දිලන්ත විතානගේ ශූරීන් වෙත

බොදු බල සේනා සංවිධානයේ සිවිල් කැඳවුම්කරු, මහා කවි දිලන්ත විතානගේ ශූරීන්ට සිය දෝණියන්දෑ සම්බන්ධයෙන් පළ වෙමින් පවතින මඩ ප්‍රචාර පිළිබඳව අපගේ හෘදයාංගම කණගාටුව ප්‍රකාශ කර සිටිමු. දිලන්ත ශූරීන්ගේ දෝණියන්දෑ නයිට් ක්ලබ් යන, මත්පැන් කටේවත් නොතබා නොසිටින, නූතන ලිබරල් විදියට අනුව ඇඳුම් පැළඳුම් අදින, නූතන විශ්වීය සංස්කෘතිය තුළ වෙසෙන සිරා කෙල්ලෙක් වීම පිළිබඳව මුලින්ම අපගේ හෘදයාංගම සතුට පිළිගන්වමු.

සිංහලබෞද්ධ බොරු ලේබලය අලවන ලද වික්ටෝරියානු සභ්‍යත්ව උගුලේ වැටකඩොළු වලින් මිදී නිදහස් (එහෙත් සංවර) ලෙස දිවි ගෙවන මෙබඳු තරුණ පිරිස් දැකීම සතුටට කරුණකි. ලංකාව ගමන් කළ යුත්තේ ද එබඳු නිදහසයන් අගය කරන සහ එබදු නිදහසයන්ට ගරු කරන දිශාවකට විය යුතු යැයි එක සිතින් විශ්වාස කරමි. එලෙසම, දිලන්ත ශූරීන්ගේ පියකරු දියණිය විරැකියාවෙන් පෙළෙන දුගී තරුණයෙකු හා හාද වී නිසි උපත් පාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හෝ මුදල් නොමැතිව දරුවන් දුසිම් බාගයක් සාදා තම සෞඛ්‍යය ද සමාජ හා සංස්කෘතික ජීවිතය ද අහේනිකරණය කර නොගන්නා බව ද මට විශ්වාස ය. එම වාසනාවන්ත තරුණයා ඊනියා මුස්ලිම්-විරෝධී අරගල වලට ගොස් අතපය කඩා නොගන්නා බව සහ නඩු හබ වලට නොපැටළෙන බව ද මා හට විශ්වාස ය. එය ද මා හට සතුටට කරුණකි. මෙලෙස නිදහස්, සහ සතුට පිරුණු දිවියකට පසිනි විතානගේ සොයුරියට සහ ඇගේ ප්‍රියයාට සුභ පතමි!!

එහෙත්, ගැටළුව ඇත්තේ එතැන නො වේ. තමන් සහ තම සහචරයන් මෙබඳු ලිබරල් ජීවිත ගත කරමින් මුදල් මත පිහිනන අතර දිලන්ත ශූරීන්ගේ නායකත්වයෙන් යුතු බොදු බල සේනාව ලාංකික හුදී ජනයාට කියන්නේ සුදු වතින් සැරසී සිල් රකින්නට ය. ලාංකික කාන්තාවන්ට ඔවුන් කියන්නේ දේශීය විදිහට අඳින්නට පළඳින්නට ය. ඔවුන්ගේ කායික, මානසික, ආර්ථික සහ සෞඛ්‍යයමය ප්‍රගතිය කටුගෙයට දමා “සිංහල ජාතිය වෙනුවෙන්” දරුවන් වදන්නට ය. ඔවුන් ලාංකික තරුණයන්ට කියන්නේ ඔවුන්ගේ සමුළු වල දෙසන නානසාරගේ අභීත සිහ හඳින් කුළු ගැන්වී අන්‍ය ජාතීන්ට හිරිහැර කරන ලෙස ය. අන්‍ය ජාතීන්ගේ නිවාස, කඩවල්, සාප්පු, පල්ලි, කෝවිල් වටලා ඒවා මත බලහත්කාරය යොදවන ලෙස ය. ඒවාට යන මිනිසුන්ට කුණු බිත්තර ගසන ලෙස ය. දිලන්ත ශූරීන් ඇතුළු නඩයේ පච ප්‍රචාර නිසා පිස්සු වැටුණු මිනිසුන් මෙසේ වලි කන විට එහි වගකීම පවා ඔවුහු භාර නොගනිති.

දිලන්ත විතානගේ ශූරීන්ගේ පියකරු දියණිය ඇතුළු බොදු බල සේනාවේ නියමු ගිහි පැවිද්දන් සහ ඔවුන්ගේ ඥාති පිරිස් මෙලෙස ලිබරල් ජීවිත ගත කරන අතර බොදු බල සේනාවට විරුද්ධව සාමකාමී ලෙස ඉටිපන්දම් දැල්වීමට ආ එවුන්ගේ ලිබරල් ජීවිත වලට එල්ල වූයේ බලු සේනවේ මඩ පෝස්ටර් පහරයි. ඔවුන් එක එකාගේ පුද්ගලික වෝල් වල තිබුණු පින්තූර විකෘති කරමින් බලු සේනාව පැහැරූහ. (එම පෝස්ටර් වල ඔවුන්ගේ නිල ලාංචනය නොතිබුණු නිසා “මේකත් අෆේ වැඩක් නෙමෙයි අයියා” කියන්ඩ පුළුවන. අපි කොන්ඩෙ බැඳපු හූ ජින්තාවෝවරු නොවෙමු !!)

දැන් දැන් බොදු බල සේනාවේ සිවිල් කැඳවුම්කරු දිලන්ත විතානගේ ශූරීන්ට යන්තම් වෝල් පෝස්ට් එකක්වත් කැත නැතිව දැමීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් පවතියි. දිලන්ත ශූරීන් මෙහෙයවන බොදු බල සේනාවේ පහරින් රැඩිකල් වූ මුස්ලිම්මු පසිනි විතානගේ මෙනෙවියගේ නයිට් ක්ලබ් පින්තූර වලින් ප්‍රති ප්‍රහාර එල්ල කරති. මේ ප්‍රහාර මම අනුමත නොකරමි. ඒවාට සහාය ද නොදක්වමි. අප්පාගේ කුණුකම් වලට දූ පළි නැත. එහෙත් කළ කළ දේ පල පල දීම පැස්ටෆෙරියානු ආගමේ ශාස්තෘ බොබී හෙඩර්සන්ගේ තුන්වන නියමයයි. එයට “අයැම් සොරි” කීමට හැර වෙනෙකක් කිරීමට අපගේ නූඩ්ල් මැවුම්කරුවාණන්ට ද බැරි ය. ඒ ගැන අයැම් ද එක්ස්ට්‍රීම්ලි සොරි ය. පුළුවන් දෙයක් උපරිමයෙන් කරන්නට උත්සාහ කරන්නම්!!

එහෙත්, දිලන්ත විතානගේ ශූරීයනි, මෙය අවසානය නොවේ. ඔබ තුමාලාගේ ප්‍රචාර වලින් මේ මුස්ලිමුන් තවත් රැඩිකල් වීම හැර වෙන කිසිවක් සිදු නොවේ. එවිට ඔබ තුමන් හට කරගන්ට බැරි දේ අතරට හුදෙක් “වෝල් පෝස්ට් දැමීම” පමණක් එක් වීමෙන් නොනවතිනු ඇත!!

ලිව්වේ – බුද්ධික තාඹුගල

This entry was posted in කාලීන, Sinhala and tagged , , , , , , , , , , , , . Bookmark the permalink.

6 Responses to දිලන්ත විතානගේ ශූරීන් වෙත

  1. noreligiousviews says:

    Well said, and we thought their women weren’t enjoying it; why! they must absolutely love this. BBS donations to fund the nightlife! Poor poor buddhists!

    Like

  2. bhakthi says:

    මම දන්න විදිහටනම් ලිබරල් කියන්නෙ අසංවර, තුප්පහි, විලිලැජ්ජා නැතිකම, වැනි වචනවලට කියන සමාන වචනයක් නෙවේ. ලිබරල් කියන්නෙ නිදහස කියන එකයි. එතකොට නිදහස කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරගන්න ඕනි. නිදහස් වෙන්න ඕනි මොකෙන්ද කියල හිතන්න ඕනි. ඒක පුලුල් කතිකවතක්.

    ඔබතුමා අසන්වර බව බොහොම අගේ කරල තියෙනවනෙ. ඔබතුමා කැමතිද ඔබේ අම්ම, සහෝදරියන්, බිරිද, දියනියන් ඔය විදිහේ අසෝබන විදිහට හැසිරෙනවට. එතකොටත් ඒක ලිබරල් කියල ඔබතුමා සතුටු වෙනවද?

    Like

    • @bhakthi මම හිතන්නෙ ඔබතුමා තාඹුගල මහතාගෙ ලිපිය බොහොම හදිසියෙන් වගේ කියවල තියෙන නිසා, ලියල තියෙන දේ තේරුම් ගිහිල්ල නෑ වගේ. ලිපියෙ තිබුනේ නම් මෙහෙමයි.

      /**සිංහලබෞද්ධ බොරු ලේබලය අලවන ලද වික්ටෝරියානු සභ්‍යත්ව උගුලේ වැටකඩොළු වලින් මිදී නිදහස් (එහෙත් සංවර) ලෙස දිවි ගෙවන මෙබඳු තරුණ පිරිස් දැකීම සතුටට කරුණකි. ලංකාව ගමන් කළ යුත්තේ ද එබඳු නිදහසයන් අගය කරන සහ එබදු නිදහසයන්ට ගරු කරන දිශාවකට විය යුතු යැයි එක සිතින් විශ්වාස කරමි.**/

      Like

    • අසංවර බව ? අසෝබන බව ?

      හැබෑටම කොහොමද ඔබ ඔය කියන සංවර කම අර්ථකථනය කරගත්තේ ?

      ප්‍රංශ ජාතිකයෝ සහ චීන ජාතිකයෝ ගෙම්බෝ සහ සර්පයෝ කෑමට ඉතාම රුසියි, අපට මේ තරම් අසික්කිත පිළිකුල් සහගත දෙයක් තව නැහැ, යුරෝපියන් වැඩි දෙනෙක් හැඳි ගෑරෝප්පු පාවිච්චි කරනවා, අතේ කෑම තවරාගනීම ඔවුන්ට පිළිකුල දනවන අසංවර දෙයක්, නමුත් ඉන්දියානුවන්ට හෝ අපට එය ඉතා සාමාන්‍ය දෙයක්, ලංකාවේ හෝ ඉන්දියාවේ සාමාන්‍යයෙන් විවාහයකදී දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා මනාලියගේ පාර්ශවයෙන් – මේක බටහිර කෝණයකින් බැලුවහම ඉතාම තුප්පහි දෙයක්, මිනිස් ජීවිතයකට මුදලින් සප්ලිමන්ට් කරන එක.

      කාලයෙන් පසුපසට යන්න යන්න, ලංකාවේ තියෙන්නේ අම්මල පුතාල, සහෝදර සහෝදරියෝ එකට නිදාගත්ත, ඊටත් පසු සතවර්ෂ වල එකගෙයි කාපු (ඊටත් සතවර්ෂ කිහිපයක් පස්සට යන්න ) උඩුකය නිරාවරණය කරගැනීම කාන්තාවකට ඉතාමත් අසෝබන දෙයක් ලෙස සලකපු කාලය, පැවතුනේ බටහිර ආක්‍රමණ වලට පෙර. උදේට රූපවාහිනියෙන් හැමදාම පාහේ කුඩා දරුවන්ට පවා පෙන්නන උඩුකය නිරාවරණය කරගත් කාන්තාවන්ගේ බිතු සිතුවම්, අද කාලේ කරානම් කොච්චර වනචර දෙයක් කියල කෑගහන අය සෑහෙන්න ඉඳි.

      කාල පරාසයකට සහ යම් භූගෝලීය පරාසයකට අනුව ඔබගේ හිතේ මැවෙන භූතාත්ම (entities) තමයි ඔය සංවර කම, සීලාචාර කම කියන්නේ, ඔබ අසංවර, තුප්පහි, විලිලැජ්ජා නැති යනුවෙන් අර්ථකථනය කරන දේවල් හුදෙක් ඔබ හිතේ මවාගත් ප්‍රතිරූප, ඔබට මේ ප්‍රතිරූප මවගැනීමට අයිතියක් තියෙනවා – නමුත් ඒවාට අනුගත වන්නට කිසිවෙක් කිසිසේත්ම බැදී නැහැ (ඔබගේ සහෝදරියන්, බිරිද, දියනියන් පවා, මන්ද ඔබට ඔවුන් ගේ සිරුරු හෝ මනෝභාවයන් අයිති නැති නිසා, ඔවුන් ට ඔවුන් විසින් නිර්වචනය කර ගෙන ඇති සදාචාර පරාස ඇති නිසා.

      සදාචාරය වෙන්නේ, ඇඳුමේ දිගවත්, තමන් කන්නේ බොන්නේ මොනවද යන්නවත්, තමන් රාත්‍රියට සමාජ ශාලාවකට යනවද යන්නවත් නොවේ – සදාචාරය මනින මිම්මක් වෙන්නේ, පැත්තක ඉන්න මිනිස්සු, අනෙක් මිනිස්සුන්ගේ (තමන්ට හෝ අනුන්ට කරදරයක් නොවන) නිදහසට අත පෙවීමයි. මේ අතින් අපේ නූතන, පශ්චාත් වික්ටෝරියානු “සදාචාරය” – අරාබිකරයේ “සදාචාරයට” වැඩ වෙනස් නැහැ.

      එකම වෙනස, අප සහ ඔවුන් තමන්ගේ කාන්තාවන්ගේ සිරුර වැසීමට භාවිත වන රෙදි වල වර්ගපලය පමණයි. ආකල්ප බෙහෙවින් සමානයි. තවමන් කාන්තාවන් වෙනුවෙන් පිරිමින් තීරණ ගන්න අසික්කිත, තුප්පහි සමාජයක වසන අපිට සදාචාරය ගැන කතාකිරීමට පවා ලැජ්ජයි.

      Like

  3. Buddhika Thambugala says:

    <<>

    Like

  4. <<>

    bhakthi, මම හිතුවෙ ඔබතුමා ආරම්භ කරන්ඩ උත්සාහ කළෙත් පුළුල් කතිකාවතක් කියල..

    Like

පාඨක ප්‍රතිචාර...