිය පරම්පරාව අනුව හරි අර්ථ දක්වන්න පුළුවන්. එතන තාර්කික ප්‍රශ්නයක් නැහැ. පිට සක්වල ජීවින් දැම්මම මම ඒ වාක්‍යයෙන් අදහස් කරන්නේ – අපිට කරන්න ඊට වඩා වැඩ තියෙනවා කියන එකයි – නැතුව පිටසක්වල ජීවින් කියන වචනෙට අර්ථයක් නැති බව නෙමෙයි. එහෙත් නිරපේක්ෂ යත්ර්ථයක් ගැන කථා කිරීමේ තේරුමක් නැත කියල මම කියන්නේ වෙන අදහසකින්. තාත්වික වීජ ගණිතයේ 0 න් බෙදීම ගැන කතා කිරීම තේරුමක් නැහැ වගේ තේරුමකින්. එහෙත් නිරපේක්ෂ යතාර්ථයක් තිබේද නැද්ද යන්න ගැන කතා කිරීමේ තේරුමක් මට තියෙනවා. මොකද එහෙම තියෙනවා කියන මිනිස්සුන්ගේ ආධිපත්‍යයක් තියෙනවා. ඒ අධිපත්‍යය විසින් එහෙම තියෙනවා කියන මිනිසුන්ගේ වගේම එහෙම නැහැ කියන විද්යන්යින්ගේ මිනිස්සුන්ගේ (පෙරදිග හා බටහිර දෙකෙහිම) සිතීම ඒ මිනිස්සුන්ටවත් තේරෙන්නේ නැති විදිහට පාලනය කරනවා . (මේවා මම පැහැදිලි කල යුතු බව ඇත්ත. සංවාදයේදී පැහැදිලි කරන්නම් ඉතා පැහැදිලි උදාහරණ සහිතව. මෙතන මම කරන්නේ යම් යම් ප්‍රකාශ වලින් මම අදහස් කරන දේ පැහැදිලිව කීම.)

          මෙතන යතාර්ථය කියන වචනේ පොඩ්ඩකට පැත්තකින් තියල අපිට හුරු සත්‍යය කියන වචනේ ගමු. මොකද යතාර්ථය කියන වචනයෙන් අපට ඉඟි කරන්නේ යථා – අර්ථයක් ගැන. ඒ වචනේ ඕන වෙන්නෙම අපට පෙනෙන දේ පිටුපස සැඟවී ඇති අර්ථයක් ගැන කල්පනා කරන කොටයි. මට තේරෙන විදිහට සිංහල භාෂාවේ යතාර්ථය කියන වචනේ ඉංග්‍රීසි භාෂාවේ ‘reality ‘ කියන වචනෙටත් වඩා භයානකයි. ඒ නිසා නිරපේක්ෂව වත් සාපෙක්ෂවවත් මම යතාර්ථය කියන වචනේ යොදා ගන්නේ නැහැ. එතන තියෙන්නේ වචන ප්‍රශ්නයක්. වචනය සාමාන්යෙන් අදාළ ක්ෂේශ්ත්‍රයේ යෙදෙන අයුරින් යොදා ගැනීම පිලිබඳ ප්‍රශ්නයක්. උදාහරනෙකට ඔයා පොල්ගෙඩිය පොළොවට වැටීම සාපේක්ෂ යතාර්ථයක් කියන එකෙන් අදහස් කරන්නේ පොල්ගෙඩිය පොලොවට වැටීම සාපේක්ෂ සත්‍යයක් යන බව නම් මම ඔයාගේ අදහසට එකඟයි. විරුද්ධ වන්නේ ‘යතාර්ථය’ කියන වචනය යොදා ගැනීමට පමණයි. ඔයාද හරි මමද හරි කියන එක තීරණය කරන්න වෙන්නේ ‘යතාර්ථය කියන වචනය සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව පිලි බඳ සංවාද වලදී යෙදෙන්නේ කොහොමද කියන එක අනුවයි. (ආයෙත් මතක් කරොත්- වචන ප්‍රශ්නයක්). නලින් ද සිල්වා මහතාගේ අනුගාමිකයන් සාමන්යෙන් ‘යතාර්ථය’ කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. අනිත් අය මම දැකල තියෙන විදිහට යතාර්ථය කියන වචනේ යොදන්නේ අහන ඉන්න එකාව බය කරන්න. ඒ නිසා මේ වචන ප්‍රශ්නේ එහෙම නිරවුල් කරගන්න එකත් අමාරුයි . පැහැදිලිව කියන්න පුළුවන් එකම දේ තමයි – යතාර්ථය කියන වචනේ භාවිතා කරන්නේ බටහිර විද්‍යාවේ ‘reality ‘ කියන වචනෙට පාරිභාෂික වචනයක් හැටියට නම් – අර පොල් ගෙඩි කතාවේදී ඒක යොදනවාට මම විරුද්යි. .
          හරි දැන් මම යතාර්ථය කියන වචනේ වෙනුවට සත්‍ය කියන වචනේ යොදා ගන්නවා. දැන් මම කියනවා කතා කල හැක්කේ සාපේක්ෂ සත්‍යයන් ගැන පමණයි. නිරපේක්ෂ සත්‍යයන් ගැන කතා කල නොහැක. නිරපේක්ෂ සත්‍යයක් නැත. මෙතැනදී නිරපේක්ෂ කියන වචනේ යොදා ගන්නේ ‘නිරීක්ෂකයෙකුට සාපේක්ෂ නොවන – නිරීක්ෂකයා මත රඳා නොපවතින ‘ කියන අර්ථයෙන්.
          (නිරපේක්ෂ යතාර්ථයක් නැත කියන එකත් මම කියනවා – නිරපේක්ෂ සත්‍යයකුත් නැහැ – සැඟවී ඇති නිරපේක්ෂ සත්යකුත් නැහැ)

          ඕක තමයි මම අදහස් කරන්නේ. කොහොම උනත් ඇයි මම එහෙම කියන්නේ කියල පැහැදිලි කලේ නැහැ. පෙනෙන හැටියට රිටිගල මොන යම් හෝ දුරකට නලින් ද සිල්වා මහතා හදාරලා තියෙන නිසා මම හිතනවා නලින් ද සිල්වා මහතා ඒ ගැන කරන පැහැදිලි කිරීම් අහල ඇති. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි – පොඩ්ඩක් වචන වෙනස් කරන්න – වෙනස් උදාහරණ සපයන්න තමයි පුලුවන්. කොහොම උනත් හරියටම මගේ මතය දැනගැනීමට අවශ්‍ය නම් මට සංක්ෂිප්තව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. කාලය නාස්ති වෙන නිසා රිටිගල අවශ්‍යයි කියනවානම් (අවශ්‍ය නම් දෙපාරක් නොහිතා කියන්න) පමණක් මම එක කරන්නම්.

          කොහොම උනත් මට පෙනෙන හැටියට රිටිගලට මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. පොල් ගෙඩිය වැටීම අවශ්‍ය නම් අපට සත්‍යයක් ලෙස නොගෙන ක්‍රියා කල හැකිද ? එහෙම බැහැ . මේක මට පෙනෙන හැටියට රිටිගල නලින් ද සිල්වා මහතාගේ දර්ශනයට එරෙහි counter example එකක් හැටියට යොදාගන්නවා. මම හරිද ? ඔබ අදහස් කරන්නේ මෙයින් නිරපේක්ෂ (නිරීක්ෂකයා මත රඳා නොපවතින) සත්‍යයක් ලෙස ගත හැක්කක් නොමැත කියන දේ බොරු වෙනවා කියලද ? නැත්නම් පොල් ගෙඩිය පොලොවට වැටීම නිරපේක්ෂ සත්‍යයක් බවද ? නැත්නම් ඒ දෙකමද? මේ ගැන ඔබේ අදහස නොදැන තවදුරටත් ලිවීම කාලය නාස්තියක් බැවින් මෙතනින් නවතින්නම්.

          මගේ කලින් ලිපියේ ඉතිරි ප්‍රශ්න වලට ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව බලාපොරොත්තු වෙනවා. කාලය ප්‍රශ්නයක් නොවේ. මටත් ඇතැම් විට උත්තර දෙන්න කාලය ගත වෙන්න පුළුවන් කාර්ය බහුල අවස්ථා වලදී. එවිට මදක් ඉවසනු ඇති බව විශ්වාස කරමි.

          Like

          • shirantha chamara says:

            මගේ මුල්ම ප්‍රතිචාරයේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබුණු පසු මම ප්‍රධාන චෝදනා දෙකට පිළිතුරු සැ පයීම අරඹන්නම්.

            Like

            • shirantha chamara says:

              අර කලින් සංවාදයේ ‘mayya ‘ යන නමින් පෙනී සිටින තැනැත්තාට රිටිගල දී ඇති පිළිතුරක් කියවල තමයි මම අර පොල් ගෙඩි කතාව ඇදල ගත්තේ. කොහොම උනත් කෝකටත් අයෙත් බලන කොට මම දැක්ක මම එක එච්චර උවමනාවෙන් කියවල නැති බව. මම ප්‍රශ්නේ මෙහෙම අහන්නම්. පොල් ගෙඩි පොලොවට වැටීම සාපේක්ෂ (හෝ තාවකාලික) සත්‍යයක් ලෙස නොගෙන (අඩු ගන්නේ දැනට අපේ නිරීක්ෂණ අනුව)අපට ක්‍රියා කල නොහැක. එකත් මම පිලිගන්නවා . ඔබ අදහස් කරන්නේ මෙය නලින් ද සිල්වා මහතාගේ දර්ශනයට විරුද්ධ බවද?

              කොහොම උනත් ඒ ලිපියේ තව ප්‍රශ්නයක් තිබුන. එකටත් මෙහෙම්මම උත්තරයක් දෙන්නම් .

              //වාස්තවික යථාර්තය(objective reality) යන සංකල්පයද සාපේක්ෂතාවයක් බැවින් එයට “ඇත” හෝ “නැත” යන නිරපෙක්ෂ අගයක් ලබාදීම පරස්පරයක් (contradiction) බව පමණි මට එකඟ වියහැකි මතය. //

              ඇත / නැත කියල කියන්නේ සාපේක්ෂව තමයි. වාස්තවික නිරපේක්ෂ යථාර්තයක් නැහැ – එවැන්නක් ගැන කතා කිරීම තේරුමක් නැහැ -කියන එක මගේ සාපේක්ෂ සත්‍යයක්. කවුරුහරි එවැන්නක් තියෙනවා කියනවා නම් එක ඔහු ගේ සාපේක්ෂ සත්‍යයක් පමණි. දැන් ඔක්කොම ඔහොම කියුවම අපිට තර්ක කරන්න බැරිවෙනවා . ඕනේ එකෙකුට ඕනේ දෙයක් ඌට සාපේක්ෂව සත්‍යයි කියල හිතන් ඉන්න පුළුවන්නේ. (කොහොම උනත් එකට උනත් නිදහස තියෙන්න ඕනේ එකෙන් අනුන්ට කරදරයක් නැත්නම් – අනුන්ට කියන එකේ පොඩි කුහක කමක් තියෙනවා – ඌ සියදිවිනසා ගන්න ගියොත් ප්‍රතිපත්ති බල්ලට දාල ඌව බේරගන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න වලදී අපි හදන්නේ එකත් සාදාරනීකරණය වෙන විදිහට ප්‍රතිපත්තිය පුළුල් කරගන්න. මට තේරෙන හැටියට එහෙම බැහැ . මොන ප්‍රතිපත්තිය උනත් බල්ලට දාන්න වෙනවා. එක එක අතකින් කරුමයක්. විවිද ප්‍රතිපත්ති තියෙන සමාජ කණ්ඩායම් එකට ජීවත් වෙනකොට ඔය ප්‍රශ්නේ එනවා. ).

              ඔයා අහන ඔය ප්‍රශ්නේ මීට අවුරුදු 6කට කලින් ඇත්තටම මට ආව. මාස කිහිපයක් කල්පනා කරලා ඕකයි ඔය වගේ තව ප්‍රශ්න 2-3 කුයි විසන්දගත්තු දවසේ තමයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය තේරුම් ගත්තයි කියල මම පස්වනක් ප්‍රීතියට පත් වුනේ.

              තර්ක කිරීමේදී කෙරෙන්නේ මම මගේ අදහස යම් න්‍යායකට (බොහෝ විට ද්විකෝටිකය – මටත් චතුස්කොටිකයෙන් තර්ක කරන හැටි තේරෙන්නේ නැහැ – මම තර්ක කරන්නේ ද්විකෝටික තර්ක ක්‍රමය අනුව. එහෙත් ද්විකෝටිකය කියන එකෙන් අදහස් කෙරෙන්නේ ද්විකෝටික තර්ක ක්‍රමය විතරක් නෙමෙයි -කොහොම උනත් චක්‍රීය තර්කවල මට කිසි අවුලක් නැහැ. ඒවා බොහෝ විට ද්විකොටිකයි. ) අනුකුල වන පරිදි විස්තර කිරීමයි. එවිට ඔබත් එම තර්ක ක්‍රමය පිලිගන්නවා නම් ඔබද ඔබේ මනසින් එය කියවා ඔබේ ලෝකය තුල එය පිළිගැනීමට හෝ නොපිලිගනිමට තීරණය කරයි.
              (ඔබ කියවන්නේ මම කියන දේට සර්වසම දෙයක් නෙමේ- එහෙත් ඒවා අතර 1-1 අනුරුපිත තියෙන්න ඕනේ. සාපේක්ෂ ලෝක අතර අනුරුපිත තියෙන්න ඕනේ- අන්තිම විග්‍රහයේදී මම මේ කියන ඔක්කොම දේවල් මගේ ලෝකය තුලයි තියෙන්නේ. ඒ නිසා අන්තිම විග්‍රහයේදී මට සාපේක්ෂව තියෙන්නේ මගේ ලෝකය විතරයි. එක ඔයා කියවන කොට තියෙන්නේ ඔයාට සාපේක්ෂ ලෝකය විතරයි. ඒ ප්‍රකාශය උනත් මගේ ලෝකයට සපෙක්ශයි. ඒ ප්‍රකාශය ඔයා පිළිගත්තොත් පිළිගන්නේ ඔයාගේ ලෝකය තුල නොපිලිගත්තොත් නොපිලිගන්නෙත් ඔයාගේ ලෝකය තුල –ඔහොම දිගට යනවා)

              මේ නිසා තමයි සංවාද වලදී මුලික එකඟතා අවශ්‍ය වෙන්නේ. මේ මුලික එකඟතා වලදී මම කියනවා මේ මේ දේවල් සත්‍ය බව මම උපකල්පනය කරනවා කියල. වචන වලින්නේ කියන්නේ. ඔයා එක අහන ඉන්නවා . (ඔයාට ඇහෙන්නේ මොන විදිහටද කියල මම දන්නේ නැහැ . එහෙත් ඔයා හා අනෙක් මිනිසුන් ගැන මම දන්නා දේවල් අනුව උද්ගමනයෙන් මම තීරණය කරනවා ඔයාට ඇහෙන්නෙත් මට ඇහෙන විදිහටම තමයි කියල. පොඩි උනත් එක ප්‍රවාදයක්. මොකද මම එක ලබන්නේ ඍජු නිරීක්ෂණයෙන් නෙමෙයි. ) ඔයා ඒ වචන වලට දීල තියෙන තේරුම් වලට අනුකුලව මොකක් හරි තේරුමක් හිතාගන්නව. ඊට පස්සේ ඒ තේරුමට (මම කියපු තේරුමට සර්වසම වෙන්නේ නැහැ) අනුව හිතල එක්කෝ ඔයා එකට එකඟ වෙනවා . නැත්නං බහ කියනවා. බැහැ කිව්වොත් එක්කෝ අපිට සංවාදේ නවත්තන්න වෙනවා. නැත්නම් ඊටත් වඩා මුලික එකඟතාවයකට ඇවිල්ල අර පළවෙනියට කියපු එකඟතාවය තර්කනුකුලාව (මේ තර්ක දෙන්නම පිළිගන්න වෙනවා-තම තමන්ගේ ලෝක වලදී) ඔප්පු කරන්න හදනවා. එහෙමත් බැරිඋනොත් නිකම් ඉන්න තමයි වෙන්නේ.

              නිරපේක්ෂ යතාර්ථයක් නැහැ කියල අපි ටිකක් කෑ ගහල කියනවා තමයි. එහෙම කරන්නේ මම ඉසෙල්ලා කිව්වා වගේ අධිපත්‍යට විරුද්ධ වීමක් හැටියටයි. කෑම දිරවීම සඳහා දර්ශනය කතා කරන සන්ධර්භයකදී නම් අපිට ඕක සාපේක්ෂ සත්‍යයක් නිසා හෙමිහිට කියන්න පුළුවන්. කොහොම උනත් කෑ ගහල කියන එකෙන් අදහස් කරන්නේ නිරපේක්ෂ යතාර්ථයක් නැහැ කියන එක නිරපේක්ෂ යතාර්තයක් කියන එක නෙමෙයි.
              අනිත් එක නිරපේක්ෂ යතාර්ථයක් නැත (එවැන්නක් ගැන කතා කිරීම – සිතීම- තේරුමක් නැත) යන සාපේක්ෂ සත්‍යයට එළඹීම සඳහා අපි මිනිස්සුත් එක්ක තර්ක කරනවා. තර්ක කිරීමේදී කෙරෙන්නේ මම ඉස්සෙල්ල කියපු ක්‍රියාවලිය . අපි පෙන්නලා දෙනවා මෙන්න මේ මේ විදිහට ලෝකය ගැන හිතීම හොඳයි කියල. එතකොට අහන කෙනා අපේ තර්ක (ඇත්තටම ඊ ට පස්සේ ඒවා එයාගේ තර්ක- ඒවා අපෙන් එයාට එනකොට මොනවා වෙලා ද කියල කියන්න බැහැ ) අහල තවදුරටත් නිරපේක්ෂ යතාර්ථයක් (කියන වචනයෙන් එයා අදහස් කරන එක) පිළිගන්න එක හොඳයිද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නවා. මිනිහත් එක්ක නිතර නිතර සාකච්චා කරනකොට අවුල් පැනනගින්නේ නැත්නම් අපට තීරණය කරන්න පුළුවන් අපේ ලෝක වල දැන් හොඳ අනුරුපිතාවක් තියෙනවා කියල. එතකොට අපි දල වචනයෙන් කියනවා – මිනිහ අපි කියන දේ තේරුම් අරගෙන කියල. එහෙම නැතුව මෙතන අපේ තර්කය නිරපේක්ෂ සත්‍යයක් ලෙස අපි පිළිගන්වන්නේ නැහැ. මෙතන තියෙන්නේ සාපේක්ෂ ලෝක සංගතව ගොඩනග ගැනීම සඳහා උපදෙස් දීමයි. එක උපදෙස් දීමක් විදිහටම නොපෙනෙන්නේ- මෙතන සටනක් තියෙන නිසයි.

              Like

              • shirantha chamara says:

                අර mayya කියන කෙනාට ලියපු පිළිතුරේ ක්වන්ටුම් භෞතික විද්‍යාව කොටසටත් මම එකඟ නැහැ. කොපෙන්හගෙන් විවරණය සම්පුර්ණයෙන් ප්‍රශ්නයෙන් පැනල යාමක්. එතන යතාර්ථයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. උදාහරනෙකට schroodinger ගේ බළලා ඉන්නවද මැරිලද? දෙකම වෙන්නත් බැහැ . අනිත් අතට එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ කියන එක හොර වැඩක්. ඔහොම තර්ක කරොත් මට කියන්න පුළුවන් ඉතිහාසය ට අයෙත් ගිහිල්ල බලන්න බැරි නිසා අවුරුද්දක් උනත් පරණ ඉතිහාසය ගැන කතා කරන එක තේරුමක් නැහැ කියල. නිරපේක්ෂ යතාර්ථය වගේ දේවල් ගැන කතා කරන මිනිස්සු කාමරේක හිර වෙච්ච බල්ලෙක් ගැන දොර අරින්න කලින් කතා කරන එක තේරුමක් නැහැයි කියන්නේ බටහිර භෞතික විද්‍යාවේ ස්වර්ණමය යුගයේ අවසාන පුරුක වන richard feynmann කියපු විදිහටම ක්වොටුම් භෞතිකය කාටවත් තේරෙන්නේ නැති නිසයි.

                Like

                • shirantha chamara ඔබ මට එච්චර කියන්න දෙයක් ඉතුරු කර නැහැ. මන්දයත් ඔබ නැගූ ප්‍රශ්නවලට මා ලබාදෙන්න කල්පනාකරපු උත්තර ඔබම ලබාදීල තියෙනවා. ඔතනින් එහාට ඔය දේවල් ගැන කතාකිරීමට වචන වල සීමාසහිත බව, සෑම සංකල්පයක්ම හරියාකාර විස්තර් කිරීමට අපට ඇති නොහැකියාව වගේ සීමාවන් අතික්‍රමනය කරන්න වෙනවා.

                  කෙසේ වෙතත් ඔබ ඍජුවම නොවුනත් වටින් ගොඩින් එක් වැදගත් කරුනක් පිලිඅරගෙන තියෙනවා. මීට කලින් මාත් ඔය කතාවම මයියාට කිව්වා. එනම් මේ සියලු තර්ක විතර්ක වල කිසියම් ‘දේශපාලනයක්’ තියෙන බව.

                  ‘ඊනියා පරම සත්‍යය’ යන්න අමතක කලත් විද්‍යාව විසින් බාහිර ලෝකය මිනිස් සමූහයා විසින් වටහා ගන්නා හා අත්විඳින ආකාරයේ පොදු ආකෘතියක් විස්තර කිරීම සඳහා දිනෙන් දින සවිමත්ව ගොඩ නැගෙනවා. මේ ආකෘතිය මෙසේ සාදාගතහැකි “එකම” ආකෘතිය නොවන බව මමත් පිලිගන්නවා. නමුත් මේ ආකෘතියට දැනට දේශපාලනිකව සවිමත් බල අධිකාරියක් විසින් අනුග්‍රහ දක්වනවා. ඔබ “දැනුම් ආධිපත්‍යයක්” ලෙස නම් කරන්නෙ මේ ක්‍රියාවලියයි. කිසියම් “ආධිපත්‍යයක්” ආධිපත්‍යයක් වූ පමනින්ම “නරක” දෙයක් වෙන්නෙ නෑ. මේ දැනුම් අධිකාරිය “නරක” ඇයි දැයි පෙන්වීම සඳහා මයියා හෝ නලින් වැනි අය “පරිබෝජනවාදය” ඇසුරින් කිසියම් තර්කයක් ගෙන එනවා. මම ඒ තර්කය පිලිගත්තත්. ඔවුන්ගේ විසඳුම පිලිගන්නෙ නැත්තෙ, ඔවුන් දැනට ඇති බල අධිකාරිය ඒ තුලින්ම පැනනැගෙන මතවාදී වෙනසක් හරහා ක්‍රමානුකූලව වෙනස් කිරීම වෙනුව්ට, අර ‘හිඟනන්ගේ කැරල්ල’ වගේ එකක් ගැසීමට ඊට පිටින් සේනා සංවිධාන කිරීමට යෑම නිසයි.

                  දැන් ඔබම පිලිගත් ආකාරයට දාර්ශනික තලයේදි ඔබේ අදහස හා මගේ අදහස අතර ඇති ලොකු වෙනසක් නෑ. වෙනසක් නැති බව ඔබත් දන්නවා මාත් දන්නවා. නමුත් අර ඔබ හයියෙන් කෑගහල ‘වාස්තවිකවූ යතාර්ථයක් නැත’ කියල කියනවා. ‘අපි විසින් නිර්මාණය කරගත් පොදු සම්මුතීන්ට තමයි යථාර්තය හෝ සත්‍යය කියල කියන්නෙ, ඒ හින්දා ඔය වාස්තවික කතාව අදාල නැත’ කියම මම හයියෙන් කෑගහල කියනවා. මෙතැන ඔබත මමත් කරනේ කිසියම් දේශපාලනයක්.

                  හැබැයි මේ මතවාදි තලයේ දේශපාලනය අමතක කරල සැබෑ ලෝකයට බැස්සහම ඔබත් මමත් දෙදෙනාම එදිනෙදා වැඩ කරන්නෙ වාස්තවිකවූ යථාර්තයක් ඇත කියන අවිඥානික උපකල්පනයේ ඉඳගෙන. ඔච්චරයි කතාව.

                  Like

  6. Janath Peiris says:

    Not completely True…. ” Einstein’s GR time dilation has to be factored in when designing an accurate GPS system. “satellites travel so fast & high that compared to the receivers on Earth, time runs slower by 7 microseconds a day. If we didn’t use Einstein’s theories , the accuracy of GPS Systems would drift by more than 2 kilometres a day”.

    http://nptel.iitm.ac.in/courses/Webcourse-contents/IIT-KANPUR/ModernSurveyingTech/lectureB_9/B_9_8clockbias.htm

    Like

    • The example of GPS systems you gave here is accurate Janath Peiris. That is one instance where Newtonian approximations are not sufficient. But for many things in life such as building bridges and vehicles, Newtonian approximations alone are sufficient .

      Like

  7. shirantha chamara මිතුරාට මුලින්ම කියන්න ඔනේ මෙ කමෙන්ටුව කෙසේවත් මේක ඔබ දක්වපු කාරනා වලට පිලිතුරක් ලෙස දාන්නක් නොවන බව. මේ තියෙන්නෙ මීට කලකට ඉහතදී චින්තන කන්ඩායමෙ කවුරුන් හෝ සමග කල සංවාදයකදි මවිසින් ලියන්නට යෙදුන පිලිතුරක්. ඒ සංවාදය මෙතැනින් පස්සෙ කොහොමද කෙලවර උනේ කියල මතක නෑ. කෙසේ වෙතත් මේ වෙනකොට ඒ පුද්ගලය විසින් මට චෝදනා කරල ඉවරයි මම නලින්ද සිල්වා කියන දේ වැටහෙන්නෙ නැති අනුකාරක මැට්ටෙක් කියල. ඒ හින්දා තමයි මේ පිලිතුර මේ ආකාරයට සාහසිකව ලියවිලා තියෙන්නෙ. shirantha chamara මීට වඩා බොහෝ සංයමයකින් යුක්තව අදහස් ඉදිරිපත් කරනවා වගේම දැනට ඔබ දක්වපු අදහස් සමග මට ලොකු මත ගැටුමක් නෑ. මෙ කමෙන්ටුව ඔබ එල්ලයේ ලියැවුන එකක් කියල වැරදිලාවත් සලකන්න එපා ආයෙත් ඉල්ල හිටිනවා. මේ ලියපු දේ ආයෙත් ටයිප් කරන්න කම්මැලි නිසයි මෙහෙමම දාන්නෙ.

    /**
    “මට මෙන්න මේ දේ විතරක් කියන්න. නලින්ද සිල්ව ඔය කියන බනේ මට හොඳට තේරෙනවා කියන එක මුලින්ම ඔබට වැටහෙනවාද? නමුත් අපි කියන බනේ ඔබට තේරෙනවද කියල අහන්න වෙනව.

    නිරීක්ෂකයාට නිරපේක්ෂව පවතින යථාර්තයක් ගැන අපිට ස්වභාවිකව තියෙන අදහසක් තියෙනවා. මේ අදහස අනුව තමයි අපි එදි නෙදා වැඩකටයුතු කරන්නෙ. ආලෝකයේ තරංග ස්වභාවය හා අංශුමය ස්වභාවය දෙකම ගැන අපි ඔනේම සිංහල බෞද්ධ උපාසකයෙකුට කියන්න ගියොත් අහන ප්‍රශ්නය තමයි “හරි මහත්තයෝ, දැන් ඔය දෙකම හරි යන්න බැහැනේ. ආලෝකයේ “ඇත්ත” සුබාවය විද්‍යාව තාම හොයාගෙන නෑ වගෙ නේද?” කියල. ඒ කියන්නෙ ඔනෑම සංස්කෘතියක ඉන්න මිනිස්සු තමන්ගෙන් පරිබාහිරව පවතින යථාර්තයක් තියෙනවා කියල හිතාගෙන තමයි ජීවත් වෙන්නෙ. මිනිස්සු ජීවත් වෙන්නේ සම්මුතීන්ගෙන් තනාගත් ලෝකයක කියන බනේ නලින්ද සිල්වාගෙන මුලිමන් අහල තේරුම් ගත්ත කට්ටිය, මේක තේරිච්ච ගමන් තමන් මහා දැනුමක් ලබාගේන් “සෝවාන්” පලයට පත් උනා කියල හිතාගන්නව. ඊට පස්සෙ නලින්ගේ ඉතුරු කතා ටිකත් අහල “සකෘදාගාමි” වෙනවා. ඊට පස්සෙ හිතනව අපි මේ තේරුම් ගත්ත සත්‍යය බටහිර චින්තනය ඔස්සේ හිතන *අනුකාරක මැට්ටන්ට* (TM) කවදාවත් තේරෙන්නෙ නෑ කියල. මොකද නලින් කියනවනේ තමන්ට විරුද්ධ කාටවත් ඕක තේරෙන්නෙ නෑ කියල.

    මුලිම තේරුම් ගන්න ඔනේ දේ තමයි ඔය කතාව “ගොඩයට මැජික්” උනාට ලෝකයට අලුත් දැනුමක් නොවේ කියන එක. බටහිර විද්‍යාවෙ ප්‍රධාන ප්‍රවාහයේ ඔය කතාව සීරියස්ලි කතාවුනේ ක්වන්ටම් යාන්ත්‍රනයේ කෝපන හේගන් විවරනය (1926) එක්ක. ඊට කලින් දාර්ශනික තලයේ තිබුනට විද්‍යාත්මක මතවාද තුලට ඇවිල්ල තිබුනේ නෑ.

    දැන් මිනිසාගේ නිරීක්ෂනයෙන් පරිබාහිරව පවතින යථාර්තයක පැවත්ම කියන “අභූත” මතවාදය. (එහෙම එකක *පැවත්මක්* ගැන ‘මිනිසාට’ කතාකරන්න අයිතියක් නැති නිසා තමයි ඒක අභූත වෙන්නේ. යමක් ‘පවතිනවා’ කිව්වොත් ඒ කියන්නෙ අපිට සාපේක්ෂව තමයි පවතින්නෙ nothing more nothing less) ගැන තේරුනාට පස්සෙ නලින් වාදින් මෙන්න මේ වැරද්ද කරනවා. දැන ඔවුන් හිතනවා සෑම දේකම පැවත්ම අපිට සාපේක්ෂය කියල කියන්නෙ “කිසිවක් පවතින්නේ නැත” කියන එකමය කියල. ඒ හින්දා “වාස්තවික වූ යථාර්තයක් ගැන කතා කිරීම අභූතය” කියන්නෙ “කිසිවක් නැත” කියන එකට සමාන පදයක් කියන එක හිතා ගන්නවා.

    මිනිසාගේ පොදු නිරීක්ෂනය හරහා ගොඩ නගාගත් සම්මුතියක් වන යථාර්ථයට තමයි අපි එදා ඉඳලම “යථාර්තය” කිව්වෙ. ඊට වඩා නිර්වචනය කවදාවත් තිබුනෙත් නෑ තියෙන්නෙත් නෑ. බෞද්ධ උපාසක මහත්තුරු විතරක් නොවේ මහා ලොකු විද්‍යාඥ්ඥයො පවා අහන්න ඇති / ඉස්සරහටත් අහයි “හැබැයි මහත්තයො දැන් ඇත්තටම තියෙන්නෙ මොකක්ද?, ඔය අපිට දැනට පේන දේ ගැනනෙ ඔය කියන්නෙ?”. එහෙම ඇහුවට මිනිස්සු වශයෙන් අපිට තියෙන්නේ අපිට පේන / අපිට සාපේක්ෂ යථාර්තයක් විතරයි.

    දැන් මේක තේරුම් ගත්ත කියල අපි මහා ලොකු පොරවල් වෙන්නෙ නෑ. මිනිසා මෙතක් නිර්මාණය කල දැනුම් ඔක්කොම “බොරු” වෙන්නෙත් නෑ. බටහිර දැනුම් ඔක්කොම මිත්‍යාවන් වෙලා අපේම කියල සිංහල බෞද්ධ දැනුමක් පහල වෙන්නෙ නෑ. කොටින්ම කියනවා නම් මුකුත්ම වෙන්නෙ නෑ.

    දැන් මේ කියන බනේ සිරාවට තේරෙනවද?”
    **/

    Like

  8. shirantha chamara says:

    i’m busy these days. will reply in about a week or 2. there is a problem. why cant i reply in the previous thread where we continued the discussion. there is no ‘reply’ option. if possible – make it available so that there is a continuation.

    Like

  9. shirantha chamara says:

    මිතුරා කියන එක ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන් උනත් රිටිගල සමහර ප්‍රශ්න මගහරිනවා. එහෙම වෙන්නේ පොඩි උනත් දේශපාලනය නිසා කියලයි හිතෙන්නේ . මේ ලිපියට පස්සේ මිතුරා කියන ඇමතුම නොලැබෙන්න පුළුවන්. කොහොම උනත් කියන්න තියෙන දේ කියන්න ඕනේ . මෙතනදී දැනුවත්ව කිසිම අපහාසයක් නොකරන බව මුලින්ම කියන්නේ ඉන්ටෙර්නෙට් එකේ මරාගන්න එක ටිකක් බොළඳ අප්‍රසන්න අත්දැකීමක් නිසයි.( අපහාස කරනවා නම් හොඳට තේරෙන්න තමයි කරන්නේ . එක මම නලින් ද සිල්වා මහත්මයාගෙන් තමයි ඉගෙනගත්තේ )

    මම වටින් ගොඩින් වත් කෙලින්වත් පිළිගන්නේ නැහැ මගේ තර්ක විතර්ක වල දේශපාලනයක් තියෙනවා කියල. අනිත් අය ගැන මම දන්නේ නැහැ. ගොඩාක් ඈතට ගියහම හැම දේම හැම දෙකටම සම්බන්ද වෙන මට්ටමින් නම් මගේ තර්ක විතර්ක වලට දේශපාලනයත් සම්බන්ද ඇති.

    සංවාදයේදී මට දේශපාලන අරමුණු තියෙනවා. එක ඇත්ත. ඔබටත් ඇති. ඒ වුනාට මගේ තර්ක විතර්ක දේශපාලන හේතු නිසා ඉදිරිපත් කරන ව්‍යාජ ඒවා නෙමෙයි . ඒවා මට තේරෙනවා. මට ඕනේ අනිත් අයටත් තේරුම් කරන්න. ඒවා නිර්මාණය වෙන්න දේශපාලන සංස්කෘතික උත්තේජන තිබුන වෙන්න පුළුවන්. එහෙමයි කියල ඔයා කියන දේ මට තේරුනොත් මම එක මෙතනදීම කොන්දේසි විරහිතව පිලිගන්නවා . එක මට දේශපාලනිකව අවාසි වුනාට කරන්න දෙයක් නැහැ. නැත්නම් ඉතින් සංවාද වලින් ඇති වැඩේ මොකක්ද ? සංවාද වලදී ශාශ්ත්‍රීය අවංක භාවය රඳවා ගැනීම කියන එක මම තේරුම් ගන්නේ එහෙමයි. අපි සංවාද කරන්නේ අපි පාරට බැහැල කරන දේශපාලනය (මම නම් මේ දවස් වල ගෙදර) හරිද වැරදිද කියල අපිට දැනගන්න ඕනේ නිසා නෙමෙයිද ? උද්ගෝෂණ/ විරෝධතා/ පෙළපාලි හා පක්ෂ දේශපාලනයේත් සංවාද දේශපාලනයේත් වෙනස එකයි.

    මම අහපු ප්‍රසන වලින් එකකට විතරයි රිටිගල පිළිතුරු දුන්නේ. ඒ නිසා මමත් ඒ ගැන විතරයි අදහස් දැක්වුවේ . මේක රිටිගලට නොතේරෙනවා වෙන්න බැහැ . ඒ වුනත් බොහොම වංක විදිහට රිටිගල කියල තියෙනවා මගේ ප්‍රශ්න වලට රිටිගල දෙන්න හිටපු උත්තර මමම දීලය කියල. මම ප්‍රශ්න අහන්නේ මට මෙතන විවාදයක් වෙනුවට සංවාදයක් කරන්න ඕනේ නිසයි. නැත්නම් මට ඔයා ඔය ප්‍රශ්න ගැන හිතන විදිහ ගැන පොඩි අනුමානයක් තියෙනවා.
    මම ප්‍රශ්න ටික ආයෙත් මතක් කරන්නම්.
    //මෙහිදී (රිටිගල විසින්) නැගෙන ප්‍රධාන චෝදනා වන්නේ 1. නලින් ද සිල්වා මහතා විද්‍යාත්මක ක්‍රමය ම යොදාගනිමින් දැනුම නිර්මාණය කරමින් බටහිර විද්‍යාවට (ඔබ විද්‍යාව ලෙසින් හඳුන්වන්නට) ඒ ගැන චෝදනා කිරීම හා විද්‍යාත්මක ක්‍රමය නොපිළිගැනීම . 2. බටහිර විද්‍යාවේ ප්‍රයෝජ්‍ය අගය නොසලකා එහි නියැලෙන විද්යන්යයන් ගෙන් පිරිසක් පමණක් විශ්වාස කරන නිරපේක්ෂ යතාර්ථය ප්‍රශ්න කරමින් විද්‍යාව පිලිබඳ සංවාදය අල කිරීමට උත්සාහ කිරීම. මෙම චෝදනා දෙකට අනිවාර්යයෙන් පිළිතුරු සැපයිය යුතු ය . මෙහි යම් වෙනසක් විය යුතු බව හෝ නොවිය යුතු බව/ යමක් එකතු කලයුතු බව පුළුවන් ඉක්මනින් කියන්න . ඊට පසු මම ප්‍රතිචාර දැක්වීම සුදුසුයි නේ?//
    //මීට අමතරව විද්‍යාත්මක ක්‍රමය යන්නෙන් ඔබ හඳුන්වන්නේ අර ජීව විද්‍යාව කරන ළමයින්ට හා බටහිර විද්‍යාව විෂයක් ලෙස නොහදාරන අයට කියල දෙන කල්පිත -නිගමන – නියම කතා ටිකද නැත්නම් බටහිර විද්යාන්යයෝ සාමන්යෙන් වැඩ කරන විදිහද? (මට මෙතන ඔයා පලවෙනි එක කියනවයි කියල උපකල්පනය කරලා නොට ලියන්න පුළුවන් . එහෙම ඕනේ නැහැනේ.)
    අනිත් අතට ඔබ විද්‍යාව කියන වචනයෙන් හඳුන්වන්නේ කුමක්ද (අර්ථ දක්වන්න ඕනේ නැහැ – එහෙම බැහැ කියල මම දන්නවා – ඇත්තටම මට දැනගන්න ඕනේ. ඒ නිසා අදහස් කරන දේ පුළුවන් තරම් කෙටියෙන් මට කියන්න තේරුම් ගන්න පුළුවන් විදිහට)//

    මේ ගැන ප්‍රතිචාරයක් දක්වනවානම් කමතිය්. චෝදනා ඔයාගේ බව මතක තියාගන්න. ප්‍රශ්න වල අසාදාරනයක් තියෙනවා නම් කියන්න . දාර්ශනික සංවාදයට වඩා මේ සංවාදය මට වැදගත්. ඔයා පල කරන ආකල්ප වල හැටියට ඔයාටත් වැදගත් වෙන්න ඕනේ .

    දැන් මම දර්ශනය පැත්තට එන්නම්. මම නිරපේක්ෂ යතාර්ථ කතාව ඇදල ගත්තේ බටහිර විද්‍යාවේ ආදිපත්‍ය සඳහා උදාහරණ සපයන්න . තවම මම එක කරේ නැහැ. එක ඊළඟ පියවරට දාල මට දැන් දර්ශනය කතා කරන්න වෙනවා. මොකද රිටිගල නලින්ද සිල්වා මහතාගේ දර්ශනය පිලිබඳ දුර්මත කිහිපයක් පළකරමින් ඉන්න නිසා (දුර්මත වගේ වචන නිර්මානාත්මක සාපේක්ෂතාවාදයට එකඟ වෙන්නේ කොහොමද කියල කවුරුහරි අහනවනම් මම පැහැදිලි කරන්නම්. දුර්මත කියන එක ගැන සාමන්යෙන් ඔබට තියෙන අදහසින් මේ ගැන හිතාගන්න. දාර්ශනිකව ගත්තම ඔබයි මම යි අදහස් කරන්නේ එකම දේ නොවෙන්න පුළුවන්. සන්නිවේදනයට එය ප්‍රශ්නයක් නෙමෙයි .)
    රිටිගල කියනවා දාර්ශනික තලයේදී කොහොම උනත් එදිනෙද ජීවිතේදී මමයි එයයි දෙන්නම වැඩ කරන්නේ අවින්යානික ව වාස්තවික යතාර්ථයක් ගැන උපකල්පනය කරලය කියල. ඒ කතාවට කීයටවත් මම එකඟ නැහැ. ඒ නිසා දාර්ශනික තලයේදී රිටිගලගේත් මගෙත් අදහස් අතර ලොකු වෙනසක් නැති බවට රිටිගල කියන කතාව පිළිගන්න බැහැ . අනිත් එක එහෙම දෙයක් රිටිගල කියන විදිහට මම පිලිඅරගෙනත් නැහැ. මම මේ නිරපේක්ෂ යතාර්ථය ගැන මගේ ලිපි 2-3 දී ප්‍රශ්න කිහිපයක්ම ඇහුව . ඒ එකක් ගැනවත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුව මම නොකියපු දෙයක් මට ආරෝපණය කරන එක සුදුසු නැහැ.

    දර්ශනයේ වෙනසක් තියෙනවද නැද්ද කියල තීරණය කරන්න තමන් වචන වලින් අදහස් කරන දේ පැහැදිලි කරලා ඉන්න එපාය. දැන් මම කිව්වා නිරපේක්ෂ යතාර්ථයක් නැත කියන එකෙන් අපි අදහස් කරන දේ. මම කිව්වා පොල්ගෙඩි වැටීම සාපේක්ෂ සත්‍යයක් බව පිළිනොගෙන කටයුතු කල නොහැකි බවට මම එකඟ වන නමුත් සාපේක්ෂ යතාර්ථය යන වචනය යොදා ගැනීමට විරුද්ද බව. දැන් රිටිගල එකෙන් අයතා වාසියක් ගන්න හදනවා . රිටිගල අඩුගානේ කියන්න ඕනේ එයා යතාර්ථය කියන වචනේ යොදා ගන්නේ මොන තෙරුමකින්ද කියල. එහෙම නැතුව අපි ‘නිරපේක්ෂ යතාර්ථය ‘ කියල එකක් නැහැ කියන එකට ගහන්න ඕනේ නිසා එයා අදහස් කරන තේරුම යතාර්ථය කියන එකට දීල ඊට පස්සේ අපිත් අදහස් කරන්නේ එකමයි කියල අඟවල අපි කියන දේ බොරු කියල හරි තේරුමක් නැති වැඩකට නැති දෙයක් කියල හරි පෙන්නන එක වැ රදිය්.

    අපි විසින් හදා ගත්ත පොදු සම්මුතීන්ට යතාර්ථය කියල රිටිගල කියනාවානම් රිටිගල යතාර්ථය කියන වචනෙට දෙන්නේ සාමාන්‍ය තේරුම නෙමේ. දැන් එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මම ඉස්සෙල්ලත් කිව්වා එතන තියෙන්නේ වචන ප්‍රශ්නයක්. ඒ වුනාට ඊට පස්සේ රිටිගල කියනවා මේක නිසා අපි කියන කතාව වැඩක් නැහැ කියල. මේක කැත වැඩක්. අපි යතාර්ථයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ බටහිර විද්‍යාවේ උපකල්පනය කෙරෙන භෞතික හෝප්‍රවාදාත්මක නිරපේක්ෂ සත්‍යයක් නැති බවය. යතාර්ථයක් නැහැ කියන එකෙන් අපි අදහස් කරන්නේ පොදු සම්මුතීන් නැහැ කියන එක නෙමෙයි . අපි කියන්නේ පොදු සම්මුතීන් තිබුනට ඒ පොදු සම්මුතීන් වලින් එක එක පුද්ගලයා අදහස් කරන්නේ එකම දේ නොවන බවයි. ඒ නිසා පොදු සම්මුතියත් සාපේක්ෂයි. පොල් ගෙඩි පොලොවට වැටෙනවා කියන එකෙන් ඔයා අදහස් කරන දේ නෙමෙයි මම අදහස් කරන්නේ. ඒ ප්‍රකාශ අපි දෙන්නගේ ලෝක වල සත්‍ය ප්‍රකාශ. ඒ නිසයි මම කිව්වේ මම ඒ ප්‍රකාශයට එකඟ බව. අන්තිමට මම එකඟ වෙන්නේ පොල්ගෙඩි වැටෙනවා කියන එකෙන් මම අදහස් කරන දේට මිසක් ඔයා අදහස් කරන දේට නෙමෙයි.

    මේක මම ඊළඟ ලිපියේදී පැහැදිලි කරන්නම් රිටිගල අර අලුතෙන් දාපු ලිපියටත් ප්‍රතිචාරයක් හැටියට.

    Like

  10. shirantha chamara says:

    “මට මෙන්න මේ දේ විතරක් කියන්න. නලින්ද සිල්ව ඔය කියන බනේ මට හොඳට තේරෙනවා කියන එක මුලින්ම ඔබට වැටහෙනවාද? නමුත් අපි කියන බනේ ඔබට තේරෙනවද කියල අහන්න වෙනව.
    නිරීක්ෂකයාට නිරපේක්ෂව පවතින යථාර්තයක් ගැන අපිට ස්වභාවිකව තියෙන අදහසක් තියෙනවා. මේ අදහස අනුව තමයි අපි එදි නෙදා වැඩකටයුතු කරන්නෙ. ආලෝකයේ තරංග ස්වභාවය හා අංශුමය ස්වභාවය දෙකම ගැන අපි ඔනේම සිංහල බෞද්ධ උපාසකයෙකුට කියන්න ගියොත් අහන ප්‍රශ්නය තමයි “හරි මහත්තයෝ, දැන් ඔය දෙකම හරි යන්න බැහැනේ. ආලෝකයේ “ඇත්ත” සුබාවය විද්‍යාව තාම හොයාගෙන නෑ වගෙ නේද?” කියල. ඒ කියන්නෙ ඔනෑම සංස්කෘතියක ඉන්න මිනිස්සු තමන්ගෙන් පරිබාහිරව පවතින යථාර්තයක් තියෙනවා කියල හිතාගෙන තමයි ජීවත් වෙන්නෙ. මිනිස්සු ජීවත් වෙන්නේ සම්මුතීන්ගෙන් තනාගත් ලෝකයක කියන බනේ නලින්ද සිල්වාගෙන මුලිමන් අහල තේරුම් ගත්ත කට්ටිය, මේක තේරිච්ච ගමන් තමන් මහා දැනුමක් ලබාගේන් “සෝවාන්” පලයට පත් උනා කියල හිතාගන්නව. ඊට පස්සෙ නලින්ගේ ඉතුරු කතා ටිකත් අහල “සකෘදාගාමි” වෙනවා. ඊට පස්සෙ හිතනව අපි මේ තේරුම් ගත්ත සත්‍යය බටහිර චින්තනය ඔස්සේ හිතන *අනුකාරක මැට්ටන්ට* (TM) කවදාවත් තේරෙන්නෙ නෑ කියල. මොකද නලින් කියනවනේ තමන්ට විරුද්ධ කාටවත් ඕක තේරෙන්නෙ නෑ කියල.

    මුලිම තේරුම් ගන්න ඔනේ දේ තමයි ඔය කතාව “ගොඩයට මැජික්” උනාට ලෝකයට අලුත් දැනුමක් නොවේ කියන එක. බටහිර විද්‍යාවෙ ප්‍රධාන ප්‍රවාහයේ ඔය කතාව සීරියස්ලි කතාවුනේ ක්වන්ටම් යාන්ත්‍රනයේ කෝපන හේගන් විවරනය (1926) එක්ක. ඊට කලින් දාර්ශනික තලයේ තිබුනට විද්‍යාත්මක මතවාද තුලට ඇවිල්ල තිබුනේ නෑ.

    දැන් මිනිසාගේ නිරීක්ෂනයෙන් පරිබාහිරව පවතින යථාර්තයක පැවත්ම කියන “අභූත” මතවාදය. (එහෙම එකක *පැවත්මක්* ගැන ‘මිනිසාට’ කතාකරන්න අයිතියක් නැති නිසා තමයි ඒක අභූත වෙන්නේ. යමක් ‘පවතිනවා’ කිව්වොත් ඒ කියන්නෙ අපිට සාපේක්ෂව තමයි පවතින්නෙ nothing more nothing less) ගැන තේරුනාට පස්සෙ නලින් වාදින් මෙන්න මේ වැරද්ද කරනවා. දැන ඔවුන් හිතනවා සෑම දේකම පැවත්ම අපිට සාපේක්ෂය කියල කියන්නෙ “කිසිවක් පවතින්නේ නැත” කියන එකමය කියල. ඒ හින්දා “වාස්තවික වූ යථාර්තයක් ගැන කතා කිරීම අභූතය” කියන්නෙ “කිසිවක් නැත” කියන එකට සමාන පදයක් කියන එක හිතා ගන්නවා.

    මිනිසාගේ පොදු නිරීක්ෂනය හරහා ගොඩ නගාගත් සම්මුතියක් වන යථාර්ථයට තමයි අපි එදා ඉඳලම “යථාර්තය” කිව්වෙ. ඊට වඩා නිර්වචනය කවදාවත් තිබුනෙත් නෑ තියෙන්නෙත් නෑ. බෞද්ධ උපාසක මහත්තුරු විතරක් නොවේ මහා ලොකු විද්‍යාඥ්ඥයො පවා අහන්න ඇති / ඉස්සරහටත් අහයි “හැබැයි මහත්තයො දැන් ඇත්තටම තියෙන්නෙ මොකක්ද?, ඔය අපිට දැනට පේන දේ ගැනනෙ ඔය කියන්නෙ?”. එහෙම ඇහුවට මිනිස්සු වශයෙන් අපිට තියෙන්නේ අපිට පේන / අපිට සාපේක්ෂ යථාර්තයක් විතරයි.

    දැන් මේක තේරුම් ගත්ත කියල අපි මහා ලොකු පොරවල් වෙන්නෙ නෑ. මිනිසා මෙතක් නිර්මාණය කල දැනුම් ඔක්කොම “බොරු” වෙන්නෙත් නෑ. බටහිර දැනුම් ඔක්කොම මිත්‍යාවන් වෙලා අපේම කියල සිංහල බෞද්ධ දැනුමක් පහල වෙන්නෙ නෑ. කොටින්ම කියනවා නම් මුකුත්ම වෙන්නෙ නෑ.

    දැන් මේ කියන බනේ සිරාවට තේරෙනවද?”
    **//
    මෙතනත් රිටිගල මේ කරන්නේ බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී ඉඳල අපිට ගහන්න තියෙන ලොකු උවමනාවට නිරපේක්ෂ යතාර්තයට බටහිර විද්‍යාව දෙන තේරුම හංගල එකට අර පොදු සම්මුති තේරුම දීල අපි මේ කගහන්නේ පොදු සම්මුතියට විරුද්දව කියල පෙන්නන්න උත්සහ කරන එකයි.

    කොහොම උනත් මේක ටිකක් වැදගත් මාතෘකාවක් නිසා එක ගැන කතාකරන්න මට හිතෙනවා. කොහොම උනත් මේ වගේ තර්ක ඉදිරිපත් කිරීම ගැන රිටිගලට ස්තුතිවන්ත විය යුතුයි. හොයන්නේ බලන්නේ නැතුව දේශපාලන වාසි ගන්න හදන එකට විරුද්ද උනත්.

    මුලින්ම කියන්න ඕනේ මම දන්නා හැටියට ඉපැරණි සංස්කෘති වල සාමාන්‍ය මිනිසුන් අතර අද බටහිර විද්‍යාවේ භාවිතා වන තේරුමෙන් (එක මම විස්තර කරන්නම්) නිරපේක්ෂකවයක් ගැනවත් යතාර්ථයක් ගැනවත් අදහසක් තිබිල නැහැ. පොල් ගෙඩි වැටෙනවා කියන එක ඇත්ත. දෙවියන් වහන්සේ ඉන්නවා හරි නෑ හරි දෙකින් එකක් ඇත්ත. වස්තුවකට එකවර තිබිය හැක්කේ එක ස්වභාවයක් පමණි යන්න ඇත්ත. ඔයවගේ සම්මුතීන් තිබුන. මේවා සාපෙක්ෂද නිරපෙක්ෂද කියල හොයන්න සාපේක්ෂ/ නිරපේක්ෂ කියන සංකල්පවත් තිබුනේ නැහැ මම හිතන විදිහට (ආචාර ධර්ම වගේ ඒවායේදී හැරෙන්න) . ආගමික ශාශ්ට්‍රුවරුන් උනත් උනන්දු වුනේ මේ වගේ සාමාන්‍ය දේවල් ගැනයි.
    ඒ අතර ඉඳල හිටලා දාර්ශනිකයෝ බිහිවෙනවා . ඒගොල්ලන්ට අමුතු ප්‍රශ්න එනවා . මම අල්ලපු ගෙදර එකාව දකින්නේ නැතුව උ ඉන්නවයි කියල උපකල්පනය කරන්නේ කොහොමද. ? අපි දකින්නේ මායාවක්ද? මට පෙනෙන දෙමද අනිත් උන්ට පෙනෙන්නේ? අනිත් මිනිස්සු මේගොල්ලන්ට බම්බු ගහගන්න කියල උන්ගේ වැඩ කරගන්නවා . එකෙන් කියවෙන්නේ ඒ මිනිස්සු නිරපේක්ෂ යතාර්ථයක් ගැන විශ්වාස කරපු බව නෙමෙයි. ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න ගැන උවමනාවක් නැහැ. සාමාන්‍ය මිනිස්සු කවුරුවත් නිරපෙක්ෂකත්වයක් තියෙනවද නැද්ද කියල උපකල්පනය කරන්නේ නැහැ. කොහොම උනත් කවුරු උපකල්පනය කරත් අපි උපකල්පනය කරන්නේ නැහැ. මට 200% ක් විශ්වාසයි ඔයාට පෙනෙන දේ නෙමෙයි මට පෙනෙන්නේ ඇහෙන්නේ කියල. අර සිංහල බෞද්ධ උපාසක මහත්තය ‘ඇත්ත ස්වභාවයක්’ ගැන කතා කරන්නේ නිරපෙක්ෂකත්වයක් ගැනවත් සාපෙක්ෂකත්වයක් ගැනවත් සම්මුතියක් ගැනවත් අදහසක් ඇතුව නෙමෙයි. එතන තියෙන්නේ අවින්යානික ද්විකෝටිකය හා උද්ගමනය . වස්තුවකට තියෙන්න ඕනේ එක ස්වභාවයයි. එනිසා ආලෝකය එක්කෝ තරංග වෙන්න ඕනේ නැත්නම් නොවෙන්න ඕනේ. පොල්ගෙඩි එක්කෝ වැටෙන්න ඕනේ නැත්නම් නොවැටී තියෙන්න ඕනේ. මේක තමයි උපාසක මහත්තයාගේ තර්කෙ . උපාසක මහත්තය ඒ තර්කෙ කරන්නේ ජීවිතේ අනිත් තර්ක කරන විදිහටමයි.
    එහෙත් බටහිර විද්‍යාවේ නිරපේක්ෂ යතාර්ථය (reality ) කියන්නේ වෙන කතාවක්. දැන් රිටිගල කියනවා අර පොල් වැටීම වගේ පොදු සම්මුතීන්ට තමයි යතාර්ථය කියන්නේ කියල. බටහිර විද්‍යාවේදී පොල්වටීම සාපේක්ෂයි galelio ගෙන් පස්සේ. එක රිටිගලත් දන්නවා ඇති. ටිකෙන් ටික බටහිර විද්‍යාවට තේරුණා භෞතික ලෝකය සාපේක්ෂ බව. විශේෂ සාපේක්ෂතාවාදයට අනුව ඔයාට වුර්තාකාර පොල්ගෙඩියක් පෙනෙන කොට මට ඉලිප්සාකාර පොල් ගෙඩියක් පෙනෙනවා . දැන් මොන පොල් ගෙඩියද යතාර්ථ පොල්ගෙඩිය ? (මට විශේෂ සාපේක්ෂතාවාදය නැතුව ඕව පැහැදිලි කරන්න පුළුවන්- මම මේ කියන්නේ බටහිර විද්‍යාවේ වෙච්ච දේ) පොල් ගෙඩියේ පාටත් පෙනෙන්නේ වෙනස් වෙලා. ඉතින් බටහිර විද්‍යාව පෙනෙන දේ යතාර්ථය නෙමෙයි කියල නොපෙනෙන යතාර්තයකට ගියා . නිරපේක්ෂ අවකාශ කාලයට. අපිට මේක පිස්සු වැඩක්. අවකාශ කාලය නැතුව විශේෂ සාපේක්ෂතාවාදය වෙනම ගමනක් යන්න තිබ්බ. අද බටහිර දක්ෂතම ශිෂ්‍යයන්ගේ ශ්‍රමය මාන එකොළහේ නිරපේක්ෂ යතාර්ථ හොයන්න වැයවෙන්නේ නිරපේක්ෂ යතාර්තයට පින් සිද්ද වෙන්න තමයි. එඩිසන් ට faraday ට වඩා ඓන්ස්ටයින් පොරක් වෙන්නෙත් කොහෙවත් යන කළු කුහර ගැන සෛද්දාන්තික කතා කියපු hawkins අද මහා බටහිර විද්යාන්යයා වෙලා තියෙන්නෙත් ඕකට පින් සිද්ද වෙන්න තමයි. අපි කියන්නේ සාපෙක්ෂකත්වය පිලි අරගෙන වැඩ කරමු. මන් හිතන්නේ මේකෙන් පැහැදිලි වෙන්න ඕනේ දාර්ශනික හන්ගීමක් නැතුව නිකම් එකඟ වෙන ‘පොදු සම්මුතීන්’ හා නිරපේක්ෂ යතාර්ථය කියන බටහිර සංකල්පයේ වෙනස. මේක දැනගෙන හෝ නොදැන රිටිගල බටහිර විද්‍යාව ගොඩ දාන්න යතාර්තයට එයාගේ අර්ථ කතනයක් දෙනවා.
    තව අර සියල්ල පවතින්නේ අපට සාපේක්ෂව කියන එක නිරපේක්ෂ ව කිසිවක් නැත කියන එකට සමානයි තමයි. සියලු චලිත සාපේක්ෂයි කියන එකයි නිරපේක්ෂ චලිතයක් නැත කියන එකයි සමාන වෙනවා වගේම. මෙතන වචන භාවිතා වෙන්නේ භෞතික විද්‍යාවේ විදිහටයි. ගණිතයේ විදිහට නෙමේ.

    මම කලිනුත් කිව්වා ක්වන්ටුම් භෞතිකයේ කොපෙන්හගෙන් විවරණේ කෑගහල යතාර්ථයක් නැහැ කීවට එතන වෙන්නේ ක්වන්ටුම් භෞතිකය ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් විතරයි. ක්වන්ටුම් භෞතිකයේ ගණනය කිරීම් වලට කෝපන්හේගන් විවරණයෙන් සත පහක වැඩක් නැහැ. එතන ඇති යතාර්ථ ප්‍රශ්නයක් නැහැ. එකෙන් නියතිවාදය (සියල්ල කලින් තීරණය වී ඇත) කියන එකටනම් පහරක් ගහනවා . ඒ වෙනුවට සියල්ල සසම්භාවිව සිදුවේ කියනවා. එතකොට අපි හිතල මතල කරන්නේ කලින්ම තීරණය වෙන දේවල් හරි සසම්භාවිව සිද්ද වෙන දේවල් හරි. මට ඔය දෙකම අරහං .

    මේ ලිපියේ අන්තිම කොටසට දැන් පිළිතුරු දෙන්නම්. පොදු සම්මුතීන් සාපේක්ෂයි කියන එක නිර්මානාත්මක සාපෙක්ෂතාවාදෙයේ ප්‍රතිප ලයක් පමණි. එක දැනගත්තට පොරවල් වෙන්නේ නැහැ. ඒ වුනාට නිර්මානාත්මක සාපේක්ෂතාවාදයේ හරය මම විශ්වාස කරන හැටියට මෙතෙක් බිහිවී ඇති දර්ශනවලට වෙනස්. මම ඔවා කියවන්නේ නැති නිසා මට ඒ ගැන තර්ක කරන්න බැහැ . කවුරුහරි නිර්මානාත්මක සාපේක්ෂතාවාදයේ හරයට සමාන දෙයක් මීට කලින් පොතක තියෙනවා කියනවනම් මට පොතේ නමයි පරිච්චේදෙයි කියන්න වෙලාවක් හම්බුනහම කියවල බලන්නම් . වැඩිය ඕනේ නැහැ- මම අර කලින් ලිපියක තර්ක කිරීමේ ක්‍රියාවලිය ගැන විස්තරය කරේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය මත. ඕක අවුරුදු ගණනක් හිතේ තිබුනට ලිව්වේ එදයි . එකට සමාන දෙයක් හරි තියෙනවනම් මට කියන්න. නිර්මාණාත්මක සපෙක්ෂතවාදයේ හරය අපි අපේ ඉන්ද්‍රිය පද්දතින්ට හා සංස්කෘතියට සාපේක්ෂව ලෝක නිර්මාණය කරගන්නවා/ හා කෙරෙනවා කියන එක. එකිනෙකාට සාපේක්ෂව එකිනෙකාගේ ලෝක තියෙනවා. ඒ ලෝක පිටිපස්සේ යතාර්ථ ලෝකයක් නැහැ. අපට වෙනස් ඉන්ද්‍රියයන් තිබුනානම් අපිට පාට ගඳ සුවඳ වෙනුවට වෙනස්ම ආකාරයක සන්නිවේදන තිබේවි. එතකොට අපි දකින්නේ සහමුලින්ම වෙනස් ලෝකයක්. එතකොට මොන ලෝකෙද ඇත්ත ලෝකේ? මේ ලෝක දෙක පිටිපස්සේ අවකාශ කාලය වගේ යතාර්ථ ලෝකයක් හදන කොට එක අපි හදන්නෙත් අපේ මනසට හා ඉන්ද්‍රිය පද්දතියට හා සංස්කෘතිය විසින් අපව සිතීමට පුරුදු කර තිබෙන ආකාරයට සාපේක්ෂව. වෙනස් ඉන්ද්‍රිය පද්දතියක්/ සංස්කෘතියක් තියෙන කෙනෙකුටත් මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරලා වෙනස් යතාර්ථ ලෝකයක් හදන්න පුළුවන්. ඒ නිසා අර එක එක ලෝකය පිටිපස්සේ තියෙනවයි කියල අපි හදන්න උත්සහ කරන යතාර්ථ ලෝකෙත් අපිටම සාපේක්ෂයි. ඒ නිසා නිරපේක්ෂ යතාර්තයන් සෙවීමේ ගවේෂණය නවතා දැමිය යුතුයි. අර පොදු සම්මුතීන් ඇත්තටම පොදු නැහැ ඒවා එකිනෙකාට සාපේක්ෂයි. එකේ තේරුම ඒවා අයින් කරන්න නෙමෙයි. ඒවායේ සපෙක්ෂකත්වය දැනගෙන ඒවා භාවිතා කරමු. [ අන්තිමට මේ ඔක්කොම මගේ ලෝකයට මගේ ඉන්ද්‍රිය පද්දතියට සාපේක්ෂයි – ඔබේ ලෝකයේ computer එකෙන් ඔබ එය ඔබට සාපේක්ෂව කියවනු ඇත. ]

    දැන් මේ ටික දැනගත්තම පොරක් වෙන්නෙත් නැහැ. හැබැයි මේක නිර්මාණය කරපු කෙනා මට පොරක්. අඩු ගන්නේ මාව සැහෙන මර උගුල් වලින් ගලවා ගෙන සැනසිල්ලේ ඉන්න පුළුවන් දැක්මක් එකෙන් ලැබුන .

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ. නිර්මානාත්මක සාපේක්ෂතාවාදය දැනගත්තම සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩනැගෙන්නේ නැහැ. මොකද එක දර්ශනයක් මිසක් විද්‍යාවක් නෙමෙයිනේ. නිර්මානාත්මක සාපේක්ෂතාවාදයෙන් හා චින්තනය පිලිබඳ ප්‍රවාදයෙන් කියවෙනවා විද්‍යාවන් ගොඩනැගෙන්නේ සංස්කෘතියට සාපේක්ෂව බවත් වෙනස් සංස්කෘතීන් මත පදනම් වී වෙනස් විද් යාවන් හා වෙනස් තාක්ෂනයන් ගොඩනැගිය හැකි බවත්. එච්චරයි. බටහිර විද්‍යාවෙන් එහෙම දේවල් කියවෙන්නේ නැහැ. ඒ නිසා කවුරුත් එහෙම දෙයක් ගැන හිතන්නෙත් නැහැ. මෙතැනදී අපි සාර්ථක වෙයිද නැද්ද දන්නේ නැහැ. තව අවුරුදු පන්සියයකින් සාර්ථක වෙයිද දන්නෙත් නැහැ. අපි කරන මේ පොඩි දේවල් කවුරුවත් දැනගන්න එකකුත් නැහැ. විහවයක් තියෙන නිසා හා බටහිර විද්‍යාව වෙනුවෙන් මොකවත් නොකර කෑගැසීමට වඩා එක හොඳයි කියල හිතෙන නිසා අපි එක කරනවා.

    අන්තිමට මම ප්‍රයෝගික ප්‍රශ්නෙට එන්නම් . කවුරු හරි බටහිර විද්‍යාවට එරෙහි ප්‍රදාන තර්කය හැටියට පරිභෝජනවාදය යොදාගන්නවානම් එක බොහොම අසරණකමක්. එතකොට කියන්න තියෙන්නේ වැරැද්ද විද්‍යාව පාවිච්චි කරනන්ගේ මිසක් විද්‍යාවේ නෙමේ කියන එකයි. පරිබෝජනවාදය බටහිර නුතනතාවයට එරෙහි ප්‍රදාන තර්කයක් හැටියට නම් අපි යොදා ගන්නවා . ඒ වගේම නලින්ද සිල්වා මහත්මයට එරෙහිව ප්‍රධාන චෝදනාවක් ලෙස ‘සෙන සංවිධානය’ යොදාගන්නවානම් එකත් අසරණකමක්. අපි ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවේ හරයෙන් 10% ක් වත් ඉගෙනගන්නේ නැතිව ඒ වෙනුවෙන් බෙරිහන් දෙන සමාජයක . එතන දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයට එරෙහිව ප්‍රතිදෙස්පාලනයක් අපි කරනවා. සංවාද වලින් විතරක් ආදිපත්යයකට එරෙහි වෙන්න ජනමනස සකස් කරන්න බැරි බව අපි දන්නවා. විද්‍යාව වෙනුවෙන් කා ගහන ය කෑගහන්නේ විද්‍යාව ඉගෙන ගේනවත් නලින් ද සිල්වා මහත්මය වෙනුවෙන් කෑගහන අය කෑගහන්නේ නලින් ද සිල්වා මහත්මය කියන දේ මහන්සි වෙලා ඉගෙන ගෙනාවත් නොවෙන්න පුළුවන්. ඕනෑම සටනකදී එහෙමයි.
    විද්‍යාව සවිමත්ව ඉදිරියට යනවා කියන එක මට එච්චර පෙනෙන්නේ නැහැ. තාක්ෂනය සුක්ෂම වීම ලෝකයේ ඕනෑම කාලයකදී නිතර වෙන දෙයක්. එක කෙරෙන්නේ ප්‍රවාදාත්මක විද්‍යාවක ප්‍රතිපලයක් හැටියට නෙමෙයි අත්හදාබැලීම් හා දැවැන්ත ශ්‍රමයන් යෙදීම් වල ප්‍රති පල හැටියටයි. ප්‍රවාදාත්මක විද්යාවක් වර්ධනය වෙනකොට තාක්ෂණයේ පෙර නොවූ විරු විප්ලවීය මංපෙත් විවර වෙනවා. මටනම් අද එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. තාම තාක්ෂනය යන්නේ පරණ ප්‍රවාද වලින්.

    අනිත් එක මෙතන තියෙන්නේ දේශපාලන බල අධි කාරයක් විසින් බටහිර විද්‍යාවට අනුග්‍රහය දීම නෙමෙයි. මුල් යුගයේ ප්‍රශ්නේ එහෙම වෙන්න ඇති . එත් දැන් ප්‍රශ්නේ වෙනස්. අපට වැඩියෙන්ම බනින්නේ ලංකාවේ අපේ උන්නේ. බටහිර අධ්‍යාපනය විසින් බටහිර හා පෙරදිග සියල්ලන්ගේ සිතීම පාලනය කිරීම තමයි ප්‍රශ්නේ. ආධිපත්යක හොඳ දේවල් තියෙන්න පුළුවන් (මට සාපේක්ෂව හොඳ) . එකෙන් ආධිපත්‍ය සාධාරණීකරණය වෙන්නේ නැහැනේ – විශේෂයෙන් සිතීම පාලනය කරන ආධිපත්‍යයක් . අනිත් එක ඔයා ඔය කියන්නේ තාක්ෂනය ගැනනේ . බටහිර තාක්ෂනය ඉගෙනගැනීම සඳහා අර නිහාල් නෙල්සන්ගේ බයිලයක් හරවල ‘මෙව්වා බටහිර විද්‍යා – ඇවිල්ල ඉගෙනගනිල්ල’ කියල අවුරුදු 400 කට කලින් ලෝක සත්වය කෙරෙහි අනුකම්පාවෙන් ආරාධනා කරානම් අද ලෝකේ විවිද සංස්කෘති වල මිනිස්සු විවිධ ප්‍රවාද හා ක්‍රම නිපදවල හාත්පසින් වෙනස් තාක්ෂණ නිපදවල තියෙන්න තිබුන. මේ ආධිපත්‍යයට ඕනේ එහෙම නෙමෙයි. එකට ඕනේ මේ අශිෂ්ට වනචර අපිව ශිෂ්ට කරන්න. අපිට යතාර්ථය කියල දෙන්න. රුපෙර්ට් ශේල්ද්රෙක් වගේ මිනිස්සු ටිකක් මේකට එරෙහිව කෑගහනවා. අපට ඒ ගැන බලාපොරොත්තු තියාගන්න බැහැනේ . ඉතින් හැමදාම අපිට මෙහෙම තාක්ෂනය හිඟා කන්න පුළුවන්.

    වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ නිරපේක්ෂ යතාර්ථය අයින් කරලා අපිට මේ විද්‍යාව භාරගන්න පුලුවන්ද ඊට පස්සේ ලංකාවේ මිනිස්සුන්ටත් විද්‍යා අදහස් පහල වෙන්න ගනීද කියන එක. අවුරුදු කිහිපයකට කලින් කපිල පිරිස් මහත්මයත් නලින් ද සිල්වා මහත්මය එක්ක වාද කරමින් නොකිය කීවේ ඕක තමයි.

    ඊට අමතරව සන්නිකර්ෂණ කතාවටත් උත්තරයක් දෙන්නම්. දැන් මහන්සිය්. පස්සේ දවසක අයෙත් ලියන්නම්.

    Like

  11. shirantha chamara says:

    මේක කියන්න අමතක උනා. මට පෙනෙන හැටියට පොදු සම්මුතීන් සාපේක්ෂයි කියන එකට මම දෙන තේරුමයි රිටිගල දෙන තේරුමයි අතර ලොකු වෙනසක් තියෙනවා (පොඩි වෙනසක් කොහොමත් තියෙන්න ඕනේ – එහෙත් මෙතන පැහැදිලි වෙනසක් තියෙනවා) . පොදු සම්මුතීන් සාපේක්ෂයි කියන එක රිටිගල කියන්නේ මට පෙනෙන හැටියට පොදු සම්මුතීන් යනු පොදු සම්මුතීන්ය කියන තේරුමින්! ඒවා මිනිසුන්ගේ දැනුම් සම්මුතීන් මිස ඊට එහා ගිය දේවල් නොවන බව . එකට එකඟ උනත් මම ‘පොදු සම්මුතීන් සාපේක්ෂයි කියන එකෙන් අදහස් කරන්නේ පොදු සම්මුතීන් වලට එක එක මිනිසා දෙන්නේ එක එක නිරීක්ෂකයා දෙන්නේ වෙනස් තේරුම් කියන එකයි. ඒ තේරුම් පිටිපස්සේ නිරපේක්ෂ පොදු සම්මුතියක් නැහැ. මේක අපි අතර සන්නිවේදනයේදී සමහර වෙලාවට ප්‍රශ්නයක් නෙමෙයි සමහර වෙලාවට ප්‍රශ්නයක්.

    පුලුවන්නම් ඉකමනට අර ප්‍රදාන චෝදනා දෙකට එමු. එතනදී අපි ප්‍රවාද වල සාර්ථකත්වය වගේ දේවල් ගැන කතා කරමු.

    Like

  12. shirantha chamara මිතුරා බොහෝ කාලයක් වැයකොට මේ සංවාදයට එක්වීම ගැන තව දුරටත් ස්තූති වන්ත වෙනවා. මාගෙ පෞද්ගලික වැඩකටයුතු කීපයක් නිසා ඔබ බලා පොරොත්තුවන මට්ටමින් පිලිතුරු සැපයීමට මේ අවස්ථාවෙ නොහැකිවීම ගැන කනගාටුයි. ඔබේ ඉහත සටහන් වලින් පසු මම “මිතුරා” යනුවෙන් තවදුරටත් අමතයිද යනුවෙන් සැකයක් ඔබ තුල ඇතිවෙලා තිබුනා. මා එල්ලයේ විවේචන එල්ල වීම නිසා මම දුම්මල වරම අතට ගන්නෙ නෑ. හැරත් මම ‘නිර්නාමික’ චරිතයක්. ආරක්ෂා කිරීමට මාන්‍යයක් නෑ. මම මල අතට ගත්තො ඒ ඔබගෙන් ශාස්ත්‍රීයමය අවංක භාවය ප්‍රදර්ශයනය නොවෙන අවස්ථාවක විතරයි. කියන්න සතුටුයි තාමත් එහෙම උනේ නෑ.

    ඔබේ තර්ක හා ප්‍රශ්න හා ඔබ ඇසූ නමුත් මා පිලිතුරු නොදී “මගහැරිය” බවට ඔබ කරපු චෝදනා සියල්ල සාධාරනයි. කාල වේලා මදකම නිසා මා මට වැදගත් යැයි හැඟෙන දේවල් කීපයකට විතරයි පිලිතුරු දුන්නේ. අදත් මම ඒ එකකටවත් පිලිතුරු දෙන්නෙ නැතුව ඔබට එතරම් වැදගත් නොවිය හැකි නමුත් මට වැදගත් එක දෙයක් ගැන පමනක් කියනවා. ඔබේ ඉතිරි ප්‍රශ්න වලටත් කාල වේලා අරගෙන පිලිතුරු දෙන්නම්.

    අපෙ දෙදෙනාගේම සංවාද තුල කිසියම් “දේශපාලනයක්” ඇතිබව මා කිව්වා. මේක හරි අර්ථයෙන් ඔබ හා මේ සටහන් කියවන පාථකයන් තේරුම් ගත්තාද කියා මට සැකයක් තියෙනවා. මේ “දේශපාලනය” කිව්වේ ලංකාවෙ පවතින පක්ෂ දේශපාලනය ගැන නොවේ. උදාහරණයක් ලෙස මා දන්නා සියලු ජාතික චින්තන වාදීන් සිය ගුරු දේවයන් වන නලින් අනුගමනය කරමින් දැනට පවතින රෙජීමයේ දූෂිත හා පවුල්වාදී ක්‍රියාකාරකම් ඉවසමින් (යම් කොන්දේසි සහිතව) මහින්දට කඩේ යයි. නමුත් මා “දේශපාලනය” යනුවෙන් අදහස කලේ මේ ප්‍රපංචය නොවේ.

    දේශපාලන යනුවෙන් අදහස් කලේ මෙයයි. බොහෝ ජාතික චින්තන වාදින් ගේ හතවත තුල තියෙන හැඟීමක් තමයි “ජාතියක් වශයෙන්” හෝ සංස්කෘතියක් වශයෙන් අපිට “සුද්දා” සමග ඓතිහාසික ඇරියස් එකක් ඇති බව හා සිය ජාතික අනන්‍යතාව ගොඩ ගැනීම සඳහා මේ ඇරියස් එක පියවිය යුතු බව. ජාතික චින්තනය තුල ඇති බොහෝ මතවාද සකස් වන්නෙ බුද්ධියම හා ශාස්ත්‍රීය අවංක භාවය මත පදනම්ව නොව, “ඇරියස් පියවීමේ” මානසිකත්වය පදනම් කරගෙනයි. එබැවින් එක්තරා තලයකදී මේ මානසිකත්වය ඔවුන් තුලින් එලියට පනිනවා. එතැනින් එහාට එය හුදෙක් හැඟීම මත පදනම්වූ දේශපාලන න්‍යායන් තුලින් මිස ශාස්ත්‍රීය හෝ බුද්ධිමය පදනමකින් සාකච්ඡාව් කල නොහැකි වෙනවා.

    ඔබ තුලද පවතින මේ හැඟිම මේ වාක්‍යය තුලින් මතු වුනා.
    /** මේ ආධිපත්‍යයට ඕනේ එහෙම නෙමෙයි. එකට ඕනේ මේ අශිෂ්ට වනචර අපිව ශිෂ්ට කරන්න. අපිට යතාර්ථය කියල දෙන්න. **/

    ලංකාවෙ කොහේ හරි ඈත මුල්ලක ඉන්න අහිංසක ගැමියෙක් ගත්තොත්, ඒ මනුස්සයාත්, ඒ මනුස්සයාගේ මුතුන් මිත්තනුත් තමන්ගේ ගෙදරින් හැත්තම සීයක් හමාරක් ඈතින් හිටපු තමන්ගේම සංස්කෘතියෙ අධිපතීන් විසින් නින්දා අවමාන හිරිහැර පීඩා හා අසාධාරන කම් වලින් කාපු බැට වලින් පොඩි ප්‍රතිශතයක් වත් හැතැම්ම දාස් ගානක් ඈත ඉඳන් ක්‍රියාත්මක වෙච්ච ඔය කියන සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයෙන් වෙන්න නැතුව ඇති. හැබැයි දේශපාලන විසින් ඔවුන්ට උගන්වලා තියෙනවා ‘බටහිරට’ වෛර කරන්න. ඔය මානසිකත්වයෙන් ඉවත් වෙලා සංවාද කරන්න පුලුවන් නම් අපිට ගොඩක් පහසු වෙයි.

    To be continued ….

    Like

  13. shirantha chamara says:

    එහෙම වයිරයක් තියෙනවා කියන්න බැහැ නේ. මට ඔප්පු කරන්න බැහැ . මම කියන දේ පිළිගන්න.
    අර අශිෂ්ට වනචර අපව ශිෂ්ට කරන්න එන කතාව මම කියන්නේ ඇත්තට. ඔය වාක්‍යය මම campus එකේ ඉන්නකොට පත්‍රිකාවකට හැදුවේ. එක හොඳට වදින නිසා එහෙම කියන්නේ. එක නිකම් පැත්තකින් කියනවා නෙමෙයිනේ. ඊට උඩින් තව දේවල් තියෙනවනේ.
    එහෙම බටහිර වීම නිසා බටහිර ට බනින මානසිකත්වයක් මට නැහැ. නලින් ද සිල්වා මහත්මයාව හොඳින් කියවපු ගොඩක් අයටත් නැහැ (එහෙම කීදෙනෙක් ඉන්නවද කියල අහන්න පුළුවන්. මීට අවුරුදු පහ හයකට කලින් හිටියට වඩා ගොඩක් ඉන්නවා. මටත් අනිත් පැත්තට අහන්න පුළුවන් අපි නලින් ද සිල්වා වාදීන් වීම නිසාම අපි දිහා වපරහින් බලන අයද වැඩි අපිත් එක්ක අවංකව සංවාද කරන අයද වැඩි කියල. මම මේ එහෙම කරන්න කියල ඉල්ලනවා නෙමේ. මිනිස්සුන්ගේ අවංකත්වය හිඟා කන්න මට ඕනේ නැහැ. )

    හේතුවක් නැතුව බටහිරට බනින්නේ මහින්දට බනින්නේ වයිරය හින්ද කියල මම දන්නවා. ඒ වුනාට සංවාද වලදී බනගන්නේ ego එක නිසා. දෙය්යන්ගේ පිහිටෙන් මාත් එක්ක- මට විරුද්දව අවංකව බොක්කෙන් පොඩියට හරි දේශපාලනය කරපු මිත්‍රයන්ට පින් සිද්ද වෙන්න මට එහෙම නැහැ (අඩුයි- ඉස්සරට වඩා අඩුයි). එනිසා ඔයා කියන දේවල් මට අදාළ වෙන්නේ නැහැ. එක නිසා සංවාද කරන්න අපහසු වෙන්නෙත් නැහැ.

    මිනිස්සු හිතන්නේ අපට අපේ සංස්කෘතියේ සිද්ද වෙන අසාදාරනකම් ගැන හන්ගීමක් නැහැ කියල නම් එක වරදිය්. ඒවා ගැන අපි කෑ ගහන්නේ නැති වෙන්න පුළුවන්. අපි ප්‍රමුකතාව දෙන්නේ අපට විතරක් කරන්න පුළුවන් දේට. . කාටහරි ඒක කුහකත්වයක් කියල දකින්නත් පුළුවන්. එත් අනිත් පැත්ත හැරිලා බලන්න ප්‍රයෝගික දේශපාලනයේ යෙදෙන හැමෝටම ඕක කරන්න වෙනවා. එත් මම ඉස්සෙල්ල කිව්වා වගේ අපේ සංස්කෘතියේ මෙන්න මේ දේ හරිද වැරදිද අපි පිළිගන්නවද නැද්ද කියල නිශ්චිතව අහන්න. මම මගේ මතය කියන්නම්. අපේ අනිත් අයත් එහෙම කරාවි. එකට විරුද්දව ඕගොල්ලෝ කරන වැඩවලට උදව් දෙන එක තීරණය වෙන්නේ ඕගොල්ලෝ එකට නිශ්චිතව සංයුක්තව විරුද්ද වෙනවද නැත්නම් අපි විරුද්ද සමහර දේවල් promote කිරීම සඳහා එක භාවිතා කරනවද කියන එක අනුවය. අවංක උවමනාවක් තියෙනවනම් අපිට ඒවගේ ප්‍රශ්න වලදී එක්වෙන්න පුළුවන්. උදාහරනෙකට කිරිපිටි ප්‍රශ්නෙදි අපි කාර්මික තාක්ෂණ ආයතනයත් එක්ක නාථ දෙවියන්ගේ ප්‍රශ්නෙදි ඇතිවෙච්ච පරණ ඇරියස් පියවන්නේ නැහැ. අපි නිශ්චිතව සංයුක්තව සහය දෙනවා. සිංහල සංස්කෘතියේ වැරදි කියල අපි හිතන තැන නිවැරදි කරන්න වෙනත් අරමුණු වලින් තොරව ක්‍රියාත්මක වෙනවනම් අපට සහය දෙන්න පුළුවන්.

    අපි බටහිර දෙපාලනයට එරෙහිව දේශපාලන සටනක් කරාට සංස්කෘතික පැත්තෙන් අපි කරන්නේ බටහිර සංස්කෘතියට වෙනස් කිරීම සඳහා අරගලයක් නෙමෙයි .අපේ සංස්කෘතිය වෙනස් කරන අරගලයක් ( එක එහෙම පෙන්නේ නැති බව දන්නවා. අපි කරන ඒවා කොහොමත් හරියට පෙන්නේ නැහැනේ. බ ගෙට කියවල උපකල්පන ගොඩනගල ඊට පස්සේ ඒවාට අනුව අපි හැසිරෙන්නේ නැති උනාම අපි කුහකයි කියනවා.) උදාහරනෙකට මම ඔයාව, සන්නස්ගලව, දීප්තිව, ගම්ලත්ව දකින්නේ පැරණි සිංහල සංස්කෘතියේ ශාශ්ත්‍රීය අංශය නියෝජනය කරන්නන් විදිහට. එතනදී ඇත්තටම බටහිර විද්‍යාවට නිශ්චිතව එරෙහිවීමට අමතරව පැරණි සිංහල ශාශ්ත්‍රීය සම්ප්‍රදායට එරෙහි වීමකුත් වෙනවා.
    . සංස්කෘතිය අපි මත බලයෙන් පැටවීම කියන්නේ දෙශ පාලනයක් -උදාහරනෙකට ටයි එකයි කෝට් එකයි ලස්සන (මට සාපේක්ෂව) ඇඳුමක් වෙන්න පුළුවන් . මම එක දානේ නැත්තේ රස්සාවලට සම්මුක සාකච්චා වලට යනකොට එක දාන් නේ නැති උන්ව කපන නිසයි . මගේ හැකියාවට වඩා කාටහරි ටයි එක වැදගත් නම් උට පුළුවන් ටයි එකක් දාන එකෙක් හොයාගෙන ඕනේ කුද යක් ගහගන්න . මම ලෝගුව දාන්නේ නැත්තෙත් එක නැති උන්ව කපන නිසයි. දැන් ඕගොල්ලෝ මේවට විරුද්ධව කෑගහනවද? විරුද්ධ ඇති. ඒවුනාට කෑගහනවද? බඳින කොට නිලමේ ඇඳුම දානවට මම කැමති එක උඩරට රදලයන්ට විතරක් දාන්න පුළුවන් කියල හිතන උන්ට එක පහරක් නිසයි. (මෙතන කුහක වෙන්න ඕනෙත් නැහැ. හැම එකම එහෙම කරන්නේ නැහැ.) මේ කැපිල්ල ඇතුලේ ඇත්තටම සිංහල සංස්කෘතියේ ලක්ෂනත් බටහිර සංස්කෘතියේ ලක්ෂනත් තියෙනවා.

    පරණ සිංහල ජනජීඑවිතය ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මට පැහැදිලි මතයක් නැහැ. ඒවුනත් if conditions යටතේ වුනානම් වරදිය් කියන්න මට පුළුවන්. එත් ඒවායින් සේවය වෙන්නේ වෙන මිනිස්සුන්ට නිසා එක ගැන කතා කරන්නේ නැහැ. උදාහරනෙකට රතුපස්වල සිදියේදී අපිට ඇත්ත දුකක් තිබුනට ගොඩක් අ යට එක කාලකන්නි සතුටක්. අපිට ගහන්න මාර ඉල්ලමක් පෑදුන. මම දැක්ක එක පාවිච්චි කරලා බටහිර සංකල්ප ප්රෝමොටේ කරන්න දඟලපු දැඟලිල්ල. ඔය කීදෙනෙකුට ජනජීවිතයේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් තියෙනවද දන්නේ නැහැ බටහිර සංකල්ප ප්රෝමොටේ කරන්න මිසක්. මම හිතනවා අපිට ඇත්තටම අවංක උවමනාවක් තියෙනවා. අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙන විදිහේ වැරදි තියෙනවනම් අපේ දේශපාලනයේ අවුල් තියෙනවනම් අපිට ඒවා ගැන ඇත්තටම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන මිනිස්සුත් එක්ක සාකච්චා කරන්න පුළුවන්.
    මම අර පොඩි වාක්‍ය ගැන නොට ලිව. මට දාර්ශනික ආතල් වලට වඩා දේශපාලනය වැදගත්. එකයි.

    Like

  14. shirantha chamara says:

    මේ ටික කියන එක මගේ කාලය නාස්තියක් නෙමේ. මේක කියන්නේ ඔයා අර දුම්මල වරමක් අතට ගන්න එක කියපු නිසයි. අනිත් එක කිසිම සැකයක් පෙන්නන්නේ නැතුව

    ඔබ තුලද පවතින මේ හැගීම (බටහිරට ඇති වෛරය)’මේ අධ්පත්‍යයට අවශ්‍ය මේ අශිෂ්ට වනචර අපව ශිෂ්ට කරන්න’ වාක්‍යයෙන් පෙනුනි”

    කියල ආධානඝාභිව කියපු නිසයි. ඊට පස්සේ කියල තිබ්බ මේ මානසිකත්වයෙන් ඉවත් උනොත් සංවාද කරන්න ලේසි වේවි කියල. මේක අපහාසයක් කියල මට පස්සේ වෙලාවක එකපාරට තේරුණා.

    සාමාන්යෙන් ඔය වගේ දේවල් මම මගහැරලා යනවා වැදගත් දේවල් කතා කරනකොට . එහෙත් කීයටවත් මේ වගේ තැනකදී එක කරන්නේ නැහැ. එක මගේ යුතුකම පහර හැරීමක්. ඔයා සංවාදේ පටන් ගන්න කොටත් කිව නලින් ද සිල්වා මහත්මයාගේ අනුගාමිකයන් සාමන්යෙන් තීරණාත්මක තැන වලදී ‘intellectual dishonesty ‘ ප්‍රද ර්ශනය කරන බව. මම මොකවත් නොකිය හිටිය. දැන් කිසිම හේතුවක් නැතුව ආයෙත් ඒ වගේම කතාවක් ඇදල අරන් තියෙනවා . මම දන්නේ නැහැ මේ සංවාදෙට එක කොච්චර අදාලද කියල.

    මගෙන් ශාෂ්ත්රීය වංක භාවයක් ප්‍රදර්ශනය උනොත් මට කියන්න. ඊට කලින් ඕක සරින් සැරේ මතක් කරන්න ඕනේ නැහැ. ඔයා උද්ගමනයෙන් හිතනවා ඇති නලින් ද සිල්වා මහත්තයාගේ හැම එකාම ශාශ්ත්‍රීය වංක යි බටහිරට වෛර කරනවා කියල. ඒක හිතාගෙන ඉන්න. මාත් එක්ක කරන සංවාදෙට ඕක ගාවගන්න එපා. ඔයා හිතන්නේ ඔයාගේ යහළුවෝ ඔක්කොම ශාෂ්ඨ්රීයව අවංක බුද්ධිය මත මිසක් හන්ගීම් වලට යටවෙලා සංවාද නොකරන සුදනෝ ටිකක් කියලද? කීයටවත් එහෙම නැහැ. උදාහරනෙකට මම මේකේ මුල් ලිපියට (නෙව්ටෝනිය න්‍යායන් ඉගෙනගැනීමේ වැදගත්කම) ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ එකයි. දැන් මම ඕක කොයි වෙලාවේ හරි මතක් කරාද? මෙතන අපි කවුරුත් සුදනොත් නෙමෙයි අපි නියෝජනය කරන්නේ සුදනන්වත් නෙමෙයි.

    කොහොම උනත් ඕනෙනම් අපි එක ගැනත් සංවාද කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ.

    නලින් ද සිල්වා මහත්මය එක්ක ඉන්න බහුතරයක් තමන් ගැන පාලනයක් තියෙන, පෙරදිග හරි බටහිර හරි ක්‍රමේකට සංවාද කිරීම පිලිබඳ ශික්ෂණයක් ලබාගත්තු අය නෙමෙයි. උන් අවංක ගොඩයෝ . මාත් අවංක (ඉඳල හිටලා කුහක උනත්) ගොඩයෙ ක්. ඕගොල්ලෝ කියන විදහට පුගුලෙක්. ඒ වුනාට මම සහ සමහර අය සංවාද කිරීම පිලිබඳ ශික්ෂණයක් ලබාගෙන තියෙනවා. මම බටහිර අද්යාපනයෙන් වගේම නලින් ද සිල්වා මහත්මයාව ඇසුරු කිරීමෙන් මිත්‍රයන්ගෙන් ගුරුවරුන්ගෙන් සංවාද කිරීම පිලිබඳ ශික්ෂණයක් ලබල තියෙනවා. (ශික්ෂණය සාපේක්ෂයි- අපි එකඟ වෙන ටික විතරක් ගමුකො)

    දැන් අපේ අය සංවාදේ මගදී ‘අනුකාරක පඬිය’, ‘මැට්ට ‘ වගේ දේවල් නලින් ද සිල්වා මහත්තයාගේ හයිය ඇඟට අරන් කියන එකට මම විරුද්ධයි. එක ශාශ්ත්‍රීය නැහැ (අවංක නැහැයි කියන්න බැහැනේ ), සංවාදයට බාධාවක්, නොහොබිනාකමක්. (ඒවා සංවාද වලදී කියනවට විතරයි විරුද්ධ. ගෙදරදී මාත් කුණුහරුප කියනවා)

    ඒ වුනාට මට එක තේරුම් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ශි ක්ෂණයක් නැහැනේ. ශික්ෂ නයක් නැතුව හරි තර්කනය පිලිබඳ පුහුණුවක් නැතුව හරි තමන් විශ්වාස කරන දේ වෙන්වෙන් පෙනී සිටීම හා රිටිගලල එක්ක හැප්පීම පිළිබඳව මට ඒගොල්ලෝ ගැන ගරු කිරීමක් තියෙනවා. (ego එක හා වාසිය වෙනුවෙන් එහෙම කරන්නන් ගැන හැර) . ඔයාටත් ඔයාගේ නිරාගමික මිත්‍රයෝ ගැන එහෙම ඇති.

    මට තේරුම් ගන්න බැරි ශික්ෂණයක් තියෙනවයි කියල කෑ ගහන මිනිස්සු ඇයි අවංකව හැසිරෙන්නේ නැත්තේ කියල.

    මම කෙලින්ම උදාහරණ ටිකක් ගන්නම්.
    දැන් ඔයා මගේ විවේචනයට භා ජනය වුනු ලිපිය පටන් ගන්නේ මෙහෙමයි.

    //shirantha chamara ඔබ මට එච්චර කියන්න දෙයක් ඉතුරු කර නැහැ. මන්දයත් ඔබ නැගූ ප්‍රශ්නවලට මා ලබාදෙන්න කල්පනාකරපු උත්තර ඔබම ලබාදීල තියෙනවා. ඔතනින් එහාට ඔය දේවල් ගැන කතාකිරීමට වචන වල සීමාසහිත බව, සෑම සංකල්පයක්ම හරියාකාර විස්තර් කිරීමට අපට ඇති නොහැකියාව වගේ සීමාවන් අතික්‍රමනය කරන්න වෙනවා.//

    ඊට පස්සේ මම ඕක විවේචනය කරහම ඔයා කියනවා කාල වෙලාව මදි නිසා උත්තර දුන්නේ නැහැ කියල. මම ඕක අතහැරලා දැම්ම. වැඩක් නැති නිසාත් ප්‍රශ්න වලට පිළිතුරු නොදීම වැරදි බව පිළිගත්තු නිසාත් . ඒ වුනාට සරින් සැරේට අපි නිකම් හැ ගීම් වලින් සංවාද කරන එවුන් කියල එක්තරා මට්ටමකින් එහාට අපිත් එක්ක සංවාද කරන්න බහ කියල අඟවන කොට මං වෙනුවෙන් නෙමෙයි අපේ අනිත් අ ය වෙනුවෙන් මේ වගේ දේවල් හෙළිදරව් කරන්න මම තීරණය කරා. ඕගොල්ලොත් හැසිරෙන්නේ අපි වගේම තමයි. මේක අවන්කභාවයද කියල මම දන්නේ නැහැ. මම හින්ද මෙහෙම කීවට එච්චර තර්ක කරන්න දන්නේ නැති මිනිහෙක් ඉස්සරහ ඔයා කොහොම හැසිරෙයිද කියල මට ප්‍රස්නයක් ඇති වුනා. බටහිර ශාශ්ත්‍රීය සංවාද වලදී ඊළඟ පියවරට එන්නේ වැරැද්දක් උනාම එක කෙලින් පිලි අරගෙන මිසක් බොරු නිදහසට කරුණු දක්වල නෙමෙයි. (හැම බටහිරයම එහෙම නැහැ- එත් අපි ආදර්ශයට ගන්න ඕනේ බටහිරයෝ එහෙමයි) . මම ඕගොල්ලන්ව සිංහල ශාශ්ත්‍රීය සම්ප්‍රදායේ නියෝජිතයන් විදිහට දකින එක හේතුවක් (පොඩි එකක්- ප්‍රධාන එකක් නෙමේ) තමයි ඕක.

    ඊළඟට අර තර්ක විතර්ක වල දේශපාලන කතාව. ඔයා ඕක නිකම් නෙමෙයි කිවේ මෙන්න මෙහෙමයි කිවේ.

    //කෙසේ වෙතත් ඔබ ඍජුවම නොවුනත් වටින් ගොඩින් එක් වැදගත් කරුනක් පිලිඅරගෙන තියෙනවා. මීට කලින් මාත් ඔය කතාවම මයියාට කිව්වා. එනම් මේ සියලු තර්ක විතර්ක වල කිසියම් ‘දේශපාලනයක්’ තියෙන බව.//

    ඔයා ගිහින් ඔයා ඔය මය්යට උත්තර දීපු ලිපියයි මම වටින් ගොඩින් පිලිගත්තයි කියන ලිපියයි කියවල බලන්න ඔයා ඒ වෙලාවේ ඇත්තටම අදහස් කරේ දැන් අදහස් කරන දෙමද කියල. ඊට පස්සේ වෙලාව අරගෙන මට අවංකව උත්තරයක් දෙන්න.

    තව තියෙනවා. මම හිතන්නේ නිරාගමිකයන් ලෙස රිටිගල ජයසේන වගේම බුද්ධික තාම්බුලුගල කියන කෙනත් මම දැකල තියෙනවා අර අපෙයි අනිත් අයගෙයි ශික්ෂණය (ඒ වචන වලින් නෙමෙයි) ප්‍රශ්න කරමින් ඉන්ටෙර්නෙට් එකේ කෑ ගහනවා. ඊයේ හරි පෙරේද හරි මගේ යාලුවෙක්ගෙ (nidhan perera ) facebook පිටුවේ මෙයයි තිලාන් කොස්තා කියල මගේ පරණ යහළුවෙකුයි අතර ගබ්සාව ගැන විවාදයක් ගියා. අර තිලාන් කොස්තා නලින් ද සිල්වා මහත්තයගේවත් කාගෙවත් ගෝලයෙක් නෙමෙයි. යතාර්තවාදියෙක්. මෙයා අනුකාරක මැට්ට කියල බැන්නෙත් නැහැ. බොහොම සාදාරන ප්‍රශ්න ටිකක් ඇහුවේ. දෙන්නම ටිකක් ගහගන්න ට්ය්පේ එකෙන් තමයි කතා කරේ. කොහොම උනත් බොහොම සාදාරන ප්‍රශ්න ටිකක් ඇහුවේ. බුද්ධික තම්බුලුගල කලේ මොකක්ද ටික වෙලාවකින් මුකුත් නොකිය සංවාදේ නැවැත්තුව. සාමාන්යෙන් මම නම් ඒ වගේ වේලාවකදී කියනවා – මේ සංවාදේ කෙළවරක් වෙන්නේ නැහැ- ඒ නිසා නවත්තමු කියල. එක තමයි මම අනිත් එකාට දෙන ගරුත්වය. හරි කමක් නැහැ. ඊට පස්සේ ඔයා අර මාව බන්දවපු ‘secular ශ්‍රී lanka ‘ අඩවියේ ටිකක් පල්ලෙහාට ගියහම මෙන්න මේ බුද්ධික තාඹුල්උගල මනුස්සය සිද්ධ වෙච්ච දේ විස්තර කරලා අර ප්‍රශ්න වලට අතන උත්තර දීල අර තිලාන් කොස්ත කියපු දේවල් විකුර්ති කරලා.

    ඕක තමයි ඕගොල්ලන්ගේ ශාශ්ත්‍රීය අවන්කභාබය. එක ශාත්රීය වෙන්නෙත් අවංක වෙන්නේ තර්ක කරන්න දන්නේ නැති එච්චර ඉගෙනගෙන නැති මිනිස්සුන්ව තලලා පාගල දාන්න ඕනේ උනහම විතරයි.

    අර බටහිර ගැන වෛරයක් නැහැ කියපු කතාව පැහැදිලි කරන්න ඕනේ – සුද්දෝ ගැන වයිරයක් නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම එකක් තියෙනවා. එක අපි අමුත්වෙන් ඇති කරන්න ඕනේ නැහැ. අවුරුදු දෙසියයක් යටකරන් හිටියනේ. දෙමල මිනිස්සු ගැනත් සිංහල මිනිස්සුන්ට තියෙන්නේ ඒ වගේ ඓතිහාසිකව පරම්පරාවෙන් එන වයිරයක්. වර්ගොත්තමවාදයක් නෙමේ. බොදුබල සෙන වගේ යට වයිරයට අමතරව වර්ගොත්තමවාදයක් තියෙනවා. (බටහිර ප්‍රධාන රටවල් වල එක ඉස්සර තිබ්බ – දැන් අඩුයි- එත් නෂ්ටාවශේෂ ඉතුරුවෙලා තියෙනවා- ඒවා මැරිච්ච ඒව නෙමෙයි. අදදටත් එකෙන් හානියක් තියෙනවා ) ඔබාමා ගැන වෛරයක් තියෙනවා – අපේ ජනාධිපතිතුමා එක්කත් වෛරයක් තියෙනවා එක දෙයක් ගැන විතරක් ගරුත්වයක් තියෙනවා – බටහිර දේශපාලනය ගැන වෛරයක් තියෙනවා. අපේ දේශපාලනය ගැනත් වෛරයක් තියෙනවා. බටහිර විද්‍යාව එක්ක වෛරයක් නැහැ. නිශ්චිතව නෙටෝන් යාන්ත්‍ර විද්‍යාව, සාපේක්ෂතාවාදය, ක්වන්ටුම් භෞතිකය ගැන කතා කරනවට විරුධ්ධත් නැහැ. මම හිතන්නේ අපි වෙන්න ඕනේ ඕව වැඩියෙන්ම කතා කලේ. අනිත් අ ය අපිට ඕනේ විදිහට කතා කරන්න ඕනෙත් නැහැ අපි අනිත් අ යට ඕනේ විදිහට කතා කරන්න ඕනෙත් නැහැ. සංවාද කරන්න පුළුවන් .විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියනකොට විරුද්ධයි. එත් ඒවාට සාමන්යෙන් අපි අතදාන්නේ නැහැ. ඒවුනාට අපට එරෙහිව අපි ගැන සඳහන් කරලා බටහිර විද්‍යාව වෙනුවෙන් කතා කරනකොට අපි අ ත දානවා. බටහිර විද්‍යාව ඉගෙන නොගෙන තර්ක කරන්න එනකොට පොඩි තරහක් යනවා. ඉගෙනගන්නේ නැතුව අපි කියන දේ අහන්නේ නැතුව අපේ මතය ට ගහන කොට ලොකු තරහක් යනවා. තර්ක කරන කොට අපි දෙන උත්තර බල්ලට ගණන් ගන්නේ නැතුව තව තව තර්ක කරනකොට තව තරහ යනවා. අවස්ථාවාදීව තර්ක කරනකොට තරහ යනවා. පැහැදිලි ඇති. දෙවිවරු නෙමෙයි. එනිසා තරහ යනවා. නිශ්චිත සංයුක්ත කරුණු සම්බන්දයෙන්.

    Like

    • shirantha chamara says:

      මගේ නිවාඩුකාලය නිසා රිටිගලගේ ලිපි ටිකක් කියෙව්වා. රිටිගලව ‘සන්නස්ගලගේ, දීප්තිගේ,’ ගොඩට දැමීම වරදිය්. ඊට වඩා ස්වාදීනත්වයක් හා ප්‍රශ්න වලට බහුභූත උත්තර නොදීමේ ගුණයක් රිටිගල තුල තිබෙන බව පිළිගත හැක. ප්‍රතිචාර කිහිපයකින් මිනිසුන් මැනීමට යාමේ ප්‍රතිපලයක් හැටියටයි එක මා අතින් වෙලා තියෙන්නේ. . ඔබටත් මා සම්බන්දයෙන් එහෙම වුන බව මම හිතනවා .අනික් විවේචන තවමත් වලංගුයි. අර ශාශ්ත්‍රීය අවංකභාවය වගේ දේවල් ඇදල නොගෙන ඉමු. අනිත් එක හිතේ තියෙන දේවල් මානසිකත්වයන් මනින්න යන්නේ නැතුව ඉමු.

      Like

      • The feelings and the mistakes and the prejudices could be mutual, Srirantha. I do agree.

        I might find some time towards the weekend to respond to this thread further. I hope you don’t mind me switching to English as it is much faster for me to write in English. (as I ave not still mastered the art of typing in Sinhala Unicode fully)

        Like

  15. shirantha chamara says:

    although i can understand english stuff well my writing is poor due to poor vocabulary. so i’ll be glad if you can continue in sinhala (words matter )- time is not a problem to me. but may be that you feel your time is getting wasted by sinhala unicode – so it is upto you. you got to be familiar with it someday if you r to talk to sinhala readers no. if it is necessary then ok.

    Like

    • shirantha chamara says:

      i gave a second thought. sorry . this is not acceptable. words matter. it is ok if we had started the discussion in english- even though my vocabulary is poor i would have managed -not now. it may even be that i am far weeker in sinhala typing than you.

      Like

  16. nuwarasira says:

    මෙතන ඉතා වැද්ගත් සංවාදයක් සිදුවෙන බව පෙනෙනවා. මැද්දට පනිනවාට සමාවෙන්න. නමුත් මමත් දෙයක් කියන්න හිතුවා.

    මහත්මයා විස්තර කරන ආකාරයේ දැනුම ආදිපත්‍යක් ඇතැයි කියන එක ඇත්තක් කියල හිතෙනව. මීට කලින් ජාතික චින්තනවාදීන් එක්ක ඔය ගැන වාදකලත් ඕක ඔච්චර හොඳට ඉස්මතුවුනේ නැහැ. පහන හෙලවුනේ අර නියමයෙන්, අහවල් කොන්ටම් මෙව්ව එකෙන් කියල කියන අවස්තා සාදරන ප්‍රකාශ ලෙසත් පහන සෙලෙව්වේ බූතයාය කියන එක කිසිසේත් පිලිගත නොගත හැකි කාතාවක් ලෙසත් දැක්වෙන්නෙ මේ දැනුම ආදිපත්‍ය නිසා කියන එක පැහැදිලියි.මෙතන ගැටලුවක් ඇති බව පිලිගන්නව.

    නමුත් ජාතික වාදයෙ තියෙන්නෙ තියන දැනුම ආදිපත්‍යයට විකල්ප හෝ පූරනයන් දෙනවාට වඩා තියන ආදිපත්‍ය වෙනුවට තව එකකින් රිප්ලෙස් කරන්න යෑමක් ලෙසයි මා දකින්නෙ. දැන් ඔබතුමා කියනව ඔබට පෙනෙන විදිහටම නෙවේ වෙන කෙනෙකුට පෙනෙන්නෙ කියන එක ගැන 200%ක් විශ්වාසයිකියල.මම හිතන්නෙ බොහෝ නි.ශා. වාදීන් පිලිගන්නේත් එයමයි. එහෙම තත්වයක් පිලිගන්නා අය පුද්ගලිකත්වය් කියන දේට යම්කිසි වටිනාකමක් දෙන්න ඕන ඇයි ඉතින් තමුන්ට හොඳ දේ දන්නෙ තමුන් විතරනෙ. නමුත් නි.ශා වාදීන් සියල්ලන්ම වාගේ උග්‍ර කන්ඩායාම් වාදීන්. වෙනස් වෙනස් විදිහට ලෝක දකිනා පුද්ගලයින්, එකිනෙකා අසතුටට පත් නොකර තම තමුන්ගේ ලෝකවල හැටියට සතුටෙන් ඉදීම සඳහා සම්මුතියක් ඇතිකර ගැනීම (ඒහිකවාදයෙන් ද මේ ගැන කතාකරයි ) පවා නි.ශා වාදීන් ප්‍රතික්ශේප කරයි. “මා මෙයට කැමැති නැත, නමුත් කාටවත් කරදරයක් නැතුව එය කරන කෙනුකුට විරුද්ධ වීමට මට අයිතියක් නැත” යන්න නි.ශා වාදීන් කවදාවත් කියන්නේ නැත. එමෙන්ම නලින් මහතා කෙලින්ම “ඊනියා භාශන නිදහස” වැනි වචන පාවිච්චි කරයි. මේවා නි.ශා වාදයට සම්පූර්නයෙන් පරස්පරවේ.

    ඔතන ඇත්තේ “මගේ ලෝකය හා ඔබේ ලෝකය” කතාවක් නොව “මගේ ලෝකය අනුව ඔබේ ලෝකය” කිය කතාවක් බවයි මට පෙනෙන්නට ඇත්තේ

    Like

    • shirantha chamara says:

      වැඩි දෙනෙක් මැද්දට පනින තරමට කමතිය් මම නම්. අපි හැමෝටම අදහස් තියෙනවා. ඔබ දක්වා ඇති අදහස් සමග මට ප්‍රශ්නයක් නැත. නිර්මානාත්මක සාපෙක්ශාතාවාදින් ගැන කියා ඇති දෙයට දීමට ඇති එකම පිළිතුර නම් ඔබ මෙහි අදහස් කරන්නේ මම එය කියවන විට වැටහෙන දෙයම නම් එසේ කියන අය නිර්මානාත්මක සාපෙක්ෂතාවාදීන් නොවන බවය. ලංකාවේ නිර්මානාත්මක සාපෙක්ෂතාවදෙන් කී දෙනෙකු සිටිනවාදැයි මම නොදනිමි. මම දන්නා මම නිර්මානාත්මක සාපෙක්ෂතාවාදෙන් ලෙස හඳුනාගන්න අය අනුන්ගේ ලෝක වලට අනවශ්‍ය ලෙස අත දමන්නේ නැත. (යම් ප්‍රමාණයකට අප අත දමන බව අපි සැවොම පිළිගත යුතුය. නිතිය යනු කුමක්ද? අපේ ලෝකවලට අත දැමීමය.). අපි හොඳ නරක ගැන සාකච්චා කල යුතුය. සාපෙක්ෂකත්වය රඳවා ගන්නා ගමන් සම්මුති වලටද එළඹීම මිනිස් අවශ්‍යතාවයකි. අපි අනාදිමත් කාලයක සිට එය කරමු. අප කරන්නේ අපේ සම්මුතියට එකඟ වීමට ආරාධනා කිරීමකි. නිරාගමිකයන් කරන්නේද එයමයි. මේ අතර ඇතැම් අය කොලේ වසා ගසති. රවට්ටති. බලහත්කාරය යොදති. එකඟ නොවන්නන්ට එකඟ නොවීම ගැන අහේතුකව අපහාස කරති. එවැනි පසුබිමක අප සියල්ලන්ම හැගීම් වලට යම් මට්ටකින් වහල් වේ. මා කලින් ද කියූ පරිදි අප බලාපොරොත්තු වන්නේ නිහාල් නෙල්සෝන් මෙන් තමන්ගේ ලෝකයේ ඇති වටිනා දා රැගෙන යන ලෙස මානව දයාවෙන් ආරාධනා කරන ලෝකයකි.

      භාෂණයේ නිදහස යන කියමන ඊනියා එකකි. මින් අප අදහස් කරන්නේ මිනිසුන්ට කතා කිරීමට නිදහසක් නොතිබිය යුතු බවද? නැත. අප පවසන්නේ හුදු මිනිසුන් සමුහයක් සමාජයක් බවට පත්වන්නෙම භාෂණයේ නිදහස වැනි දේට සීමා පැනවීමෙන් බවය. (මේ සමහර දේ අප යයි කිවත් මගේ අදහස්ය. නලින් ද සිල්වා මහතාත් අනෙක් එවන්නනුත් මා හා එකඟ බවට මට මට විශ්වාසය. එබැවින් අප යයි කියමි) මිනී මැරීමට අනුබල දෙන ප්‍රකාශ කිරීඑම තහනම් විය යුතුය. ඇතැම් දේ තහනම් කල යුතුද නැද්ද යන්න තෙරණය කල යුත්තේ සංවාදය මගිනි. එහෙත් සංවාදය මගහැරීම සඳහා ‘භාෂණයේ නිදහස’ වැනි වචන වලින් දමා ගසනු මම දැක ඇත්තෙමි. එවැන්නන් තමන්ට තහනම් කිරීමට අවශ්‍ය දේ තහනම් කිරීම සඳහා තර්ක කරති. (ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු යම් යම් දේ තහනම් කිරීම බලාපොරොත්තු වන්නේ යයි සිතමි) . අනෙක් මිනිසුන් තහනම් කිරීමට අවශ්‍ය දේ පවසන විට භාෂණයේ නිදහස වැනි වචන වලින් දමා ගසති. මේ නිකම් වචන පමණය. තහනම් කල යුතු දා ඒ ඒ අවස්ථා වලත් ඇතැම් විට පොදුවේත් කෙරෙන සංවාද මගින් තීරණය කල යුතුය. විද්‍යාත්මක ක්‍රමය යන්නද එවැනි වචන පමණි. අපට භාෂණයේ නිදහස යන අවස්ථාවාදී සංකල්පය යොදා නොගෙන ඉගිලෙන මාළුවෝ තහනම් කල යුතුද නැද්ද යන්න ගැන සංවාදයක් කල නොහැකිද? ප්‍රකාශනයේ නිදහස යන අවස්තාවාදේ සංකල්පය යොදා නොගෙන මිනිසුන්ට පාරේ හැගීම් ඇවිස්සෙන වෙළඳ දැන්වීම් පලකල හැකිද නැද්ද යන්න සංවාදයක් කල නොහැකිද? කිරිපිටි ගැන ෆොන්ටෙර ආයතනයට යම් යම් වෙළඳ දැන්වීම් පල කිරීමට නොහැකි වීම භාෂණයේ නිදහසට එකඟද? භාෂණයේ නිදහස විද්‍යාත්මක ක්‍රමය වැනි තේරුමක් නැති වචන නොයොදා මිනිසුන්ට සංවාද කල නොහැකිද? එසේ කරන්නේ ඇයි ?. එසේ කරන්නේ නුගතුන් සංවාද වලින් ඈත කිරීමටය. බය කිරීමටය. තමන්ට අවශ්‍ය දේ තමන් කැමති දේ පමණක් කරගැනීමටය. නිර්මානාත්මක සාපෙක්ෂතාවදීන් අතරද එවැන්නන් සිටිය හැක. ඊට එක හේතුවක් අනවබෝධය විය හැක. අනික නම් හිතට වහල් වූ විට දර්ශනය අමතක වීමය. නලින්ද සිල්වා මහතා සම්බන්දයෙන් එය එසේ නොවේ. ඒ සම්බන්දයෙන් නිශ්චිත කරුණක් ගැන සාකච්චා කිරීම අපට අවශ්‍ය නම් කල හැක. (සමාජ කරුණු තේරුම් ගත හැක්කේ නිශ්චිත උදාහරණ ඇසුරෙන් යයි සිතමි. අප අනා ගන්නේ තේරුමක් නැති වචන වල පැටලීම නිසායි සිතමි).

      මා ලියු දෑ කියවීම ගැන හදවතින්ම බොහොම ස්තුතිය්.

      Like

      • shirantha chamara says:

        නිරාගමිකයන්ගේ facebook අඩවිය ගැන මතක් වන විට කේන්ති ගියත් මේ අදහස් මෙහි දැක්වීමට ඉඩ දීම ගැන බොහොම ස්තුතිය්.

        Like

        • shirantha chamara says:

          භාෂණයේ නිදහස ගැන යමක් කීමට ඉඩ දෙන්න. මම සිතා සිටියේ මෙය විකාරයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙන බවය. එහෙත් දැනුම් ආධිපත්‍යයේ තරම මා මේ අවුරුදු දෙක තුනේදී දුටිමි. මා සමග පාසලේ සිටි මම දන්නා දක්ෂතම මිතුරා මට අවුරුදු 5-6 කට පසු හමුවන විට මේ වචනයෙන් දමා ගසන්නෙකු වී සිටියේය. එදින මම බෙහෙවින් කම්පනය වුයෙමි. ඔහු නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නොවුවත් යම් ආකාරයකට ඊට ආසන්න ඔහු විසින් ගොඩනගාගත් දර්ශනයක් විශ්වාස කරන්නෙකි. අනෙකුන් ගැන කවර කතාද?

          Like

      • දීර්ඝ ලෙස් සංවාද කිරීමට කාල වේලා නොතිබුන නිසා, කල් ගත්තද, කෙටි අදහසක් සඳහා කාලය ඇති බැවින් එක් කරුනක් ගැන පමණක් කතා කිරීමට සිතුවා. “භාෂනයේ නිදහස” ගැන ශිරන්ත කියූ දෙයින් මට හදිසියේම වැටහුනා “විද්‍යාත්මක ක්‍රමය” ගැන ශිරන්තගේ ආරාවුලේ ස්වභාවයත්. ඇත්තටම “භාෂනයේ නිදහස” මෙන්ම “විද්‍යාත්මක ක්‍රමය” ගැන ශිරන්ත දැක්වූ අදහස් ඉතාම වටිනවා සහ නිවැරදියි. මේවා එකක්වත් කිසිම සීමා මායිම් නැති, ශුද්ධවූ, වචනාර්ථයෙන් පමණක් ගතයුතු දේවල් නොවේ. ශිරන්තට ඇති ආරාවුල මේ දේවල් ශුද්ධවූ නිර්වචන ලෙස ඇතම් ලිබරල් නූතනවාදීන්විසින් භාවිතා කිරීම වෙන්න පුලුවන්. මේ වචන එකක් වත් මන්තර වගේ මතුරන්න පුලුවන් දේවල් නොවෙ. මං හිතන්නෙ එහෙම කවුරු හරි හිතනවානම් ඔවුන් ලිබරල් නූතනත්වය වැරදි කොනින් අල්ලාඅ සිටින්නන්.

        දැන් ලිබරල් නූතනවාදීන් “භාෂනයේ නිදහස” ගැන කියනකොට. “එහෙම නම් මිනී මරන්න අනුබල දෙන ප්‍රකාෂනත් කරන්න ඉඩ දෙන්නෙ ඔනේද?” කියල තර්ක කරල ඒක ඊනියා නිදහසක් කියන සංරක්ෂවාදීන් ගමන් කරන අනික් අන්තය තමයි “අපේ ගෝත්‍රික මතවාද වලට නොගැලපෙන දේවල් කතා කල නොහැක” කියන “භාෂනයේ නිදහසක් නැත” කියන අන්තය. (මෙතැන ගෝත්‍රික කියල කිව්වෙ කිසියම් සමාජයක්/සංස්කෘතියක් කියන එක. ඒක “නිර්-ආගමික ගෝත්‍රය” වෙන්නත් පුලුවන්. අපහාස කිරීමෙ අදහසකින් නොවෙ, ඒ වචනය පාවිච්චි කලේ. )

        “භාෂනයේ නිදහස” කියන සංකල්පයක් තියෙනකොට තම්යි අපිට ඒකෙ සීමා මායිම් ගැන කතා කරන්න වත් පුලුවන්. ඒ හින්දා “භාෂනයේ නිදහස”, “ආගමික නිදහස” “පුද්ගලිකත්වය”, “මානව හිමිකම්” වැනි නලින් ද සිල්වා විසින් “ඊනියා” ලේබල් එක අලව්ල තියෙන නූතන සංකල්ප අඩු ගනනේ සංකල්ප විදිහට තියෙන නිසා අපිට ඒවයෙ සීමා මායිම් හා අඩුපාඩු ගැන කතා කරන්න පුලුවන්. ඊට පස්සෙ සාකච්ඡා සම්මුතීන් වලින් ඒවායෙ සීමා මායිම් තීරණය කරන්න පුලුවන්. ඒවායෙ සීමා මායින් තීරනය කරනකොට අපිට කොතනකදි හරි subjective value judgement එකක් ගන්න වෙනවා. ඒක එහෙම තමයි. මේවා එකක වත් සීමා මායිම් objective නොවේ.

        දැන් ‘පියාඹන මාලු’ තහනම් කරනවාද නැද්ද යන්න සාකච්ඡා කරනකොට “භාෂනයේ නිදහස” කියන සංකල්පය අනිවාර්යයෙන්ම ඔනේ වෙනවා. එහෙම සංකල්පය තිබුනෙ නැත්ත්ම එතැන කතා කරන්න දෙයක් ඇත්තේම නෑ. මොනව කතා කරන්න ද “මේ වගේ මල විකාර” තහනම් කරල හදපු එවුන්ටත් දඬුවම් දෙන්න ඔනේ, කියල කවුරු හරි කියයි. කතාව එතැනින් ඉවරයි. බොහෝ මුස්ලිම් රටවල වැඩ සිද්ද වෙන ආකාරය දන්නවනෙ අන්න එහෙම තමයි වෙන්නෙ.

        “භාෂනයේ නිදහස”, “ආගමික නිදහස” “පුද්ගලිකත්වය”, “මානව හිමිකම්” වැනි වැනි සංකල්ප වල තියෙන සීමා මායිම් වල subjective භාවය නිසා, එවා “ඊනියා” කියල නම් කරල ගරහන චින්තන වාදීන් අමතක කරන කාරනය තමයි ඔවුන්ටත් දැනට සමාජයේ ප්‍රධාන ධාරාවෙ නැති කිසියම් මතවාද කාගෙන්වත් ගුටි කන්නෙ හෝ හිස් ගැසුම් කන්නෙ නැතුව සමාජගත කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ, ඔවුන් ගැරහීමට ලක් කරන ඔය නූතනත්වය නිසාම බව.

        Like

      • වැඩිය හිතන්න ඔනේ නැහැ ශිරන්ත, “භාෂනයේ නිදහස” කියන සංකල්පය තියෙන සමාජයක් හා, එහෙම එකක් ගැන සංකල්පයක්වත් ගොඩ නගාගෙන නැති මූලධර්මවාදී මුස්ලිම් සමාජයක් ගන්න. ඒ දෙකේ වෙනස ගන්න. පලවෙනි සමාජය බලන්නෙ මිනිස්සුන්ට කතා කරන්න ‘ඉඩ දෙන්නෙ කොහොමද?’ කියල. ඉඩ නොදෙන්න වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් හැම වෙලේම බලන්නෙ ‘ඉඩ දෙන්න පුලුවන්ද?’ කියල. දෙවෙනි සමාජය බලන්නෙ කතා කරන්න ‘ඉඩ නොදෙන්නෙ කොහොමද?’ කියල.

        සමාජයක් විදිහට වඩා හොඳ ආකෘතියක් කරා පරිණාමය වෙන්න නම් කතා කරන්න, අදහස් හුවමාරු වෙන්න “ඉඩ් දෙන්න බලන්න” ඔනේ. එහෙම සමාජයන් සෑම අතකින්ම් ශක්තිමත් වෙනවා. එහෙම සංකල්පයක් ගොඩ නගාගෙන නැති සමාජයන් හරිම අමාරුවෙන්, ඉබි ගමනින් තමයි වඩා හොඳ ආකෘතියක් කරා යන්නෙ. “භාෂනයෙ නිදහස” ගැන සීමාවන් තියෙනවා විතරක් නොවෙ, තිබිය යුතුයි. සීමාවන් තියෙනවා කියන්නෙ භාෂනයේ නිදහස “ඊනියා” වෙනවා කියන එක නොවේ.

        Like

        • shirantha chamara says:

          ඔබ මගේ ආරවුල ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙන බව ඇත්ත. මම එකඟ නොවන්නේ ඔබ දෙන විසදුමටය. ‘භාෂණයේ නිදහස’ යන සංකල්පයට වඩා ‘විද්‍යාත්මක ක්‍රමය’ යන වචනය සමග ආරවුල වැඩිය. එක පස්සේ කතා කරමු. ඉතාම පැහැදිලිව මම කියන්නේ මෙයයි. ‘භාෂණයේ නිදහස’ යන්න තර්කයක් ලෙස යොදා නොගත යුතු බවය. ඕක තර්කයක් ලෙස යොදා ගන්නේ අවස්ථාවාදීව. ඕක ඇත්තටම භාෂණයේ නිදහස වැඩි කිරීම සඳහා බාධාවක්. ‘භාෂණයේ නිදහස’ යන වචනය තර්කයක් ලෙස භාවිතා කිරීම භාෂණයේ නිදහස වැඩි කිරීම සඳහා බාධාවක්! මොකද ඕක එක පැත්තකින් අවස්තාවාදිය්. අනික් පැත්තෙන් තර්කයක් ලෙස පදනම් විරහිතයි. අවස්ථාවාදී පදනම් විරහිත තර්ක අහල කවුරු හරි තමන් දරන අදහස වෙනස් කරයිද? ඉතින් ඕකෙන් දමල ගහල මුස්ලිම් රටවල් වල භාෂණයේ නිදහස වැඩි කරන්න කීයටවත් බහ.(දමල ගහනවා කියන එක නැහැ කියන්න පුලුවන්ද? අනුකාරක පඬිය කියල දමල ගහන්නේ සමාජ බලයක් නැති උන්. එහෙත් මේ වචනයෙන් දමල ගහන්නේ කවුද? ඔබාමා ගේ ඉඳන් දමල ගහනවා. ඉතින් ඒ දමල ගහන වචනෙට අපි ඊනියා භාෂණයේ නිදහස කියනවා ) උදාහරනෙකට ලංකාවේ භාෂණයේ නිදහස යොදා ගෙන නිරාගමික facebook අඩවියේ පලවන cartoon සේවය කරන්නේ අන්තිමට බොදු බල සෙන එකටයි මුස්ලිම් අන්තවාදී සංවිධාන වලටම තමයි. (අන්තිමට බටහිර දේශපාලනයට) අයි ඒ? නිරාගමිකයන්ගේ තර්ක අසාර්ථකයි. ලෙහෙසියෙන් බිඳිය හැකිය. අනිත් එක නිකම් අපහාස කරනවා. තර්ක වෙනුවට අපහාස කිරීමෙන් මිනිසුන් වෙනස් කල හැකිද? මම පැහැදිලිව කියනවා තර්ක නොකර අපහාස කරන අඩවි මේ වැඩේ නවත්තන්නේ නැත්නම් තහනම් කරන්න ඕනේ කියල. නැත්නම් ඕක ලේ හෙලවීම් වලින් තමයි නවතින්නේ. තියෙන නිදහසත් අපිට නැතිකරගන්න වෙනවා (ආණ්ඩුවෙන් කිරීම නෙමේ. අපිටම කල්පනා කරලා නැතිකරගන්න වෙනවා අපි අවංක නම්.) මම හිතන්නේ ලිබරල්වාදීන් කියන ලංකාවේ යට වඩා නලින්දසිල්වා වාදීන් බුද්ධාගම ගැන ත්‍රිපිටකය ගැන ශාශ්ත්‍රීය ලෙස විවේචනය් කිරීමට් ශිෂ්‍යයන් පොලබ්ම්බවීමට සමත් වී තිබෙනවා. ලිබරල්වාදීන් වචන වලින් දමා ගසන විට අප අපට අවශ්‍ය අවස්ථා වලදී ඉතා පැහැදිලිව පැරණි මත වලට මෙන්ම ආරක්ෂනවාදී ස්ථාවරයට අභියෝග කර තිබෙනවා. අතුරු පලයක් ලෙස නලින් ද සිල්වා මහතාට පින් සිදු වන්නට මිනිස්සුන්ට ඉහල සමාජය එක්කයි සුද්දෝ එක්කයි දෙමල මිනිස්සු එක්කයි තියෙන ඓතිහාසික වයිරය ඇගෙන් පතින් පිට නොකර තර්ක වලින් පිට කරන්න හරි පුළුවන් වෙලා තියෙනවා. අපි මේකට එකඟ නැහැ. එහෙත් කතා කරන්නේ නලින් ද සිල්වා මහා සමාජ අපරාදකාරයෙක් කියල නම් එතුමා සහ තවත් අය නොහිටින්න වයිරය පිටවෙන හැටි බලාගන්න තිබ්බ. මම හිතනවා කවදාහරි මේ වයිරයත් ආරක්ෂනවාදී ස්ථාවරත් නැති කරන්න අපට පුළුවන් වේවි අපි යෝජනා කරන ශාශ්ත්‍රීය සම්ප්‍රදාය ලංකාවේ මිනිස්සුන්ට තේරුනොත්.

          පියාඹන මාළු කතාවේදී භාෂණයේ නිදහස යන්න තර්කයක් ලෙස යොදා ගත හැකිද? එසේ නම් අයෙත් අහන්න තියෙන්නේ මිනීමැරීමට අනුබල දෙන ප්‍රකාශ කරන්න පුලුවන්ද කියන එකමයි. මෙතන ප්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. එකට විසඳුම අවස්ථාවාදී වචන වලින් තර්ක කිරීම නෙමේ. හැමෝම සීමා බලාපොරොත්තු වෙනවා. භාෂණයේ නිදහස සීමා විය යුත්තේ කොතනදීද? මොනවාද සීමා ? මම කියන්නේ මෙච්චරයි තමන්ගේ සීමා අනුන් මත බලයෙන් පැටවීම වරදිය් වගේම අසාර්ථකයි. එක ඉවරවෙන්නේ තියෙන ප්‍රශ්න වැඩි කරලා අලුත් ප්‍රශ්නත් ඇති කරලා. එක පැහැදිලිව පේනවා මුස්ලිම් බටහිර ප්‍රශ්නෙදි. අන්තිමට කෙල වෙලා ගියේ පොඩ්ඩක් හරි භාෂණයේ නිදහස තිබ්බ රටවල් ටිකට මිසක් අන්ත මුලධර්මවදී රටවල් වලට නෙමේ. මොකක්ද වෙච්ච වැඩේ? එකයි මෙතන ඇත්ත ප්‍රශ්නේ.

          ලංකාවේ අතීතයේ භාෂණයේ නිදහස මොන තත්වෙක තිබ්බද කියල මම දන්නේ නැහැ. නුවර යුගයේදී නම් ගන්න දෙයක් නැති බව මම දන්නවා. නුවර යුගය පරිහානි සමයක් හැටියටයි අපි සලකන්නේ. ආගමික කරුණු සම්බන්දයෙන් දරුණු නිදහසක් තිබ්බ බව මම විශ්වාස කරනවා. කාලෙන් කාලෙට බුද්ධාගම ගැන දරන අදහස් වෙනස් වෙලා තියෙන හැටියෙන් එක පේනවා. ආගම විවේචනය කිරීම හිස්ගසුම් ලැබිය හැක්කක් වී තිබුනා යයි නොසිතමි. බුද්ධාගම ගැන ආරක්ෂනවදී ස්ථාවරයක් තිබුන අතර එය හිංසාවෙන් තොරව ක්‍රියාත්මක වුවක් යයි සිතමි. ආරක්ෂනවාදී ස්ථාවරය තුලම බුධ්ධ් ධර්මය පිළිබඳව නැගී ඇති විවිද මත වලින් එය පෙනේ. ඔවුන් අතර හිංසා සිදුවී නැත. පැරණි රජදවසකදී වුවත් ආගම විවේචනය ගැන අප වැනි චින්තනවාදීන්ට හිස්ගසුම් ලැබීමට ඉඩ නැත. අපේ මත කොන් කර දැමීමට ඉඩ තිබිණි. අදද සිදුවන්නේ එය නොවේද? රජු ට අපහාස කිරීම නම් ඇතැම් විට හිස්ගසුම් ලැබුනක් වී තිබුනා විය හැක. මෙයින් අපව මුදා ගත්තේ නුතනත්වය විසින් බව ඔබ කියන්නේද? එය එසේ විය හැක. එය සත්‍ය නම් එයට ස්තුතිවන්ත විය යුතුය. එහෙත් එය කලේ හදබැතියෙන් ද? නුතනත්වයේ කිසිම හොඳක් නැතිවෙන්න බැහැනේ. හිට්ලර්ගේත් හොඳ තියෙනවා. ප්‍රශ්නේ එක නෙමෙයි හොඳ කිරීමේ අරමුණ හා සමස්තය. ඔවුන්ට එදත් තිබුනේ තමන් අදහන දෙය බලහත්කාරයෙන් පැටවීමේ උවමනාවය. අදත් එයමය. එදා කතෝලික ක්‍රිස්තියානි ධර්ම හිංසාවෙන් පැටවීය. (හිත රිදෙන ය සමාවෙන්න. එහෙත් මගේ පන්තියේ සිසුන් ජේසුට වඳින අතරම පෘතුගීසින් හෙලා දුටු බව මට මතකය. ඔවුන් මෙන් වන්නැයි ක්රිස්තියනින්ගෙන් ඉල්ලිය යුතුය). එදා අපව ශිෂ්ට කිරීමට අපටත් අපේ ගහනුන්ටත් උඩුකයට ඇඳුම් ඇඳුම් අන්දන ලදී. අද ඇඳුම් ගලවයි. ඒ කාමය අවිස්සීමටය. සැවොම උඩුකය නිරුවතින් සිටින සමාජයක කාමය අඩුය. එහෙත් උඩුකය අමුත්තක් කර ඒ අමුත්ත ඉඳහිට පෙන්වන්නේ කුමටද?අප කල යුත්තේ අවශ්‍ය වෙලාවට අන්දීමත් ගලවීමත්ද? පාර්ලිමේන්තු ක්‍රමයද අප යම් ‘ශිෂ්ටත්වයක්’ අත්කරගනීමෙන් පසු පටවන ලදී. නීතිය පටවන ලදී. අදද එසේමය. ඒ සඳහා පෙර රජ දවසට වඩා ජීවිත බිලිගෙන ඇතැයිද සිතමි. උපකරණ සහ උපක්‍රම මෙන්ම පටවන්නේ මොනවාද යන්නද මාරු වී ඇත. චින්තනය තවමත් එසේමය. යම් හෙයකින් නිහාල් නෙල්සෝන් වාදය අනුගමනය කරේ නම් ජීවිත මෙන්ම අපේ ස්වාදීනත්වයද ඉතුරු වනු ඇත. මේ බොහොම දේවල් අපම ලබාගැනීමට ඉඩ තිබිණි. එක කරුණක් කුහක නොවී පැවසිය යුතුය. රජ සම්ප්‍රදාය වෙනස් කිරීම නම් බලයෙන් තොරව කිරීම අපහසු වනු ඇත. එහෙත් රජු විවේචනය කිරීම කල හැක්කක් වීමට ඉඩ තිබිණි. අවසානයේ සමස්තය බලන්න. සුද්දන්ද සිටියේ රජ සම්ප්‍රදායකය. ඔවුන්ගේ ලෝකයේද තිබුනේ අනභිභවනීය රජ සම්ප්‍රදායකි. අදද ඒ බව පෙනේ. ඔවුන් එය නැති කරගත්තේ නුතනත්වයේ (අද බංකොලොත් වී ඇති නුතනත්වයේ) ආරම්භක ජයග්‍රහණයක් ලෙසය. ඉන් කියවෙන්නේ වෙනත් සංස්කෘති වල එය වෙනත් අයුරකින් සිදු නොවන බවද? ඒ පියවර ම අනුගමනය කල යුතු බවද? බලෙන් අනුගමනය කරවිය යුතු බවද? යලිත් මතක් කල යුතු දෙයක් නම් අප කා ගසන්නේ ආධිපත්‍යයට එරෙහිව බවය. නුතනත්වය බංකොලොත් යයි කියන්නේ එය බංකොලොත් නිසාය. එය ශාශ්ත්‍රීය විවේචනයකි. බංකොලොත් වැනි වචන යොදා ගැනීමට සිදුවී ඇත්තේ අනික් පැත්තෙන් අපව වචන වලින් පග දැමීමට උත්සහ කරන නිසාය. වචන වලින් දමා ගසමින් නුතනත්වය අද සේවය කරන්නේ ඇමරිකාවටත් සවුදි අරාබියටත් බොදු බල සේනාවටත්ය. අඩු ගන්නේ වසන්ත උදා කරගත් රටවල් වලටවත් සේවය නොකරයි.

          අර සංරක්ෂනවාදීන් වෙනුවෙන් අප පෙනී සිටින්නේ නැත. එහෙත් ඉඉනියා නුතනයන් ( ඊනියා වන්නේ ඔවුන් මොන අතින්වත් අලුත් නොවන නිසාය) ඔවුන් විවේචනය කරන්නේ වැරදි පදනමක සිට බව අපි කියමු. අපේ විවේචනය ශාශ්ත්‍රීය එකකි. රිටිගලගේ විවේචනය මම හරියටම දන්නේ නැත. බොහෝ නුතන යයි බෙරිහන් දෙන්නන්ගේ විවේචනය ඉතා ලාමකය. කෙතරම් ලාමකද යත් සංරක්ෂනවාදෙන්ට ද පහසුවෙන් බිඳ හෙළිය හැක. (සංරක්ෂනවාදීන් තරුණයන් අතර කෙතරම් සිටින්නේද? සංරක්ෂනවාදීන් මියයමින් සිටිති. ඒ තැන නලින් ද සිල්වා වාදීන් ගනිමින් සිටිති. බොදුබලසේන වදීන්ද දැන් ගනිමින් සිටිති. ඔවුන් සංරක්ෂ්නවාදීන් නොවේ. ) මම පියාඹන මලු ගැන දනා දේ ඇත්තනම් එය පෙන්වීමට විරුද්ධය. ඒ සංස්කෘතිය ආරක්ෂා කිරීමට නොවේ. අවශ්‍ය නම් ඒ ගැන කතා කල හැක. මගේ මතය සරලව කිවහොත් ඕනෑම ශාශ්ත්‍රීය /පුවත්පත් ලිපියක් ඕනෑම කෙනෙකු ආගම්- රජු- ඉතිහාසය- හමුදාව ගැන විවේචනය කර ලිවෙමට ඇති අයිතිය පිලිගනිමි. එහෙත් කළා කෘති වල තර්ක නැත. ඒ වායේ තමන් විශ්වාස කරන දෙය ඉතා ප්‍රබලව (ඉතාම ප්‍රබලව) තර්ක විතර්ක වලින් තොරව ඉදිරිපත් කෙරේ. එබැවින් ඒවාට ඉඩ දීමේදී එයින් සිදුවන සමාජ දේශපාලන බලපෑම් ගැන සැලකිලිමත් විය යුතුය. පුද්ගලයන්ට ආගම්වලට සිදුවන අපහාස ගැනද සැලකිලිමත් විය යුතුය. (අනික් අ ය නොකිය කියන දේ මම මෙතැනදී කෙලින් කියනවා වචන හංගන්නේ නැතුව එච්චරයි. ඒ වෙනුවෙන් මට පෙනී සිටිය හැක.) .

          මිනිස්සු හැම තිස්සෙම පුළුවන් තරම් කතා කරන්න ඉඩදෙන්න ඕනේ කියන එකට මම එකඟයි. ඉතින් ඕක නිකම් කියන්න පුළුවන්නේ. මහා ලොකු සංකල්පයක්ද? ඕක මහා ලොකු සංකල්පයක් කරන්නෙම අවස්ථාවාදීව භාවිතා කිරීමට තමයි. නැත්නම් වෙන මොකටද? හැමෝටම තේරෙන දෙයක් කාටවත් පිළිගන්න බැරිදෙයක් කරන්නේ අයි? තමන්ට ඕන දේට විතරක් ව්‍යාජ තාර්කික වලංගුතාවක් දෙන්න තමයි. මගේ ප්‍රශ්නය ‘භාෂණයේ නිදහස’ කියන ලොකු වචනය පාවිච්චි විය යුත්තේ ඉල්ලීමක් හැටියටද තර්කයක් හැටියටද? පාවිච්චි වෙන්නේ අවස්තාවාදීවද නෙමෙයිද? ඉල්ලීමක් හැටියට ප්‍රබලව ඉදිරිපත් වීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නෙමෙයි මම නම් දැකල තියෙන්නේ. එක තර්කයක් හැටියට පුද්ගලයන්ට – සංවිධාන වලට- රාජ්‍ය වලට- අවශ්‍ය දේ ඉටුකරගැනීමට තමයි භාවිතා වෙන්නේ. මිනිස්සු ඕකට විරුද්ද ඕක තර්කයක් හැටියට අවස්ථාවාදීන් හා විචාරශීලී නොවන්නන් ඉදිරිපත් කරන නිසයි. පියාඹන මාළු වෙනුවෙනුත් එක ඉදිරිපත් උනේ තර්කයක් හැටියටයි. (ඉනියා සදාචාරය වගේ වචන පාවිච්චි වෙන්නේ එක නිසයි. කළා කෘති කිසිම සදාචාරයකට යටත් නැහැ කියන එක යුක්තියුත්ත කරන්න යොදාගන්නේ භාෂණයේ නිදහස කියන ලොකු අවස්ථාවාදී වචනේ තමයි. එහෙම කියන කියන සැරේට අපිත් අහනවා එහෙනම් මිනීමරන්න අනුබල දෙන්න පුලුවන්ද කියල. හැමදාම ඔහොම ඉන්න පුළුවන්.)

          ///“භාෂනයේ නිදහස”, “ආගමික නිදහස” “පුද්ගලිකත්වය”, “මානව හිමිකම්” වැනි වැනි සංකල්ප වල තියෙන සීමා මායිම් වල subjective භාවය නිසා, එවා “ඊනියා” කියල නම් කරල ගරහන චින්තන වාදීන් අමතක කරන කාරනය තමයි ඔවුන්ටත් දැනට සමාජයේ ප්‍රධාන ධාරාවෙ නැති කිසියම් මතවාද කාගෙන්වත් ගුටි කන්නෙ හෝ හිස් ගැසුම් කන්නෙ නැතුව සමාජගත කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ, ඔවුන් ගැරහීමට ලක් කරන ඔය නූතනත්වය නිසාම බව.///

          මේවා subjective නිසා අපි ගරහනවා? එකනම් කීයටවත් වෙන්න බහ. අපි කියන්නෙම හැම දේම ‘subjective’ කියලනේ. භාෂනයේ නිදහස”, “ආගමික නිදහස” “පුද්ගලිකත්වය”, “මානව හිමිකම්” ඕවට විතරක් නෙමෙයි යුද විරෝධයටත් අපි එකඟයි. ඒවා අද පාවිච්චි වෙන්නේ බංකොලොත් තේරුම් වලින්. ඒ බංකොලොත් තේරුම් වලට අපි විරුද්ධයි. ඒ බංකොලොත් තේරුම් අපි ‘ආගමික නිදහස’ , ‘භාෂණයේ නිදහස’, ‘පුද්ගලිකත්වය’, ‘මානව හිමිකම්’ කියල හඳුනාගන්න දේවල් වලට විරුද්ධයි. බංකොලොත් නැති තෙරුම් වලින් මේවා යොදාගන්න ය ඉන්නවනම් ඒ ය එක්ක සාකච්චා කරන්න පුළුවන්.

          අනිත් එක ඔය වචන සංකල්ප වලින් තමයි මේ තියෙන ආගමික නිදහසයි අරකයි මේකයි ගොඩනැගුනේ කියලද කියන්නේ. වචන නිර්මාණය වුනේ පස්සේ කියලයි මම හිතන්නේ. ඊට කලින් බොහොම සාමාන්‍ය විදිහට යම් යම් සීමා යටතේ ඔය එක එක නිදහසවල් වැඩි වෙන්න ඇති.(නුතනත්වය යටතේ තමයි. එක පිලිගන්නවා. ප්‍රශ්නේ අනිත් අ යටත් නිදහසේ නුතන වෙන්න දෙන්නේ නැති එකයි) ඕව මහා ලොකු සංකල්ප කරගත්තම තමයි ප්‍රශ්නේ – එතකොට ඕව වෙනුවෙන් තර්ක කරන උනුත් කරන්නේ බොරුවක්. සමහරවිට එකෙන් උන්ම මුලා වෙනවා. නිකම් සාමාන්‍ය තේරුමෙන් ඕව ගැන කතාකරනවානම් ඕව ප්‍රශ්නද? ගොඩක් අයට ඕව තේරුම් කරලා දෙන්න පුළුවන් බොරු බංකොලොත් තර්ක නැතුව. අනිවාර්යයෙන්ම එකඟ නොවෙන තැන ඇතිවේවි. එතකොට ඉතින් කාටහරි කැපකිරීමක් කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මේවා maths -physics නෙමෙයිනේ.

          Like

          • shirantha chamara says:

            ඊනියා කියන්නේ subjective නිසා නෙමෙයි. සීමා මායිම් නිස්සත් නෙමෙයි. subjective විදිහට පාවිච්චි කල යුතු දේවල් objective විදිහට පාවිච්චි කිරීමෙන් සංකල්පය ‘ඊනියා’ එකක් වේ. භාෂණයේ නිදහස ‘objective ‘ ආකාරයෙන් නියමින් හෝ අනියමින් යමෙක් පාවිච්චි කරන්නේද ඔහු අතදී එය ඊනියා එකකි. නුතනත්වයේදී එය දේශපාලනිකව අනියමින් හෝ නියමින් පාවිච්චි වන්නේ ‘objective ‘ ලෙසය. (මට ජාත්‍යාන්තර දේශපාලනය ගැන ලොකු දැනුමක් නැත. වැරදි නම් පෙන්වා දෙන්න) . එසේ පාවිච්චි වන සන්ක්ල්පය ඉනියා එකකි. රිටිගලගේ සංකල්පය ඊනියා නොවීමට හැක. මගේ එකද ඊනියා නොවේ. සම්මත එක ‘ඉනියාය. කලින්ද මෙවැනි ප්‍රශ්නයක් යතාර්ථය සම්බන්දයෙන් ඇති වුනු බව මතකය.

            Like

          • Sorry I Cannot type in Sinhala in the machine that I am using right now, but I thought of responding briefly.

            The overarching theme in your argument Shirantha is that there is a “Western Cultural Hegemony” that is being forced upon “us” and you don’t “like” it. You take the western scientific hegemony as a subset of the overall cultural hegemony. Your criticisms are quite valid, in the sense that some of the aspects of this cultural hegemony are being elevated to ‘holy’ status and being presented as unquestionable truths. These, ‘truth’s a thrown around with political weight to crush the opposition. That is true. However, your criticism is NOT valid at the same time in the sense that your criticism will be valid for ANY cultural hegemony that will get established via a political/power structure. Whatever remaining in the Sinhala Buddhist hegemony will show you that.

            Your arguments come from an idealistic stance that is not found in the culture that you are arguing for either. If I am to use a figure of speech, it will be “same shit different cultures”.

            Now, what are the compelling reasons for “me” to trade one culture to another, if it is the same “shit” I get? Then I need to do a value judgment and qualitative analysis of the shit here and shit there. That is exactly what I am doing. I don’t care where the shit comes from, if it is relatively good shit.

            BTW it is perfectly valid exercise to pursue alternative systems with passion. Yours and Nalin De Silva’s and his disciples’ attempts are purely an intellectual exercise, that does not have immediate adverse geo-political consequences, then I would even have supported or joined that. If I were control of any funds, I would have even funded that. However, NDS theory has immediate geo-political consequences to Sri Lanka. It is already being used by politically motivated groups for short term political gains. And NDS himself has decided to support those political goons with short term agendas. That is the sad part of it.

            If I am reading you right, you are kind of saying that ‘Sinhala Buddhist’ culture would have matured on its own and would have culminated as a another modern culture with a different bases, assumptions and concepts than the western culture if west did not meddle with it. So you are bitter because the western powers came over and uprooted the culture developing here and established their own. Now you are seeking to “isolate” the Sinhala Buddhist culture from the western influences and let it develop on its own. You are having this wishful thinking that somehow you can carve out a niche for ‘Sinhala Buddhist’ culture and immune it from other hegemonies and power structures operating in the world.

            Anyway, above lamenting about Sinhala Buddhist culture is not new. And many other cultures around the globe are lamenting in the same way. The only different is that you have very solid arguments with which you lament. Nevertheless, for it is just another sophisticated lament and nothing more. Since I don’t see the “us” and “them” distinction here, what I see it that cultures have clashed and some cultures have emerged victorious and established themselves. I can look at the whole exercise without attaching myself to it. And I don’t see anything particularly wrong in what happened in the world.

            Like

          • shirantha chamara says:

            මම ලියපු දේ අයෙත් කියවන්න කියල ඉතා උවමනාවෙන් ඉල්ලන්න ඕනේ. ඔබ මා ගැන කියන සමහර දේවල් මම ලියපු දේවල් වලින් කියවෙන්නේ නැහැ. ඒවා මගේ හිතෙත් නැහැ. කොටින්ම නලින්ද සිල්වා මහතාගේ ලිපිවලින් කියවෙන්නෙත් නැහැ. මේවා බොහොමයක් වැරදි වැටහීම් සහ අනාගැනීම් .බොහෝ විට මම ලියන දේවල් නිශ්චිතයි. ඒවායින් ඍජුව අපෝහනය කරන්න බැරි දේවල් උපකල්පනය කරන කොට දෙපාරක් සිතන ලෙස ඉල්ලමි. (එහෙම නොකරම ඉන්න කියන්නේ නැහැ. නොකරම සංවාද කරන්නත් බැහැ . මමත් කරනවා. කරනකොට දෙපාරක් හිතන්න කියලයි ඉල්ලන්නේ)

            මට ‘solid arguments ‘ (ස්ථාවර තර්ක) තියෙන බව මමත් දන්නවා. මම මේ ස්ථාවර තර්ක ගොඩනගාගත්තේ නලින්ද සිල්වා මහතාගේ ලිපි කියවීමෙන්, අනික් අයගේ ලිපි කියවීමෙන්, මිදුලට වී කල්පනා කිරීමෙන්, මිත්‍රයන්ගෙන් ලැබුණු ප්‍රබල අදහස් වලින්, ප්‍රතිරෝධී අදහස් ගැන අවංකව කල්පනා කිරීමෙන්. මම ගණිතය ඉගෙනගන්න යොදපු කාලය වගේ තුන් හතර ගුණයක් මේ වෙනුවෙන් යොදන්න ඇති. (අන්තිමට බහුතරයක් අදහස් නලින් ද සිල්වා මහතාගේ අදහස් එක්ක සමපාත වෙනවා. එකට මක් කරන්නද? එක මම දකින්නේ එතුමාගේ ප්‍රවාද වල නිරවුල් බව පෙන්වන්නක් හැටියටයි. )

            එහෙත් මම තර්කයෙන් උනත් කිසිම දෙයක් යටපත් කරන්න උත්සහ නොකරන බව ඔබට මේ වෙනකොට තේරෙන්න ඕනේ . එකට හේතුව මොකක්ද? හේතුව මට තිබ්බ එකම ප්‍රශ්නේ සංගත ලෝකයක් හදාගන්න එකම නෙමෙයි (එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බ.. ඊට වඩා ප්‍රශ්න තිබ්බ). කඩේකට ගිහිල්ල කෑම කනකොට හිඟන්නෙක් ඇවිත් ප්ලේන්ටියක් බොනවා. සමහර විට ගණිකාවක් ඇවිත් මොනවා හරි කනවා. උන් විඳින දුක මට පෙනෙනවා. කැත කියල සම්මත වෙච්ච කොල්ලෝ ලස්සන කියල සම්මත කෙල්ලන් අකමැති වීමෙන් දුක්වෙනවා. අනික් පැත්තත් වෙනවා. ලස්සන කැත කියන එක ගැන තියෙන සාපෙක්ෂතාවත් මාධ්‍ය හරහා නැති කරලා දානවා. උන්ගේ කාමයේ සාපෙක්ෂතාවත් නැතිකරනවා. නිරපේක්ෂ කාමයක් අවුස්සනවා. ලස්සන කියල සම්මත වෙච්ච නැති ගණිකාවෝ ඇසුරු කරන්න සල්ලිත් නැති උන් හීනමානයට පත් වෙලා ස්ත්රීදුෂණ වලට යොමුවෙනවා. එක්කෝ මාල කඩ ලා ගණිකාවෝ ඇසුරු කරනවා. ඊට පස්සේ උන්ටම බනිනවා. කට්ටියක් උන්ව මරන්න ඕනේ කියනවා. තව මේ ලෝකේ විචාරයක් නැති සමාජ ප්‍රශ්න ගැන හැගීමක් නැති සාන්තුවරයෝ ටිකක් උන් නෙමෙයි වැරදිකාරයො අපේ බොරු සදාචාරය කියල අතාර්කික දාර්ශනික ආතල් ගන්නවා . රෑට ගෙදර එනකොට ලංකාවෙන් භාගයක් මිනිස්සු (මමත් ඇතුළුව) මේ කාලකන්නි ලෝකේ පයගහල අඹු දරුවොත් එක්ක කොන් නොවී ඉන්න ඕනේ නිසා සල්ලි කියන කුනුහරුපේ ඕනේ නිසා කිසි වැඩකට නැති marketing වැඩ වලට කඹුරලා ලෝකෙටවත් තමන්ටවත් සත පහක ප්‍රයෝජනයක් නැති දේවල් කරලා ජීවීතේ විඳින්නේ නැතුව මැරිලා යනවා.

            මේ කුණුහරුප ලෝකේ මට තේරෙන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. දියමන්තියක් සල්ලි හරහා කොහොමද හාල් වලට හුවමාරු කෙරෙන්නේ? එක දියමන්ති ස්වභාවිකව තියෙන රටවල් වලට ලෝකය හූරා කෑම සඳහා බලපත්‍රයක් නෙමෙයිද? භාණ්ඩ කොහොමද සල්ලි හරහා රේඛියව පෙළ ගසන්නේ? . අද අපි කරන වැඩ වලින් තුන්කාලක්ම ලෝකෙට ජෛවියව වැඩක් තියෙන ඒවාද?ජෛවියව ගත්තම මිනිස්සු ඉපදිලා ඉන්නේ දවසට පැය දෙක තුනක් හරි සතියට දවස් දෙක තුනක් හරි නැත්නම් මාසෙට සතියක් හමාරක් හරි කාටවත් යටත් නොවී වැඩ කරලා ඉතිරි සම්පූර්ණ වෙලාව සින්දුවක් කියල සෙල්ලමක් කරලා අනුන්ට මොනවා හරි කියල දීල පොඩි ශාශ්ත්‍රීය සංවාදයක් කරලා ලෝකෙටත් ශාශ්ත්‍රීය / තාක්ෂණික මොනවා හරි දීල මැරෙන්න කියලයි මට හැමදාමත් හිතුනේ . (මේ ගැන මොකෝ හිතෙන්නේ? ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ජීවිතය අපට අහිමි වීම නෙමෙයිද? ලෝකේ ගොඩක් ප්‍රශ්න වලට මුල එක නෙමෙයිද?). අන්තිමට , අන්තිමටම මම (සහ මම විශ්වාස කරන විදිහට නලින් ද සිල්වා මහත්මයත් – මම එතුමා සමග කතා කරන විට ඒ බව මම දැක තිබෙනවා) පෙනී සිටින්නේ මේ ජීවිතය වෙනුවෙන් සහ මිනිසුන්ගේ සිතීමේ නිදහස වෙනුවෙන් . මම පෙනී සිටින්නේ සිංහල සංස්කෘතිය වෙනුවෙන් නෙමෙයි එහි නිදහස වෙනුවෙන්. මහත්මා ගාන්ධිට වරක් ඉන්දියාවේ නිදහස ලබාදීමට පෙර ඉන්දියාව නිදහස් කළහොත් ජාතින් කුලල් කා ගැනීමේ අනතුර සුද්දන් කීව. එතකොට ඔහු කීවේ එය දෙවියන්ට භාරදෙන්න. සුද්දන් භාරගන්න ඕනේ නැහැ කියලයි. මම විරුද්ධ වන්නේ බටහිර සංස්කෘතියට නෙමෙයි එහි ආධිපත්‍යයට. ඒ හැම එකක්ම කරන්නේ අර ජීවිතය ලබාගැනීම සඳහා.

            අවසාන වතාවට ඒ නිසා මට කියන්න දෙන්න මෙන්න මේ දේවල් ටික
            1. මට තර්ක කරන්න පුළුවන් උනාට තර්ක කර කර ඉන්න උවමනාවක් නැත. එමෙන්ම තර්ක කරන්නේ ඔබ කියන විදිහේ ‘උන්’ ‘අපි’ වයිරයක් ඇතුව නෙමේ (මේක මම කලිනුත් කිව). බෙදීම් තියෙනවා. බටහිර සංස්කෘතිය කියල දෙයක් තියෙනවා. සිංහල සංස්කෘතිය කියල දෙයක් තියෙනවා. ඒවා වෙනසුත් වෙනවා. ඒවා අතර ගැටීම් තියෙනවා. ඒවා ගැන කතාකරනකොට ‘උන්’ අපි කියල කියන්න වෙනවා. එකෙන් කියවෙනවද අපි සදාකාලික සුධ්ධවන්තයෝ උන් සදාකාලික යක්ෂයෝ කියල? උන් යක්ෂයෝ වගේ හැසිරෙනකොට එහෙම කියනවා. අපේ උන් එහෙම හැසිරෙනවා නම් උන්ටත් එහෙම කියනවා. සමහර වෙලාවට දේශපාලන හේතු නිසා තාවකාලිකව පැත්තක් ගන්න වෙනවා සමහර විට යක්ෂයෝ එක්කත් ඉන්න වෙනවා . අයෙ hitler කෙනෙක් බිහිවුණොත් තාවකාලිකව ඔබාමා එක්කත් එකතු වෙන්න වෙනවා (අපෙන් එච්චර වැඩක් නැතත්). එහෙම බැරි සුද්දවන්තයන්ට පුළුවන් ගෙදර ගිහින් නිදා ගන්න. . එකම දේ එම දේශපාලනය හරිද වැරදිද සාර්ථකද නැද්ද කියන එක විතරයි.
            2. ඔබ කියනවා
            //Your arguments come from an idealistic stance that is not found in the culture that you are arguing for either. If I am to use a figure of speech, it will be “same shit different cultures”.

            Now, what are the compelling reasons for “me” to trade one culture to another, if it is the same “shit” I get? Then I need to do a value judgment and qualitative analysis of the shit here and shit there. That is exactly what I am doing. I don’t care where the shit comes from, if it is relatively good shit//

            ඒවා idealistic තමයි. ඉතින් අයි ඔයා උපකල්පනය කරන්නේ මම මේ පැරණි හරි වත්මන් හරි සිංහල සංස්කෘතිය බටහිර සංස්කෘතිය වෙනුවට replace කරන්න යනවා කියල උපකල්පනය කරන්නේ? පැරණි සිංහල සංස්කෘතියට ආයේ යන්නත් බහ යන්න ඕනෙත් නැහැ. වත්මන් සිංහල සංස්කෘතිය ඉලව්වක් වෙලා තියෙන්නේ එකට හේතුව එකට බටහිර සංස්කෘතිය එක්ක ස්වභාවිකව ගැටෙන්න දෙන්නේ නැතුව එකේ තියෙන එක එක ඒවා හිතෙන හිතෙන වෙලාවට කාලෙන් කාලෙට බලෙන්/ කොලේ වහල ඔබන්න යාමයි. එකේ ප්‍රතිපලය පොඩ්ඩක් හිතන්න. මිනිස්ස්සු වෙනස් වෙන්න ඕනේ තේරුම් අරගෙන සවින්යානිකව මිසක් රැවටිලා නෙමෙයි. රැවටීමෙන් වෙනස් වෙනකොට එතන දෙබිඩි බවක් ඇති වෙනවා. අද අපි අත්විඳින සමාජ ප්‍රශ්න වලට මේ දෙබිඩි බව ලොකු හේතුවක්. අපි නිකම් මොක්කුද ජීවින් පිරිසක් දැන් . ඔහේ එක එකා කියන දේවල් තේරෙන්නෙත් නැතුව නිකම් නුතන වෙන්න කෑගහනවා. අපි දැන් ජීවත් වෙන්නේ තමන්ටත් නොතේරෙන පරස්පර මත. මොකද ඇඟේ තියෙන්නේ පරණ සිංහල ගති. හිතේ තියෙන්නේ මහා නුතනයෝ කියල. අවස්ථාවේ හැටියට දෙකෙන් එකක් එලියට දානවා .අන්තිමට අපි ඔක්කොම මහා කුහකයෝ ටිකක් වෙලා තියෙන්නේ. ඔබට පෙනෙන්නේ නැද්ද ලංකාවේ ජාතිකවදියෝයි ලිබරල්වාදියෝයි මාක්ස්වාදියෝයි කියන බහුතරය පරස්පරව කටයුතු කරන කුහකයෝ කියල. මම කතාකරන්නේ පුද්ගලික ජීවිතෙයි පොදු ජීවිතෙයි අතර පරස්පර නෙමෙයි. ඒවත් තියෙනවා. එහෙත් ඔවුන් සංවාදයේදී මතවාද සමාජගතකිරීමේදී ඉතාම කුහකයි. ඕක ඉගෙනගත්තු මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. ඉගෙනගත්තු නැති මිනිස්සුත් කුහකයි. එකට හේතුවත් උන්ට දැන් අවශ්‍ය වෙලාවට බටහිර වීමේත් අවශ්‍ය වෙලාවට සිංහල වීමේත් පරස්පර පුරුද්දට ගිහිල්ල. උන් ඉන්ද්‍රිය පිනවීම අඩුකරගන්න හදනවා. හතරවටෙම කාමය අවුස්සනවා. ඒ දෙක ගැලපෙන්නේ නැහැ. ඉතින් උන් විකුර්ති ජීවියෝ වෙලා. කාමය අවුස්සන්න ඉඩ දෙනවනම් කාමය සන්තර්පණය කරන්නත් ඒ තරමටම ඉඩ දෙන්න ඕනේ. අවාසනාවකට මේ අවුස්සන තරමට කාමය සන්තර්පණය කරන්න ලංකාවේ සම්මත ලස්සන කෙල්ලෝ අවශ්‍ය ප්‍රමනේටත් නැහැ ගණිකාවෝ ඇසුරු කරන්න සල්ලිත් නැහැ. අනිත් එක ගැහැණු කියන්නේ බඩු නෙමෙයිනේ. අපේ බිරින්දන් ව වෙන එකෙකුගේ කාමය සන්තර්පණය කරන්න යවන්න අපි කැමති නැහැනේ. අනිත් ගැහැනුත් ගණිකාවෝ වුනත් බඩු නෙමෙයි. (මේ ප්‍රශ්නේ නම් බටහිර රටවලටත් තියෙනවා. මේ ප්‍රශ්නෙදි බටහිර මිනිස්සුත් කුහකයි. මේගොල්ලන්ට විවාහයද කාමය ඇවිස්සීමේ අයිතියද කියන දෙකින් එකක් තීරණය කරන්න වෙනවා)

            ඉතින් පැරණි සිංහල සංස්කෘතියවත් දැන් තියෙන ඉලව් විකුර්ති සංස්කෘතියවත් replace කරන්න ඕනේ නැහැ. අනික් එක එහෙම ගැජට් කෑලි වගේ replace වෙනවය? සංස්කෘති වෙනස් වන්නේ විප්ලවයකදී උනත් හෙමිහිට. අපි ඇත්තටම විප්ලවයක් කරන්නයි එකතු වෙන්න කියන්නේ. ඊට පස්සේ බිහිවෙන සංස්කෘතියට අපි කියන්නෙත් සිංහල සංස්කෘතිය කියල තමයි. මොකද අපි එතැනදී සිංහල චින්තනයේ (එය සිංහල සංස්කෘතිය යන්නට වඩා පුළුල් සංකල්පයකි. එයද වෙනස් වේ. අප බලාපොරොත්තු වන විප්ලවයේදී මෙම චින්තනයද යම් මට්ටමකින් වෙනස් වනු ඇත.)අංග එහි තිබෙවියයි බලාපොරොත්තු වෙනවා. ඒවා ගැන සංවාද කරලා අනිත් ය කියන දේවලුත් සංවාද කරන්න පුළුවන්. අපට අවශ්‍ය නිදහස. සංවාදය සඳහා වෙනස්වීම සඳහා නිදහස. කොලේ වහල ගහන එකයි දේශපාලන බලහත්කාරය යොදන එකයි නවත්තන්න ඕනේ.

            3. ඔබ කියනවා //If I am reading you right, you are kind of saying that ‘Sinhala Buddhist’ culture would have matured on its own and would have culminated as a another modern culture with a different bases, assumptions and concepts than the western culture if west did not meddle with it. So you are bitter because the western powers came over and uprooted the culture developing here and established their own. Now you are seeking to “isolate” the Sinhala Buddhist culture from the western influences and let it develop on its own. You are having this wishful thinking that somehow you can carve out a niche for ‘Sinhala Buddhist’ culture and immune it from other hegemonies and power structures operating in the world//

            isolate (හුදකලා) වුනානම් සිංහල සංස්කෘතියේ ලොකු වෙනසක් වෙයි කියල හිතන්නේ නැහැ. එහෙම මම කීවෙත් නැහැ. එහෙත් මේ කුණුහරුප විකුර්තියට වඩා එකත් මට හොඳයි එංගලන්තේ සංස්කෘතියත් මට හොඳයි . මම හුදකලා වීමක් ගැන නෙමේ කිවේ. මම පැහැදිලිව කියන්නේ මෙතැනදී නිහාල් නෙල්සන් වාදය අනුගමනය කරන්න. මොකවත් බලෙන් දෙන්න එපා. ඔබ හිතන්නේ යුරෝපයේ වසුරියට එන්නත් හැදෙනකොට වාහන හැදෙනකොට එක බලෙන් හරි ගිහින් ගන්නේ නැතුව අපේ උන් බටහිර ඒවා අපට එපා කියයි කියලද? සමහරවිට ඕක අපේ උන් ඉගෙනගෙන තව මොනවහරි සුද්දන්ට නොහිතෙන දෙයක් කෙරෙන්නත් පුළුවන්. මොකද නිදහස මනසින් තමන්ට තේරෙන විදිහටනේ කරන්නේ. මේක තේරුම් ගන්න . අද අපි ඉන්නේ අවුරුදු හාරසියයක් පස්සෙන්. නලින් ද සිල්වා මහත්තය බිහිඋනේ පස්සෙනේ. දැන් එතකල් ලංකාවේ විද්‍යාව ඉගැන්නුවනේ. අදත් එතුමා කියන ඒවා අහල කවුරුත් විද්‍යාව ඉගෙන නොගෙන හිටියේ නැහැනේ. (එතුමා එහෙම කියන්නෙත් නැහැ. එතුමා නිසාම බොහෝ දෙනෙක් මහන්සි වී විද්‍යාව ඉගෙනගන්නවා) . ඉතින් කී දෙනෙකුට ඕව තේරෙනවද? අයි ඒ? එකට උත්තරේ මොකක්ද? ඒ ගැන කතා නොකර ඉන්නම්. අද වෙලා තියෙන්නේ අපි සදාකාලික හිඟන්නෝ ටිකක් වීමයි.
            අනිත් එක මම කිව රජ සම්ප්‍රදාය නම් බලයෙන් තොරව වෙනස් කරන්න ලොකු උත්සහයක් දරන්න වේවි කියල. අඩු ගන්නේ එකෙන්වත් ඔබට තේරෙන්න ඕනේ මට මෙතන මට තර්ක කර කර ඉන්න ඕනේ නැති බව.

            //Anyway, above lamenting about Sinhala Buddhist culture is not new. And many other cultures around the globe are lamenting in the same way. The only different is that you have very solid arguments with which you lament. Nevertheless, for it is just another sophisticated lament and nothing more. Since I don’t see the “us” and “them” distinction here, what I see it that cultures have clashed and some cultures have emerged victorious and established themselves. I can look at the whole exercise without attaching myself to it. And I don’t see anything particularly wrong in what happened in the world.//

            ඕව මම දන්නේ නැහැ. මම කියන දේ අලුත්ද නැද්ද කියන එක වැදගත් නැහැ. හරිද වැරදිද එච්චරයි. ඔබ හිතන්නේ අපි ඇලිල ගැලිල ඉන්නවා කියලද? මේ ඔක්කොම කියන්නේ ඇලීම් ගැලීම් වල ප්‍රතිපල හැටියට කියලද? ඔව්. ඇලීම් තියෙනවා. පවුලට / හිතමිතුරන්ට/ රටේ මිනිසුන්ට/ පොදුවේ මිනිසුන්ට/ සත්තුන්ට- ඒ අනුපිලිවෙලට. සිංහල සංස්කෘතිය හා සියලු සංස්කෘතීන් නිදහස් කරන්න කියලා අපි ඉල්ලන්නේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන්. අපේ ප්‍රවාද බිහි කිරීමට ඒ ඇලීම් උත්තේජනත් වෙනවා. මොකද අපි කන්න ප්‍රවාද හදන්නේ නැහැ. මම කලිනුත් කිව ඒ උත්තේජන වලට අපි මුලා වෙන්නේ නැහැ. ඔබ කියන්නේ ලෝකය පිලිබඳ ‘distinctions ‘ -‘වෙන්කරගනීම්’ ඇති කරන්නේ හුදෙක් ඇලීම් / විරයන් නිසා කියලද? වෙනත් හේතු නිසා එහෙම කරන්නේ නැහැ කියලද? එහෙම නෙමෙයි කියල ඔබත් දන්නවා මමත් දන්නවා. අර සංස්කෘති ගැටෙන කතාව ජයගන්න කතාව මමත් දන්නවා. ඉතින් දැන් මොකද කියන්නේ? අපි කතා කරන්නේ අඟහරු ලෝකේ තියෙන සංස්කෘති ගැන නෙමේ. පොළොවේ තියෙන ඒවා ගැන. අපට තියෙන්නේ දිනන එකාව පාවාඩ දාල පිලිගන්නද? ඔබ කියන්නේ හොඳ දේවල් ගහල දුන්නත් කමක් නැහැ කියලද? ඕක තමයි ප්‍රශ්නේ. නුතනත්වය විසින් අපේ රාජ ක්‍රමය නැතිවීම හොඳක් කියල මම දකිනවා. ඒ වුනාට කරපු ක්‍රමේ අරමුණ වරදිය්. එකේ දීර්ගකාලීන ප්‍රතිපලය තමයි අපි අද අපට නොතේරෙන පාර්ලිමේන්තු ක්‍රමයක් එක්ක පිස්සු කෙලින එක. දැන් මේ ඇති. අන්තිමට තිබ්බ ක්රමෙටත් හපන් කියලයි හිතෙන්නේ. එහෙම බලෙන් මොනා දුන්නත් හරියන්නේ නැහැ. නිදහස නැතිව බලෙන් ඔබ්බපුව දීර්ගකාලීනව ලොකු ප්‍රශ්න ඇති කරනවා. ඔබ ආධිපත්‍යය ක් තිබෙන බව පිලිගන්නවා. නමට. ඔබ කියන්නේ එකෙන් වෙන්නේ දීර්ගකාලීන හොඳක් කියලද. මම කියන්නේ- නැහැ. අපට වෙන්නේ හැමදාම ළමයි වගේ බටහිර දෙමව්පියෝ යටතේ ඉන්නයි. අප අනුන්ගේ දේවල් අරගෙන නිදහසේ තේරුම් අරගෙන සෙමින් වෙනස් විය යුතුයි. නුතනත්වය එකට උත්තේජනයක් කරගන්න පුළුවන්. ඒ ගමන් නුතනත්වයේ ආධිපත්‍ය හෙලා දැකීමටත් ඊට ක්‍රියාකාරිව එරෙහිවීමටත් අපට සිද්ද වෙනවා. නැත්නම් හැමදාම ඔබාමාලා තග දාවි – ඒවාට බයේ අපට මහින්ද මහත්තයලගේ වැරදි ඉවසන් ඉන්න වේවි.

            Like

          • I think your last response says and lot and clarifies a lot. I wholeheartedly agree with you regarding the pointless “sheep-like” lives lived by many a men and women all over the world, trying their very best to “comply” with a system without even thinking why they should live those lives. The either you are in the “rat-race” or if you have accepted defeat then you are in the “sheep heard”. I agree this as the single most pressing issue in the modern world.

            I can very well understand your feeling towards people who suffer. I have had the same feelings myself. I sometimes talk to my wife about how frustrated and disappointed I am about people wasting their lives in the rat-race. Both myself and my wife are somewhat in the same rat-race to certain extent but we have found ways to be happy without jumping on the consumerist bandwagon. For example, when we got married, it was a family gathering with only 15 people. We spent about 20K (about fifteen years ago). I mentioned this here not because of anything else, but to show that being in the consumerist cult, is an “option” that everyone can take without a major social revolution or alternate world-views. There is a significant “non-consumerist” movements in western world as well. The thing that I disliked Nalin De Silva most is that he has labeled all those “non-consumerist”, “off-the-grid” initiatives such as organic farming etc as “bogus”. At least he could have said they are “good initiatives in the correct direction, but western world need a underlying shift in world-view as well”. Instead he goes on to preach that Judeo-Christian cultures have an inherent evil (this is kind of ‘original sin’ sort of argument BTW) that they can never transform themselves. He goes on to preach that solution can ONLY come from Sinhala Buddhist culture.

            I must say that the pluralistic movements in the west trying to find alternatives without their own modernity has far more chances of success than a divisive “Sinhala Buddhist” supremacist world-view. BTW from what you wrote here I understand that YOU don’t have a divisive ideology or supremacy complex. However, unfortunately, apart from you, most of the followers of NDS that I have spoken to have this psudeo-supremacy that comes from underlying inferiority complex.

            Another thing that we all have to realize that there non single authority/committee/big-brother who drives the modernity and its good/bad outcomes. When you speak of “westerners who force things on us”, you are actually referring to a straw-man that actually does not exist. I don’t think there is a planned hegemony. Rather, it is a natural process. You are declaring war against an enemy that does not exist.

            If you want to change things, you can change things without declaring WAR against anyone. You have many options, you can change the system from within, you can change by going out of the system. If you are trying to change the system, I am wholeheartedly with you.

            However, I view all “revolutionist” movements with great suspicion. Most of the time what happen is that you are following a fantasy and your deeds make things even worse. For example, what is happening is Sri Lanka at the moment is such a big farce.

            රාජපක්ෂ රෙජීමය ලංකාව තුල සිංහල-බෞද්ධ ජීවන දැක්මක් සහිත “අපේ” අහවල් එකක් ගොඩ නැගීමට අඩිතාලම දමනු ඇතැයි චින්තනවාදීන් තවමත් සිතා සිටින්නේ නම්, නලින් ඇතුලු චින්තන වාදීන්ගෙ ඔය ව්‍යායාමය යාන්තමින් හෝ කෙලින් තිබුනු තාප්ප කීපයකටම කෙලකරන වැඩක් බව නොකියාම බැරිය. රාජපක්ෂ රෙජීමය මේ රට තුල ගොඩ නගන්නෙ මොනවගේ කෙමනක් දැයි සිතා ගැනීමට නම් ජෝජ්-ඔවල් විසින් එක්දාස් නමසිය බර ගනන් වල රචිත “Nineteen Eighty-Four” නම් නවකතාව කියවිය යුතුය.

            Error in judgement of the Chintana-clan in this regards, make me further wonder their error in judgement regarding the whole thing and also the kind of people that will be made by the whole Chintana exercise.

            කොහොම නමුත් ශිරන්ත, ඔබ මෙතැන දැක්වූ පෞද්ගලික අදහස් බොහොමයක් නලින් වාදින්ගෙ සාමාන්‍ය අදහස් වලින් තරමක් දුරස් බවයි මට හැගෙන්නෙ. ඔබ මෙතැන දැක්වූ අදහස් වලට සමාන අදහස් මා මෙතෙක් ඇසුරු කල, කතා කල, වාද කල නලින් වාදීන්ගෙන් මා ඇසූයෙ නැහැ. මේවා ඔබගේ අවංක අදහස් නම් මා ඒ අදහස් වලට බොහෝ ගරු කරන බව කිව යුතුයි. නූතනත්වය සමග ආ ප්‍රශ්න ගැන ඔබේ විග්‍රහයට බොහෝ එකඟයි. නමුත් ඔබ නූතනත්වය විසින් විසඳු ප්‍රශ්න අවතක්සේරු කරනවා. එමෙන්ම නූතනත්වය තුල ඇති පරිභෝජනවාදී ප්‍රශ්නයට ඔබ දෙන විසඳුම එකම විසඳුම නොවේ. මට පෙනෙනා හොඳම විසඳුමද නොවේ. අප අතර ඇති මතවාදී වෙනස එයයි. ඒ මතවාදී වෙනසට වඩා අප අතර මතවාදී සමානකම් ඇති බව ඔබට වැටහෙන්නට ඇති යයි සිතනවා.

            Like

            • There was a typo in one of my sentences. It should be corrected as -> “I must say that the pluralistic movements in the west trying to find alternatives WITHIN their own modernity have far more chance of success than a divisive “Sinhala Buddhist” supremacist world-view.”

              Like

          • shirantha chamara says:

            ඔබ කියනවා //Another thing that we all have to realize that there non single authority/committee/big-brother who drives the modernity and its good/bad outcomes. When you speak of “westerners who force things on us”, you are actually referring to a straw-man that actually does not exist. I don’t think there is a planned hegemony. Rather, it is a natural process. You are declaring war against an enemy that does not exist.//

            මම දන්නවා එහෙම සැලසුම්සහගත ක්‍රියාවලියක් නොවන බව. . ඕක නොතෙරෙනවනම් මම මෝඩයෙක්. ඔබ එතන අපේ අදහස් විකුර්ති කිරීමක් කරනවා. ඔබ දැකල නැද්ද නලින් ද සිල්වා මහත්මය ‘කුමන්ත්‍රණ’ ගැන කියන මිනිස්සුන්ට බනිනවා? අපි කියනවනේ මේක හිතන පතන විදිහ නිසා වෙන දෙයක් කියල. හැමෝම සැලසුම් කරලා අධිපත්යක් යොදවන්නේ නැහැ. ආධිපත්‍ය නුතනත්ව චින්තනය තුල සාදාරනීකරණය වෙලා තියෙන්නේ. සුද්දෝ එදත් අදත් උත්සහ කරන්නේ අපව ශිෂ්ට කරන්න තමයි. නුතනත්ව චින්තනයෙන් පන නැගුනු සියලුම සංස්කෘතීන් තුල අඩුවැඩි වශයෙන් හැගීමක් තියෙනවා ලෝකය ශිෂ්ට කිරීම සඳහා ආධිපත්‍ය යෙදීමේ වරදක් නැති බව. මට පෙනෙන හැටියට ඔබටත් තියෙනවා. ඒ ආකල්පයත් තව ආකල්පත් නිසා ඒ ඒ රටවල් වල විද්යාන්යයෝ දේශපාලන්යයෝ ඒ ඒ විදිහට හැසිරෙනවා. සමහර අවස්ථාවල බටහිර චින්තනයට පිටිනුත් යනවා අවස්ථාවාදය , අනුකම්පාව, බල ලෝභය, වැනි මිනිස් ගති නිසා මෙන්ම ඇතැම් විචාරශීලී මින්සුන් නිසා . ඔබ මෙතන මම නොකරන යුධයක් ගැන කතාකරනවා. මේකත් විකුර්ති කිරීමක්. අයි බොරු වචන දාන්නේ? බටහිරට ගිහිල්ල නුතනත්වයට එරෙහිව යුද්දයක් කරලා එකේ අධිපතියව පරද්දල විජයග්‍රහණය කරමු වගේ දෙයක් මම කීවද? මම පැහැදිලිව සාමාන්‍ය මිනිස්සුන්ට කියන්නේ නුතනත්වයේ ආධිපත්‍යයට අනුකරකත්වයෙන් යටවෙන්න එපා. අනිත් යට කියන්නේ තමන් කරන දේ තේරුම් අරගන්න. තමන් යටවෙච්ච දේට අනිත් මිනිස්සුන්ව යටකරන්න එපා. බොරු වචන වලින් දමල ගහන්න එපා. අපි නුතැන නත්වය, බටහිර විද්‍යාව තේරුම් ගන්න විදිහට ලංකාවේ සැලකිය යුතු පිරිසක් නුතනත්වය තේරුම් ගත්තු ගමන්ම අපි ඉබේම නුතනත්වයෙ ආධිපත්‍යයෙන් මිදෙනවා. ඒ සඳහා නුතනත්වයේ මෙරට නියෝජිතයන් සමග අපි මතවාදීව හැප්පෙනවා. අපට අඩුගනනේ බටහිර රටවල් නුතනත්වයෙන් මුදවාගන්න ඕනෙත් නැහැ. එක ඒගොල්ලෝ කරගනීවි. අපි සාර්ථක උනොත් එකත් ඒගොල්ලන්ට උත්තේජනයක් වේවි. මේක යුධ්ධයක්ය?

            ඔබ කියනවා /////////////////////////////////If you want to change things, you can change things without declaring WAR against anyone. You have many options, you can change the system from within, you can change by going out of the system. If you are trying to change the system, I am wholeheartedly with you.

            However, I view all “revolutionist” movements with great suspicion. Most of the time what happen is that you are following a fantasy and your deeds make things even worse. For example, what is happening is Sri Lanka at the moment is such a big farce.

            රාජපක්ෂ රෙජීමය ලංකාව තුල සිංහල-බෞද්ධ ජීවන දැක්මක් සහිත “අපේ” අහවල් එකක් ගොඩ නැගීමට අඩිතාලම දමනු ඇතැයි චින්තනවාදීන් තවමත් සිතා සිටින්නේ නම්, නලින් ඇතුලු චින්තන වාදීන්ගෙ ඔය ව්‍යායාමය යාන්තමින් හෝ කෙලින් තිබුනු තාප්ප කීපයකටම කෙලකරන වැඩක් බව නොකියාම බැරිය. රාජපක්ෂ රෙජීමය මේ රට තුල ගොඩ නගන්නෙ මොනවගේ කෙමනක් දැයි සිතා ගැනීමට නම් ජෝජ්-ඔවල් විසින් එක්දාස් නමසිය බර ගනන් වල රචිත “Nineteen Eighty-Four” නම් නවකතාව කියවිය යුතුය.

            Error in judgement of the Chintana-clan in this regards, make me further wonder their error in judgement regarding the whole thing and also the kind of people that will be made by the whole Chintana exercise //////////////////////////////////////////

            මේක තමයි වැදගත්ම දේ. මම සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ හැමතැනම පිළිතුරු දෙන්නේ නැහැ. ඔබට පිළිතුරු දෙන්න තීරණය කරේ ඔබ අපේ මතවාද වලට සැලකිය යුතු හානියක් කරන බව දුටු නිසාය. මගේ අරමුණ වුයේ ඇතැම් වැරදි වැටහීම් නැති කිරීමය. ඔබ මම නලින් ද සිල්වා මහතා වුවත් සිටිය යුත්තේ ස්වාදී නවය. ඔබ මට එකඟ වුවත් නැතත් ඔබ අපේ පිලට පැමිණීම වැදගත් නොවේ. ප්‍රශ්න නගමින් අපව පෝෂණය කරන්නන් නැතිවීම අපට ඇති ලොකුම ප්‍රශ්නය යයි සිතමි. තාවකාලිකව අවශ්‍ය අවස්තාවලදී විවිද පෙරමුණු වලට මිනිසුන් එකතු වීම පමණි අවශ්‍ය. මෙය පක්ෂ දේශපාලන සම්ප්‍රදායට විරුද්දය. එහෙත් අප වැඩ කල යුත්තේ එසේය. අප මහින්ද රාජපක්ෂ මහතා සමග සිටීම ඔබ තේරුම් ගත යුත්තේද එසේය. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට සහය නොදීම ප්‍රශ්නයක් නොවේ. ඔබ තේරුම් ගත යුත්තේ මහින්ද මහතාට සහය දෙන්නන් අතරත් නොදෙන්නන් අතරත් සමාජ යහපත් අවංකව බලපොරෝත්හු වන්නන් මෙන්ම දේශපාලන වාසි, වයිරය , ego වැනි දේ නිසා පැත්තක් ගන්නන් සිටින බව පමණි. අප (ජාතික චින්තන වාදීන්) මේ වේලාවෙහි සිටිය යුත්තේ මහින්ද මහතා සමග යයි අපි සිතමු . එය ඉතා අවදානම් දේශපාලන තීන්දුවක් බව දනිමි. අප කාටවත් මෙවැනි දේවල් ගැන සපත කර කිව නොහැක. (මා මේ මොහොතේදී ක්‍රියාකාරී දේශපාලනයේ නැතිනිසා මේවා පඬි කතා මෙන් පෙනීමට ඉඩ ඇත. කෙසේ වෙතත් නලින් ද සිල්වා මහතාගේ ක්‍රියාව මම තේරුම් ගෙන සිටින ආකාරය විස්තර කිරීමට ඉඩ දෙන්න) . මහින්ද රාජපක්ෂ මහතා අතින් නැවත සකස් කල නොහැකි වැරදි සිදුවීමේ අවදානමක්ද ඇත. එහෙත් දේශපාලනය කොහොමත් එසේය. මහින්ද රාජපක්ෂ මහතා අතින් කෙරෙන දෙයින් 90%කම අපේ අදහස්වලට අනුකුල නොවේ. එහෙත් 10% ඉතා තීරණාත්මකය . එය විදේශ ප්‍රතිපත්තිය හා ඒකීය රාජ්‍යය සම්බන්ද දෙය. එහිදී වුවද ඒ මහතා අපට එරෙහි තීරණයක් ගැනීමට ඉඩ ඇත. එහෙත් අවදානම දැරීමට බයේ මුකුත් නොකියා කටවසා සිටීම පලා යාමකි. 2005 දඉ වුවද එතුමාට අප සහය පල කලේ අනාගතය දිවසින් දැක නොවේ. අප පෙරමුණු වල සිටින්නේ තාවකාලිකවය. චන්දය දී පැත්තකට වීම දේශපාලනය නොවේ. දේශපාලනය අද විකාරයක් වී ඇති නිසා මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට හෝ එහි එල්ලී සිට වාසි ගැනීමට මිසක එයට බල කර වැඩකරගනීමට කිසිවෙකුට උවමනාවක් නැත (හැකියාවක්ද නැත. එහෙත් හැකියාව කවදා හෝ අත්කරගත හැක්කේ උවමනාව තිබේ නම් පමණි) . බොහෝ ආණ්ඩු විර්රෝධී වැඩවල තිබෙන්නේ නිකම්ම රජය පෙරලා දැමීමේ අරමුණක් මිස සමාජ යහපත සඳහා රජය පෙළඹවීමේ උවමනාවක් නොවේ යයි අප දකිමු. ආණ්ඩුව පෙරලීමට අප විරුද්ධය. හිස්තැන පුරවන්නේ කවුද? රනිල් මහතාද? ෆොන්සේකා මහතාද? ටිල්වින් මහතාද? මෙය ඛෙදවාචකයක් බවද දනිමු. එහෙත් ඛේදවාචක හමුවේද අප දේශපාලනය කල යුතුය. ආණ්ඩුව විවේචනය කරන්නන්ට විකල්ප ගොඩනගන්නන්ට සහය දීමේ දේශපාලනික හැකියාවක් මේ මොහොතේ අපට නැත. ඊට අපට දොස් කිව යුතුද? විකල්ප ගොඩනැගිය උත්තේ කවුද? අපගේ විවේචනයන් විකල්ප ගොඩනැගීමේදී සලක බැලීමෙන් යහපතක් වනු ඇති සිතමු. එවිට පුස් විකල්ප වෙනුවට හරවත් විකල්ප ගොඩනැගෙනු ඇත.
            යම් හෙයකින් තුන්වන ලෝක යුද්ධයක් තුල අප ඔබාමා පැත්ත ගත්තොත් ඔබ කියන්නේ අප ඔබාමා මගින් ජාතික චින්තනය ගොඩනැගීමට බලාපොරොත්තු වන බවද? අප මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්ත ගන්නේ ජාතික චින්තනය ගොඩනැගීමට නොවන බව නැවතත් කියමු. (උත්සහ කිරීම වෙනම දෙයකි. අපට ඒ ගැන විශ්වාසයක් නැත.) . එය නුතනත්වයට එරෙහිවීම සඳහා පැත්තක් ගැනීමක්ද නොවේ. ඉතා පැහැදිලි නිශ්චිත කරුණු නිසා ය. (ඒවා වෙනම සාකච්චා කල යුතුය. )නලින්ද සිල්වා මහතා දේශපාලනයත් කරයි. විද්‍යාව ගැනත් කතා කරයි. දර්ශනයත් කතා කරයි. මේවා අතර සම්බන්ද තිබුනත් ඒවා අනාගනීමෙන් නොවේ සම්බන්ධතා තේරුම් ගත යුත්තේ. කියවන්නන් මේ සියල්ල අනා නොගැනීම සඳහා සැලකිල්ලෙන් කියවිය යුතුය.

            අප කරන්න යන්නේ යුධ සන්නද්ධ කොමුනිස්ට්වාදී විප්ලවයක් නොවන නිසා අප සමග එක පෙරමුණේ ඉන්න ගණන වැදගත් නැහැ. වැඩි දෙනෙක් අප කියන දේ තේරුම් ගැනීම පමණි අවශ්‍ය වන්නේ. ඒ නිසා එකතුවීමක් අවශ්‍ය නැහැ. (එහෙම එකතුවීමකුත් නැහැ- අපි සංවිධානයක් නෙමෙයි. ) අවශ්‍ය වන්නේ අවංකව අප හා සංවාදයේ යෙදීමයි. අපේ සංවාදය ජනප්‍රිය කරවීමයි. ඔබට හැකි නම් ඔබට කලින් හමුවූ චින්තනවාදීන්ව මගේ අදහස් වලට යොමු කල හැකිය. එයින් සංවාදය පෝෂණය වේවි. අප කියන දේ තම තම නැණ පමණින් වටහාගෙන ඒවා සම්බන්ධයෙන් තම තම ක්ෂේශ්ත්‍ර වලදී අවංකව තමන්ට තේරෙන දේ වෙනුවෙන් ක්‍රියාකාරී වීම තුලින් විප්ලවය ඉබේම සිදුවේ.

            Like

        • shirantha chamara says:

          ඔබ වසර් 15කට් කලින් කල දේ සනසිලිමත් ජීවිතයක් වෙනුවෙන් බෙරිහන් දෙන මට ගිය අවුරුද්දේ කරන්න බැරි උන. අපට විවාහයට ලක්ෂ 7-8 ක් ගියා. අයි ඒ? මම මේවට ආසද? බිරිඳ අසයි එහෙත් කාර් වෑන් නැතුව ජීවත් වෙන්න කැමති වෙච්ච මනුස්සය ඕක මම කිවනම් කැපනොකර ඉන්නේ නැහැ. කොහොම උනත් මන් වෙනුවෙන් කැපකරන කෙනෙකුට මමත් කැපකරන්න ඕනේ. මේක ඇත්තටම වැදගත් තැනක්. ඊට කලින් වෙන දෙයක් කියන්නත් ඕනේ.
          ඔය පුද්ගලික දේවල් නලින් ද සිල්වා මහත්තය සම්බන්දයෙන් එතුමාගේ දරුවන් සම්බන්දයෙන් එල්ල වෙනවා මම දැකල තියෙනවා. ඔබ මෙතන ඒ ගැන නොකීවත් ව්‍යංගයෙන් කියන තැන දැකල තියෙනවා. එක ලිබරල්වාදය පරදවා සහජ දේවල් මතුවන තැනක්. මට එතුමාගේ වැඩ මිසක් දරුවන්ගේ වැඩ වැඩක් නැහැ. දරුවෝ පියාගේ දර්ශනය අනුගමය කරන්න ඕනෙද? පුද්ගලිකව කිවොත් මගේ දරුවෙක් ළමා අපචාරයක් වගේ දෙයක් කරලා අහුවුනත් මම උව අතහරින්නේ නැහැ. බලන්න හිරෙත් යනවා. පුලුවන්නම් ඇප ත් දෙනවා. අපි මිනිස්සු. එහෙත් ඊළඟ දවසෙත් මම අපචාරවලට විරුද්දයි. ඒ අතින් නලින් ද සිල්වා මහත්තයාගේ දරුවෝ දර්ශනයෙන් එතුමාගෙන් වෙනස්නම් (මම එක හරියටම දන්නේ නැහැ. කවදාවත් අහලත් නැහැ ඒ ගැන) එක සැලකිල්ලට ගන්න ඕනේ දෙයක්වත් නෙමෙයි. එක ප්‍රශ්න කරන අය ඉන්නේ මොන සංස්කෘතියේද?

          අපි අයෙත් විවාහයට යොමු වෙමු. මේක හොඳම උදාහරණයක්. වැරදිලා හරි මම උත්සවයක් ගත්තේ නැත්නම් මටයි බිරිඳටයි දෙගොල්ලන්ගේ අම්මල තාතාල එක්ක තරහ වෙන්න වෙනවා. අම්මල තාතාලගේ බලාපොරොත්තු මොකක්වත් ඉටුනොකරපු මට එකත් ඉටුනොකර ඉන්න බැරිඋන . (කොහොමුනත් අදත් මම හිතනවා උත්සවයක් නොගත්තානම් හොඳයි කියල) . හරි දැන් අපි ප්‍රශ්නෙට එමු. අයි අපේ අම්මල තාත්තල ඕව නොකර ඉන්න අකමැති. ඒගොල්ලෝ මොනම විදිහකින්වත් පොහොසත් තියා මද්යම පාන්තිකවත් නැහැ. ඒගොල්ලෝ නුතනත්වයෙන් දීපු දේවල් අන්ධව වැළඳගෙන ඉන්නේ. ඔබ හිතන්නේ නුතනත්වයට කලින් මිනිස්සු අතර මේ වගේ විවාහ සංස්කෘතියක් තිබ්බ කියලද? බටහිර මිනිස්සු අතර සැලකිය යුතු පිරිසක් මේක නොකරන බව මම දන්නවා. මොකද ඒගොල්ලෝ මේවා අනුකාරකත්වයෙන් නෙමෙයිනේ වැළඳගෙන තියෙන්නේ. ඒගොල්ලන්ට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ ය වෙනස් වෙන්නේ. වැරදිලා හරි බටහිර රටක පුතෙකුට මෙහෙම අම්මල කිවොත් කුදගහගන්න කියල ඉන්නත් ඉඩ තියෙනවා. මට එහෙම බැහැනේ. මම හැදිලා තියෙන්නේ එහෙම නෙමෙයි. අම්මල කියන කියන දේ කරන්නේ නැහැ. එහෙත් ඒ මිනිස්සුන්ගේ හැගීම් ගැන හිතන්න ඕනෙනේ. දැන් තේරෙන්න ඕනේ මේක තවත් හොඳ උදාහරණයක් කොලේ වහල මිනිස්සුන්ව අනුකාරකත්වයට පුරුදු කිරීමෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන. අපට මොන මගුලක්වත් එකහිතින් කරන්න බහ. පරස්පර ජීවිත ගෙවන්න වෙලා.

          ඊට පස්සේ මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔය පරිභෝජනය කරනවා කියන සමහර දේවල් ජෛවියව ගත්තම මහා පරිභෝජන නෙමෙයි. උදාහරනෙකට මගේ විවාහය නිසා ජිවිය පරිසරයට වෙච්ච ලොකු හානියක් නැහැ. ජෛවීයව ගත්තොත් එක ලොකු පරිභෝජනයක් නෙමෙයි. කාල බීල විනොධ වීමක්. පරිභෝජනයන් නොවන දේවල් පරිභෝජනයන් බවට පත්වෙන්නේ නුතනත්වයේ කුණුහරුප ආකල්ප නිසා. සල්ලි වියදම් කරලා සමහර ව්යාපාරිකයන්ව පොහොසත් කරපු එක තමයි අවුල. ඒ සල්ලි වලින් මට හිඟන්නන්ට කන්න අරන් දෙන්න තිබ්බ. එහෙත් එතකොටත් අවුලක් තියෙනවා. අයි හිඟන්නන්ට සල්ලි නැතුව කන්න බැරි? හේතුව කාටවත් අයිති නැති පොලොව ගස්වැල් සම්පත් මිනිස්සු සින්නක්කරේට ලියාගෙන තිබීමයි. ඒවා නිදහසේ ඉතාම තාවකාලික සම්මුති භාරකාරත්වයන් යටතේ තිබුනානම් උන් හිඟා කන්න ඕනේ නැහැ. කොහෙටහරි ගමකට ගිහිල්ල ඉඩ තියෙන තැනක පලක් අටවාගෙන මොනවහරි කරලා ජීවත් වෙන්න පුළුවන්. ගමටම අවුලක් ඇති උනොත් උනොත් ගම පිටින්ම වෙන කොහෙටහරි උස්සන් ගිහින් අලුත් ප්‍රදේශයක පදිංචි වෙන්න පුළුවන්. මෙතන තියෙන කුනුහරුපේ පෙනෙනවද? විශේෂයෙන් ලෝකයම තනි ගොතරයක් කියන ය ඉන්නවනම් ඒ යට පෙනෙන්න ඕනේ. අපට පුලුවන්ද ඔස්ට්‍රලියාවට ගිහින් පදිංචි වෙන්න අපට ඕනේ ඕනේ හැටියට?. මට පෙනෙන්නේ නැහැ ඔබ මෙම ප්‍රශ්නය මතුපිටින් මිසක් ගැඹුරින් දකින බවත්. එක ගැඹුරින් දැක්කොත් එක මුළු නුතනත්වයම කණපිට පෙරලන්න තරම් ආවේගයක් ඇතිකරන්න ප්‍රබලයි (එහෙම කරන්න බැරි බවත් නොකළ යුතු බවත් මම දන්නවා).

          බටහිරයන් නුතනත්වය තුල එක දෙයක් අතහැර අනෙකක් වැළඳගන්නේ සවින්යානිකාවයි. එහෙත් අපේ මිනිස්සු එහෙම නෙමෙයි. අපට මේවා තේරෙන්නේ නැහැ. අපි විවාහ සංස්කෘතිය වෙනස් කරන්නේ බටහිරයෝ වෙනස් කරහම. ගුරුත්වාකර්ශනය බටහිරයෝ අතහරියට අපේ මහාචාර්යවරු අතහරින්නේ නැහැ. අමාරුවෙන් අතහරියට පස්සේ නොතේරෙන සාපේක්ෂතාවාදය තේරෙන්නේ නැතුවම වැළඳ ගන්නවා. (කිසිවෙනසක් නැහැ උඩුකය ඇඳුම් ඇඳීම හා ගැලවීම වෙන විදිහමයි) ඉතින් අපි හිඟන්නෝ. අනුකාරකයෝ. උදාහරණයක් බලමු. මේ නෙව්ටෝනිය න්‍යාය ඉගෙනෙමේ වැදගත්කම ලිපිය ලියන්නෙම අපට එරෙහිවනේ. ලියපු කෙනාට උවමනාවක් තිබුනද මහන්සිවෙලා සාපේක්ෂතාවාදය ඉගෙනගෙන අපි කියපු දේ ඇත්තද බොරුද බලන්න? නැහැ. ස්කන්ධය ගම්‍යතාව කියන්නේ අර්ථදැක්වීම් . ඒවා පරීක්ෂණාත්මකව බලන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා සන්නිකර්ෂණ සඳහා උදාහරණ හැටියට ගැනීමෙන්ම පෙනෙනවා හදාරලා නැති බව. මේක වෙන්නේ නුතනත්වය අන්ධව අනුකරණය කිරීමට පුරුදු කර ඇති නිසා. මේවා ලියන්නේ ඉගෙනගත්තු මිනිස්සු නේද? ඒගොල්ලෝ මෙහෙම නම් අනික් මිනිස්සු කොච්චර මත් වීමක් වෙන්න ඕනෙද? නුතනත්වය වෙනුවෙන් බෙරිහන් දෙන යට නුතනත්වය තේරෙනවද?
          ඊලංග ලිපියෙන් තව ටිකකින් ඔබ කියා ඇති දේවලට පිළිතුරු දෙන්නම්. එතකල් ප්‍රතිචාර නොදක්වා ඉවසන මෙන් ඉල්ලමි.

          Like

          • shirantha chamara says:

            ඔබ කියනවා //There is a significant “non-consumerist” movements in western world as well. The thing that I disliked Nalin De Silva most is that he has labeled all those “non-consumerist”, “off-the-grid” initiatives such as organic farming etc as “bogus”. At least he could have said they are “good initiatives in the correct direction, but western world need a underlying shift in world-view as well”. Instead he goes on to preach that Judeo-Christian cultures have an inherent evil (this is kind of ‘original sin’ sort of argument BTW) that they can never transform themselves. He goes on to preach that solution can ONLY come from Sinhala Buddhist culture.

            I must say that the pluralistic movements in the west trying to find alternatives without their own modernity has far more chances of success than a divisive “Sinhala Buddhist” supremacist world-view. BTW from what you wrote here I understand that YOU don’t have a divisive ideology or supremacy complex. However, unfortunately, apart from you, most of the followers of NDS that I have spoken to have this psudeo-supremacy that comes from underlying inferiority complex.//

            කාබනික ගොවිතැන ගැන මට දැනුමක් නැහැ. දන්නේ නැති නිසා තර්ක කරන්න බහ. මම නලින් ද සිල්වා මහත්තය කියන දේ දන්නවා. මේකයි කියන්නේ. කාබනික ගොවිතැන විකල්ප ගොවිතැනක් ලෙස මිස ප්‍රධාන ගොවිතැන බවට නුතනත්වය තුල කවදාවත් පත්වන්නේ නැත. එය එසේ පත්වන්නේ නුතනත්වයේ පරිභෝජනවාදය බිද වැටුණු දිනකය. දැනට කාබනික ගොවිතැන පිලිබඳ අදහස යොදා ගැනෙන්නේ (එහි නිර්මාපකයන්ගේ අදහස කුමක් වුවත්) එය කෘෂි රසායන ගොවිතැනට ප්‍රධාන විකල්පය ලෙස හුව දක්වමින් එහි අස්වැන්න අඩු බව දැනුම් දෙමිනි. එහිදී පරිභෝජනවාදයට හුරුවී ඇති ජනයා අස්වැන්න අඩු නිසා එය විකල්පයක් ලෙස ගන්නවා මිස කෘෂිරසායන ගොවිතැනෙන් මිදෙන්නේ නැත. වෙනත් ගොවිතැන් ක්‍රම ඇතිවීම වැළැක්වීමට දැනටමත් විකල්පයක් ඇතිබව පෙන්වා දෙයි.( කෘෂි රසායන සමාගම් මෙහිදී ක්‍රියාත්මක වන්නේ යයි සිතමු) . මෙය පැහැදිලි වූ අවස්තාවක් වන්නේ පසුගිය ආසනික් ප්‍රශ්නයේදී අප කෘෂි රසායනයෙන් මිදීමට ඉල්ලා සිටින විට ලංකාවේ බොහෝ උගතුන් එයින් අස්වැන්න අඩුවන බවට ගෝරනාඩු කිරීමය. අප නාථ දෙවියන්ගේ උපදෙස් පරිදි කරන ගොවිතැන ගැන කියන විටෙක ඇතැමෙකු අපට කාබනික ගොවිතැන දැනටමත් ඇති බව මතක් කළහ. මෙහි ප්‍රශ්නය ඇත්තේ කොහේදැයි තේරෙන්නේද? කෙලින්ම පරිබෝජනවාදී ආකල්පයට පහරදෙන තුරු කිසිදු ගොවිතැනක් කෘෂි රසායන ගොවිතැන වෙනුවට ආදේශ කල නොහැක.

            බටහිරයන්ට කවදාවත් ගොඩ එන්න බහ කියල කොහෙද කියන්නේ. අපි මෙහෙමයි කියන්නේ. නුතනත්ව චින්තනය වෙනස් කරගන්නකල් නුතනත්වයේ කොටස්වලට එරෙහිව ඉදිරිපත් වන විකල්ප නුතනත්වය විසින්ම උරාගෙන එම චින්තනය තුලම ක්‍රියාත්මක කෙරේ. නැතහොත් පරාජය කර දැමෙයි. නුතනත්ව චින්තනය අතහැරීමෙන් තොරව බටහිරටවත් ලෝකයටවත් ගැලවීමක් නැහැ. ඒ නිසා ගොඩ ඒමක් වෙන්න නම් 1500 ගණන් වල වුන වගේ චින්තන විප්ලවයක් අයෙත් බටහිර ඇතිවෙන්න ඕනේ. එක ලේසි නැහැ. මද්යකාලින යුගයේ අවුරුදු කොච්චරක් එක තැන පල්වෙලද නුතනත්වය ආරම්භාවුනේ? ඒවගේම එකතැන පලවීමක් දැන් අපි දකිනවා. (ගණිතයේ භෞතික විද්‍යාවේ සමාජ කරුණු වලදී පරස්පර ඇතිවීම) නුතනත්වයේ ජයග්‍රහණ ඉවරයි. දැන් බංකොලොත්. මේ පලවීම කොච්චර කල් තියේවිද කවුද දන්නේ? ඊට කලින් නුතනත්ව දේශපාලනය පරිසරය කොච්චර විනාශ කරයිද? ඉතින් අපි ඒ චින්තන විප්ලවය වෙනකල් අයෙත් බලන් ඉන්න ඕනෙද. නැහැ. අපි අපට තේරෙන විදිහට අවංකව වැඩ කරමු. අපි සාර්ථක උනොත් එක බටහිර ජනයාට අවශ්‍ය චින්තන වෙනස ලන්ගාවීමටත් ඔවුන් උත්තේජනයක් කරගනීවි. එතකල් ඔවුන් අතර පහල වෙන නුතනත්වයේ කොටස් වලට එරෙහි විකල්ප අනාගතයේ චින්තන විප්ලවයකට අවශ්‍ය පසුබිම හදමින් මියයාවී හරියට රෝබින්හූද්ගේ සටන වගේ. සිංහල චින්තනයට නුතනත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය විභවය තිබෙනවා සැහෙන. මොකද මේ ඉලව් විකුර්ති සංස්කෘතිය ඇතුලේ හිටියට චින්තනය තවම මැරිලා නැහැ. අපි මේවා කියනකොට මිනිස්සුන්ට දැනෙන්නේ එකයි. (ඊට පස්සේ අයෙත් උන් කුහක ජීවිත ගත කරනවා තමයි. මිනිස්සුන්ට ඉන්ද්‍රිය පිනවීමට අනුබල දෙන පරිසරයක හැසිරෙන්න හරි අමාරුයි )අනිත් යට කිසිම විභවයක් නැහැ කියන්නේ නැහැ.

            සිංහල භෞධ්ධ අධිපතිවාදයක් ගැන අප කතා කරන්නේ නැත. ඒ ගැන වෙනම සංවාදයක් කල යුතුය. නලින් ද සිල්වා මහතාගේ අදහස් වැරදියට තේරුම් ගත ය ගැන මට වගකිව නොහැක. ඒ ගැන කුමක් හෝ කිරීම අපේ වගකීම බව පිලිගනිමි.

            ඔබ කියනවා/////නූතනත්වය සමග ආ ප්‍රශ්න ගැන ඔබේ විග්‍රහයට බොහෝ එකඟයි. නමුත් ඔබ නූතනත්වය විසින් විසඳු ප්‍රශ්න අවතක්සේරු කරනවා. එමෙන්ම නූතනත්වය තුල ඇති පරිභෝජනවාදී ප්‍රශ්නයට ඔබ දෙන විසඳුම එකම විසඳුම නොවේ. මට පෙනෙනා හොඳම විසඳුමද නොවේ. //////

            අවතක්සේරු කිරීම කියන්නේ මොකක්ද? මම ඇති සැටියෙන් කියනවා එච්චරයි. නුතනත්වය කියන්නේ මිනිහෙක් නෙමෙයිනේ. ඉතින් මට ලොකු බැඳීමක් නැහැ. නුතනත්වය කෙටිකාලීන ජයග්‍රහණ හරහා දීර්ගකාලෙන ප්‍රශ්න ඇති කර ඇත. එච්චරයි. එක අවතක්සේරුවක්ද නැද්ද කියන එක වැඩක් නැහැ. නුතනත්වයට විකල්ප මම ඉදිරිපත් කරලා නැහැ. එහෙම චින්තනයකට විකල්ප ඉදිරිපත් කරන්න පුලුවන්ද ? ඉතා සංයුක්තව නුතනත්වයෙන් එහි ආධිපත්‍යයෙන් අනුකරණයෙන් මිදිය යුතු බවත් බටහිර විද්‍යාව චින්තනයක් මත බිහි වී ඇති බවත් වෙනත් මාර්ග ඔස්සේ සිතීමෙන් වෙනස් විද්‍යා තාක්ෂණ බිහි විය හැකි බවත් අප ස්වාදීනව සිතිය යුතු බවත් තමයි කියන්නේ. එවිට අප තුල සංවාද අත්හදාබැලීම් ආදිය හරහා මොකක් හරි වෙනසක් හෙමිහිට සිදු වේවි. භාවනාවෙන් ඇතැම් නොපෙන්මෙන දේ ප්‍රත්‍යක්ෂ කරගතහැකි බව අපි කියනවා. එකට එකඟ වෙන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. එකට පදනමක් නැතුව ගරහන්න එපා. එක සංවාදයට ගන්න තරම් දෙයක් නෙමෙයි කියන්නේ කොහොමද? තනි මිනිහෙක් ලොකු සංවාදයක් අවුරුදු තිහක් කරලා තියෙනවා. එකෙන් මොකක් හරි වෙලා තියෙනවා. කිහිප දෙනෙක් හරි ස්වාදීනව හිතනවා. බටහිර විද්‍යාව උනත් මම ඉතා ඉක්මනින් සැහැල්ලුවෙන් ඉගෙනගත්තේ මේ ස්වාදීන වීමේ පලයක් හැටියට. ඒ නිසා මුලින් ස්වාදීන වෙන්න. එතකොට වැඩ ඉබේ කෙරෙයි.

            Like

          • සමාවෙන්න! ඔබ ඊලඟ ලිපිය දානකන් ප්‍රතිචාර නොදක්වන්න කියල තිබුන ඉල්ලීම නොතකා ප්‍රතිචාරයක් දානව. මේ සාකච්ඡාව වෙනත් පිටුවකට ගෙනයාමෙ ඔනෙ කම නිසා. මේ පිටුව දැන් හොඳටම දිග වැඩියි.

            ආයෙත් අපි කිසියම් සීමාවකට ඇවිල්ල තියෙනවා. ඔබ අන්තිමට ලියල තියෙන දේවල් වලට මගේ අවංක උත්තර ලිව්වොත්, මේ

            සාකච්ඡාව මෙතැනින් ඉවරයි. වෙන වෙලාවක නම් බොහොම රලු වචන වලින් මට හිතට ආපු දේ කියල දානවා. නමුත් ඔබ තුල

            ඉන්නා දයාබර මනුෂ්‍යත්වයක් පේන හින්දා, එහෙම කියන්න හිතෙන්නෙ නෑ. මේ ලියපු දේවල් ඔක්කොම ඔබ අවංකව ලියල

            තියෙන්නෙ කියල මට හිතෙනවා.

            කෙටියෙන් මෙහෙම කියන්නම්, මේ ලෝකෙ අපිට කැමති කැමති කෝන වලින් බලල නොයෙකුත් විදිහට නිර්වචනය කරන්න

            පුලුවන්. ලෝකය ගැන – විශේෂයෙන්ම තුන්වන ලෝකය ගැන – ඔබේ තියෙන නිර්වචනය බොහොම අසුභවාදී එකක්. ඉතින් මේ

            අසුභවාදී චින්තනය හා ඔබේ මානව දයාව කලවම් වෙලා නිර්මාණය වෙලා ඉන්න “ඔබ”, ඔබේ හිතේ තියෙන මේ හැඟීම් එක්ක ජීවත්

            වෙන්න පුලුවන් හොඳම විදිහ වශයෙන් ජාතික චින්තනය තෝරාගෙන තියෙනවා. මමත් ඔය කරුනු ටික නිසාම වෙනත් චින්තයනක්

            තෝරාගෙන තියෙනවා. අර එකම සමාජය ඇතුලේ සමහර මිනිස්සු සමලිංගික හා සමහරුන් විෂම ලිංගික වෙන්නෙ. අන්න ඒ වගේ.

            අනාගත ලෝකයට ඔය චින්තනයන් ගෙන් වෙන්න පුලුවන් බලපෑම් ගැන ඔබටත් මටත් යම්කිසි අදහසක් තියෙනවා. අපි

            දෙන්නාගෙන් කවුද හරි, කවුද වැරදි, හෝ දෙන්නාම වැරදිද කියල අනාගතය තීරනය කරයි. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

            ඔබේ දැක්ම සංගතයි. හැබැයි මම එකඟ වෙන්නෙ නෑ.

            ඊලඟට ඔබ බොහොම හැඟීම බරව කියල තියෙන වර්තමාන ලෝකයේ ප්‍රශ්න ගැන ඔය විදිහටම හැඟීම බරව හා ආවේගශීලීව බලල, ආකෘතිය අතින් ගත්තොත් ඔය වගේම, නමුත් ස්ථාපිත කරන ආකාරය ගත්තොත් වෙනත් ආකාරයක් වන තවත් විසඳුමක් ඉදිරිපත් කරන තවත් කොට්ටාශයක් ඉන්නවා. ඒ අය පාවිච්චිකරන වචන, හැඟීම් වල ස්වභාවය හා විසඳුමේ ස්වභාවය බොහොම සමානයි. ඒ අනිත් කන්ඩායම තමයි දැඩි ආගමික-මාක්ස්වාදියො. ඔවුන්ගෙ ලෝකයට ගිහිල්ලා බැලුවොත් ඒකත් ඔය වගේම සංගතයි. පොතේ තියරිය බැලුවොත් බොහොම කන්වින්සින්. හැබැයි ඔය මාක්ස්වාදී කෙමන පොතේ හැටියට අටවන්න ගිය හැම වාරයකම ඒ රටවල්/සමාජයන් වලට කෙලවෙලා ගියා.

            ඊලඟට ගනිමු මූලධර්මවාදී මුස්ලිම් කට්ටිය. ඒ අයගෙ කතාවත් ඔය වගේමයි. ඒ අයටත් තියෙනවා නූතනත්වය එක්ක බොහොම සාධාරන ප්‍රශ්න. ඒ අයටත් තියෙනවා මැද පෙරදිග “ජාතික චින්තනයක්”. ඒ අය නම් බටහිරට එරෙහිව වචනාර්ථයෙන් යුධ ප්‍රකාශ කරල ඉවරයි. නමුත් ජාතික චින්තන අය සම්බන්ධව මම “යුධ ප්‍රකාශ” කියන වචනෙ පාවිච්චි කලේ වචනාර්ථයෙන් නොවේ ෆිගර් ඔෆ් ස්පීච් එකක් හැටියට.

            කොහොම නමුත් ඔබ අවසාන වශයෙන් ‘නිව්ටෝනියානු නියම’ ගන ආයෙත් කතාකරපු එක හොඳයි. ඒකනෙ ඇත්තම මතෘකාව. අපි නිව්ටෝනියානු නියම හරහා මහින්ද රාජපක්ෂ ගැනත් අන්තිමට කතා කලා. කමක් නෑ. ඉතාම හොඳ සාකච්ඡාවක්. නිව්ටෝනියානු නියම ගැන සාකච්ඡාවට නැවත එන්න ඔනේ. නමුත් මේ සංවාදය දැනටම බොහොම දිග වැඩියි. මේකෙ යට හරිය කියවන්නෙ අපි දෙන්නා විතරක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

            නිව්ටෝනියානු නියම ගැන කියන කතාවෙදි ‘නිර්මාණාතමක සාපේක්ෂතාවාදී’ මතවාදයෙ මට තියෙන ලොකු ගැටලුවක් තමයි, ඔය ගොල්ලො විසින් බාහිර ලෝකය’ඉන්ද්‍රියගෝචර’ හා ‘ඉන්ද්‍රියගෝචර නොවන’ හා, ඒ වගේම සංකල්ප ‘වියුක්ත’ හා ‘සංයුක්ත’ ලෙස බොහොම කලු/සුදු මායිම් සහිත කුලක වලට බෙදන එක. මේ ගැන මට සාකච්ඡා කරන්න ඔනේ. නමුත් මෙතැන නොවේ. දැන් මේ සාකච්ඡාව දිග වැඩියි. මම ඔය කරුන සම්බන්ධයෙන් වෙනම ලිපියක් දාන්නම් මේ බ්ලොගයේම. ටික දවසක් යයි හැබැයි.

            Like

          • ඔබ පිලිතුරක් දාල තියෙනවා මම දාපු වෙලාවෙම. අපි දෙන්නාම එකට ටයිප් කරන්න ඇත්තෙ. කොහොම නමුත් නැවතත් කියන්නෙ වෙන්නෙ; මෙතෙක් මුනගැසුන චින්තනවාදීන්ට වඩා ඔබ බොහෝ වෙනස් බවයි. අනෙක් චින්තනවාදීන් චින්තනය වැරදියට තේරුම් අරගෙනද? ඔබ කියන්නෙ නලින් කියන එකමද? ඔබේ චින්තනය නලින්ටත් තේරෙන්නෙ නැද්ද වගේ ප්‍රශ්න මට මතුවෙනවා. ඔබ මෙ කතාකරන්නෙ “අලුත් යමක් නිර්මාණයක්” ගැන “චින්තන විප්ලවයක්” ගැන. නමුත් ඕක දැනට මාකට වෙන්නෙ බොහොම සංරක්ෂනවාදී මාකට් සෙග්මන්ට් එකකට (මාකටින් උප්ක්‍රමයක් වෙන්න ඇතී.)

            අපිට තේරෙන්නෙ මෙහෙම කතාවක්, බටහිරයා ඇවිල්ල ගම කන්න කලින් අපෙ පැරනි සමාජය තුල තියෙන්නෙ ඔනේ දේවල් ඔක්කොම තිබුනා, දැන් අපි ආපහු යමු! වගේ කතාවක්. ඉතාම ආකර්ෂනීය අලුත් තර්ක ගොඩ නගාගෙන තියෙන බව සැබෑව. නමුත් අන්තිමට කියන්නෙ “ආපහු යමු” වගේ කතාවක් බව තමයි අපිට හැඟෙන්නෙ. උදාහරණයක් විදිහට ගනිමු පැරණි ලංකාවෙ තිබුනාය කියන වැඩවසම් ක්‍රමය ගැන. චින්තනවාදීන් මෙක වැඩවසම් ක්‍රමයක් නොවේය “රාජකාරි ක්‍රමයක්ය” වගෙ නිර්වචනයක් දීලා, රාජාංඩු ක්‍රමය උත්කර්ෂයට නංවනවා.

            මට මෙහම දේකුත් හිතෙනවා. සංස්කෘතියෙන් බැහැරව මානවයා තුල ඇති මූලික ගති ලක්ෂන කීපයක් විදිහට මම දකින දේවල් කීපයක්, මානනවයා තුලින් මතුවන්නේ සංස්කෘතිය නිසාය කියන චින්තනවාදී මූලික තර්කය තමයි මේ ඔක්කොටම මුල කියල. මිනිසා යනු සම්පුර්නයෙන්ම සංස්කෘතික නිර්මාණයකි කියන බේසික් උපකල්පනය “වැරදි” නම් නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය හබක් බව ඔබ පිලිගන්නවා ඇති කියල මම හිතනවා.

            Like

          • shirantha chamara says:

            ඔබ නැවත නැවතත් එකම ප්‍රශ්නය අහනවා. මම එකම දේ විවිද ක්‍රම වලින් කියනවා මොන ක්‍රමේකින් හරි තේරේවි කියල. එහෙත් ඔබේ අන්තිම පිළිතුරින් මට යමක් තේරුණා. ඔබ මේ සංවාදය (එසේ කිවහැකි නම්)කරන්නේ මාත් එක්ක නෙමෙයි කියන එක. මම මුලින්ම කිව චින්තනය ගැන කතා කරන අනෙක් අය වෙනුවෙන් මම පෙනී නොසිටින බව. මම ඔබට අපේ මොකක් හරි ව්‍යාපෘතියක් ට බැඳෙන්න ආරාධනා කලානම් ඔබ මේ සැක කරන දේවල් සංවාදයට අදාළ වෙනවා. එතකොට විශ්වාසය අවංකත්වය වගේම ව්‍යාපෘතියේ වැඩ කරන අය ගැන තියෙන අත්දැකීම් මීට කලින් මේ වගේ ව්‍යාපෘති වලට වෙච්ච දේවල් ගැනත් කල්පනා කරන්න වෙනවා. මම ජාතික චින්තනය තෝරාගෙන ඔබට ජාතික චින්තනය තෝරාගන්න කියල ආරාධනා කරාද? අපි පටන් ගත්තේ එහෙම සංවාදයක්ද? මට මෙතන තියෙන්නේ ලෝකය දකින ආකාරය පිලිබඳ සංවාදයක්. ඔබයි මමයි ලෝකය දකින්නේ එකම විදිහට නම් අපට සංවාදයක් ඕනෙද? අන්තිමට මගේ ලෝකය සන්ගතයි එත් එකඟ වෙන්න බහ කියන එකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. සංගත ලෝක දෙක පැත්තකින් තියාගෙන ඉන්න තමයි වෙන්නේ. ඇත්තටම ඔබ එකම තමයි කියන්නේ දෙන්නගෙන් හරි කවුද කියල අනාගතේ තීරණය කරයි කියන එකෙන්. (ඔබේ ලෝකය සන්ගතද කියන එක මම හරියටම දන්නේ නැහැ. එක එච්චර අදාළ නැහැ). ඒ කියන්නේ ලෝක සංගත උනාට පස්සේ සංවාද නැහැ? එහෙමද? මම මතු කරන ඉතා සරල ඉතා වැදගත් දේ මගහැර ඔබ නිකම්ම ‘මම හිතන විදිහ අසුභාවාදිය්, මට බොහොම ආකර්ශනීය තර්ක තියෙනවා ඒ තර්ක නැතුව ඔයිට සමාන ඒවා කරන්න ගිය උන් ලෝකෙට කෙලිය, අනික් අයගෙන් මම වෙනස් , නලින් ද සිල්වා මහත්තයට මගේ චින්තනය තේරෙන්නේ නැද්ද?’ කියල කිසි අදාලත්වයක් නැති දේවල් ප්‍රශ්න කරනවා. මම කලිනුත් මෙහෙම දෙකට උත්තර දුන්න. දැන් මේ අහන කතා ටිකටත් උත්තර දෙන්න පුළුවන්. එත් ඇයි සංවාදයට වැදගත් දේවල් මගහැරලා මේවා අහන්නේ? ඔබ මෙතන කරන්නේ සංවාදයක්ද නැත්නම් තනිකරම දේශපාලනයක්ද? ඔබ පූර්ව නිගමනවලට බැහැල කරන චෝදනා වලට මම පිළිතුරු දිදී ඉන්න ඕනෙද? තනි වාක්‍යකින් කියනවනම් ඔබ නලින් ද සිල්වා මහතා කියන දේවල් අනාගෙන තියෙන්නේ. චින්තනය කතාකරන අනෙක් බොහොමයක් අයත් අනාගෙන තියෙන්නේ. අනාගනීම සිංහල ලකුණක්. එය චින්තනය කතාකරන අයටත් පොදුයි නොකරන අයටත් පොදුයි. නලින් ද සිල්වා මහත්තය කියන දේවල් විතරක් නෙමෙයි අයින්ස්ටයින් කියන ඒවත් බටහිර විද්‍යාවේ කියන ඒවත් අනාගෙන තමයි තියෙන්නේ. මම කියන දේවල් වලින් අති බහුතරයකට නලින් ද සිල්වා මහතා එකඟ බව මට සහතිකයි. මීට අවුරුදු කිහිපයකට කලින් මම කාලය අඩවියේ ලියපුවත් එතුමා පස්සේ විදුසරේ ලියල තියෙනවා. ඒ මම ලියපුව බලල නෙමෙයි කියල මම හොඳටම දන්නවා. ක්වන්ටුම් භෞතිකයේ යතාර්ථ ප්‍රශ්නයක් නැති බව මම ගෙදරදී තේරුම් ගත්තේ. එකත් අවුරුදු 2-3 කට කලින් එතුමා විදුසරේ ලියල තිබ්බ. යාන්ත්රිකය ඉගෙනගත්තම එකේ idealistic ගණන් කවුරු හැදුවත් එන්නේ එකම උත්තරේ. ඒවගේ එතුමා කියන දේ හරය තේරුම් ගත්තම ඍජු අපෝහණ හැටියට ලබාගත හැකි හැමදෙයක්ම තනියම කරන්න පුළුවන්. මම එතැනදී සාර්ථක නිසා මට විශ්වාසයි මට හරය තේරෙනවා කියල. ඉතින් ඔබට පුළුවන් මම නලින් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින බව සලකල සංවාද කරන්න. ඔබට ඒ ගැන ලොකු සැකයක් තියෙනවනම් මට එකට කරන්න දෙයක් නැහැ. අයෙත් කියන්නේ අනිත් අ ය ගැන මම දන්නේ නැහැ. එකෙන් වැඩක් නැහැනේ මෙතන මම සංවිධාන වලට බැඳෙන්න කතාකරන්නේ නැත්නම් මම මෙතන කොලේ වහල මිනිස්සුන්ව රවට්ටන්න උත්සහ කරන්නේ නැත්නම්. සංවාද අවසන් කරන කොට චෝදනා පත්‍ර ඉදිරිපත් නොකර ඉවර කරන්න බැරිද? මට දැන් හිතෙන්නේ ඔබ හැගීම් වලින් සංවාද කරනවා කියල.
            කොහොමටත් මොනවාද මේ අලුත් තර්ක කතාව? මේ බොහොමයක් තර්ක නලින් ද සිල්වා මහත්තයාගේ ලිපි වල තියෙනවා. මම ගොඩ නගපුවත් තියෙනවා. එහෙත් ඒවත් බොහොමයක් එතුමා කියන දේවල් වල ඍජු අපෝහණ. ඔබට ඒවා අලුත් වුනාට මට කරන්න දෙයක් නැහැ. එක මෙතනට අදාලද? අලුත්ද පරණද කියන එක? ඔබට මේ වගේ ප්‍රශ්නම ඔළුවට එන්නේ ඇයි ? ඊට වඩා වැදගත් ප්‍රශ්න නැද්ද? පොඩ්ඩක් හිතල කියන්න ඔබ මෙතන කරන්නේ දැනුම අදහස් හුවමාරු කරගනීමක්ද? තර්කය හරහා අදහස් වල හරි වැරදි තීරණය කරගැනීමට උත්සාහයක්ද? නැත්නම් මම මොනවා කීවත් වැඩක් නැහැ කියන එක මට අන්ගවන්නද හදන්නේ?

            //අපිට තේරෙන්නෙ මෙහෙම කතාවක්, බටහිරයා ඇවිල්ල ගම කන්න කලින් අපෙ පැරනි සමාජය තුල තියෙන්නෙ ඔනේ දේවල් ඔක්කොම තිබුනා, දැන් අපි ආපහු යමු! වගේ කතාවක්. ඉතාම ආකර්ෂනීය අලුත් තර්ක ගොඩ නගාගෙන තියෙන බව සැබෑව. නමුත් අන්තිමට කියන්නෙ “ආපහු යමු” වගේ කතාවක් බව තමයි අපිට හැඟෙන්නෙ. උදාහරණයක් විදිහට ගනිමු පැරණි ලංකාවෙ තිබුනාය කියන වැඩවසම් ක්‍රමය ගැන. චින්තනවාදීන් මෙක වැඩවසම් ක්‍රමයක් නොවේය “රාජකාරි ක්‍රමයක්ය” වගෙ නිර්වචනයක් දීලා, රාජාංඩු ක්‍රමය උත්කර්ෂයට නංවනවා./////

            ඔබට තේරෙන දේ වරදිය්. එච්චරයි. ඔබට එහෙම තේරෙන්නේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් නිසා. ඔබ කියවන්නේ වෙන දේවල් ඔලුවේ පුරවාගෙන. අපි හැමෝම යම් මට්ටමකට එහෙම තමයි. එහෙත් දෙතුන් පාරක් කිව්වට පස්සෙත් ඕකම කියන්නේ අයි? අයෙත් කියන්න ඕනෙද? හරි මම කෙලින්ම මෙහෙම අහන්නම්. ඔබට පුලුවන්ද අපි පරණ රාජන්දුවට අයෙත් යමු කියන එක නලින් ද සිල්වා මහතා කියන දේවල් භාවිතා කරලා අපෝහනය කරලා පෙන්වන්න? තව ඕනෙනම් ‘නිරපේක්ෂ යතාර්ථයක් නැත යන්න නිරපේක්ෂ යතාර්ථයක් ය’ කියල නලින් ද සිල්වා මහත්තය කියන දේවලින් අපෝහනය කරලා පෙන්නන්න. (දැන් මම විවාදයක් කරන්නේ) පරණ ක්‍රමයේ ඇතැම් අංග විතරක් නෙමේ නුතනත්වයක් ඇතැම් අංගත් අපට අවශ්‍යයි. අපි රාජාණ්ඩු ක්‍රමය උත්කර්ෂයට නංවනවා යයි ඔබ කියන්නෙත් අර නුතනත්වය අවතක්සේරු කරනවා කියපු විදිහටමයි. අයි ඔබට මේ වගේ ප්‍රශ්නම එන්නේ? රාජාණ්ඩු ක්‍රමය තුල තිබ්බේ රාජකාරි ක්‍රමයක් එක වැඩවසම් ක්‍රමයක් නෙමෙයි කියල නලින් ද සිල්වා මහතා කියනවා . එක ඇති සැටියෙන් කීම උත්කර්ෂයට නන්වීමක්ද? ප්‍රශ්නය වෙන්න ඕනේ එක ඇත්තද බොරුද කියන එක විතරයි. ඔබ එය බොරු කියා කියනවනම් එතන සංවාද කරන්න දෙයක් තියෙනවා. මොනවාද මේ උත්කර්ෂයට නන්වීම් අවතක්සේරු කිරීම? මේවා මිනිස්සු කියනවා තමයි. මමත් කියනවා. එහෙත් මේවා සංවාද කරන්න පුළුවන් දේවල්ද? ඔබ කරන්නේ දේශපාලනයක් පමණයි මෙතන මට පෙනෙන හැටියට.

            /////මට මෙහම දේකුත් හිතෙනවා. සංස්කෘතියෙන් බැහැරව මානවයා තුල ඇති මූලික ගති ලක්ෂන කීපයක් විදිහට මම දකින දේවල් කීපයක්, මානනවයා තුලින් මතුවන්නේ සංස්කෘතිය නිසාය කියන චින්තනවාදී මූලික තර්කය තමයි මේ ඔක්කොටම මුල කියල. මිනිසා යනු සම්පුර්නයෙන්ම සංස්කෘතික නිර්මාණයකි කියන බේසික් උපකල්පනය “වැරදි” නම් නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය හබක් බව ඔබ පිලිගන්නවා ඇති කියල මම හිතනවා.//////

            මේකත් සම්පූර්ණ අනාගනීමක්. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මේ හබක් වීම වෙන්නේ කොහොමද කියල? මම දන්නා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් නෙමෙයි මට පෙනෙන්නේ ඔබ දන්නේ. මම දන්නා එක නලින් ද සිල්වා මහතාගේ එක බව මට විශ්වාසයි මොකද මම ඒවායින් අපෝහනය කරන ඒවා බොහෝ විට එතුමා අතිනුත් ලියවෙන නිසා. මානව ගුණ සියල්ල සංස්කෘතික නිර්මිත කියල නලින් ද සිල්වා මහතා කියා ඇති තැනක් පෙන්වා දිය හැකිද?

            අන්තිමට කියන්නේ විද්‍යාව පිලිබඳ සංවාදයේදී දෙය්යන්ගේ නාමෙන් මගෙන් මෙතන ඇහුව වගේ අරය මෙය ගැන ප්‍රශ්න අහන්න එපා. අදාළ දේවල් අහන්න. නැත්නම් මේක නිකම් දේශපාලන ගහගනිල්ලක් සහ පලිහ ඇල්ලීමක් වෙනවා. ඔබට මගෙත් එක්ක වියුක්ත සංයුක්ත කතා ගැන සන්නිකර්ෂණ කතා ගැන කරන්න සංවාදයක් තියෙනවනම් පමණක් එය කරමු. අර සංවාද අල කරන එක ගැනත් විද්‍යාත්මක ක්‍රමය ගැනත් ප්‍රශ්නත් යතාර්ථය ගැන ප්‍රශ්නත් එහෙම්මම ඉතුරුයි. මේ ලිපිය මම ටිකක් කේන්තියෙන් ලියන්නේ. හිත රිදෙන දේවල් නැතිවේවි කියල හිතනවා.

            Like

  17. nuwarasira says:

    ශිර්න්ත, ඔබේ අදහස් ඉතා වටින්වා මෙන්ම ඔබේ අදහස් ප්‍රචාරය කිරීමේ සංවර භාවය ගැනීම ගැන මගේ (හිස නමා) අචාරය පිලිගන්න. ඔබගේ සමහරක් අදහස් වලට ප්‍රති හෝ විකල්ප අදහස් කිහිපයක් දැක්වීමට ඉඩ දෙන්න.

    ඔබගේ අර විවාහ උත්සවය පිලිබඳ කතාව ගැන දැනට බටහිර (ඇඑජ ) ජීවත් වන කෙනෙක් හැටිය්ට මට තියෙන්නෙ මෙන්න මෙහෙම නිරීක්ශනයක්.ලංකාවෙ ඔය කියන ප්‍රස්නය එන්නෙ මිනිස්සු ජිවත් වෙන්නෙ තමන්ගේ අවශ්‍යතාවයන්ට වඩා අනුන්ට ප්‍රදර්ශනයක් පවත්වා එයින් අමුතු ආතල් එකක් ගැනීමේ අවශ්‍යතාවයක් අනුව. අපේ කසාදබැඳිල්ලේ ගෙවල්හැදිල්ලේ ලමයි හැදිල්ලේ සිට මලගෙවල් පැවත්විල්ල දක්වා ඕක දිවයනව.නමුත් නූතන බටහිරයො අතර ඔය විදිහ බොරු සෝ වැඩ අඩුයි. ඇඑජ යෙ විවාහයක වියදම දල වශයෙන් ඩොලර් විසිදාහක් කියලකියනව. ලංකාවෙ විවාහයකටත් මද්‍යම පාන්තිකයො ඔයිට ආසන්න මුදල්ක් වියදම් කරනව. නමුත් ආදයම දහයෙන් එකයි.මේ අනුව ඇමරිකානුවො සාපේක්ශව ඔවුන් ගෙ විවාහයකට වියදම් කරන්නෙ අපි කොටහලු ගේකට වියදම් කරනව වගේ ප්‍රමානයක්.

    මේ වගේ දේවල්නිසා ශ්‍රී ලාංකිකයන්ගෙ(විශේෂයෙන් මැද පාන්තික සිංහලයින් ) ජීවිත මහ මුස්පේන්තු ඒවා වෙලා. බටහිරත් අදිපාරිබෝජනය නිසා වෙන මුස්පේතුව තියෙනව තමා. නමුත් අද බටහිර රටවල ප්‍රදර්ශනවාදය අඩුයි. අපේ රටේ මුස්පේන්තුකමට ඔය නූතන අයිටම් බලපානවා තමා. නුමුත් ඒකෙ ප්‍රදාන අංගයක් වන ප්‍රදර්ශනවාදය එක්කෝ යටත්විජිත් වාදී කාලෙ අපි ගත්තු අරං නැතිකරගන්න බැරුව ඉන්න දෙයක්. නැත්නම් අපේ පැරනි සංස්කෘතික ලක්ශනයක්. නැත්නම් දෙකේම සංකලනයක්.ඔතන බටහිරත් අපේත් වෙනස මෙන්න මේ වගේ, හොදට මාකට් කරපු පුටු සෙට් එකක් ත්යන්වා. ඕක ගන්න නයවෙලා හරි වියදම් කිරිල්ලෙ තියන මුස්පේන්තුකමේ නම් බටහිරත් අපේත් වෙනසක් නෑ. හැබයි ඕක ගත්තට පස්සෙ ඒකෙ වාඩි වෙන්න තහන්චි දැමීමක් බටහිර නෑ. බටහිරයො ඒක ගන්නෙ තමුන්ට, අපි ඒක ගන්නෙ අපිටද අනුන්ටද කියලවත් දන්නෑ.

    මේනිසා ශිරන්ත කලින් කොමෙන්ට්වල පෙන්වල තියෙන දේවල් නූතනත්වයම නෙවේ, නූතනත්වයේ සමහර අංගත් අපේ සංස්කෘතියෙ සමහර නෙගටිව් අංගත් එකතුවෙලා හැදිච්ච මුස්පේන්තු කමක් කියල මට හිතෙනව.

    Like

  18. nuwarasira says:

    මේනිසා ශිරන්ත කලින් කොමෙන්ට්වල පෙන්වල තියෙන දේවල් නූතනත්වයම නෙවේ, නූතනත්වයේ සමහර අංගත් අපේ සංස්කෘතියෙ සමහර නෙගටිව් අංගත් එකතුවෙලා හැදිච්ච මුස්පේන්තු කමක් කියල මට හිතෙනව.

    දැන් මම එතනින පොඩ්ඩක් මෙහාට ඇවිත් ශිරන්තට තව දෙයක් පැහැදිලිකරල දෙන්න ඕන නලින්ද සිල්වා මහත්තයගෙ මේ වියායාමයට අපි මේවගේ ප්‍රතිරෝදයක් දක්වන්නෙ ඇයි කියා. නැත්නම් ඔබ් කියයි මුන්ට කොච්චර කිව්වත් කැලෑපනින්නෙ මුන් ශාස්ත්‍රීය කුහකයෝ නිසා කියල. මම මෙතන ඉදල කියන දේට රිටිගලගෙ සෘජු සම්බන්දයක් නෑ නමුත් ඔහු එකඟ වෙයිකියල හිතනව.

    දර්ශනමය වශයෙන් නලින්ද සිල්ව මහතාගේ දේවල්වලට බොහෝදුරට එකඟ විය හැකියි නමුත් 100%ක් එහඟ නැහැ. මෙතැනදී අර රිටිගල ඔහුගේ ලිපියක ලියා තිබෙන “නලින් ගේ දර්ශන්යට 99%ක් එකන්ග වෙමි, ඔහුගේ දෙශපාලනයට 100%ක් විරුද්ධවෙමි” කතාව මතක් වුනා. හැබැයි දේශපාලනය කියා කියන එකෙන් පරිස්සම්වෙන්න ඕනෑ මොකද ඒ වචනයෙන් එදිනෙදා ගැනෙන විදිහේ අර්ථයක දේශපාලනයක් ඔහුට නෑ.

    නලින් මහතාගේ දර්ශනමය හැකියාව හා දක්ශකමත්, ඔහුගේ වාග් හා රචනා ශෛලියත් අතර ලොකු පරස්පරතාවක් ඇතැයි මට මුල සිටම සිතුනා.වෙනත් ව්චනවලින් කියනවානම් ඔහුගේ කිසිම මහත්මා ගතියක් පෙනුනෙ නෑ. මෙක සබ්ජෙcටිවෙ කතාවක් තමා. එමෙන්ම ඔහු ඒ තත්වයට පත්වන්නට ඇත්තේ මුල් කාලයේ ඔහු වාද කල සමාජ වාදීන්ගේ පාහර වාග් විලාශයෙන් හෙම්බත් වීම නිසා වෙන්නැති.කොටින්ම කියනව නම් ශිරන්තට මේ දක්වා තිබූ සංයමය නලින් මහතාට නෑ.

    නි.ශා වාදයට අනුව බටහිර හෝ විද‍යාත්මක යැයි සැලකෙන සංකල්ප ලෙහෙසීන් අලකල හැකියි තමා.නමුත් නි.ශා වාදයට අනුව පැවැත්මට සම්බන්ද ඕනාම දෙයක් අල කල හැකියි.නලින් මහතා නුතන්ත්වය අල කිරීමෙන් නැවතී වෙන දේවල් ප්‍රමෝට් කරනවා. නමුත් නිශාවාදය අනුව ඕනාම ක්‍රමයක (නූතන, මද්‍යතන,මිසර,අරාබි හා නව සිංහල ) අල කර හැකියි මන්ද ඒ සියල්ලේම ත්‍රිලක්ශනය ඉස්මතුවීම නැවැත්විය නොහැකිනිසා. එහෙම නැතිනම් එකකකට වඩා අනික හොඳ වීමට යම් නිරපේකශ දේ තිබිය යුතුයි. මේ අනුව අදට වඩා හොඳ ක්‍රමයක් ඇති කල හැකියි යන්න නිශාවාදයට අනුව තර්ක විරෝදී. නමුත් නලින් මහත්තය ඔය ටිකනොකිය තමුන්ගේ ක්‍රමය ප්‍රමෝට් කරනව. ඔය ත්‍රිලක්ශනය පාදකකරග්ත් නිශාවාදය මා බොහෝදුරට පිලිගන්නෑ නමුත් එය තුලින් වත් නූතනවාදය පමනක් අල කලනොහැකියි.එසේ කිරීමෙන් අර රිටිගල කියන්නා වගේඉන්ටලෙක්ටුඅල් ඩිස් ඔනස්ටියක් තියෙනවා.

    Like

    • shirantha chamara says:

      පොඩ්ඩක් කියවල බලන්න මම කියල තියෙන දෙයි ඔබ කලින් ලිපියේ විවාහ සංස්කෘතිය වැනි දේ ගැන කියල තියෙන දෙයි අතර දශමෙක වෙනසක් තියෙනවද කියල. දශමෙක වෙනසක් නැහැ. එකම දේ තමයි ඔබ ඔතනින් නවතින එකයි මම යම් මට්ටමකට මේවට හේතු තේරුම් අරගන්න උත්සහ කරන එකයි එක නිකම් තාවකාලිකව නෙමේ සාධාරණව නවත්තන්න විදිහක් ගැන හිතන එකයි. ඔබ එහෙම නොකරට මට ප්‍රශ්නෙකුත් නැහැ. මට එකඟ නොවුනට ප්‍රශ්නෙකුත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ කරන එවුන්ගේ මතය පාදඩ විදිහට කැත විදිහට අව්ස්තාවාදීව පාගල දාන්න හදන එකයි. ඔබ දැන් කරන්නෙත් එකයි. ඔබට මම කියන දේවල් වැදගත් නැහැ. ඔබට ඕනේ නලින් ද සිල්වා මහත්තයාගේ නහදිච්චකම ගැන කතාකරන්න.. (මේක රිටිගලටත් අදාලයි- මම රිටිගල ගැන හිතපු විදිහ වරදිය් එක මට ඊයේ හොඳටම තේරුණා- මම තර්කයෙන්වත් අනිත් මිනිස්සුන්ව යටපත් කරන්නේ නැහැ. රිටිගල තර්ක නොකර ම මාව වටේ යවල යටපත් කරන්න හදනවා. අනිත් අය ඕවට අහුවෙනවා ඇති. මම අහුවෙන්නේ නැහැ. මට බයවෙන්න දේකුත් නැහැ. හිතට තේරෙන දේ කෙලින් කියන මිනිස්සු කාටවත් අහුවෙන්නෙත් නැහැ උන්ව වටේ යවන්නත් බහ. මේක නොම්මර එකේ ශාශ්ත්‍රීය කුහකකමක්. ඔබ කියන දේ ඇත්ත. මම කියන දේට එකඟ වෙන නොවෙන එක මට කිසිම ප්‍රශ්නයක් නෙමේ. කුහකකම මට ප්‍රශ්නයක්. මට දැන් ඔබ දෙදෙනා ගැනම ගැන එහෙම තමයි හිතෙන්නේ. )

      අදින් පස්සේ මම පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ. මම විවාද මිසක් සංවාද කරන්නේ නැහැ ඕගොල්ලෝ එක්ක. පුලුවන්නම් හැප්පෙන්න එච්චරයි. හැප්පෙන්න බය නම් පැනල යන්න ඕනේ නම් අපි ගැන කතා නොකර ඕගොල්ලන්ට තේරෙන භාසාවකින් නුතනත්වයයි විද්‍යාවයි සාපෙක්ෂතාවාදයයි අරකයි මේකයි ගැන ඕනේ දෙයක් කියාගන්න. ප්‍රශ්නේ ඉවරයිනේ. මට ඕව අලකරන්න එනවට වඩා කරන්න දේවල් තියෙනවා. මම එන්නේ අපි ගැන බොරු පතුරන එක නවත්තන්න විතරයි. ආවට පස්සේ මම අදහස් හුවමාරුකරගනීමකුත් කරන්න උත්සහ කලත් මෙතන කෙරෙන අදහස් හුවමාරුකිරීමක් නැහැ කියල මට දැන් තේරෙනවා . ඒ නිසා
      ඔබේ බොරු ආචාරය ඔබම තියාගන්න. රිටිගලගේ බොරු ගරුකිරීමත් එයාටම තියාගන්න පුළුවන්. අදහස් ගැන සංවාද නොකර කට්ටි පනින මිනිස්සුන්ගේ ආචාර මට ඕනේ නැහැ.
      (කට්ටි පනිනවා තමයි. එකට ඔබට හේතු ඇති. එහෙත් කට්ටි පනින බව පිළිගන්න)

      ////දර්ශනමය වශයෙන් නලින්ද සිල්ව මහතාගේ දේවල්වලට බොහෝදුරට එකඟ විය හැකියි නමුත් 100%ක් එහඟ නැහැ. මෙතැනදී අර රිටිගල ඔහුගේ ලිපියක ලියා තිබෙන “නලින් ගේ දර්ශන්යට 99%ක් එකන්ග වෙමි, ඔහුගේ දෙශපාලනයට 100%ක් විරුද්ධවෙමි” කතාව මතක් වුනා. හැබැයි දේශපාලනය කියා කියන එකෙන් පරිස්සම්වෙන්න ඕනෑ මොකද ඒ වචනයෙන් එදිනෙදා ගැනෙන විදිහේ අර්ථයක දේශපාලනයක් ඔහුට නෑ.

      නලින් මහතාගේ දර්ශනමය හැකියාව හා දක්ශකමත්, ඔහුගේ වාග් හා රචනා ශෛලියත් අතර ලොකු පරස්පරතාවක් ඇතැයි මට මුල සිටම සිතුනා.වෙනත් ව්චනවලින් කියනවානම් ඔහුගේ කිසිම මහත්මා ගතියක් පෙනුනෙ නෑ. මෙක සබ්ජෙcටිවෙ කතාවක් තමා. එමෙන්ම ඔහු ඒ තත්වයට පත්වන්නට ඇත්තේ මුල් කාලයේ ඔහු වාද කල සමාජ වාදීන්ගේ පාහර වාග් විලාශයෙන් හෙම්බත් වීම නිසා වෙන්නැති.කොටින්ම කියනව නම් ශිරන්තට මේ දක්වා තිබූ සංයමය නලින් මහතාට නෑ.////

      ඔබ නලින් ද සිල්වා මහත්තය සමග 99% ක් එකඟයි කියන්නේ කොහොමද මම දන්නේ නැහැ. මට එකඟ වෙන්න අවුරුදු 5ක් විතර ගිය. එතකල් එතුමා වෙනුවන් මම පොඩ්ඩක්වත් පෙනී ඉඳල නැහැ එතුමාට විරුද්දව බෙරිහන් දීලත් නැහැ. . (පඬි කතාවක් කීමට ඉඩ දෙන්නේ නම් මට විශේෂ සාපේක්ෂතාවාදය අහවර කිරීමට ගියේ සති 2යි. එතකොට මට අවුරුදු 18යි. උසස් පෙළ දී. මට ප්‍රතිපලයි උපකල්පනයි විතරයි හම්බුනේ සාධන මම තනියම කරේ. අදටත් ඒ තේරුම් ගැනීමේ සත පහක වෙනසක් කරන්න වෙලා නැහැ. ඒ වුනාට බලය කියන්නේ මොකක්ද කියල මට තේරුනේ අවුරුදු 23 ක් විතර උනාට පස්සේ . එතකල් මම හොඳටම දනන් හිටිය බලය කියන්නේ මොකක්ද ඒ සංකල්පයේ ප්‍රයෝගික වැදගත්කම මොකක්ද කියන එක කියල මට නොතේරෙන බව. දාර්ශනික විදිහට නෙමෙයි. ප්‍රයෝගික වැදගත්කම. මේක කියන්නේ බය කරන්න තමයි. ඇත්තටම ඔව්. ඕගොල්ලන්ට තර්ක වැඩක් නැහැ. ඊට අමතරව මේ ටික කිවේ තේරුම්ගැනීම ගැන හැගීමක් ඇති කිරීඑමටයි. )මේවා වැඩක් නැහැ. ඔබට නලින් ද සිල්වා මහත්තයාගේ දර්ශනයේ මොකක් හරි නිශ්චිත පරස්පර තියෙනවනම් ඒවා කතාකරන්න. නැත්නම් ඔබ කොච්චර එකඟ වෙනවද ඒ එකඟ වෙන්නේ කොච්චර තේරුම් අරන්ද කියන එක මට වැඩක් නැහැ. ඒවා හොයන්න මට දිවසුත් නැහැ. ඔබත් අහන්නේ කියන්නේ මෙලෝ වැඩකට නැති දේවල්මයි.

      මට තියෙන සංයමය නලින් ද සිල්වා මහතාට නැති බව ඇත්තම ඇත්ත. හොඳ වෙලාවට. නැත්නම් එතුමාවත් දැන් පාගල දාල මේ විදිහටම. මොකද මහා නුතනයෝ තර්ක කරන්න ආස තර්ක කරන්න බැරි උන් එක්ක විතරයි. පුළුවන් උන්ව පාගන්න තමයි හදන්නේ. පුද්ගලයට බොරු ප්‍රසංශ දීල අදහස් බල්ලට දැමීම ඉතාම සුක්ෂම (sophisticated )පාගා දැමීමක්. (දැන් මේකෙන් කියවෙන්නේ නැහැ අනිත් උන් සුදනෝ කියල- ඕක බටහිර ලක්ෂණයක් නෙමේ බටහිර නුතනත්වය සිංහල සංස්කෘතියට බලෙන් එකතිකිරීමෙන් හැදිච්ච විකුර්ති ජීවීන්ගේ ලක්ෂණයක්. එක එක්තරා මොහොතකදී එලියට එනවා. අර රිටිගල මගේ වයිරය එලියට එනකල් බලන් හිටිය වගේ මම බලන් හිටියේ නැහැ. එහෙත් එලියට අපු හැටි මම හොඳටම දැක්කේ ඊයේ. රිටිගල කරන්නෙත් එකමයි- ආකාර්ශනිය තර්ක තියෙනවා කියන්නේ හෑල්ලු කරන්නනේ. ඒවා ගැන අවංකව සංවාද කරන්න එයාට ඕනේ නැහැනේ. බැරිනම් නොසලකා හැරලා තමන්ගේ වැඩක් බලාගන්න පුළුවන්නේ. එහෙමත් කැමති නැහැ. කවුද මොකේටද ඇලිල ඉන්නේ? කවුද මොනවාද උන් අපි කියල වෙන්කරන් හන්ගීම් වලට යටවෙලා ඉන්නේ ?)
      දැන් මට ඕව කියන කොට මම ලොකු තරහක් නැතුව ඉන්නවා. එකක් මගේ හැටි. නලින් ද සිල්වා මහත්තය ට ඉක්මනට කේන්ති යනවා. මාත් එක්ක කේන්ති ගිහිල්ල මට ඕනෙතරම් බැනල තියෙනවා. දැන් ඕක තමයි ඕගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඕක ප්‍රශ්නයක් වෙන්න ඕනේ එතුමා එක්ක වැඩ කරන අපට මිසක් ඕගොල්ලන්ට නෙමෙයි. මිනිහෙක්ගේ මොකක් හරි දුර්වලතාවක් අල්ලාගෙන එකෙන් ඉතුරුව යටපත් කරන්න( නොකරනවා කියලනම් කියන්න එපා- මම මෙච්චර දිග ලිපි ලියල ඒවා ගැන කතා නොකර ඔයාට කතා කරන්න තිබුන දේ ඕකනේ?) . ඕගොල්ලොත් විකුර්ති ජීවියෝ. (මමත් එහෙමයි යම් දුරකට. මට දරුණු විචාරයක් යම් යම් හේතු නිසා තියෙනවා. ඒ නිසා ටිකක් ගැලවිලා ඉන්නවා)
      නලින් ද සිල්වා මහත්මය සංවාද වලදී අනිත් මිනිස්සුන්ව බලු විදිහට පාගල දාන්නේ නැහැ කෙලින් තර්ක කරනවා මිසක් . අන්තර්ජාලයේ ඕනෙම සංවාදයක් අරන් බලන්න. කේන්ති යන එක විතරයි ප්‍රශ්නේ. එක අන්තිමට එතුමාටමයි පාඩු. එක කුහකකමට වඩා දාහෙන් සම්පතයි. එතුමා ඊළම වෙනුවෙන් පෙනී හිටියත් එක අවංකව කළා. (එහෙම කෙනෙකුට ජාතිවාදියෙක් වෙන්න පුලුවන්ද? ). මාක්ස්වාදය වෙනුවෙන් පෙනී හිටියත් එක අවංකව කළා. අද කරන දේත් අවංකව කරනවා. මේ හැමවෙලාවෙම එතුමා මේ කුහකයන් එක්ක ගැටෙන්න සිද්දවීම නිසාත් එතුමාට ඉක්මනින් කේන්ති යනවා වෙන්න පුළුවන්. එක පුරුද්දට ගිහිල්ල. (මේවා කියන්න වෙන්නේ ඕගොල්ලෝ ආස මේවා කතාකරන්නේ )

      ///නි.ශා වාදයට අනුව බටහිර හෝ විද‍යාත්මක යැයි සැලකෙන සංකල්ප ලෙහෙසීන් අලකල හැකියි තමා.නමුත් නි.ශා වාදයට අනුව පැවැත්මට සම්බන්ද ඕනාම දෙයක් අල කල හැකියි.නලින් මහතා නුතන්ත්වය අල කිරීමෙන් නැවතී වෙන දේවල් ප්‍රමෝට් කරනවා. නමුත් නිශාවාදය අනුව ඕනාම ක්‍රමයක (නූතන, මද්‍යතන,මිසර,අරාබි හා නව සිංහල ) අල කර හැකියි මන්ද ඒ සියල්ලේම ත්‍රිලක්ශනය ඉස්මතුවීම නැවැත්විය නොහැකිනිසා. එහෙම නැතිනම් එකකකට වඩා අනික හොඳ වීමට යම් නිරපේකශ දේ තිබිය යුතුයි. මේ අනුව අදට වඩා හොඳ ක්‍රමයක් ඇති කල හැකියි යන්න නිශාවාදයට අනුව තර්ක විරෝදී. නමුත් නලින් මහත්තය ඔය ටිකනොකිය තමුන්ගේ ක්‍රමය ප්‍රමෝට් කරනව. ඔය ත්‍රිලක්ශනය පාදකකරග්ත් නිශාවාදය මා බොහෝදුරට පිලිගන්නෑ නමුත් එය තුලින් වත් නූතනවාදය පමනක් අල කලනොහැකියි.එසේ කිරීමෙන් අර රිටිගල කියන්නා වගේඉන්ටලෙක්ටුඅල් ඩිස් ඔනස්ටියක් තියෙනවා.///

      රිටිගල අල කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල මට තේරෙනවා. ඔබ මොකක්ද අදහස් කරන්නේ කියන්න පුලුවන්ද? නිර්මාණාත්මක සපෙක්ෂතාවාදයෙන් නෙමෙයි ඕනෙම මගුලකින් ඕනෙම දෙයක් අල කරන්න පුළුවන් අල කරන්න ඕනේ එකාට. කරන්න තියෙන්නේ ව්‍යාජ තර්ක යොදාගන්න එක. නලින් ද සිල්වා මහතා අල කිරීම වගේ බාල පාදඩ වැඩ කරන්නේ නැහැ. කරපු තැනක් පෙන්නනවද? ප්‍රශ්නේ ඉවරයි නේද එතනින්? අප කරන්නේ අපට තේරෙන විවේචනයක්. මෙතන මගේ අදහස් නම් අලකිරීමේ උත්සහයක් මම අන්තිම ලිපි ටිකේ දැක්ක.

      Like

      • shirantha chamara says:

        කේන්තියෙන් ලියපු නිසා ඔබ අහපු වැදගත් ප්‍රශ්නයක් මගහැරුණ. ඔබ මම දෙන උත්තරේ ගැන හිතයිද නැද්ද කියල විශ්වාස නැහැ. වෙන මගුලක් වෙන්න මම ලියන්නම්.

        නිර්මානාත්මක සාපේක්ෂතාවාදය ත්‍රිලක්ෂණය පාදක කරගෙන නැත. ත්‍රිලක්ෂණය විශ්වාස නොකරද නිර්මානාත්මක සපෙක්ෂතාවාදයේ හරයට බලපැමක නැත. අප අනිත් දැනුම් විවේචනය කරන්නේ ත්‍රිලක්ෂණය පාදක කරගෙන නොවේ. ත්රිලක්ෂණයෙන් කියවෙන්නේ සම්මුති ලෙස යමකට නමක් දීමේදී පරස්පරයක් ඇතිවන බවය. මම යනවා යයි කීමේදී එසේ කීම පරස්පරයකි මම යන විට වෙනස් වන නිසා ඒ යන්නේ එකම මමෙක් නොවේ. එහෙත් එය නොකර බැරිය. එය සියලු දනුම්වලට පොදුය අපටත් පොදුය. එහෙත් සම්මුතියෙන් අපි පවතින මම ගැන පවතින දේවල් ගැන ඒවා කාලය තුල වෙනස් වීම ගැන කතා කරමු. ඊට කරන්නට දෙයක් නැත. අප ත්‍රිලක්ෂණය පාදක කරගෙන අපේ දැනුම අනෙක් දැනුමට වඩා උඩින් තබන්නේ නැත. එවැන්නක් ඔබට හැගෙන්නේ ඔබ සංයමයෙන් කියවා නැති නිසාය. මෙවැනි ප්‍රශ්න මුල් කාලයේ මටද තිබිණි. එහෙත් මට නොතේරෙන දේ වැරදි යයි එකවර කිව නොහැකි බව බව මම දන සිටියෙමි. ඒවා නැවත නැවත කියවා පැටලිලි වෙන් කරගැනීමට මට සංයමයක් තිබිණි. අනෙක් අ යට මේවා කිරීමට මම කියන්නේ නැත. ප්‍රතිපත්තියක් ලෙස මම කතෝලිකයන් වැනි අයට මෙවැනි දේ තදින් කියන්නේද නැත. ඔවුන්ගේ ආගම වෙනස් කිරීමට මම අකමැතිය. අවශ්‍ය නම් ඔවුන්ට පැමිණ කියව වෙනස් විය හැකිය.එහෙත් අපව විවේචනය කිරීමට අපව තේරුම් ගත යුතුය.

        නිරපේක්ෂ යතාර්ථයක් නැත යන්නද ත්‍රිලක්ෂණය සමග අනානොගත යුතුය. නිරපේක්ෂ යතාර්ථයක් නැති කියන්නේ ත්රිලක්ෂණයක් නිසා නොවේ. ත්රිලක්ෂණයෙන් කියවෙන්නේ සාපේක්ෂ සත්‍යන් ලෙස ගන්න දේ ගැන කතා කිරීමේදී අපට හමුවන මගහැර යා නොහැකි පරස්පරයක් ගැනය. ඒ නිසා සාපේක්ෂ සත්යයන්ද බොරුය. එය කියන්නේ නම් ත්‍රිලක්ෂණය අනුවය. එයින් අප කියන දේවල්ද අනෙක් ය කියන දේද අවසාන වශයෙන් ප්‍රධාන සංකල්පීය පරස්පරයක් මත පදනම් වී කියන ලද්දක් වේ. ඒවා බොරු යන්නෙන් අප අදහස් කරන්නේ එයයි. නිරපේක්ෂ යථාර්ථ ඇත යන්න ත්‍රිලක්ෂණයට අනුව බොරුවක් වනවාට අමතරව පට්ටපල් බොරුවකි. පට්ටපල් බොරු වන්නේ ත්‍රිලක්ෂණයට අනුව නොවේ. නිරපේක්ෂ චලිතය බොරුවක් වන්න සේමය. පොල් ගෙඩි ගසෙන් ගිලිහී උඩ යන්නේය යන්න බොරුවක් වන්නා සේමය. (මේ එකක් වත් නිරපේක්ෂ නැති අතර අප දකින අපට සාපේක්ෂ ලෝකය අනුව කියන ඒවාය)

        Like

  19. nuwarasira says:

    හරි අපි මතවාදීව සාකච්චාකරමුකෝ එහෙනම්. මම මේ කියන දේට පිලිතුරක් ඔබලියන්න. ඒ මට හා මේක කියවන අයගේ දැනුම වර්දනය තකාකියල හිතන්න.මම දන්නැති ගොඩක් දේ තියෙන්න පුලුවන්. ඔබගෙන් යමක් ඉගෙන ගත හැකිනම් එය කිරීමට මා සූදානම්.

    දැන් නිර්මානාත්මක සාපේක්ශතාව තියෙනව. ඒකෙ හැටියට නිර්පේක්ශ යථාර්ථයක් නෑ. අපි දකින යතාර්තය මනසේ නිර්මානයක්. මනසද මනසේ නිර්මානයක් කියලකියනව. මනස (හා/හෝ විඥානය ) කියන්නෙ මේ මමය මගේය කියා වපසරියක් පනවා ගන්නා එන්ටිටියක් කියල කියනව.මම කියනව වැරදි නම් ඔබ නිවැරදි කරන්න.

    දැන් මම යෝජනා කරනව (මෙයින් මම ඉදිරිපත් කරන්නේ කල්පිතයක්)මනස හා මනසට පරිබාහිර දේ කියල දෙයක් නෑ ඒ දෙක වෙන්කල නොහැකි සේ එකට බැඳිලා ඇත කියල. හරියට මුහුදේ රල වගේ, රලෙන් මුහුදත් මුහුදෙන් රලත් වියුක්ත කරන්න බෑ වගේ. රලක් අහවල් තැනින් ඉවරවී අහවල් තැනින් පටන්ගන්නවා කියල පනවන්න බෑ වගේම මනසක වපසරියක් පනවන්න බෑ කියල මම කියනව.ඒ නිසා සියලු දේ එකට බැඳී පවතිනව. මේ අනුව ඔබේ මනස හා මගේ මන්ස කියා දෙයක් පනවන්න බෑ කියල මම කියනව. එනම් මගේ මනස කියල කියන එකත් මුලාවක්.

    සමහර රල ලොකුයි සමහර රල පොඩියි. මේ වගේ මමත්වය කියන එකේත් උස්පහත් බවක් තියනව කියල මම කියනව.සමහර රල ඉතා කුඩා වගේම රල නැහැකියල හිතන තැන්වලත් සුලුවෙන් හෝ රල තියෙනව. මේ අනුව ගස් ගල් වගේ දේ වල්වලටත් මනසක් යම්මට්ටමක තියනවා කියල මම කියනව.ඒ වගේම සත්වයන්ගෙ මේ මමය කියා අරගැනීමේ වෙනස් කම් තියනවා කියල මම කියනව. මගේ අත කැපුවොත් එයට ආවේනික වූ යම් මට්ටම්ක මමත්වයක් නිරීක්ශනය කල හැක කියල මම කියනව.

    යම් රලක් තැනක සංතෘප්ත වීමට අවශ්‍ය සාධක ක්ශයවී ගියාම ඒ රල බිඳිල යනව. සමහර විට පොඩිරල කීපයක් හැදෙනව. මේවා එකතුවෙලා තව රල හැදෙනව රලින් රලට මාරු වෙනව. සමහර තැන්වල රල පිට රල (මෙතැන කතා කරන්නේ මරනය පුනර්බවය ගැන )

    දැන් මම කියනව මේ විදිහට”මමය මගේ මනසය” කියල දෙයක් පනවන්න බැරි නිසා “මට අත්කරගත හැකි විමුක්තියක් ඇත” කියල එකක් නැතිබව. එසේ කල හැක්කේ සියල්ලේ තුලමයි.

    දැන්මම මගේ ප්‍රශ්න ඇසීමට සූදානම්. ඊට පෙර මේ ටික කිව යුතුයි. ඔය ඉහත කී පද්දතිය නිර්මාන සාපේක්ශතාවට් එකඟ නැතිබව මගේ හැඟීමයි මොකද නිශා යේ මනස බෙදිය හැක කියා පිලිගන්නවා කියා හිතන්නේ නෑ. බුද්ද දර්ශනයට කොහොමත් එකඟ නෑ.දැන් මම අහන්න්නෙ විශ්වාස හෝ අර විද්‍යාවෙ ඔක්සියම් වගේ තත්වයකට යන්නෙ නැතුව ඉහත පද්ධතිය වගේ තත්වයක් නෑ කියල කියන්න පුලුවන්ද? කියන්න බැරිනම් මනසට පරිභාහිර යතාර්තය කියන එක ඔය පදදතියෙට් ඉතා සංකීර්නයි නේද?(ඒ කියන්නෙ එහෙම එකක් නැ කියලකෙලින්ම කියන්න බෑ නේද?

    Like

    • shirantha chamara says:

      මේකේ ඉන්න අයගේ දැනුම වර්ධනය කරන්න මගේ කාලය කැප කරන්න බහ. ඕක කරන්න ගිහින් මම නාකි වෙයි එච්චරයි. කොහොමත් forums වල කල හැක්කේ දැනුම සාකච්චා කිරීම පමණි. දැනුම වර්ධනය කිරීම සඳහා මහන්සි වී අදාළ මුල් කෘති පරිශීලනය කල යුතුය (බැරි අය ගෙන් ඉල්ලා සිටින්නේ දන්නා දෙයක් ගැන කතා කරන ලෙස පමණි). මම රිටිගල සමග පමණක් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ගැන කතා කරන්නේ එම නිසාය. ඔහු වුවද දරුණු හැදෑරීමක් කර නැති බව මට දැන් වැටහී ඇත. නොඑසේ නම් මානවය සම්පුර්ණයෙන් සංස්කෘතික නිර්මිතයක් නොවීමෙන් නිර්මානාත්මක සාපේක්ෂතාවාදය හබක් වන බව ඔහු කියන්නේ නැත. මෙහි සිටින බොහෝ අයට ඇත්තේ මොකක් හෝ දෙයකින් අදහස් යටපත් කිරීමේ කඩිකුලප්පුවක් පමණක් බව මට වැටහී ඇත. ඔබ වුවද දැනුවත්ව හෝ නොදැනුවත්ව කලින් ලිපියේ මා කියූ දෙයම නැවත කියා වරද ඇත්තේ නුතනත්වයේ නොවන බව කිවේ ඒ නිසාය. අඩු ගන්නේ මා ඒ ගැන කල විවේචනය ගැන ඔබ වචනයක් කියා නොමැත. ත්‍රිලක්ෂණය මත නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පාදක වන බවත් අල කරන කතාවකුත් ඔබ කීවේය. මා ඊට කාලය කැප කර පිළිතුරක් දුන්නෙමි. ඔබ ඊට එකඟද නැද්ද යන්න ගැන වචනයක් කියා නැත. ඔබ භාෂණයේ නිදහස ගැන ප්‍රශ්නයක් අසුවෙහිය . මම එයට ඉතා උවමනාවෙන් පිළිතුරක් දුන්නෙමි. ඔබ ඒ පිළිතුර හා එකඟද නැද්ද එහි යම් කොටසක් සමග යම් ප්‍රශ්නයක් ඇත්ද යන්න කිවේ නැත. ඔබට අවශ්‍ය මා හා සාකච්චා කිරීමටද මොකක් හෝ ප්‍රශ්නෙකින් මාව වට්ටවීමටද? (එය සිදු වන්නේ නැත) ඔබ සිතන්නේ මා ‘answering machine ‘ එකක් කියාද? මා ලියු දෙයින් පලක් වුවේද නැද්ද යන්න මට දැනගත හැක්කේ බොරු ආචාර වලින් නොවේ මා ලියු එක එක කරුණ ගැන වෙන වෙනම ඔබ දැන් මගේ ලිපියෙන් පසු දරන මතය කෙලින් කීමෙනි. එය මට විරුද්ද වුවක් වුවත් එය කියන්නන්ට මම බොරු ආචාර කරන්නන්ට වඩා ගරු කරමි. යම් අයෙකු මා හා කෙලින් සංවාද කරන විට ඔහු/ඇය මගෙන් අසන සැම කරුණක් සම්බන්දයෙන්ම මගේ එකඟතාව/ විරෝධය/ දක්වා ඊට හේතු පැහැදිලි කිරීම මගේ පමණක් නොව මම අගය කරන මගේ -නලින් ද සිල්වාවාදී/යතාර්ථවාදී/ ධනවාදී/ සමාජවාදී හැම මිතුරෙකුගේම ගුණයකි. ඔවුන් සමග සංවාදයෙන් අලුත් අදහස් නිපදවේ. ඒවායින් සැවොම පෝෂණය වේ. ඔබේ වත් රිටිගලගේවත් එවැනි ගුණයක් නැත. ඔබ ප්‍රශ්නයක් අසයි. තර්ක කරයි. මා පිළිතුරු දේ. එ යට එරෙහිව කුමක් හෝ කිව හැකිනම් කියයි. නැතිනම් මුකුත් නොකියා කටවසා ගෙන අන් යමක් අසයි. එයටද මා පිළිතුරු දේ. මෙහි මා නිකම් අදහස් දැක්වුව මිස වෙන කුමක් හෝ සිදු වුනිද? මෙහි ‘small note on science ‘ නම් ලිපියට ප්‍රතිචාර දැක්වූ 17 හැවිරිදි සිසුවකු සමග මා ඉතා ප්රියත්වයෙන් සංවාද කලෙමි. ඔහු මගේ අදහස සමග කෙලින් කතා කරන බැවිනි. මේ ලිපිය මා ලියන්නේ යම් මට්ටමක ego එකක් නිසා යයි සිතමි. මෙයින් දෙලොවට සෙතක් වේ යයි නොසිතමි. මෙහි සිටින්නන් විසින් ඉතා අවන්යාවෙන් උපහාසයට ලක් කෙරෙන නුගත් ගොඩයින් නුගත්කම නිසා ආවේගයෙන් ඔබේ තර්ක වලට කෑ ගසන්නේ පැන යන්නේ උත්තර නොදෙන්නේ පීඩනයට ලක් වීමෙනි. එය මිනිස් ගුණයකි. එය පාලනය කරගත හැකි අය නුගතුන්ට අනුකම්පා කරති. තමන් පාලනය ශික්ෂණයෙන් උගත්තක් මිස ඉපදෙන විට ගෙන ආවක් නොවන බව ඔවුහු දනිති. එම ශික්ෂණය නොලැබීමට අවාසනාවන්ත වුවන්ට ඔවුහු අනුකම්පා කරති. එහෙත් ශික්ෂණය ලත් උගත් බොහොමයක් තුලද මේ මිනිස් ගුණය ඇත. එය එලියට පනින්නේ පීඩනයේ දීය. එම නිසා මම කියන අනික් දේට හෙන ගැහුවත් මේ අවන්යාව නතර කරන්නේ නම් එපමණක් ඇත. ඔවුන් තවතවත් පීඩනයට පත්කිරීමෙන් සමාජ ප්‍රශ්න තවත් දරුණු වේ. මෙය කියවන එකෙක් හෝ මේ ගැන සිතන්නේ නම් ඒ ඇති.මගේ ලිපියෙන් මෙහි සිටින යට ඊට වඩා සෙතක් අත්වීමට ඇති ඉඩ අඩුය. මේ ලිපි copy කර මිතුරන්ට යවා ඔවුන් සමග සංවාද කිරීමට සිතා සිටිමි. එය වඩා යහපත් එකක් වනු ඇත.

      ////දැන් නිර්මානාත්මක සාපේක්ශතාව තියෙනව. ඒකෙ හැටියට නිර්පේක්ශ යථාර්ථයක් නෑ. අපි දකින යතාර්තය මනසේ නිර්මානයක්.////

      දකින යතාර්ථය යනු කුමක්ද? දකින දෙය වෙන්න ඇති.

      ///දැන් මම අහන්න්නෙ විශ්වාස හෝ අර විද්‍යාවෙ ඔක්සියම් වගේ තත්වයකට යන්නෙ නැතුව ඉහත පද්ධතිය වගේ තත්වයක් නෑ කියල කියන්න පුලුවන්ද? ///

      axiom යන්නෙන් අදහස් කරන්නේ උපකල්පන නම් අපට උපකල්පන නැතුව සිතිය නොහැක. එසේ සිතිය යුතු බවක් අප කවදා කොහෙවත් කියා නොමැත. කියා ඇති තැනක් පෙන්වන්න. මෙය මා තර්ක කිරීම ගැන මුලින් ලිපියක දැක්වූ කරුණු වලින් කියා ඇත. ඔබ එය කියවුයේද? ඔබ දක්වන වාදය මට ප්‍රතික්ෂේප කල හැක්කේ ඔබ හා මා එකඟ වන උපකල්පන යටතේය. එසේ නොවේනම් යම් දිනක මේ උපකල්පන අප දෙදෙනා එකඟ වන වෙනත් උපකල්පන මගින් පරික්ෂාවට ලක් කල හැකි ක්‍රමයක් සංවාදය තුලින් හෝ පරීක්ෂණාත්මකව පාදා ගන්න තුරු ඔබට ඔබේ වාදයත් මට මගේ වාදයත් තබා ගැනීමට සිදුවේ. ඒවා අතර අවංක සංවාදයෙන් වැඩදායක දේවල් මතු වනු ඇත. ඔබ මේවා අසන්නේ සංවාදය සඳහාම නම් ඔබ කලින් ලිපිවල කි කරුණු එක එකක් සම්බන්ධයෙන් මා දැක්වූ එක එක අදහස පිලිබඳ ඔබ දැන් දක්වන අදහස් එකක් නෑර කිමෙන් ඔබේ අවංකභාවය පෙන්වන්න. ඉන් පසු අපට කරන සංවාදයක් කල හැක. අදහස් දෙක තුනක් දක්වන්නම්.

      මමත්වය (මනස)යන්න හොඳින් නිර්වචනය වුවක් නොවේ. බලය යන්නවත් නිර්වචනය වී නැති කොට මනස ගැන මොකෝ. මමත්වය (එය කුමක් වුවත්) පිලිබඳ අපේ එකඟතාව වන්නේ සිතිය හැකි වීමේය. යමක් සිතන්නේද නැද්ද යන්න අප තීරණය කරන්නේ කෙසේද? සිත් කියවිය නොහැකි අපට එය අනුමාන කල හැක්කක් පමණි. අනුමාන කරන්නේ කෙසේද? මා දන්නා කිසිදු අයෙකුට නිර්නායකයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත. ගබ්සාව , නෙල්සෝන් මැන්ඩෙලා ගේ උපකරණ ඉවත් කිරීම ආදිය ආන්දෝලනාත්මක මාතෘකා වන්නේ ඒ නිසාය. ළදරුවෙකු මමත්වයක් ඇත කරගන්නේ ගර්භාෂයේ කුමන අවදිදීද යන්න මම නිතර කල්පනා කරමි. ගස්වැල් වලට මමත්වයක් ඇතැයි (ඒවා සිතන්නේයැ යි)මම විශ්වාස නොකරමි. එය විශ්වාසයකි. ඔබට හැකි නම් එය නිරීක්ෂණ සමග එකඟ නැති බව පෙන්වන්න. එවිට මට අකම්ත්තෙන් වුවත් ඔබේ විශ්වාසය හා එකඟ වීමට සිදු වේ. නිර්නායකයක් නැති නිසා කපා වෙන් කල අතට මමත්වයක් ඇති බව සිතීමේ අයිතිය ඔබට ඇත. එය ඔබ අවංකව සිතන්නේද යන්න පමණක් මට ප්‍රශ්නයකි. ඔබේ සමීපතයෙකුගේ අත වෙන්වුවහොත් සමීපතමයා එක විදිහට සිතන බවත් අත වෙනම සිතන බවත් සිතා කටයුතු කරන්නේද?

      ////මනස හා මනසට පරිබාහිර දේ කියල දෙයක් නෑ ඒ දෙක වෙන්කල නොහැකි සේ එකට බැඳිලා ඇත කියල. /////

      මමත් ඕක කියනවා එක්තරා අදහසකින්. හැබැයි ඔබ අදහස් කරන්නේ වෙන මොකක් හරි. මට එක තේරෙන්නේ නැහැ. කොහොමත් ඔබේ වාදය ගැන සංවාද කරන්න මට උවමනාවකුත් නැහැ. මගේ වාදය ගැන වුවත් මම දැන් කරොත් කරන්නේ විවාදයක්. කොඉ වෙලේ හරි එපා වුනහම එකත් නවත්තනවා.

      Like

      • shirantha chamara says:

        ඔබේ වාදයෙන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට හෝ මම කියූ එක දෙයකට හෝ ප්‍රශ්නයක් වන්නේ නැත. ඔබේ වාදය පිලිබඳ මට අබමල් රේණුවක විශ්වාසයක් නැත. එය වෙනම කතාවකි. එහෙත් අප කියන දේ හැර වෙන කුමක් වත් සත්‍ය විය නොහැකි බවක් අප කියා නැත. එවැන්නක් යමෙක් සිතයි නම් ඊට අප පලිද නැත.

        Like

  20. nuwarasira says:

    භාශන නිදහස ගැන මම මුලින්ම කී දෙයට පස්සෙ රිටිගල හා ඔබ අතර දීර්ඝ ලෙස සංවාදයක් ඇති වුන නිස මම නැවත එතනට ගියේ නෑ. නමුත් ඔබ මට එහෙම නොකල නිසා මම අදහසින් අදහස්ට පනිමින් ඔබව වැටෙන තැනක් හොයනවා කියල චෝදනා කරන බවක් පෙනෙනවා. මට එහෙම ඕන කමක් කොහොමත් නෑ. මට මෙහෙමම් සංවාදයක යෝදෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ කලාතුරකින්. ඒ නිසා කියන්න තියෙන බොහෝදේවල් මැදදට පැනල කියන්නේ. මම ඔබ භාශන නිදහස ගැන අහපු ප්‍රශ්නෙට උත්තර්යක් දෙන්නම්.

    මෙතෙන්දි ඔබ ඉස්මතුකරල තියන ප්‍රශ්න හා පොයින්ට් මෙසේ දැක්විය හැකියයි සිතමි. මගේ අදහස් ඒ යටින් දක්වා ඇත
    1.භාශන නිදහස සබ්ජෙක්ටිව්.

    එකඟයි. නමුත් රිටිගල කියන්නා සේම සම්මුතිය ඇතිවිය යුත්තේ හැකිතාක් නිදහස රැක ගැනීමටයි. මෙයට ඔබද එකඟ වනහෙයින් ගැටලුවක් නැතැයි සිතමි.මෙතැන්දී සම්මුතයක් ඇතිවිය යුත්තේ කුමක් කොතන කියන්නේද යන්න පිලිබඳව බව විනා කියන හා නොකියන දේවල් ගැන නොවන බව මගේ අදහසයි.
    2.මිනීමැරුමටත් අනුබල දෙන භාශන නිදහසක් තිබිය යුතුද?
    මගේ තේරුමේ හැටිය කුරානයේ මිනීමැරීමට අනුබල දෙයි. එය එසේ නොවන්නේ යැයිද, එය අර්ථ දැක්වීමේ කේස් එකක් යැද කියන්නෝද වෙත්.කෙසේ වෙතත් කුරානයට නිදහසේ මහ ඉහලින් භාශනය වීමට ඉඩදෙන ගමන් මිනීමැරීමට අනුබල දෙන්නායැයි සබ්ජෙක්ටිවෙලි කියනා යම් දේවල් තහනම් කරනා “ඊනියා භාශන සම්මුතියකට වඩා” කොන්දීසි විරහිත භාශන නිදහසකට මම කැමතිය.
    3.භාශන නිදහස ඔස්සේ යම් යම් දේවල් අපට හෙමින්ම බැස්සවයි
    භාශන නිදහස ඇතිවිට බොහෝ විකල්ප අදහස් එක විට පවතී මේවා වල “මාකට” වීම අනුව ඒවා ජනප්‍රිය විය හැක. කිසිම දෙයක් “මාකට්” කිරීමට තහනමක් නැති තාක් මෙහි ප්‍රශ්නයක් නොදකිමි. යම් දේවල් හරියට “මාකට්” වෙන්නේ නැත්නම් ඒවා මාකට් කිරීමට අනෙක්වා වැලැක්වීමෙන් පලක් නැත.ගැහැනුන් ගේ උඩුකය වැසීම හෝ ඇරීම එසේ මාකට් කල හැක එහෙම නැතිව එහි ඔබ්ජෙක්ටිව් හර් වැරැදක් තිබේද? මෙතන ප්‍රශ්නය සුද්දා විසින්ම අපට හැට්ට අන්දවා දැන් ගලවන්ටත් එන්නේය යන්නයි. සුද්දා හැට්ට අන්දවන විටනම් අපට ඔප්ශන් එකකක් දුන්නේ නැත. එය මමද හෙලා දකිමි. නමුත් අද එහෙම තත්වයක් නැත. සුද්දියෝ තන එලියේ දාද්දී අපේ ගෑනුත් එය කරන්නේ ඒ අදහස් මාකට් වෙන ආකාරය අනුවය. මෙහිදී ඔබ කියන එක දෙයක් සත්‍යයකි මේකේ කොන්ට්‍රෝල් එකක් අප අතේ නැත. හැබැයි එය සුද්දා (බටහිරයා) අතද දැන් නැත. අද විලාසිතාවලට බටහිර මෙන්ම ජපන් චීන ඉන්දීය අප්‍රිකා ලතින් අමරිකා යන සංඝටක සියල්ල බලපායි.

    4. භාශන නිදහස දඩමීමා කරගෙන තර්ක වලින් පැනයයි.

    මෙහි යම් සත්‍යයක් ඇත. සමහරුන් තමුන්ගේ අදහස් විවාදයට ලක්වීමට ඉඩ නොදී කුනුහරුප කියමින් මෝඩ ආතල් ගනී. නිරාගමිකයන්ගේ වෙබ් අඩවියේත් සමහර ජාතිකවාදී වෙබ් අඩවි වලත් ඔය තත්වය ඇත. නමුත් තර්කය මෙතනින් අවසන් වී කුනුහරුප මෙතනින් පටන්ගන්නේ යැයි සීමාවක් පැනවිය නොහැක. ඇමරිකාවේ ඕකට මිලර් පරීක්ශනයද මොකක්ද එකක් ඇති මුත් මා එයද පිලි නොගනිමි. එක දෙයකට එකඟ වෙමි එනම් ඔබ හෝ මම ගෙදරින් එලියට බසිද්ධී අප ගරුකරනා යම් යම් දේවල් වලට පොල්ගෙඩි අකුරින් කුනුහරුපෙන් බැන ලියා තිබෙන බෝඩ් ලෑලි නොදැක සිටීමට අපට අයිතියක් ඇති බවය.මෙතෙන්දී කිව යුත්තේ ප්‍රකාශ කරනා තැන ගැන සම්මුත්යක් තිබිය යුතු බවයි. කාටවත් බලෙන් නොපෙනෙන පොත් වෙබ් අඩවි, සීඩී යනාදියේ මේවා පල කිරීමට හා වැඩිහිටි අයෙකුට ඒවා පරිහරනය කිරීමට අයිතියක් තිබිය යුතුය.එය තහන්ම් කිරීමට විරුද්ධ වෙමි.

    මීට අමතරව අර අන්තිම කොමෙන්ටුව සම්බන්දව යමක් කියන්නේ නම්, මනසට පරිබාහිර යම් යතාර්තයක් ඇතිද නැතිද යන්න ඉතා සංකීර්න වන බවත් එක එල්ලේම නැතැයි කිව නොහැකි බවත් ට්මා මට පෙනෙන්නේ. අර අත සම්ම්බන්ද කතාවෙන්නම් මා අදහස් කරන්න්නේ මන්ස පුද්ගලයා තුල එකක් ලෙස පවතී යන්න මුලාවක් විය හැක යන්නයි(මුලාවක් ම වේ කියා නොකියමි ).එනම් මෙතන මන්සක් ඇත කියා අප කියන්නේ එහි සංටෘප්තයක් දිකිනා නිසා ඇතිවන් මුලාවක් නිසා විය හැක.එමනිසා මනස මෙහි ඇත, අතන නැත කියා පැනවිය හැකිද යන්න ගැටලුවකි.මෙසේ කිසියම් මූල පදාර්ථයක් (මෙහිදී විද්‍යා වේ කියානා මෙන් ජිල්බෝල එලෙcට්‍රෝන පදාර්ථයක් අදහස් නොකරමි )හා මනස බැඳී ඇත්නම් මනසින් පිට යතාර්තයක් නැතද ඇතද යන්න තරමක් සංකීර්න වේ. මෙයට පිලිතුරක් දිය හැකිඅ පොත පටහක් වේ නම් මට දන්වන්න. නිර්මාන ශාපෙක්ශතාවට අනුව සියලු නිරීක්ශන මන්සට සාපේක්ශයි. නමුත් ඉහත පද්ධතියට අනුව එයද කෙලින්ම ප්‍රකාශ කල හැකිද යන්න ගැටලුවකි. මන්ද මනස විසින් මනස නිරීක්ශනය කරයි,එහිදී මනසට ඕනැ ඕනැ දේ දැකිය හැකිද යන්නද ගැටලුවකි. එනම් නිරීක්ශනය නිරීක්ශකයාට සාපෙක්ශද යන්න ගැටලුවකි.

    Like

  21. nuwarasira says:

    ඉහත පද්ධතිය නිර්මාන සාපේක්ශ තාවට එකඟ වේ යයි මට පිලිගත නොහැක. ඒ එහි මූල පදාර්තයහේ කිසියම් නිර්පේකශ ගුනාංගයක් ඇතොත් එය සියලු නිරීක්ශන වල ඉස්මතුවන්නට පටන්ගැනීමයි.මේ පද්ධතිය සත්‍ය යැයි මට ඔප්පු කල නොහැකිවා මෙන්ම මමද එය සම්පූර්නයෙන් පිලි නොගනිමි. නමුත් ප්‍රශ්නය නම් ඔප්පුකල නොහැකි පලියට එය අසත්‍යයක් ය කියා මට පෙන්විය නොහැක (ඔබට පුලුවන් නම් පෙන්වන්න ) තත්වය එසේ තිබියදී අනෙක් පද්ධති වලට ඊනියා කීමට මට නොහැක. නිෂා වාදීන්ට එසේ කල හැකිද යන්න තමා මගේ ගැටලුව.

    Like

    • shirantha chamara says:

      ඔබ ඔබේ අවංකභාවය සම්පූර්ණයෙන් පෙන්වා නැත. කලින් ලිපියේ මා දැක්වූ දේ ගැන ඔබ අදහස් දක්වා නැත. ඔබ ඔබේ අදහස් දැක්වීමට පෙර මගේ අදහස් ගැන ඔබේ අදහස් දැක්විය යුතුය.

      ඔබට මා කියන දෙය තේරෙන්නේ නැත. මට ඔබ කියන දේවල් වල තේරුමක් නැත. ඉන් අදහස් කරන්නේ අප අතර සන්නිවේදනය දුර්වල බවය. මා යමක් කියන විට ඔබ තේරුම්ගන්නේ ඊට ළඟින්වත් යන දෙයක් නොවේ. ඔබද ඇතැම් විට මා සම්බන්දයෙන් එසේ සිතිය හැක. රිටිගල සමග සංවාදය මට පහසුය. ඊට හේතුව මා සිතා කියවා ඇති බොහොමයක් දේ ඔහුද සිතා කියවා ඇති නිසාය. එහිදී මට නොබියව රිටිගල කුහකව කටයුතු කරන බව වුවද කිව හැක. එහෙත් ඔබ සම්බන්දයෙන් මට දැන් කිසිවක්ම කිව නොහැක. හේතුව අප දෙදෙනා අතර සන්නිවේදනය අතිශය දුර්වල වීමය. එය හොඳ මට්ටමකට ගෙන ඒමට මම ඔබ කියවා ඇති දේත් ඔබ මම කියවා අතිදෙත් කියවීමට වනු ඇත. ඒ නිසා සංවාදය නවත්වමි. මෙය වරදවා වටහා නොගන්න.

      (වචන ගැන සර්වසම තේරුමක් ඇති කරගත නොහැකි නමුත් ඊට ළඟින්වත් යන තේරුමක් ඇති කර නොගෙන සංවාද කල නොහැක. මෙය වුවද මා කියන්නේ රළු අර්ථයකින් බව කියා යුත්තේ රිටිගල මෙය කියවන්නේ නම් එය ඔහු නිර්මානාත්මක සාපෙක්ෂතාවයට එරෙහියි සිතීමට පුළුවන් නිසඅය. මේ ප්‍රශ්නය දාර්ශනිකව කතා කිරීමට බොහෝ වෙලාවක් ගත යුතුය. අනෙක් වෙලාවලට සංවාද කරන්නේ සාමාන්‍ය වචන වලින් වුවත් එම වචන වලින් දාර්ශනිකව ඔබත් මමත් අදහස් කරන්නේ එකම දේ නොවේ විය හැක . සන්නිවේදනයට ප්‍රශ්නයක් නොවන නිසා ඒවා ප්‍රශ්නයක් නොවේ )

      සංවාද නවත්වන විට සංවාදයට ලක්වුණු කරුණු ගැන අලුත් තර්ක මතු නොකිරීම මගේ ප්‍රතිපත්තිය වේ. මම එකඟ වන නොවන යම් යම් තැන පවසමි. ඔබ දැනට නගා ඇති තර්ක වලට පිළිතුරු දෙමි. මේ ලිපියට ප්‍රතිචාරයක් දැක්වීමට ඔබට අයිතිය ඇත. එහෙත් ඔබේ ඊළඟ ලිපියට මා ප්‍රතිචාර දක්වන්නේ නැත. සංවාද නවත්වන හොඳම ක්‍රමය එයයි. රිටිගල්ද එය අනුගමනය කර ඇති බව මට පෙනේ. මා විරුද්ධ වුවේ ඔහු අලුත් තර්ක මතු කර තිබීමට පමණි. )

      /////ඉහත පද්ධතිය නිර්මාන සාපේක්ශ තාවට එකඟ වේ යයි මට පිලිගත නොහැක. ඒ එහි මූල පදාර්තයහේ කිසියම් නිර්පේකශ ගුනාංගයක් ඇතොත් එය සියලු නිරීක්ශන වල ඉස්මතුවන්නට පටන්ගැනීමයි.මේ පද්ධතිය සත්‍ය යැයි මට ඔප්පු කල නොහැකිවා මෙන්ම මමද එය සම්පූර්නයෙන් පිලි නොගනිමි. නමුත් ප්‍රශ්නය නම් ඔප්පුකල නොහැකි පලියට එය අසත්‍යයක් ය කියා මට පෙන්විය නොහැක (ඔබට පුලුවන් නම් පෙන්වන්න ) තත්වය එසේ තිබියදී අනෙක් පද්ධති වලට ඊනියා කීමට මට නොහැක. නිෂා වාදීන්ට එසේ කල හැකිද යන්න තමා මගේ ගැටලුව.//////////////

      ඔබ කියන දේවල් වලින් නිර්මානාත්මක සාපේක්ෂතාවාදයට හානියක් වන්නේ නැත. ඔබ කියන දේ නිර්මානාත්මක සාපේක්ෂතාවාදයට එකඟ නොවීම යනු නිර්මානාත්මක සාපේක්ෂතාවාදයේ දුර්වලතාවක් ලෙස ගත හැක්කේ ඔබ එය පරීක්ෂණාත්මකව හෝ දැනටමත් අප එකඟ වන දේවල් මගින් තාර්කිකව තහවුරු කල දිනයකය.

      අප යම් යම් දේවල් වලට ඊනියා කියන්නේ ඒවා අපේ මතයට එකඟ නොවන නිසා නොවේ. ඔබ අපව මහන්සි වී කියවා නැත. මහන්සි වී නොකියවා චෝදනා ඉදිරිපත් නොකිරීම හෙළ දැකිය යුතුය. අපේ ප්‍රධානම තර්කය වන්නේ ම එක පද්ධතියක ඇති උපකල්පන මත වෙනත් දැනුම් පද්ධති අසත්‍ය යි කීම පහත් වැඩක් බවය. එසේ කියන අප අපේ උපකල්පන වලට එකඟ නොවන නිසා යම් පද්ධතියකට ඊනියා යයි කියන්නේද? ඔබ සිතන්නේ අප එතරම් මෝඩ බවද? අප යම් යම් දේට ඊනියා යයි කියන්නේ ඒවා අතර අභ්‍යන්තර පරස්පර ඇති නිසාත් ඒවා අප සියල්ලන් එකඟ වන (පොල් ගෙඩි ඉහල නොයන්නේය) වැනි ඇතැම් සම්මුති වලට එකඟ නොවන නිසාය. උද්දහරනයකට භාෂණයේ නිදහස තර්කයක් ලෙස භාවිතා කරන්නන්ට මිනිමරෙමට අනුබල දෙන ඒවා තහනම් කල නොහැක. ඔබ කොන්දේසි විරහිත භාෂණ නිදහසකට එකඟ වීමෙන් පසු ඇතැම් දේවල් තහනම් කල යුතු යයි කියන්නේ නම් ඔබ කියන භාෂණ නිදහස ඊනියා වන්නේ එය ඔබ ඔබේ මතයටම විරුද්ධ වීමක් නිසා මිස ඔබ අපේ මතයට විරුද්ධ වීමක් නිසා නොවේ. (මේ වාක්‍යය හරියටම තේරුම් ගන්න) එනිසා එම භාෂණයේ නිදහස ඊනියා එකකි. මුස්ලිම් වරුන්ගේ භාෂණයේ නිදහස ඊනියා නොවේ. ඔවුන් එය තර්කයක් ලෙස භාවිතා නොකරයි. ඔවුන් ගේ ඇතැම් මතවලට ඔබ මෙන්ම මමද අකමැතිය. අකමැත්ත එකකි. ඊනියා වීම තව එකකි. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිමුන්ට කුරානයේ ඇති දේ නැවත නැවත මතක් කරවීමට මම විරුද්ධය. ඒවායේ අඩුපාඩු ගැන ඔවුන් නොදන්නවා විය නොහැක. යම් හෙයකින් ඔවුන් කුරානය මෙහි ක්‍රියාත්මක කිරීමට ගියහොත් එදාට මම විරුද්ධය. අපේ අම්මල තාත්තල වරදක් කර තිබුනද ඒවා මතක් කරන විට අප අකමැතිය . ඒවා වැරදි බව අපි බුද්ධියෙන් දනිමු. එහෙත් ඒවා ගැන කතා කිරීමට අප අකමැතිය. ඒවා ගැන ඕනාවට වඩා කතා කිරීමෙන් මිනීමැරුමක් වුවද සිදු විය හැක.

      තේරුම් ගත යුත්තේ භාෂණයේ නිදහස හැකිතාක් තිබිය යුතු බවට මම එකඟ නමුත් එය තර්කයක් ලෙස භාවිතා කරන්නන්ට මම විරුද්ධ බවය. භාෂණයේ නිදහස යන සම්මත සංකල්පයට මම විරුද්ධය. මට ඒ ගැන අසම්මත සංකල්පයක් ඇත. එමෙන්ම නොපැකිලිව ඇතැම් දේ තහනම් කල යුතු බව මම කියමි. මම එසේ කියන විට අනෙක් යට ඊට විරුද්ධව කතා කිරීමට මම ඉඩ දිය යුතුය. එහෙත් ඔවුන්ට භාෂණයේ නිදහස තර්කයක් ලෙස යොදා ගත නොහැක.

      සුද්දන් අද ඇඳුම් ගැලවීමට අපට නියම කර නැත. එදා වුවද අපේ ගැහැනුන්ට බලෙන් හැට්ට අන්දවුයේ යයි නොසිතමි. ඒවා අදත් එදත් කෙරෙන්නේ මාකට් කිරීමෙන්ය. මම විරුද්ධ මේ මාකට් කිරීමට මිස වෙන දෙයකට නොවේ. (දැන් මෙහිදී භාෂණ නිදහස තර්කයක් ලෙස ගෙන ආවොත් මිනීමැරීම මාකට් කල හැකිදැයි මම අසමි. ඒ වෙනුවට වෙනත් අවංක තර්කයක් නගන්නේ නම් කමක් නැත.) හේතුව එය සමාජ ප්‍රශ්න ඇති කරන බැවිනි. එක්කෝ අප නිරුවත් විය යුතුය. නැත්නම් නිරුවත මාකට් නොකර සිටිය යුතුය. නිරුවත අමුත්තක් වූ සමාජයක නිරුවත මාකට් කිරීමෙන් සමාජ ප්‍රශ්න ඇති වේ. මෙහිදී වුවද මම දරුණු ලෙස සීමා පැනවීමට කියන්නේ නැත. සීමා පැනවීම සංවාදයෙන් කල යුතුය. එහිදී මිනිසුන් අවංක විය යුතුය. එහෙත් සීමා පැනවීමට විරුද්දව භාෂණයේ නිදහස තර්කයක් කරගත නොහැක. වෙන තර්ක සලකා බැලීමට සුදානම්ය.
      ඔබ කියන්නේ blue films ගැන විය යුතුය. තරුණයන් ඒවා නැති වුනොත් පිස්සු වැටෙනු ඇත. එහෙත් ඒවා ක්‍රමයෙන් ඒවා අධිර්යයට පත් කල යුතුය. ඊට හේතුව වන්නේ ඒවායේ රඟපාන ගැහැනුන් (විශේෂයෙන්) පව් නිසාය. ඔවුහු badu බවට පත්ව ඇත. අනෙක් සමාජ ප්‍රශ්න තිබියදී සපුරා බ්ලු ෆිල්ම් තහනම් කිරීම කල හැක්කක් නොවේ. එහෙත් ඒවා ඊනියා භාෂණයේ නිදහසක නාමයෙන් තිබිය නොහක . එමෙන්ම බ්ලු ෆිල්ම් මාකට් කිරීම වැරදිය. අප යායුත්තේ සමාජ ප්‍රශ්න විසඳන දිශාවටය. අප ගොඩනැගිය යුත්තේ blue film අනවශ්‍ය සමාජයකි. එහිදී වුවද මෙය සම්පූර්ණයෙන් නැති නොවනු ඇත. එහෙත් බ්ලු ෆිල්ම් විකුණා කිසිවෙකුට ජීවත් විය නොහැකි වනු ඇත. ඊට එතරම් ඉල්ලුමක් නැති බැවිනි. එසේ කල හැකි ක්‍රමයක් ඇත්දැයි අප සොයා බැලිය යුතුය. (මෙය ලිබරල්වාදයක් යයි වරදවා වටහා නොගත යුතුය. බ්ලු ෆිල්ම් විකිණීම දරුණු පාලනයකට යම් අවස්ථාවකදී යටත් කිරීමට සිදු වීම මට ප්‍රශ්නයක් නොවේ. අවසානයේදී සමාජය ඒ සඳහා සුදානම් වූ විට -විවාහය වුරුදු 20-25ට පැමිණි විට – විභාග අඩුවී තරුණයන්ගේ පීඩනය අඩුවූ විට- මිනිසුන්ට මා කලින් කියූ නිදහස් තෙහෙට්ටුවෙන් තොර ජීවිතය යම් මට්ටමකට වත් ලැබුණු දිනෙක- පෙම් සම්බන්දතා වලට බාධා අඩු වූ විට =- ලස්සන ගැන – කාමය ගැන විශාල සාපෙක්ෂතාවයක් ඇති වූ විට- එසේ කිරීමට සිදුවනු ඇත. නොඑසේ නම් අවස්ථාවාදීන් බ්ලු ෆිල්ම් මාකට් කිරීම හරහා නැවත අපව අද තිබෙන තත්වයට ආපස්සට යැවීමට කටයුතු කල හැකි බැවිනි. විවේචනය එකකි. ඊට ඉඩ දිය යුතුය. මාකට් කිරිම -විකිණීම එකකි. ඊට සැමවිටම ඉඩ දිය නොහැක. මට ඇති එකම ප්‍රශ්නය එසේ දරුණු පාලනයකට යටත් කිරීම සමාජයට ප්‍රශ්නයක්ද නැද්ද යන්න මිසක් ලිබරල්වාදයට හෝ භාෂණයේ නිදහසකට එකඟද නැද්ද යන්න නොවේ. බලෙන් නොපෙන්වනවා යන්න එදාට මට තර්කයක් නොවේ – මිනිසුන් ජෛවියව කාමාතුරය. විවාහය යනු කෘතීම දෙයකි. එවන් මිනිසුන් මාකටින් වලට හසුවේ. ඔබට මට ප්‍රශ්නයක් නොවුවද මේවා නිසා සමාජ අපරාද සිදු වන බව පිළිගත යුතුය. වාස් ගුණවර්ධන විකුර්හ්ටි මිනිසෙක් ලෙස හැසිරී ඇත්තේ දෙමල චිත්‍රපටවල පොලිස්කාරයන් අනුකරනයෙන්දයි මට සැකයක් ඇත. මම දන්නා යට එවන් දේ සිදුවී ඇති නිසාය. හින්දි චිත්‍රපට (ඉංග්‍රීසි ඒවාට වඩා) ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වලට හේතු වී ඇත. එක්කෝ අප විවාහය වැනි අපේ ජයිවිය ස්ව්හභාවයට විරුද්ධ දේ අත හල යුතුය. නැතහොත් බලෙන් නොපෙන්වා මාකට් කරන්නන්න්ට ක්‍රමයෙන් අනෙක් සමාජ ප්‍රශ්න විසඳන අතර සීමා පැනවිය යුතුය. භාෂණයේ නිදහසක් ගැන කියමින් තර්ක කරන්නන්ට මිනීමැරීමට අනුබල දෙන ඒවා පෙන්විය හැකිද යන්න අසමින් ඔවුන්ව තර්කයෙන්ම නැති කල යුතුය. සමාජ ප්‍රශ්න විසඳීම සඳහා වෙනත් ක්‍රම ඉදිරිපත් කරන්නන් සමග පමණක් අවංකව සංවාද කල යුතුය. )

      ////////////////////නිර්මාන ශාපෙක්ශතාවට අනුව සියලු නිරීක්ශන මන්සට සාපේක්ශයි. නමුත් ඉහත පද්ධතියට අනුව එයද කෙලින්ම ප්‍රකාශ කල හැකිද යන්න ගැටලුවකි. මන්ද මනස විසින් මනස නිරීක්ශනය කරයි,එහිදී මනසට ඕනැ ඕනැ දේ දැකිය හැකිද යන්නද ගැටලුවකි. එනම් නිරීක්ශනය නිරීක්ශකයාට සාපෙක්ශද යන්න ගැටලුවකි./////////////////

      ඔබේ පද්ධතිය නිර්මාණාත්මක සාපේක්ෂතාව හා එකඟ නොවීම ඔබේ පද්ධතියට ප්‍රශ්නයකුත් නොවේ නිර්මාණාත්මක සාපෙක්ෂතාවයට ද ප්‍රශ්නයක් නොවේ. එසේ වන්නේ ඔබේ පද්ධතිය මා කලින් කියූ ලෙස පරික්ෂනාත්මකව හෝ අප දෙදෙනා එකඟ වන යම් ක්‍රමයකින් තහවුරු කල හෝ වැරදි බව පෙන්වූ දිනයකය.

      මනස විසින් මනස නිරීක්ෂණය කරයි යන්නෙන් වත් සියල්ල මනසට සාපේක්ෂය යන්නෙන් වත් මනසට අවශ්‍ය අවශ්‍ය පරිදි සියල්ල දැකිය හැකි බවක් නොකියවේ. එවැන්නක් කියවෙන බව අපෝහනය කර පෙන්විය හැකිද? මෙහි ඇත්තේ සාපේක්ෂ යන වචනය හා නිර්මාණය යන වචනය ඔබ තේරුම් ගන්නා ආකාරයේ වෙනසකි. පුටුවේ වේගය මට සාපේක්ෂය යනු එකකි. එය මට වෙනස් කල හැකිද යන්න එකකි. එය වෙනස් කරන්නේ සමහර විට ඔබ විසින් විය හැක. එහෙත් පුටුවත් එහි වේගයත් පමණක් නොව ඔබත් පවතින්නේ මට සාපේක්ෂවය. මා දකින ඔබ ඔබ දකින ඔබ නොවේ.

      Like

  22. Chamith Samarasinghe says:

    The problem isn’t just with the Newtonian mechanics, the real problem lies in the Newtonian paradigm that use to formulate theories about the universe. General relativity, qunatum mechanics, all the newtonain mechanics and all the other theories of physics are based on Newtonian paradigm. We can never have a unified field theory if we base that on Newtonian paradigm. You can’t expand a theory that used to explain a very little sub-system of the universe to explain the whole universe, but that’s what happening now.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s