චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ…

චාල්ස් ඩාවින් ගිය පාසලේ ඉගැන්වූයේ ප්‍රධාන විෂයන් දෙකකි. ඒ වනාහී ග්‍රීක භාෂාව සහ ලතින් භාෂාවයි. ඊට අමතරව ඉතිහාසය හා පුරාතන භූවිද්‍යාව යන විෂයන් ද අතිරේක විෂයන් ලෙස ඩාවින්ට ඉගෙනගැනීමට සිදු විය. මෙකී කලා විෂයන් හැදෑරීමට ඩාවින් හට කිසිදු උනන්දුවක් නොවීය. කුඩා චාල්ස් ඩාවින් වනාහී කලා විෂයන්ට වඩා විද්‍යා විෂයන් ප්‍රිය කළ අයෙකි. මේ නිසාම පාසලේ ඇගයීම් සහ විභාග වලින් ඩාවින් නිතරම පාහේ අඩු ලකුණු ගත්තේ ය. එමෙන්ම වයස අවුරුදු පහලොවේ දී ඩාවින් පාසල් යාම නතර කලේ ය. හෙතෙම ඉන්පසුව සතුන් දඩයම් කිරීමට යොමු විය. චාල්ස් ඩාවින් පාඩම් වැඩ වෙනුවට සතුන් දඩයම් කිරීම ඩාවින්ගේ පියාට තරහ යාමට හේතුවක් විය. එබැවින්, චාල්ස් ඩාවින්ගේ පියා වන Robert Waring Darwin විසින් සිය ඩිස්පැන්සරියේ සහායකයෙකු ලෙස ඩාවින්ව බදවා ගත්තේ ය. එහිදී ඩාවින් සිය පියාගේ ඩිස්පැන්සරියට එන රෝගීන්ගේ සෞඛ්‍ය ඉතිහාසය පටිගත කිරීමේ නියැලුණි.

1825 වසරේ දී ඩාවින්ගේ පියා විසින් තරුණ ඩාවින්ව Edinburgh විශ්ව විද්‍යාලයට යැවී ය. චාල්ස් ඩාවින්ව Edinburgh විශ්ව විද්‍යාලයට ඇතුළත් කරවනු ලැබුවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යි. ඩාවින්ව දොස්තර කෙනෙකු කිරීමට ඩාවින්ගේ පියාට අවශ්‍යව තිබිණි. නමුත්, ඩාවින් වෛද්‍ය විද්‍යාව ප්‍රිය කලේ නැත. ඩාවින් එකල වැඩි නැඹුරුතාවයක් දැක්වූයේ natural history යන විෂය පථය වෙතට ය. තවද, නිර්වින්ධක යොදා නොගෙන කරන ශෛල්‍යකර්ම පිළිබදව කරන ප්‍රායෝගික පාඩම් ඩාවින්ට බිය ගෙන දෙන්නක් විය. විශ්ව විද්‍යාලයේ දෙවැනි වසර තුළ චාල්ස් ඩාවින් natural history විෂයට වඩාත් නැඹුරු විය. හෙතෙම වෛද්‍යවරයෙකු මෙන්ම සත්ත්ව විද්‍යාඥයෙකු ද වන Robert Edmond Grantගේ දේශන හා අධ්‍යාපන චාරිකා වලට සහභාගී විය. මෙකී අධ්‍යාපන චාරිකා සියල්ලේම පාහේ ගමනාන්තය වූයේ ෆෝත් ගංගාවේ මෝය කටයි. එහිදී ඩාවින් සාගර අපෘෂ්ඨවංශිකයින් පිළිබදව අධ්‍යනය කලේ ය. වරක් ඩාවින් පක්ෂීන් පිළිබද විද්වතෙකු වූ John James Audubonගේ දේශනයකට සහභාගී විය. සැබෑ පක්ෂීන්ගේ හම් තුළට පුලුන් වැනි දෑ පුරවා හදන පිලිරූ (taxidermy) පිළිබදව උනන්දුවක් එහිදී ඩාවින්ට ඇතිවිය. පූර්ව වහලෙකු වූ John Edmonston නම් තැනැත්තාගෙන් ඩාවින් කුරුලු සම් තුලට පුලුන් පුරවන ආකාරය ඉගෙනගත්තේ ය.

මේ අතර චාල්ස් ඩාවින් සිය පියාගේ අනුමැතිය සහිතව පැරිස් නුවර සිටින සිය ඥාති සොයුරන් බැලීමට ගියේ ය. සිය නෑනා වූ Emma Wedgwood ගැන ඩාවින් එකල නිතර කතා කලේ ය. 1827 වර්ෂයේ දී Edinburgh විශ්ව විද්‍යාලයෙන් චාල්ස් ඩාවින්ව ඉවත් කරගැනීමට Robert Waring Darwin තීරණය කලේ ය. ඩාවින් වෛද්‍යවරයෙකු නොවෙනවා නම් ඔහුව පූජකයෙකු කළ යුතු බව ඩාවින්ගේ පියා තීරණය කලේ ය. ඒ සදහා ඩාවින්ව එංගලන්ත පල්ලියෙන් අනුමත කරන ලද විශ්ව විද්‍යාලයකට යැවිය යුතු විය. ඒ අනුව ඩාවින්ව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යැවීමට ඩාවින්ගේ පියා තීරණය කලේ ය. එසේවුවත්, ඩාවින් පවුල යනු කිසිසේත්ම ආගමට නැඹුරු පවුලක් නො වේ. ඩාවින්ගේ සීයා වන Erasmus Darwin මෙන්ම ඩාවින්ගේ පියා සහ අයියා ද නිදහස් චින්තකයින් විය. මින් පෙනීයන්නේ, ඩාවින්ගේ පියා විසින් ඩාවින්ව පූජකයෙකු කිරීමට උත්සහ දැරුවේ ආගමට ඇති ලැදියාව නිසා නොව එකළ පූජකයෙකුට සමාජයේ තිබූ ගෞරවය නිසා බවයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ග්‍රීක භාෂාව හා ලතින් භාෂාව පිළිබද පූර්ව-දැනුමක් තිබිය යුතු විය. එබැවින්, තමාට ග්‍රීක හා ලතින් භාෂාව ඉගැන්වීමට ඩාවින් ගුරුවරයෙකු ගත්තේ ය. මාස අටක පමණ කාලයක් ඩාවින් ග්‍රීක හා ලතින් භාෂා හැදෑරීමේ නියැලුණි. මේ කාලයේ ඩාවින්ට අලුත් මිතුරියක් හමුවිය. ඇයගේ නම Fanny Owen ය. ඩාවින් නිතරම Fanny Owenගේ නිවසට යාමට පුරුදුව සිටියේ ය. එමෙන්ම, Fanny Owen හා චාල්ස් ඩාවින් එකට සතුන් දඩයමේ ගියහ.

1828 වර්ෂයේ දී ඩාවින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ Christ’s College එකට ඇතුලු විය. Edinburgh විශ්ව විද්‍යාලයේ දී මෙන් නොව මෙහිදී ඩාවින් අධ්‍යාපන කටයුතු සදහා වැඩි උනන්දුවක් දැක්වීය. විවේක වේලාවට චාල්ස් ඩාවින් කුරුමිණියන් හා ශාක වර්ග එකතු කිරීමේ නියැලුණි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩාවින්ගේ භාරකරු වූයේ John Stevens Henslow යි. Henslow විසින් ඩාවින් හට කේම්බ්‍රිජ් ප්‍රදේශයේ පරිසරය පිළිබදව කියා දුන්නේ ය. ටික කලක් යත්ම, Henslow හා ඩාවින් හොද මිතුරන් විය. Henslow විසින් ඩාවින්ව නානාප්‍රකාර අධ්‍යාපන චාරිකා වලට සහභාගී කරවීය. එමෙන්ම, Henslow විසින් ඇතැම් දින වල ඩාවින්ට රාත්‍රී ආහාරය සදහා සිය නිවසට ආරාධනා කලේ ය. Henslow හා ඩාවින් එකට ඇවිදීමට පුරුදුව සිටියහ. සැකවින් කිවතොත්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තුල ඩාවින් ප්‍රචලිතව සිටියේ “man who walks with Henslow” යනුවෙනි.

මතු සම්බන්ධයි…

Advertisements
This entry was posted in චරිතාපදාන, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

2 Responses to චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස

  1. චාල්ස් ඩාවින් නේද/ මෙයාට ලොකු රැවුලකුයි කොන්ඩෙකුයි තිබුනා මතකයි..

    Like

  2. Pingback: චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – තෙවන කොටස | Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s