චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – පළමු කොටස

විද්‍යාවේ ප්‍රගතියට උරදුන් නානාවිධ පුද්ගලයින් පිළිබදව තොරතුරු ඔබ හමුවේ තැබීම මෙම නිරාගමික බ්ලොග් අඩවියේ එක් අරමුණකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව නම්, යම් විද්‍යාත්මක න්‍යායක් වඩා හොදින් තේරුම් ගැනීම පිණිස එම න්‍යාය ඉදිරිපත් කෙරුණු සන්දර්භය පිළිබද කරුණු දැනසිටීම මහෝපකාරී වීමයි. අප විසින් මෙම ලිපි පෙළ තුලින් මෙලෙස තොරතුරු ඉදිරිපත් කරනුයේ විද්‍යාවේ දියුණුවට මෙන්ම නිරාගමිකත්වයේ ප්‍රගමනයට ද ඉමහත් සේවයක් කළ පුද්ගලයෙකු වන චාල්ස් ඩාවින් පිළිබදව යි.

Erasmus Darwin වනාහී චාල්ස් ඩාවින්ගේ සීයා ය. 1731 වර්ෂයේ උපත ලද හෙතෙම 1802 වර්ෂය දක්වා ජීවත් විය. Erasmus Darwin වෛද්‍යවරයෙක් විය. ඔහුගෙන් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝදෙනා පොහොසතුන් විය. එබැවින් Erasmus Darwin හට ස්ථාවර ආර්ථිකයක් තිබිණි. මේ නිසාම, Erasmus Darwin විසින් තමා වෙත පැමිණෙන දුප්පත් රෝගීන් හට නොමිලයේම ප්‍රතිකාර කරන ලදී. එසේම, Erasmus Darwin කවියෙකු විය. ඔහු විසින් රචනා කරන ලද කවි පන්ති අතර The Botanic Garden නම් කවි පන්තිය ප්‍රධාන තැනක් ගනී. Erasmus Darwin විසින් 1794 වර්ෂයේ දී රචිත Zoonomia නම් ග්‍රන්ථය තුල, ඔහු විසින් වෛද්‍ය විද්‍යාව, ව්‍යාධිවේදය පිළිබදව මෙන්ම සතුන් හීලෑකිරීම, එකිනෙකට වෙනස් ලක්ෂණ ඇති ශාක මුහුම් කිරීම හා වැල් වර්ග වල වර්ධනය ගැන ද සාකච්ඡා කොට ඇත.

Erasdarwin1Erasmus Darwin

Josiah Wedgwood යනු Erasmus Darwin හට හිටි හොදම මිතුරෙකි. හෙතෙම Erasmus Darwin වෙතින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නිතරම පාහේ පැමිණි අයෙකි. එමෙන්ම, Josiah Wedgwood යනු හට්ටි, වළං, තාච්චි, පිගන් යනාදී මුලුතැන්ගෙයි උපකරණ නිපදවන කම්හලක් පවත්වාගෙන ගිය අයෙකි. එමෙන්ම, Erasmus Darwinගේ මිතුරන් අතර James Watts සහ Joseph Priestley ද විය. Joseph Priestley යනු ඔක්සිජන් වායුව සොයාගත් පුද්ගලයා ය. Josiah Wedgwood, Erasmus Darwin, James Watts හා Joseph Priestley යන මිතුරන් හතරදෙනා සෑම මසකට පුර හද පායන දින එකිනෙකා හමුවිය. ඔවුන් හමුවූයේ පසලොස්වක දින වල බැවින් ඔවුන් lunar society යන උපචාර නාමයෙන් ද lunatics යන විසිළු නාමයෙන් ද තමන් හදුන්වාගත්හ.

චාල්ස් ඩාවින්ගේ පියා වනුයේ Robert Waring Darwin ය. හෙතෙම 1766 වසරේ උපත ලැබ 1848 වසර දක්වා ජීවත් විය. Robert Waring Darwin ද Erasmus Darwin මෙන් වෛද්‍යවරයෙක් විය. එමෙන්ම, Robert Waring Darwin වනාහී රාත්තල් 300ක් පමණ බරින් යුක්ත වූ ඉතා තරබාරු පුද්ගලයෙකි. Robert Waring Darwin විවාහ කරගනු ලැබුවේ Josiah Wedgwoodගේ දියණිය යි. ඇයගේ නම Susannah Wedgwood ය.

Untitledddddddd
Robert Waring Darwin

චාල්ස් ඩාවින්ට අක්කලා තුන්දෙනෙකු, අයියා කෙනෙකු හා නංගි කෙනෙකු විය. Marianne, Caroline Sarah, Susan Elizabeth යනු චාල්ස් ඩාවින්ගේ අක්කලා ය. ඩාවින්ගේ අයියාගේ නම Erasmus Alvery Darwin විය. හෙතෙම 1804 සහ 1881 කාලය ඇතුළත ජීවත් වූ අයෙකි. Emily Catherine වනාහී චාල්ස් ඩාවින්ගේ නංගී ය.

qqwqwqwqwy
The Mount

චාල්ස් ඩාවින් උපන්නේ 1809 වසරේ පෙබරවාරි මස දොලොස් වන දින ය. ඩාවින් උපන්නේ The Mount නමින් හදුන්වන නිවස තුල ය. The Mount නිවස 1796 වර්ෂයේ දී චාල්ස් ඩාවින්ගේ පියා විසින් ඉදිකරවන ලද්දකි. එය පිහිටියේ එංගලන්තයේ Shrewsbury නගරයේ ය. 1817 වසරේ දී, එනම් චාල්ස් ඩාවින්ට අවුරුදු අටක් වන විට, ඩාවින්ගේ මව වන Susannah Wedgwood මිය ගියා ය. එම අවස්ථාව හැරුණු විට, චාල්ස් ඩාවින්ගේ ළමා කාලය සතුටුදායක එකක් විය. ඩාවින්ගේ පියා විසින් ඩාවින්ව සිය නිවසින් හැතැප්මක් පමණ දුරින් වූ පාසලකට යවන ලදී. පාසල් නොයන අවස්ථා වල ගෙවත්තේ ඇවිදිමින් කුරුමිණියන් එකතු කිරීමට ඩාවින් පුරුදුව සිටියේ ය.

මතු සම්බන්ධයි….

This entry was posted in චරිතාපදාන, Sinhala and tagged , , , , , , , , , , , , , , . Bookmark the permalink.

5 Responses to චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – පළමු කොටස

  1. Beetle says:

    මම හිතන්නේ මේවගේම කොටස් වශයෙන් යන ලිපි පෙලක් දැන් ටික දවසකට කලින් පටන් ගත්තා… “මම” ගැන කියලා ඒකේ පළවෙනි ලිපිය ගියේ… ඉතිරි කොටස් කියවන්න ආසාවෙන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියත් මම හිතන්නේ ඒවා ලියවුනේ නෑ… ඒ ගැන බලපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නයි මේ කමෙන්ට් එක 🙂

    Like

  2. ඒ ලිපියේ දෙවැනි කොටසත් මේ ලිපියේ දෙවැනි කොටසත් ළගදීම පළකරන්න බලාපොරොත්තු වෙනවා 🙂

    Like

  3. Pingback: චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

  4. Pingback: චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – තෙවන කොටස | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

  5. Pingback: චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

Leave a reply to srilankanatheists Cancel reply