විද්‍යාව පිළිබද විමසුමක්

විද්‍යාව තුලින් ඉදිරිපත් කරන නානාවිධ ප්‍රස්තුථයන් ඇත. එකී ප්‍රස්තුථයන් න්‍යායන් ලෙස ස්ථාපනය කරමින් ඒවා නාමකරණය කිරීම විද්‍යාව තුළ සාමාන්‍යයෙන් සිදු වේ. බොහෝවිට විද්‍යාවේ එන න්‍යායන් නම් කරනුයේ එකී න්‍යායන් ව්‍යුත්පන්න කිරීමෙහිලා පුරෝගාමී වූ පුද්ගලයන්ගේ නම් වලිනි. චලිතය පිළිබදව වන නිව්ටෝනියානු න්‍යායන්, විශේෂ හා සාධාරණ සාපේක්ශතා න්‍යායන්, ස්ථිති විද්‍යුතය පිළිබදව කූලම්ගේ න්‍යායන් හා මහද්වීප චංක්‍රමණ න්‍යාය යනාදිය වනාහී විද්‍යාවේ එන නානාප්‍රකාර න්‍යායන් අතුරින් කිහිපයකි. එසේවුවද, “සියලුම විද්‍යාත්මක න්‍යායන් නිරීක්ෂණයන් හරහා ව්‍යුත්පන්න කර ගත් ඒවාය” කියා න්‍යායක් විද්‍යාව තුළ නැත.

විද්‍යාවේ ඇති සියලු න්‍යායන් නිරීක්ෂණයන් හරහා ව්‍යුත්පන්න කර ගත යුතු වීමට පුලුවන. එය එසේ නොවීමටත් පුලුවන. යම් කිසි විද්‍යාත්මක න්‍යායක් ව්‍යුත්පන්න කරගැනීමේ දී මුල්තැන දිය යුත්තේ නිරීක්ෂණයන්ටද නැතහොත් විචාරයටද යන ගැටලුව දාර්ශනික ගැටලුවකි. එම ගැටලුව ගැනෙන්නේ විද්‍යාවේ දර්ශනය (philosophy of science) යන විෂය පථය යටතට ය. විද්‍යාවේ දර්ශනය යන විෂය පථයෙන් මූලික වශයෙන්ම කරනුයේ විද්‍යාව පිළිබද හැදෑරීමකි.

වර්තමානයේ බොහෝ විද්‍යාඥයින් විසින් කරනුයේ විද්‍යාව යන විෂය පථය පමණක් හැදෑරීම ය. විද්‍යාවේ දර්ශනය යන විෂය පථයට විද්‍යාඥයින්ගේ අවධානය යොමුවන්නේ අඩුවෙනි. වර්තමානයේ විද්‍යාවේ දර්ශනය හදාරන බොහෝ දෙනා දාර්ශනිකයෝ ය. විද්‍යාව හැදෑරීම හා සමගාමීව විද්‍යාවේ දර්ශනය ද ගැඹුරින් හදාරන්නේ සුළු පිරිසකි. තත්ත්වය මෙසේ වීමට ප්‍රධානතම හේතුව වීමට ඉඩ ඇත්තේ විද්‍යා අංශයේ රැකියාවන් සදහා විද්‍යාව පිළිබද “ගැඹුරු ප්‍රශ්න” හැදෑරීම ඒ හැටි අදාල නොවීමයි. උදාහරණයක් ලෙස, උසස් පෙල ගණිතය හා භෞතික විද්‍යාව හදාරා පැමිණි ඉංජිනේරුවෙකුට පාලම් සෑදීම පිණිස ප්‍රධාන වශයෙන් දැනගත යුතු වනුයේ බලය පිළිබදව වන නිව්ටෝනියානු න්‍යායන් ය. නිව්ටෝනියානු න්‍යායන්ගෙන් කරනුයේ නිරපේක්ෂ යථාර්තය විස්තර කිරීමද වැනි ගැඹුරු දාර්ශනික ගැටලු විමසීම පාලම් සෑදීම සදහා අවශ්‍ය නො වේ.

විද්‍යාව යනු තනි පුද්ගලයකු විසින් ව්‍යුත්පන්න කරන ලද න්‍යායන් සමූහයක් නො වේ. විද්‍යාවේ එන නානාප්‍රකාර න්‍යායන් පිටිපස නානාප්‍රකාර පුද්ගලයන් සිටී. මෙම සියලු දෙනා එකම දාර්ශනික පදනමක සිටි පුද්ගලයන් නො වේ. ඒ ඒ විද්‍යාඥයින් පිළිගත් දාර්ශනික ස්ථාවරයන් එකිනෙකට වෙනස් ය. ඇතැම් විද්‍යාඥයින් විද්‍යාවේ දර්ශනය හා ඥාන විභාගය යන විෂයන්ගේ එන දාර්ශනික ගැටලු වලට අවධානය කොහෙත්ම යොමු කළේ නැත. උදාහරණයක් ලෙස, මහද්වීප චංක්‍රමණ න්‍යාය ඉදිරිපත් කළ Alfred Wegener දැක්විය හැකිය. Alfred Wegener සිය කාලය වැඩිපුර වැය කලේ ග්‍රීන්ලන්තය ගවේෂණය කිරීමට විනා විද්‍යාව හා බැදුණු දාර්ශනික ගැටලු විසදීමට නො වේ. ඇල්බට් අයින්ස්ටයින් හා චාල්ස් ඩාවින් Alfred Wegenerට වඩා වෙනස් ය. ඔවුන් විද්‍යාවේ සදහන් කරුණු වල දාර්ශනික පැතිකඩ දෙස විමසිලිමත් වූ පුද්ගලයන් ය.

විද්‍යාඥයින් අතර අනුභූතිකවාදීන් මෙන්ම හේතුවාදීන් ද විය.අනුභූතිකවාදී විද්‍යාඥයෝ නිරීක්ෂණ වලට මුල්තැන දුන්හ. මේ අතර හේතුවාදීන් විද්‍යාඥයින් දැනුම ලැබීමෙහිලා විචාරයේ භූමිකාව වඩා වැදගත් සේ සළකන ලදී. දැනට විද්‍යාවේ ඇති න්‍යායන් අතර ඇතැම් ඒවා නිරීක්ෂණ මත, එනම් ඉන්ද්‍රිය ගෝචර සංජානන මත, පදනම් වූ ඒවාය. නමුත්, විචාරය මත පදනම් වූ න්‍යායන් ද විද්‍යාවේ ඇත.

එමෙන්ම, විද්‍යාව මගින් නිරපේක්ෂ යථාර්ථය පැහැදිලි කරනවා යන ස්ථාවරය දරන විද්‍යාඥයෝ සිටිති. එම ස්ථාවරයට එදිරි, එනම් විද්‍යාව නිරපේක්ෂ යථාර්ථය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැතැයි සිතන, විද්‍යාඥයෝ ද සිටිති. නිරපේක්ෂ යථාර්ථය පිළිබද මෙකී දාර්ශනික ගැටලුව කෙරෙහි අවධානය යොමු නොකරන විද්‍යාඥයෝ ද සිටිති. විද්‍යාත්මක න්‍යායන් ව්‍යුත්පන්න කරගැනීමෙහිලා මේ තුන් පාර්ශවයම දායකත්වය දක්වා ඇත. එබැවින්, විද්‍යාව යනු නිරපේක්ෂ යථාර්ථයක් ඇත යන මතයවත් නිරපේක්ෂ යථාර්ථයක් නැත යන මතයවත් “නිල වශයෙන්” පිළිගන්නා දෙයක් නො වේ. කොටින්ම කිවතොත්, විද්‍යාවට නිරපේක්ෂ යථාර්ථයක් තිබුණත් එකය, නැතත් එකය.

උදාහරණයක් ලෙස, ගුරුත්ව කේන්ද්‍රය යන සංකල්පය ගන්න. ගුරුත්ව කේන්ද්‍රය යනු නිරපේක්ෂ වශයෙන් පවතින ඉන්ද්‍රිය ගෝචර දෙයක්ද නැතහොත් මනසින් පනවා ගත යුතු ඉන්ද්‍රිය ගෝචර නොවන පඤ්ඤප්තියක්ද යනුවෙන් අපට ඇසිය හැක. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස විවිධ දාර්ශනික මත ඉදිරිපත් කළ හැක. නමුත්, විද්‍යාවේ සාර්ථකත්වය වනාහී මෙකී දාර්ශනික ප්‍රශ්නයට අප දෙන පිළිතුර මත යැපෙන්නක් නො වේ. විද්‍යාවට ගුරුත්ව කේන්ද්‍රය ඉන්ද්‍රිය ගෝචර වුනත් එකය, නැතත් එකය. ගුරුත්ව කේන්ද්‍රය ඉන්ද්‍රිය ගෝචර නොවුනයි කියා එම සංකල්පය මත පදනම්ව හදන පාලම් කඩා වැටෙන්නේ නැත.

විද්‍යාවෙන් මූලික වශයෙන්ම කරනුයේ අප එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට අවශ්‍ය වැඩ ගැනීම ය. විද්‍යාවේ එන ගණිතමය ආකෘති මගින් ඒ සදහා අවශ්‍ය සන්නිකර්ෂණ කරනු ලැබේ. එම සන්නිකර්ෂණ මගින් නිරපේක්ෂ යථාර්ථය පිළිඹිබු කරන්නේද නැද්ද යන්න වෙනම කතාවකි. නමුත්, වැදගත් කරුණ වන්නේ විද්‍යාවෙන් කරන සන්නිකර්ෂණ මගින් නිරපේක්ෂ යථාර්ථය පිළිඹිබු වුනත් නොවුනත් එකී සන්නිකර්ෂණ ප්‍රයෝජනවත් ඒවා බව තේරුම් ගැනීමය.

ඉංජිනේරුවන් ගුරුත්ව කේන්ද්‍රය ඉන්ද්‍රිය ගෝචරදැයි සෙවීමට යන්නේ නැත. එය සෙවීමෙහි අවශ්‍යතාවයක්ද ඉංජිනේරුවන්ට නැත. මන්දයත්, යම් හෙයකින් ගුරුත්ව කේන්ද්‍රය යනු හුදු පඤ්ඤප්තියක් පමණක් වූවත් පාලම්, ගොඩනැගිලි කඩා නොවැටෙන බැවිනි.

නිරපේක්ෂ යථාර්ථයක් ඇත්ද යන ගැටලුව දාර්ශනික ගැටලුවකි. එය විද්‍යාත්මක ගැටලුවක් නො වේ. එබැවින්, එම ගැටලුව විද්‍යාවට අදාල නැත. අපට එම ගැටලුව දාර්ශනික සංවාදයකට බදුන් කළ හැකිය. නමුත්, එය වෙනම කතාවකි.

Advertisements
This entry was posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

17 Responses to විද්‍යාව පිළිබද විමසුමක්

  1. Mayya says:

    හාඩ් සයන්ස් කියලා අපි අදුන්වන රසායන විද්‍යාව , භෞතික විද්‍යාව වගේ දේවල් වල මූලීක උපකල්පනය හේතුඵල නියාමයයි. සරලව ගත්තොත් කිසියම් සිද්ධියක් හේතූවක් නිසා හට ගන්නා බවත්, හේතුව නියාමාකාරයෙන් තේරුම් ගැනීමෙන් ඵලය නැතිනම් සිදූවීම පූර්වකථනය කල හැකි බව විද්‍යාවේ මූලික පදනමයි. මෙම හේතූව හා සිදූවීම, ‘කොන්ටිෆයි’ කිරීමේදී , විද්‍යාව ඒ සම්භන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා….ඒ නිසාම ගණිතය සියළු විද්‍යාවන්හි ‍රැජින ලෙස සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනු ලබනවා.

    මට තේරූම් යන ආකායට, හේතුඵල නියාමය මුල් කර ගෙන ගොඩ නගා ඇති බුද්ධ දර්ශනයටද හේතූ ඵල නියාමය ගැන ඇත්තේ මේ හා ගොඩක් දුරට එකඟ වන කියැවීමක්..නමුත් බුද්ධ දර්ශනය කොන්ටිෆයි කිරීම නැමැති කාරනයේදී විද්‍යාව තරම් ඒ හා සම්භන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.ඊට ප්‍රධානම හේතුව බුද්ධ දර්ශනය තම ප්‍රමුඛතාවය දෙන්නේ ‘විඥාණය’ අධ්‍යනය කිරීමකට වීමයි. බුදුදහම ඉතා සාර්ථකව විඥාණය හේතුඵ්ල නියාමය මත පිහිටා විස්තර කරනවා. විඥාණය , ඉන්ද්‍රිය ගෝචර නොවන නිසා එය විද්‍යාවේ අර්ථ දකවන කොන්ටිෆයි කිරීමකට යොමු කිරීමකට ඉතා අපහසුයි. එසේ උවත් හාඩ් සයන්ස් වලදී අධ්‍යනය කරන්නේ තර්ක් ගෝචර හෝ ඉන්ද්‍රිය ගොචර විඥාණයෙන් බැහැර සිදුවීමක් නිසා එය පහසුවෙන් ගණිතමය ආකෘතියකට ඇතුලි කල හැකියි.

    මොනා උනත් ඉන්ද්‍රෛය ගෝචර නොවන ක්වොන්ටම් මටමේදී හා ආලෝක වේගවලදී සමාන්‍ය ඉන්ද්‍රය ගෝචර ලෝකය සම්භන්දයෙන් ගොඩ නැගූ නීතී ඒ ආකාරයෙන්ම විඥාණයත් භාහිර ලෝක්යත් අතර ඇති සම්භන්ධතාවය පිලිබද එගඟාතාවයකට නො එලඹ පැහැදිලි කිරීමේ ඇති ගැටළුව හාඩ් සයන්ස් වලට තාම තියෙනවා…

    මේ ගැටළුවෙන් මිදෙන්න ඇතැම් අය කියන්නේ ඒක විද්‍යාත්මක් ගැටලුවක් නොව දාර්ශනික ගැටලුවක් කියන සරල තර්කයක්.

    ඒත් ඒ ගොල්ලො අමතක කරන මූලිකම කාරනය වෙන්නේත් විද්‍යාවේ පදනම උන හේතුඵල නියාමයත් ඒ වගේම පාරභෞතික, එසේ නැතිනම් , දාර්ශනික ගැටලුවක් කියන එකයි. කොටින්ම ඒ ගොල්ලෝ කියනේ විද්‍යාවේ අත්තිවාරම දිහා කරදර වෙන්න එපා. හදලා තියෙන බිල්ඩිමෙන් වැඩක් ගන්න බලන්න කියලා..ඒත් ඒගෝල්ලන්ට මට කියන්න තියෙන්නේ බිල්ඩිමට තට්‍ටුවෙන් තට්‍ටුව එකතු වෙන කොට ඒක දරා ගෙන ඉන්න අත්තිවාරම ගැන හොයලා බලන එක හොදයි කියලා තමයි.නැත්තං අහස අල්ලන්න කලින්ම වැඩේ දෙල් වෙන්න පුලුවන් නිසා…

    මට මතක විදිහට , විද්‍යාවේ දර්ශනය ගැන කථා කරන වැඩ කාරයා වන කාල ප්‍රොපර් කියලා තියෙන විදිහට හේතූ ඵල නියාමය බොරුවක් බව සාදනය කල නෝහැකියි.ඒක නිසා එයා කියනවා එයා ඒක පිලිගන්නේත් නෑළු..පිලි නොගන්නේත් නෑළු කියලා ( අමරා වික්ඛේපවාදය). විද්‍යාවයි , විඥාණය වෙන කරන්න හදන අයට මේක අල්ලලා ගියත් මට නම් කියන්න තියෙන්නේ එහෙම නිකං ඉරක් ගහලා මේක වෙන කරන්න හදනවට වඩා විද්‍යාවේ ඊලග පරිණාමයණය සිදුවෙන්න විඥාණයෙයි, විද්‍යාවෙයි එකතු වීම හොද තිඹිරිගෙයක් කියලා තමයි….

    Like

    • Dimithri says:

      Mayya, ඔබ අනුව යමින් යම් ආත්මවාදියෙක් (ඔහුගේ නම ‘බයියා’ යයි සිතමු! 😉 ) මෙහෙම කියන්න ඉඩ තියෙනවා….

      //මොනා උනත් ඉන්ද්‍රෛය ගෝචර නොවන ක්වොන්ටම් මටමේදී හා ආලෝක වේගවලදී සමාන්‍ය ඉන්ද්‍රය ගෝචර ලෝකය සම්භන්දයෙන් ගොඩ නැගූ නීතී ඒ ආකාරයෙන්ම “ආත්මයත්” භාහිර ලෝක්යත් අතර ඇති සම්භන්ධතාවය පිලිබද එගඟාතාවයකට නො එලඹ පැහැදිලි කිරීමේ ඇති ගැටළුව හාඩ් සයන්ස් වලට තාම තියෙනවා…//

      //විද්‍යාවයි , “ආත්මයයි” වෙන කරන්න හදන අයට මේක අල්ලලා ගියත් මට නම් කියන්න තියෙන්නේ එහෙම නිකං ඉරක් ගහලා මේක වෙන කරන්න හදනවට වඩා විද්‍යාවේ ඊලග පරිණාමයණය සිදුවෙන්න “ආත්මයෙයි”, විද්‍යාවෙයි එකතු වීම හොද තිඹිරිගෙයක් කියලා තමයි….//

      හොඳයි.. මම කියන්න හැදුවේ අප නොදන්නා විඥානය හෝ ආත්මය, විද්‍යාව සමග සම්බන්ධය හදන්න ඕනෑ මයියලා හෝ බයියලා යන්නයි. හැකිනම් හදලා පෙන්නන්නකෝ…

      මම මෙහෙම කියන්නේ රසවත් මතකයක් ඇතුව. මට මතක හැටියට ඒ වසර 2002 හෝ 2003 වියයුතුයි. ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලය; අවස්ථාව: මොරටුව වි.වි.යේ එවකට තිබූ කුප්‍රකට සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කල මහාචාර්ය නලින්ද සිල්වාගේ දේශනය…

      එහිදී මහාචාර්යවරයා සුපුරුදු බටහිර යුදෙවු දේශනාවෙන් පස්සෙ පුන පුනා අවධාරනය කලේ බටහිර විද්‍යාවට තවත් ඉදිරියට දියුනුවිය නොහැකි බවයි. උදා ලෙස බටහිර විද්‍යාවේ ස්පින්ට්‍රොනික්ස් නම් අංශය දියුනුවීම නැවතී ඇති බවත්, එය දියුනු කල හැක්කේ බෞද්ධ දර්ශනය යොදාගෙන පමනක් බවත් එය කරන අන්දම තමා දන්නා බවත්ය! මේ ප්‍රකාශයෙන් පසු මේ වන විට වසර 10ක් ගතවී ඇත; තවමත් එය ප්‍රකාශයක් පමනය… එවන් ප්‍රකාශ අප පිලිගත යුතුද, කොතරම් බැරෑරුම්ව ගතයුතුද යන්න ප්‍රකාශ කරන්නාගේ වගකීමකි. මුලින්ම, ප්‍රකාශ කරන්නා තම ප්‍රකාශය බැරෑරුම්ව ගත යුතුය.!!

      Like

  2. shirantha chamara says:

    if the writer of this is honest then he will accept all these recent articles are just against mr. nalin de silva. he might be thinking this is the service he is doing to human kind. why didnt you reply to the comment in my previous reply ? if someone is not ready to stand for what he express and run out and comes back with another set of mere sentences then we cannot expect anything from such personalities. i would not waste time to express any arguments but to say the least the things are very subtle than you think. the concept of force in civil engineering is a mere mathematical (not a physical) summarizing technique for fast and easy calculation. you can do them even without the concept of force just by assuming some differential equations. the concept of force does not give any scientific NEW knowledge in civil engineering. new knowledge in civil engineering are not due to f=ma but due to hard working experimenters in various areas and induction. in other areas f=ma is just an arbitrarily chosen guidance for theory making business . not an experimental law. not to mean that theoretical and experimental knowledge is independent. but the dependence is not what usually many people think. on approximation nature- you can only say a theory is an approximation than another theory (to an existing theoretical reality – you cannot hide it though you try it. otherwise your words loses its meaning. respect for people like einstein who didnt hide behind words.). if you say it , it just means mankind is very near to the end of having done all possible experiments. no one do not know what is the accepted theory going to be in 100 years and it might be more similar to newtons theory than einsteins at more experimental results. your conception is something prevailing among people always at any stage of history but giving political weight to this misconception just throw out different thinkers irrespective of east/ west.

    Like

    • shirantha chamara says:

      a huge mistake in my reply ‘ ihave said there

      ////you can only say a theory is an approximation than another theory/////

      this should be ”you cannot say a theory is an approximation than another theory”

      Like

  3. පාලම් හදනේ මොකටද?

    Like

    • මේ ලියන කෙනා පාලම්,බිල්ඩින් හදන හැටි ගැන කියල දුන්න නම් වටිනවා.ඒක මේ බ්ලොග් එකේ අරමුණ වඩාත් හොඳින් ඉෂ්ට කරාවි.

      Like

  4. Beetle says:

    //විද්‍යාවේ ඇති සියලු න්‍යායන් නිරීක්ෂණයන් හරහා ව්‍යුත්පන්න කර ගත යුතු වීමට පුලුවන. එය එසේ නොවීමටත් පුලුවන.//

    විචාරයෙන් ව්‍යුත්පන්න කරගත් න්‍යායකට උදාහරණයක් දෙන්න පුළුවන්ද…?

    Like

    • From Wikipedia http://en.wikipedia.org/wiki/Black_hole#General_relativity

      /*In 1931, Subrahmanyan Chandrasekhar calculated, using special relativity, that a non-rotating body of electron-degenerate matter above a certain limiting mass (now called the Chandrasekhar limit at 1.4 solar masses) has no stable solutions.His arguments were opposed by many of his contemporaries like Eddington and Lev Landau, who argued that some yet unknown mechanism would stop the collapse.They were partly correct: a white dwarf slightly more massive than the Chandrasekhar limit will collapse into a neutron star,[14] which is itself stable because of the Pauli exclusion principle. But in 1939, Robert Oppenheimer and others predicted that neutron stars above approximately three solar masses (the Tolman–Oppenheimer–Volkoff limit) would collapse into black holes for the reasons presented by Chandrasekhar, and concluded that no law of physics was likely to intervene and stop at least some stars from collapsing to black holes.*/

      සුබ්‍රමනියම් චන්ද්‍රසේකර් විසින් 1931දී පමන සම්පූර්නයෙන්ම සෛද්ධාන්තිකව ගණිතමය සමීකරන භාවිතයෙන් පමනක් ප්‍රකාශ කලා ප්‍රමාණවත් තරම් විශාල තරුවක් එහි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා අවසානයේ “කලු කුහරයක්” බවට පත්විය යුතු බව. මෙය එකල තිබුන කිසිම නිරීක්ෂනයක් සමග පෑහුනෙ නැතුවා පමනක් නොවේ, අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා මූලදර්මයේ ඇති “හිලක්” ලෙසද මෙය පෙනුනා. එනම් මෙවැනි කලු කුහරයක event horizon යන සීමාවෙන් ඔබ්බට විශ්වය පිලිබඳ අයින්ස්ටයින් නියාම තවදුරටත් වලංගු වන්නෙ නෑ. ගණිතමය වශයෙන් මෙය singularity නමින් හඳුන්වනවා.

      කෙසේ වෙතත් පසුකාලින නිරීක්ෂන මගින් කලු කුහර ඇත්තෙන්ම විශ්වයේ පවතින දෙයක් බව තහවුරුවීම, මේ පසුගිය සියවස තුල සෛධාන්තික විශ්වවේදය ලැබු විශාවල ජයග්‍රහනක් ලෙස සලකනවා.

      දැන් මේ “ඇත්තෙම විශ්වයේ කලු කුහර පවතින බව” යන වාක්‍යය, දරුනු ප්‍රහාරයකට ලක්විය හැකි නිසා. එය තව තුරටත් පැහැදිලි කල යුතුයි. “කලු කුහර” යන දෙය, ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන ආදී දේවල් සේම, අතට ගෙන අත පතගා හඳුනාගත හැකි හෝ “දැක ගත හැකි” දෙයක් නොවේ. එම සංකල්ප “පවතිනවා” කියන්නෙ, එවැනි දෙයක් “පවතින” බව ගෙන, එවැන්නක් පවතී නම් අපට නිරීක්ෂනය කල හැකි අනෙකුත් දේ කෙසේ හැසිරේද යන්න යන ප්‍රශ්නය නැගූ විට ලැබෙන පිලිතුරු අනුවය.

      කලු කුහර ආසන්නයේදී ආලෝකය ඇතුලු වෙනත් විකිරනයන්, අනෙකුත් ස්කන්ධයන් ඇති වස්තූන් හැසිරෙන ආකාරය “මේ යැයි” කියැවෙන අනාවැකි සමග සැබෑ නිරික්ෂනයන් පෑහිම නිසා “කලු කුහර” යනු “පවතින” දෙයක් සේ පිලිගනිමු.

      ඇත්තටම කිව්වොත් “හඳ” යන සංකල්පයද “කලු කුහර” යන සංකල්පයට වඩා වෙනසක් නැත. පියවි ඇසින් බැලූ විට අහසේ ඇති දීප්තිමත් ආලෝක පුංජයක් වන හඳ, ඇත්තමට පවතින ගෝලාකාර ආකාශ වස්තුවකි යන මතය 1969 දී මිනිසුන් හඳ මත ගොඩ බැසීමට ප්‍රථමයෙන් තිබුනේ (හෝ තිබිය යුතුව තිබුනේ) “කලු කුහර” යන සංකල්පයට වඩා වෙනස් ලෙස නොවේ. හිරුගේ ආලෝකය එහි මතුපිටිනි පරාවර්තනයවී අහසේ අමුතු එලියක් ඇති කිරීම හැරුනු කොට “හඳ” යන්න අපිට අතටගෙන අතපතගා නිරීක්ෂනය කල හැක්කක් නොවේ.

      කිසිම සැකයයින් තොරව “පවතිනවා” යැයි අපි කියන “පුටුව” යන්නද මේ අර්ථයෙන් ගත් කල “පවතින” දෙයක් නොවේ. කලු කුහර “පවතිනවා” යැයි කියනෙ පුටුව “පවතින” අර්ථයෙන්මය.

      Like

      • shirantha chamara says:

        විචාරය අලුත් දැනුම් වලට මගපාදන බවට සැකයක් නැහැ. එහෙත් එක වෙන්නේ ගොඩක් ය හිතන විදිහට නෙමෙයි. කොහොම උනත් විචාරයෙන් ලබාගත්තු දත්ත අන්තිමට ඉන්ද්‍රිය ගෝචර දේවල් වලින් තමයි පරීක්ෂා කෙරෙන්න වෙන්නේ. මේක අපි හැමෝම පිලිගන්නවා. (මේ ලිපියට පදනම් වෙච්ච නලින් ද සිල්වා මහතාගේ ලිපියෙන් කියවෙන්නේ එයයි. ) ඒවයෙත් සාපේක්ෂතා තියෙනවා. කොහොම උනත් ඔය කළු කුහර කතාව ඉන්ද්‍රිය ගෝචර නිරීක්ෂණයක් නෙමෙයි. එකෙන් කියවෙන්නේ ඒවා පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. පවතිනවා කියල සම්මුතියක් හදාගන්න පුළුවන්. ඔය සිද්දිය කළු කුහරයක් කියල අර්ථකථනය කරන්න පුළුවන් . එච්චරයි. (මේක පැහැදිලිව තේරුම් ගන්න. එතන කළු කුහරයක් තියෙනවා කියල උපකල්පනය කරලා මේක පැහැදිලි කරන්න පුළුවන්. එච්චරයි. එතකොට එක පරීක්ෂණාත්මක හෝ නිරීක්ෂනාත්මකව කළු කුහරවල පැවැත්ම ඔප්පු කිරීමක් නෙමෙයි. . කළු කුහරය කියන්නේ ප්‍රවාදයක් මිසක් නිරීක්ෂණයක් නෙමෙයි. චන්ද්‍රසේකර ප්‍රවාදය falsifiable -testable එකක් නෙමෙයි. එක තමයි මේ කලේ ලොකුම ප්‍රශ්නේ. මිනිස්සු හිතන්නේ මේවා පරීක්ෂණාත්මක ඔප්පු කිරීම් කියල. එහෙම නැහැ. අද තියෙන theory දුර්වලයි.. ප්‍රබල theory කියන්නේ සෑහෙන testable දේවල් ඉදිරිපත් කරන theory . ඒවායින් ඇත්තටම අලුත් දැනුම ගොඩනැගෙන්නේ. testable දේවල් ඉදිරිපත් නොකෙරෙන theory එක්ක අපි ඔට්ටු වෙලා ගොඩක් දුර යන්න පුළුවන් අපි දන්නේ නැහැ අපි හරිද වැරදිද කියල. මේ ග්ලාශෝව් ගේ විලාපය . http://www.pbs.org/wgbh/nova/elegant/view-glashow.html ) එහෙත් ග්ලාශෝව්ලත් යම් මට්ටමකට මේකට වගකිව යුතුයි.

        අර පුටුව තියෙනවා වගේ විශ්වසනීයත්වයක් කළු කුහර වල එතන නැහැ. අපි මොන ප්රවදේ හැදුවත් පුටුව තියෙනවා කියන එක නොපිළිගෙන හදන්න බහ. කළු කුහරය කියන්නේ හරියට ගුරුත්ව ක්ෂේශ්ත්රය වගේ දෙයක්. ප්‍රවාදයක්. එක ඊළඟ විද්‍යා ප්‍රවාදය විසින් බොරුවක් බවට පත් කෙරෙන්න ඕනේ. (දැන් මම මේකෙන් කියන්නේ පුටුවයි කළු කුහරෙයි විශ්වසනීයත්වය තල දෙකක තියෙන්නේ කියලයි. කළු කුහරය උපකරනීය සංකල්පයක් හැටියට ගන්නවා නම් එක වෙනම කතාවක්. ඇත්තටම විද්යාන්යයෝ එහෙමද හිතන්නේ? එතන තමයි කුහකකම තියෙන්නේ. ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් උපකරණයක් නෙමෙයි පවතින දෙයක් හැටියට ගන්නවා. එහෙනම් අනිත් අයගේ ඉන්ද්‍රිය වලට ගෝචර වන අපට ගෝචර නොවන දේවල් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? )

        https://www.facebook.com/notes/shirantha-chamara/stop-the-theory-vandanaava-for-a-free-mind-part-1-link-between-theories-and-tech/10200480031992325?comment_id=60010161

        Like

      • shirantha chamara says:

        ///////ඇත්තටම කිව්වොත් “හඳ” යන සංකල්පයද “කලු කුහර” යන සංකල්පයට වඩා වෙනසක් නැත. පියවි ඇසින් බැලූ විට අහසේ ඇති දීප්තිමත් ආලෝක පුංජයක් වන හඳ, ඇත්තමට පවතින ගෝලාකාර ආකාශ වස්තුවකි යන මතය 1969 දී මිනිසුන් හඳ මත ගොඩ බැසීමට ප්‍රථමයෙන් තිබුනේ (හෝ තිබිය යුතුව තිබුනේ) “කලු කුහර” යන සංකල්පයට වඩා වෙනස් ලෙස නොවේ. හිරුගේ ආලෝකය එහි මතුපිටිනි පරාවර්තනයවී අහසේ අමුතු එලියක් ඇති කිරීම හැරුනු කොට “හඳ” යන්න අපිට අතටගෙන අතපතගා නිරීක්ෂනය කල හැක්කක් නොවේ.///////////

        මේක සම්පූර්ණයෙන් වරදිය්. හඳ ඉන්ද්‍රිය ගොචරයි. අතපත ගාන්න බැරි උනාට. එක පෙනෙන දෙයක්. එක ගොලාකාරද නැද්ද කියන එක නොදනගත්තත්. ඔය ප්‍රශ්නේ හැම ඉන්ද්‍රිය ගෝචර වස්තුවටම පොදුයි. මොකද සර්වසම්පූර්ණ දැනුම නැහැනේ. කළු කුහරේ එහෙම නෙමෙයි. සම්පූර්ණයෙන් වියුකතයි. අනිත් එක බලන්න ඉරෙන් එන ආලෝකය පරාවර්තනය වෙලා හඳ පේනවා කියන එක ප්‍රවාදයක්. එක නම් කවදාහරි බොරු වෙන්න පුළුවන්. ඔයා එක කණපිට ගහලනේ. මෙතන අන්තිම ටෙස්ටබ්ලේ දේ තමයි අපට පෙනෙන රූපය. (සහ නීල් අම්ස්ට්‍රොන්ගලා ගත්තු අත්දැකීම) ඒවා තමයි ප්‍රාථමික. ඇත්තටම හඳ ගෝලයක් කියන එකත් යම් මට්ටමක ප්‍රවාදයක්. ආලෝකය කියන්නේ ප්‍රවාදයක්.

        Like

        • මට හැම වචනයක් ගානේම ඩිස්ක්ලේමෙර් දාන්න බැහැ. නමුත් ඔබ කියන එක හරි, ඉරේ එලිය හඳෙන් පරාවර්තනය වෙලා පේනවා කියන එක ප්‍රවාදයක් තමයි.

          දැන මට කාලයක් තිස්සෙ අහන්න ඔනේ වෙලා තිබුන ප්‍රශ්නයක් අහන්න වෙලාව හරි වගේ.

          ඉන්ද්‍රිය ගෝචර නොවන හා ඉන්ද්‍රිය ගෝචර වන දේවක් ඉරක් ගහල වෙන් කරන්න පුලුවන්ද? ප්‍රවාදයක් කියන්නෙ හරියටම මොන වගේ දෙයක්ද? ප්‍රවාද නොවන සංකල්පත් තියෙනවාද? සංයුක්ත සංකල්ප හා වියුක්ත සංකල්ප කියන ඒවාත් එහෙම ඉරක් ගහල වෙන් කරන්න පුලුවන්ද?

          පුටුව, ගස, අහස, හුලඟ, දන්ත ධාතුව, කලු කුහරය, නාථ දෙයියා, ඉලෙක්ට්‍රෝනය, උනුසුම, සීතල, ගුරුත්වාකර්ශනය, ඇස්වහ-කටවහ, කිල්ල, වෛරසය යන ලැයිස්තුව ඔය කියන ගොඩවල් වලට වෙන් කරල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

          තව එකක් පුරුෂ ලිංගයක් ස්ත්‍රී ලිංගයක් තුලට ඇතුලු කරල ඒ තුල ශුක්‍රානු පහ කලොත්, ස්ත්‍රිය ගැබ් ගන්න පුලුවන් කියන එකත් ප්‍රවාදයක් නේද?, ඒ වගේම තඩි පොල්ලක් අරන් කාගෙ හරි ඔලුවට පතබෑවොත්, සමහරවිට ඌ මැරෙන්න පුලුවන් කියන එකත් ප්‍රවාදයක් නේද? උඩ පැන්නොත් බිම වැටේ කියන එකත් ප්‍රවාදයක් නේද?

          මේ සමහර ප්‍රශ්න වලට හාස්‍යයක් එක් කරල තියෙන්නෙ මේ සංවාදය කම්මැලි නොවෙන්න මිසක් මේ කතාව විහිලුවකට ගන්න නොවේ. මේවා මට ඇත්තටම තියෙන ප්‍රශ්න.

          Like

          • දීර්ඝ පිලිතුරට ස්තූතියි. හැබැයි කොච්චර දීර්ඝ උනත් සමහර මූලික කරුනු කීපයක් ගැන අවුල් කීපයක් තිබෙනවා. උදාහරණයක් විදිහත අපි එදා ඉඳන් ම කතා කරනවා “පංචේන්ද්‍රිය” කියල එකක් ගැන. අපිට තියෙන්නෙ ඉඳුරන් පහයි, කියන එක ගැන. ඒ හින්ද “ඉන්ද්‍රියගෝචර” කියන්නෙ මේ සංජායනා පහට අහුවෙන දේවල් කියල අපි කියනවා. මේ කතාවත් අර හැම දේම වගේ සංස්කෘතිය තුලින් ආපු කතාවක්.

            මිනිසාට සංවේදයනයන් දැනෙන ඉන්ද්‍රිය පහකට වඩා බර ගානක් තියෙනවා. උදාහරණයක් ගන්න, ඔයාට පුලුවන් ඇස් දෙක බැඳල තියෙද්දි වැටෙන්නෙ නැතුව සමතලාබිමක තනි කකුලෙන් රවුමට උඩ පනින්න. හැබැයි ඇල්කොහොල් ඩෝස් එකක් දීලා, ගානට වැදිල තියෙද්දි ඇස් දෙක බැඳලා තනි කකුලෙන් රවුමට උඩ පනින්න කිව්වොත් කරන්න බෑ වැටෙනවා. එහෙම නැත්ත්නම්, ශල්‍ය කර්මයකින් කර්ණ ශංකය අයින් කල කෙනෙක්ටත් මේ වැඩේම වෙනවා. දැන් මොකක්ද කලින් තිබුන පස්සෙ නැතිවුන සංවේදනාව? …..

            http://www.todayifoundout.com/index.php/2010/07/humans-have-a-lot-more-than-five-senses/

            කොහොම උනත් ඉන්ද්‍රිය පහක් තිබුනත්, පනස් පහක් තිබුනත් ඔබේ තර්කය අවලංගු වෙන්නෙ නෑ. ප්‍රශ්නය තියෙන්නෙ එතැන නොවේ. ඔය ඔබ කරන කුලක වලට බෙදීම ඔය කියන තරම් කලු සුදු නැහැ. තර්කය සඳහා ඔබ ග්‍රේ-ස්කේල් එක අමතක කරනවා. (ඔබ දීල තියෙන ලින්ක් ටික කියවලා, ඒ ගැන පස්සෙ දිගට ලියන්නම්.) දැනට ඔබම කල්පනා කරල බලන්න ලෝකය ඔය විදිහට සීම මායිම් ඇති කුලක වලට බෙදීම ඔබේම නිර්මාණාත්මක සාපේක්ෂතාවයට අනුවම කොතරම් වලංගු වැඩක්ද කියල.

            Like

        • shirantha chamara says:

          රිටිගල මම හැම වචනේටම disclaimer දාන්න කිවේ නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. ඔයාට ඕනේ නම් මගේ ප්‍රතිචාර වල එහෙම තැන ඕනේ තරම් හොයාගන්න පුළුවන්. මොකද යම් මට්ටමකට ආවට පස්සේ සන්නිවේදනය විශ්වාසදායක නිසයි එහෙම කරන්නේ . මට තියෙන ප්‍රශ්නේ ඔයා මොකෝ මේ බොරු වචන දාල හෑල්ලු කරන්නේ? මෙතන තිබ්බේ disclaimer ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා කළු කුහරේ ගැන දැන් අපි දන්නා දැනුම හඳ ගැන හඳට යන්න කලින් තිබ්බ දැනුමට අනුරූපණය කරනවා. අර පරාවර්තන කතාවෙන් ඔයා ඉඟි කරනවා අපි හඳ උනත් කෙලින් නෙමෙයි දකින්නේ කියන එක. ඒ නිසා කළු කුහරේ මොකෝ වගේ දෙයක්. එක සම්පූර්ණ කණපිට ගැහීමක්. ඔයාට ඔහොම නම් ඕක ඉගෙනගන්න පොඩි උන්ට කොහොම වෙන්න ඕනෙද? එක වැරදි බවයි මට කියන්න ඕනේ උනේ. එක මට වැදගත්ම ප්‍රශ්නයක්. එතනින් තමයි වෙනත් විද්‍යා පිලිබඳ අදහසම නැති වෙලා යන්නේ. (සමහර විට ඔයා අවින්යානික නිරපේක්ෂ යථාර්තයක් ගැන කියන්නෙත් මේ නිසා වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. ) ඔය පොඩි වචන වලින් සංවාදේ සවුත්තු වෙනවා. ඊට පස්සේ කම්මැලි නොවෙන්න මොනවා දැම්මත් වැඩක් නැහැ.
          අර ප්‍රශ්න වලට ඍජු උත්තර මට දෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන්නේ අර්ථදැක්වීම් නොවේයි කියල හිතනවා. ඒවා නැහැ. එත් උත්තර ඍජුයි .කියෙව්වම තේරෙන්නේ නැත්නම් කියන්න. එහෙත් වඩා හොදට තේරුම් ගන්න 2002-2013 දක්වා අපේ ප්‍රවාද ලිපි කියවන්න (අදාළ ලිපි තෝරාගන්න අමාරු වෙන එකක් නැහැ).

          මුලින්ම ප්‍රවාද / නියම කියන්නේ ටිකක් අමාරු මෙන්ම ඇතැම් විට සියුම් නොවන වෙන් කිරීම් . ඒවා කතාවේ පහසුවට කරන ඒවා එහෙත් බොහොම වැදගත් විශේෂයෙන්ම ඉන්ද්‍රිය ගෝචර සංජානන හා ප්‍රවාදාත්මක සංකල්ප අතර වෙනස . මම වෙන තැනක ලියපු කමෙන්ට ටිකක් තියෙනවා කියවන්න. සමහර ඒවා අදාළ නැති උනත් වැදගත් කියල හිතනවා.
          https://www.facebook.com/notes/shirantha-chamara/%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF/10200535509139219

          //////////ඉන්ද්‍රිය ගෝචර නොවන හා ඉන්ද්‍රිය ගෝචර වන දේවක් ඉරක් ගහල වෙන් කරන්න පුලුවන්ද? ///////////

          පුළුවන්. ඉන්ද්‍රිය ගෝචර දේවල් කියන්නේ ඇත්තටම පුටුව ඉර හඳ වගේ වචන වලින් කියවෙන දේවල් නෙමෙයි. අවසාන වශයෙන් ඉන්ද්‍රිය ගෝචර දේ කියන්නේ රුප ශබ්ද රස ආදිය . ඒ කියන්නේ සංජානන (ඒවත් මනසට සාපේක්ෂයි). අවසාන වශයෙන් ඕනෑම ප්‍රවාදයක් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ මේ රූප ශබ්ද ආදිය මගින්. ඉර හද පුටුව වගේ සංකල්ප (නමක් දුන්නත් නැතත්) අප අතින් අවිඥනිකවම නිර්මාණය වෙනවා. ඒවාට ප්‍රවාද යයි නොකියන්නේ ඒ නිර්මාණය අපැහැදිලි නිසයි. එක මනසින් අපේ මිනිස් මනසේ ජ යිවීය ගුණ නිසා ඉබේම කෙරෙන නිර්මාණයක්. වෙන්කර ගැනීමක්. සමහර විට ජීවිතේ පළමු මාස කිහිපයේදී මේ වැඩේට මනස පුහුණු වෙනවා ඇත්තේ. පොඩි උන් දිහා බැලුවම එහෙම හිතෙනවා. කතාවට අපි ඒවාට කියනවා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප කියල. ඒවායේ ගුණය තමයි එම සංකල්ප වලට කෙලින්ම අනුරූප වන සංජානන කිහිපයක් තිබීම. එසේ යම් යම් සංජානන යම් යම් සංකල්ප වලට අනුරූප යයි ගැනීම සම්මුති. අහේතුකව කරන්නේ . ප්‍රවාද මත පදනම් වෙලා නෙමෙයි. එක්කෝ මනසේ ජයිවිය ගුණ නිසා නැත්නම් සමාජ කරුණු නිසා තමයි. එහෙත් ඇතැම් විට ඒ සම්මුතිය පිටිපස්සේ ඇතැම් විට සවින්යානික හෝ අවින්යානික පොඩි සාධාරණීකරණ ටිකක් සහ ඇතැම් විට පොඩි ප්‍රවාද තියෙනවා . සම්මුතිය මොකක්ද කියල සාධාරණව අර්ථ දක්වන්න බැරි උනත් හැමෝම ගන්නවා ඉරේ රූපය අපට පෙනෙන එක. පුටුවේ රූපය අපට පෙනෙන එක කියල. නීල් ආම්ස්ට්‍රෝන් ගියේ හදට කියල ගන්නේ පොඩි අවින්යානික සාධාරනිකරණයකින් . (වස්තුවක් පෙනෙන රූපය දිහා එක එල්ලේ යාමෙන් වස්තුව ස්පර්ශ කල හැක කියන එකෙන් . සාධාරනීකරනය්ක් . මේ සමස්ත ක්‍රියාව පොඩි ප්‍රවාදයක් හැටියට ගන්න පුළුවන්. මේක නිකම් උද්ගමනයක් නම් නෙමෙයි. හිතල බලන්න. සංවාදයට විවෘතයි 🙂 ) පස්සේ තවත් සංජානන දිහා බලල හඳ ගෝලාකාරයි වගේ ප්‍රවාද / සාධාරණීකරණ හැදුවම ඒවා නිසා ඉර/හඳ ගැන අපට තියෙන සංකල්පේ වෙනස් වෙනවා. එහෙත් ඉර අපට පෙනෙන විදිහ අර ප්‍රවාදය නිසා වෙනස් වෙන්නේ නැහැ (කාලය සමග අපි ඉන්න තැන අනුව නෙමෙයි මම කියන්නේ ප්‍රවාදය නිසා වෙනස් වෙන්නේ නැහැ) . ප්‍රවාදය සංජානනයට බලපෑමක් නොකර සංජානන භාවිතයෙන් නිර්මාණය වූ සංකල්පය වෙනස් කරනවා. වැඩේ කියන්නේ පස්සේ අපට අමතක වෙනවා මේක . ඊට පස්සේ අර සංකල්පය ඒ විදිහට නැතුව වෙන විදිහකට නිර්මාණය කරගන්න පුළුවන් කියන එක නැති වෙනවා. විශේෂයෙන් ආලෝක ප්‍රවාදය ට මේක වලගුයි. මිනිස්සු මේක අමුතු අමුතු විදි වලට හිතල තියෙනවා.
          තවත් උදාහරණයක් තමයි අපට පෙනෙන රූපෙත් අන්වීක්ෂයෙන් බැලුවම පෙනෙන රූපෙත් (ප්‍රතිබිම්බයක් උනත් )දෙකම වස්තුවට අනුරූපයි කියල අපි ගන්නවා. නිකම් ගන්නේ . ප්‍රවදෙකින් නෙමෙයි. අහේතුකව. එහෙම නොගෙන අමාරුයි. ඊට පස්සේ ඒ රූප දෙකම පෙනෙන විදිහ ගැන අපි ආලෝකය එහෙම පාවිච්චි කරලා ප්‍රවාදයක් හදනවා. එක නම් හිතල මාතල හදන ප්‍රවාදයක්. සමහරු අන්තෙකට ගිහින් අන්වීක්ෂයෙන් පෙනෙන්නේ අපට පෙනෙන රූපෙට වඩා ඇත්ත රූපයක් වගේ කියනවා. එකේ තේරුම මොකක්ද? අන්න ඒ රූප දෙකේ නම් වෙනසක් නැහැ. මොකද අපට බහ දෙකෙන් එකක් වත් ප්‍රතික්ෂේප කරන්න අපි මොන ප්‍රවාදේ හැදුවත්. දෙකටම හරියන්න ඕනේ. අන්වීක්ෂයෙන් පෙනෙන රූපය හා නිකම් පෙනෙන රූපය විශ්වසනීයත්වය අතින් එකම තලයේ තියෙන්නේ.

          ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප වියුක්තයි. ඒවාට අනුරූප රූප ශබ්ද ආදිය නැහැ. උදා – සන්ක්‍යා, වෙනත් ගණිත සංකල්ප, අවකාශ කාලය,
          මේ ඇතැම් සංකල්ප ප්‍රවාද මත/ ප්‍රවාද සමග ගැට ගැසී ප්‍රවාද වල කේන්ද්‍රීය සංකල්ප ලෙස ගොඩනැගී ඇත. එවිට සංකල්පයටත් නිකම් කතාවට ප්‍රවාදයක් යයි කියමි – උදා අවකාශ කාලය, බොහෝ ගණිත සංකල්ප, ගුරුත්වාකර්ෂණය, කළු කුහරය, සංස්කෘතිය, සමාජය,

          ඇතැම් ඒවා සරල සාධාරණීකරණ වේ. ඒවා ප්‍රවාද වලින් නිර්මාණය වු ඒවා නොවේ. සංයුක්ත සංකල්ප සාධාරණීකරණයෙන් බිහි වූ ඒවාය. ඒවාට කතාවට වත් ප්‍රවාද යයි නොකි යමු.
          උදා: ගනින සන්ක්‍යා, ආකාශ වස්තුව, ග්‍රහලෝකය, තරුව, මිනිසා , ගස,

          සංකල්ප වලට එනමින්ම ප්‍රවාද හා එසේ නොවේ යයි කීම අත්‍යවශ්‍ය වෙන් කිරීමක් නොවේ. සංකල්පයට ප්‍රවාදය යයි කීවද සංකල්පයක් ප්‍රවාදයක් වන්නේ උප සංකල්ප පද්ධතියක් සමගය. (ආලෝකය යනු ප්‍රවාදයකි. එයින් කියන්නේ ආලෝකය පිලිබඳ දැනුම ඍජු නිරීක්ෂණ හරහා උධ්ගමනයෙන් හෝ සාධාරණීකරණය කල අර්ථ දැක්වීමකින් ලබාගත්තක් නොවන බවත් යම් ප්‍රවාදයක් හා බැදී ඇති දැනුම තේරුම් ගැනීමෙන් පමණක් ලබා ගත හැකි බවය.) වැදගත් වන්නේ වියුක්තද සංයුක්තද යන්නයි.

          ප්‍රශ්නයක් විය හැකි දෙයක් නම් ඉර කේන්ද්‍රීය කරගෙන ප්‍රවාද බොහොමයක් ඇති නිසා ඉර දැන් ප්‍රවාදය්ක්ද යන්නයි. ඔව්. එහෙත් ඉර තවමත් ඉන්ද්‍රිය ගෝචර සංයුක්ත සංකල්පයකි. ඊට අනුරූප සංජානන ඇත. පුටුව වුවද එසේ යයි ගත හැක. එහෙත් මේවා එසේ වන්නේ බටහිර විද්‍යාව දන්නා අයට පමණි. අනෙක් අයට පුටුව ප්‍රවාදයක් නොවේ. එහෙත් ප්‍රවාද යයි මා කියන කළු කුහරය වැනි වියුක්ත සංකල්ප එසේ නොචේ. කළු කුහරය යන සංකල්පය ප්‍රවාදයෙන් තොරව නිර්මාණය කරගත නොහැක. ඒ නිසා එය ප්‍රවාදයක් ලෙස මිසක් එසේ නොවී තේරුම් ගැනෙන සංකල්පයක් නොවේ. ඇතැමුන්ට කළු කුහරය සංයුක්ත වීමටද ඉඩ ඇත. එහෙත් එය ඉන්ද්රියගෝචර මවාගනීමක් පමණි. එම මවාගැනීම ඉන්ද්රියගෝචර වුවද විද්යාන්‍යයන් අදහස් කරන කළු කුහරය එසේ මවා ගත නොහැක. අප කතා කරන්නේ එම කළු කුහරය ගැන ය.

          /////////////සංයුක්ත සංකල්ප හා වියුක්ත සංකල්ප කියන ඒවාත් එහෙම ඉරක් ගහල වෙන් කරන්න පුලුවන්ද?
          පුටුව, ගස, අහස, හුලඟ, දන්ත ධාතුව, කලු කුහරය, නාථ දෙයියා, ඉලෙක්ට්‍රෝනය, උනුසුම, සීතල, ගුරුත්වාකර්ශනය, ඇස්වහ-කටවහ, කිල්ල, වෛරසය යන ලැයිස්තුව ඔය කියන ගොඩවල් වලට වෙන් කරල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?////////////

          පැහැදිලි කරන්න දෙයක් නැහැ මම සාධාරණව පැහැදිලි කරපු නිසා. එහෙත් සංකල්ප සාපේක්ෂයි. උදාහරනෙකට නාථ දෙවියෝ මට වියුක්තයි. දකින කෙනාට සංයුක්තයි (එයා රූප ශබ්ද වලින් නෙමෙයි වෙනත් විදිහකට සන්ජානාන්ය කරන්නේ මම හිතන්නේ) . තව කෙනෙක් නැත දෙවියෝ මෙහෙමයි කියල හිතැන ඉන්නවා නම් එයාටත් සංයුක්තයි. එහෙත් ඇත්තටම නාථ දෙවියෙක් එක්කෝ ඉන්නවා නැත්නම් නැහැ හරියට මම වගේ. එක උපකරණයක් නෙමෙයි. ඒ නාථ දෙවියෝ මොන වගේද කියල දකින කල් කියන්න බහ. එහෙත් එක දැකිය හැකිය කියල කියන නිසා එක කවදා හෝ ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් බවට පත්වීමට නියමිත හෝ සැමදා වියුක්තව මගේ මනසේ තිබීමට හැකි සංකල්පයක්. කළු කුහරේ එහෙම නෙමෙයි. එක වියුක්තයි හැමදාටම.

          පුටුව- ඉ.ගෝ
          ගස -ඉ.ගෝ
          අහස -ඉ.ගෝ
          හුලඟ,-ඉ.ගෝ
          දන්ත ධාතුව,නාථ දෙයියා -ඉ.ගෝ (ඇතැම් අයට වියුක්ත හෝ මවාගත් ඉ.ගෝ – මේ මවා ගත ඒවා නිවැරදිද වැරදිද කිව නොහැක. ඇතැම් යට ප්රාවාදයක් විය හැක. )
          , කලු කුහරය -නැත, ප්‍රවාදයකි.
          , ඉලෙක්ට්‍රෝනය -නැත, ප්‍රවාදයකි.
          , උනුසුම, සීතල -ඉ.ගෝ (සන්ජානනයකි)
          , ගුරුත්වාකර්ශනය -නැත, ප්රාවාදයකි. ,
          ඇස්වහ,කටවහ, කිල්ල,-නැත, ප්‍රවාද ,
          වෛරසය -හරියට කියන්න දැනුමක් නැත – අන්වීක්ෂයෙන් පෙනේද?

          (පුටුව ගස යන ඒවායින් සාධාරණ පුටුවක් සාධාරණ ගසක් ගැන කතා කරන විට පමණක් ඒවා වියුක්තය. මෑතකදී නලින් ද සිල්වා මහතා මෙම සාධාරණ වශයෙන් කතා කරන අවස්තාවලදීද මේවට වියුක්ත යයි කීම වැරදි බව කිවේය. ඊට හේතුව අප දේශනයකදී ඇතිවූ සංවාදයක් දැයි නොදනිමි. හේතුව අප සාධාරණ පුටුව ක් ගුණ ගැන කතා කරද්දී ද පුටුවක් මවා ගැනීම ය. එහෙත් එසේ මවා නොගෙන කටයුතු කරන්නන්න්ට නම් මේවා වියුක්ත විය යුතුය. )

          //////////තව එකක් පුරුෂ ලිංගයක් ස්ත්‍රී ලිංගයක් තුලට ඇතුලු කරල ඒ තුල ශුක්‍රානු පහ කලොත්, ස්ත්‍රිය ගැබ් ගන්න පුලුවන් කියන එකත් ප්‍රවාදයක් නේද?, ඒ වගේම තඩි පොල්ලක් අරන් කාගෙ හරි ඔලුවට පතබෑවොත්, සමහරවිට ඌ මැරෙන්න පුලුවන් කියන එකත් ප්‍රවාදයක් නේද? උඩ පැන්නොත් බිම වැටේ කියන එකත් ප්‍රවාදයක් නේද?//////////

          ඔය තුනම සරල උද්ගමන තුනක්. නියම තුනක්. අප දැනටමත් හොඳින් දන්නා දේවල් අතර අප දැනටමත් හොඳින් දන්නා සංකල්ප යොදා ගෙන කල ප්‍රකාශ 3ක්. ප්‍රවාද නෙමෙයි. ප්‍රවාදයක් කියන්නේ ඕව වෙන විදිහ යම් යම් තර්ක සංකල්ප භාවිතා කරලා විස්තර කරහම. (අර මගේ සටහනේ කමෙන්ට් ටික කියවන්න) . ආලෝකය හඳට වැටී පරාවර්තනය වී අපට රූපයක් පෙනේ කියන්නේ ලොකු ප්‍රවාදයක්. ආලෝකය සරල රෙඛි යව යයි කියන්නේ නියමයක්. කළු කුහරයක් කියන්නේ ප්‍රවාදයක්. ඒ ප්‍රවාදය ඇතුලේ තියෙන එක එක ප්‍රකාශ නියම/ උපකල්පන./උද්ගමන .

          (ලියන්න ටිකක් වෙලාව ගියා. උදාහරණ ගොඩක් නිර්මාණය කරන කොට මගේ තේරුම් ගැනීමත් ස්ථාවර වෙනවා. අර මතක් වෙන්න අලුත් ගණන් හදනවා වගේ. මේකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවා. ඇත්තටම තියෙනවා. එහෙත් හැම දාම මේවා ගැන හිත හිත ඉඳීම මට හොඳ නැහැ. දර්ශනය වහල අගුලු දාලයි තිබ්බේ. මෙතන ඇත්තටම මම කරන්නේ ප්‍රචාරක ව්‍යාපෘතියක්. ඒ නිසා එකෙන් මට පලක් වෙන්න ඕනේ. එක වෙනව කියල මට දැනෙන්න ඕනේ. ඒ නිසා මට හිතෙන්නේ ඔබ අර 2002- 2013 අතර ලිපි ටික කියවන එක වැදගත්. විශේෂයෙන් මේකේ ඉන්න නලින් ද සිල්වා මහතාව විවේචනය කරන තරුණ අය මහන්සි නොවී විවේචනය කරන්න යාම අනුමත කරන්න බැහැ . ලිපියක් දෙකක් කියවල විවේචනය කිරීම වරදිය්. ලිපි පෙළ සම්පූර්ණ පොතක් කියල හිතල පොත කියවල ඉන්න. )

          Like

          • දීර්ඝ පිලිතුරට ස්තූතියි. හැබැයි කොච්චර දීර්ඝ උනත් සමහර මූලික කරුනු කීපයක් ගැන අවුල් කීපයක් තිබෙනවා. උදාහරණයක් විදිහත අපි එදා ඉඳන් ම කතා කරනවා “පංචේන්ද්‍රිය” කියල එකක් ගැන. අපිට තියෙන්නෙ ඉඳුරන් පහයි, කියන එක ගැන. ඒ හින්ද “ඉන්ද්‍රියගෝචර” කියන්නෙ මේ සංජායනා පහට අහුවෙන දේවල් කියල අපි කියනවා. මේ කතාවත් අර හැම දේම වගේ සංස්කෘතිය තුලින් ආපු කතාවක්.

            මිනිසාට සංවේදයනයන් දැනෙන ඉන්ද්‍රිය පහකට වඩා බර ගානක් තියෙනවා. උදාහරණයක් ගන්න, ඔයාට පුලුවන් ඇස් දෙක බැඳල තියෙද්දි වැටෙන්නෙ නැතුව සමතලාබිමක තනි කකුලෙන් රවුමට උඩ පනින්න. හැබැයි ඇල්කොහොල් ඩෝස් එකක් දීලා, ගානට වැදිල තියෙද්දි ඇස් දෙක බැඳලා තනි කකුලෙන් රවුමට උඩ පනින්න කිව්වොත් කරන්න බෑ වැටෙනවා. එහෙම නැත්ත්නම්, ශල්‍ය කර්මයකින් කර්ණ ශංකය අයින් කල කෙනෙක්ටත් මේ වැඩේම වෙනවා. දැන් මොකක්ද කලින් තිබුන පස්සෙ නැතිවුන සංවේදනාව? …..

            http://www.todayifoundout.com/index.php/2010/07/humans-have-a-lot-more-than-five-senses/

            කොහොම උනත් ඉන්ද්‍රිය පහක් තිබුනත්, පනස් පහක් තිබුනත් ඔබේ තර්කය අවලංගු වෙන්නෙ නෑ. ප්‍රශ්නය තියෙන්නෙ එතැන නොවේ. ඔය ඔබ කරන කුලක වලට බෙදීම ඔය කියන තරම් කලු සුදු නැහැ. තර්කය සඳහා ඔබ ග්‍රේ-ස්කේල් එක අමතක කරනවා. (ඔබ දීල තියෙන ලින්ක් ටික කියවලා, ඒ ගැන පස්සෙ දිගට ලියන්නම්.) දැනට ඔබම කල්පනා කරල බලන්න ලෝකය ඔය විදිහට සීම මායිම් ඇති කුලක වලට බෙදීම ඔබේම නිර්මාණාත්මක සාපේක්ෂතාවයට අනුවම කොතරම් වලංගු වැඩක්ද කියල.

            Like

            • shirantha chamara says:

              මට මේ පස්සේ දෙන්නම් කෑල්ල කියන හැම වෙලාවෙම ඇයි ඔක්කොම පස්සේ නොදී භාගයක් දැන් දෙන්නේ (පැහැදිලි කිරීම් තර්ක විතර්ක නැතුව) කියන එක ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ මම කිසිම ප්‍රසිද්ද සංවාදෙකදී ඕක කරන්නේ නැහැ. පස්සේ එනවනම් එක කිව්වම ඇතිනේ. මේක සුහද සංවාදයක් වෙන්න ඉඩ ඔයා ටිකෙන් ටික අහුරනවා . මේක විවාදයකට බොහොම ආසන්න සංවාදයක්. සුහදව කලත් නැතත් මෙතන ඔයා කියපු ලොරි කතා වලට පැහැදිලි ප්‍රතිචාර දැක්වීමක් තියෙන්නේ. (එක නොකිය හිටියේ සුහදතාව වෙනුවෙන්)

              ඔයා ඔය බාගෙට දීල ගිය හැම වෙලාවෙම මට අවුලක් ගියා. මම ටිකක් බැලුව ඇයි කියල. ඒ හැම වෙලාවෙම ඔයාගේ කමෙන්ට් එක ඇතුලේ තියෙනවා අපව සියුම්ව හෑල්ලු කිරීමක්. එක එකපාරටම දැනෙනවා. (දීර්ග කමෙන්ට් වලට පස්සේ මට එච්චර කේන්ති යන්නේ නැහැ. ඒවායේ හෑල්ලු කරත් අඩු ගන්නේ තර්ක විතර්ක හරි තියෙනවනේ හරි හෝ වැරදියට )

              උදාහරණයක් බලමු.

              /////////දැනට ඔබම කල්පනා කරල බලන්න ලෝකය ඔය විදිහට සීම මායිම් ඇති කුලක වලට බෙදීම ඔබේම නිර්මාණාත්මක සාපේක්ෂතාවයට අනුවම කොතරම් වලංගු වැඩක්ද කියල.//////////////

              හරියට නිකම් ඔයාට මේක නිර්මානාත්මක සාපෙක්ෂතාවට එකඟ නැහැ කියල තේරෙනවා. අපි ඕක ගැන හිතන්නේ නැතුව කියනවා වගේ. මේක නිර්මානාත්මක සාපෙක්ෂතාවට එකඟද කියල ඇහුවනම් එකක්. එහෙම කවදාවත් ඔයාගෙන් ඇහෙන්නේ නැහැ පස්සේ දෙන්නම් කියන වෙලාවට . නිකම් දැනගෙන කියනවා වගේ තමයි කියන්නේ. . මේක මට දැනෙනවා. ඔයාට වගේ නෙමෙයි මේක මට මම ගරු කරන පුද්ගලයෙකුගේ දැනුමට ප්‍රසිද්දියේ අපහාස කරන්නෙක් සමග එම පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් කරන සංවාදයක්/ විවාදයක් .

              ඔයා ඉඟි කරන්නේ අපි නිකම් පුත්තලම් බූරුවෝ ටිකක් කියල. යකෝ අපි මොනවා හරි කියන කොට එක අපේ දර්ශනෙට එකඟද නැද්ද කියල බලන්නේ නැති බූරුවොද? හිතල ගොඩක් කල්. ආයේ හිතන්න දෙයක් නැහැ. පුළුවන් නම් එකඟ නැහැ කියල පෙන්නන්න.
              මෙතන තියෙන එකම ප්‍රශ්නේ ඔයා අන්තර්ජාලය පිරෙන්න නලින්ද සිල්වාගේ දර්ශනය සහ පුද්ගලයාව විවේචනය කර කර ලොරි කතා දුන්නට ඔයාට තේරෙන නිර්මානාත්මක සාපේක්ෂතාවක් නැති වීමයි. නැත්නම් ඔය කතාවත් කීයටවත් කියන්නේ නැහැ. අර කලින් පොටේ කියපු හබක් වීමේ කතාව වගේම. නිර්මානාත්මක සාපෙක්ෂතාවයෙන් කියන්නේ එකෙනෙකුගේ ලෝකෙ සංකල්ප වලින් තව කෙනෙකුගේ ලෝකේ සංකල්ප මනින්න එපා කියන එකයි. ප්‍රවාදාත්මක සංකල්ප හා ඉන්ද්රියගෝචර සංකල්ප කියන්නේ එකම පුද්ගලයෙකුගේ ලෝකේ තියෙන සංකල්ප වර්ග දෙකක්. ඒවා එකකට එකක් සංසන්දනය කරන්නත් බැරිද? පිස්සු හැදෙයි එහෙනම්. මිට පස්සේ සියලු සංකල්ප නිදුක් වේවා කියල තමයි කියන්න වෙන්නේ එහෙනම්. මොකෝ සත්තුත් සංකල්ප ගඩොල් වැලිත් සංකල්ප.

              ////ඔය ඔබ කරන කුලක වලට බෙදීම ඔය කියන තරම් කලු සුදු නැහැ. තර්කය සඳහා ඔබ ග්‍රේ-ස්කේල් එක අමතක කරනවා. //////////

              ඔව් . දැන් ඔයා ඉඟි කරන්නේ මම අමතක කරනවා කියල. මොකක්ද ග්‍රේ ඒවා. එහෙම ඒවා අර්ථ දැක්වීමෙන්ම තියෙන්න බැහැ . සංකල්පයට අනුරූප එක සංජානනයක් හරි තියෙනවනම් එක ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්. එකම ප්‍රශ්නේ සංජානනය සංකල්පයට අනුරූපද නැද්ද කියල සම්මුතියක් හදන එකයි. සම්මුතියෙන් තමයි එක වෙන්නේ. නිරපේක්ෂව නෙමෙයි. සම්මුතිය වෙනස් වෙන්න පුළුවන්. කාලෙකදී/ පිරිසක් ඉන්ද්රියගෝචර යයි ගන්නා සංකල්පයකට අනුරූප සංකල්පය වෙනත් කාලයකදී/ වෙනස් පිරිසක් ඉන්ද්රියගෝචර නෙමේ වියුක්ත යයි ගන්න පුළුවන්. තනි පුද්ගලයෙකුටවත් සම්මුතියක් ඇති කරගන්න අමාරුයි කියන්නේ සංකල්පය සැහෙන අවුල්/ bold මිසක් ග්‍රේ කියන එක නෙමෙයි. ඒවා නිරවුල් කරගන්නේ නැතුව ප්‍රවාද හදනවද?ඉන්ද්‍රිය ගෝචර සංකල්පය පිලිබඳ දැනුම වෙනස් වුනත් එක්තරා මොහොතකදී අප ලබන සංජානනය එසේ ලබනවා කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ කවදාවත්. මගේ පලවෙනි කමෙන්ට් එක සිහියෙන් කියෙව්වොත් එක තේරේවි. එක බොහොම නිශ්චිතව ලියල තියෙන්නේ. (මේක අපි ලෝකය නිර්මාණය කරන විදිහ. එක ආතල් එකට නෙමෙයි කරන්නේ. ප්‍රවාද වලදී ප්‍රතික්ෂේප කල හැකි හා නොකළ හැකි දේවල් ගැනයි අපි කතා කරනනේ. ප්‍රතික්ෂේප නොකළ හැක්කේ ඉන්ද්‍රිය ගෝචර සංජානන. )

              ඔය කළු සුදු කතාව කියන්නේ කළු නරකයි සුදු හොඳයි කියන එකෙන් නම් එහෙම හොඳ නරකක් නැහැ. වෙන් කිරීමක් තියෙන්නේ . එහෙම හිතෙන්නේ පට්ටපල් බොරුව කියන වචනේ නිසානම් ඒ වචනේ ඇත්තටම සුදුසුම වචනේ නෙමෙයි. (වචන ප්‍රශ්නයක්) . සුදුසුම වචනේ මම හිතන්නේ ද්විතියක තෘතීයක සංකල්ප කියන එක. මේ වචනේ මතු උනේ නාථ දෙවියන් ඉන්ද්‍රිය ගෝචර නැති නිසා එකට අපහාස කරන්න ලංකාවේ මහාචාර්යවරු කියපු දේවල් වලට උත්තර දීමේදී. ඔයත් අපහාස කරලා තියෙනවා මම ලඟදි කියවපු ලිපියක දැක්ක . (ප්‍රතික්ෂේප කිරීම එකක්. හෑල්ලු කිරීම අපහාස කිරීම එකක්) මේ මිනිස්සු දන්නා මගුල කොච්චරද කියල තමයි අපි පෙන්නන්නේ. අපටත් අපේ මතයටත් සුදුසු ගරුත්වය ලැබුනම වචනේ නවත්තන්නම්.

              මේ යොමුවේ මේ වචනේ ගැන සංවාදයක් තියෙනවා.

              https://www.facebook.com/notes/shirantha-chamara/%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94/10200540994236343

              /////////////////දීර්ඝ පිලිතුරට ස්තූතියි. හැබැයි කොච්චර දීර්ඝ උනත් සමහර මූලික කරුනු කීපයක් ගැන අවුල් කීපයක් තිබෙනවා. උදාහරණයක් විදිහත අපි එදා ඉඳන් ම කතා කරනවා “පංචේන්ද්‍රිය” කියල එකක් ගැන. අපිට තියෙන්නෙ ඉඳුරන් පහයි, කියන එක ගැන. ඒ හින්ද “ඉන්ද්‍රියගෝචර” කියන්නෙ මේ සංජායනා පහට අහුවෙන දේවල් කියල අපි කියනවා. මේ කතාවත් අර හැම දේම වගේ සංස්කෘතිය තුලින් ආපු කතාවක්.

              මිනිසාට සංවේදයනයන් දැනෙන ඉන්ද්‍රිය පහකට වඩා බර ගානක් තියෙනවා. උදාහරණයක් ගන්න, ඔයාට පුලුවන් ඇස් දෙක බැඳල තියෙද්දි වැටෙන්නෙ නැතුව සමතලාබිමක තනි කකුලෙන් රවුමට උඩ පනින්න. හැබැයි ඇල්කොහොල් ඩෝස් එකක් දීලා, ගානට වැදිල තියෙද්දි ඇස් දෙක බැඳලා තනි කකුලෙන් රවුමට උඩ පනින්න කිව්වොත් කරන්න බෑ වැටෙනවා. එහෙම නැත්ත්නම්, ශල්‍ය කර්මයකින් කර්ණ ශංකය අයින් කල කෙනෙක්ටත් මේ වැඩේම වෙනවා. දැන් මොකක්ද කලින් තිබුන පස්සෙ නැතිවුන සංවේදනාව? …..

              http://www.todayifoundout.com/index.php/2010/07/humans-have-a-lot-more-than-five-senses/

              කොහොම උනත් ඉන්ද්‍රිය පහක් තිබුනත්, පනස් පහක් තිබුනත් ඔබේ තර්කය අවලංගු වෙන්නෙ නෑ.//////////////////

              මෙතනත් ඔයා ඉඟි කරන්නේ අපි නිර්මානාත්මක සාපේක්ෂතාවාදය විතරක් දන්නා ළිං ගෙම්බෝ ටිකක් කියල. ඕව ඕනේ තරම් හිතල තියෙනවා. ඔලුව කැක්කුමත් ඉන්ද්‍රිය ගොචරයි, බඩේ කැක්කුමත් ඉන්ද්‍රිය ගොචරයි. ලොකු තුවාලයක් වුනහම රිදෙන්නේ හමට නෙමෙයි. ඒ ඔක්කොම අපි ස්පර්ශය යටතේ හැදින්විය යුතුයි කියන එකයි මගේ මතය. අභ්‍යන්තර ස්පර්ශ අපට දැනීමක්. කරුණාව, වයිරය, දයාවත් ඉන්ද්‍රිය ගොචරයි – මනසට – එහෙත් ඒ සංකල්ප නිරවුල් නැහැ. අර එක පාරට දැනෙන කොට අපට එක කෙලින්ම දැනෙනවා. ඒවායේ සංජානන ගැන විතරයි පැහැදිලි, සංකල්ප ප්‍රවාදාත්මකව නිර්මාණය වෙලා නැහැ. ඒවා අතින් අපි ඉන්නේ තවම පොළොවේ පොඩි කොටසක ඉන්න ගෝත්‍රයක් පොලොව ගැන හිතන් ඉන්න මට්ටමේ. කොහොම වුනත් සංජානන පැහැදිලිය්. දැනෙන දේ දැනෙනවා. සමහර ඒවා ගෝචර වන්නේ කුමන ඉන්ද්රියටද කියන එක විවාදාත්මකයි. අපි අතීන්ද්රියන් ගැනත් විශ්වාස කරන මිනිස්සු. ඉතින් ඉන්ද්‍රිය කීයක් වෙන් කරන්න ඕනෙද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.

              අර රවුමට ඇස වහගෙන යන්නේ නම් අවින්යානික උද්ගමනයෙන් කියලයි හිතෙන්නේ. ඇස වහගෙන අපට කැම කන්න පුළුවන්. අපට මතකයක් තියෙනවා කොච්චර දුරකට අත කොහොම ගෙනියන්න ඕනෙද කියල. එහෙත් ඇස වහගෙන අලියට ඇහැ තියන්න බැහැ නේ. තියල පුරුදු උනහම නම් පුළුවන්. මේවා හිතෙන් චාලන පිළිවෙලවල් මතක තබා ගැනීමනේ. බීවම මනස අවුල් නිසා රවුමට යාමේදී අනුගමනය කල යුතු පිළිවෙල අවුල් වෙනවා ඇති. ඇස අරගෙන හරියට කන්නත් බැරි වෙන එකේ. මේකයි ඉන්ද්‍රිය ගෝචර සන්ජානනයි අතර සම්බන්ධෙ මොකක්ද?

              මෙතැනදී මට නම් කියන්න අයිතිය තියෙනවා මට වචනයක් ගන්නේ disclaimer දාන්න බහ කියල. ඔයා ඕක ලිව්වේ මගේ දැනුම සඳහා අවංක උවමනාවෙන් සුහදත්වයෙන් නම් ස්තුතිය්. එහෙත් ලියල තියෙන අනිත් ඒවා එක්ක බැලුවම එහෙම හිතෙන්නේ නැහැ.

              අනිත් එක මම තර්කයක් නෙමෙයි කරන්නේ. අපි වෙන් කරන විදිහ සහ ඒවාට හේතු පැහැදිලි කරනවා. ඔයාට ඕනේ නම් වෙන් නොකර ඉන්න. අපව විවේචනය කරනවානම් අපි කියන දෙයි වැදගත්.

              Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s