පරිණාම-න්‍යාය සහ යහමග අඩවිය

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් නො වේ. එමෙන්ම, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය වනාහී සෘජු නිරීක්ෂණ මගින් මෙන්ම වක්‍රාකාර සාක්ෂි මගින් ද තහවුරු කර ඇති ප්‍රස්තුථයකි. එබැවින්, පරිණාමය පිළිබදව වන ඩාවිනියානු න්‍යාය යනු හුදු “වාදයක්” පමණක් යැයි හුවා දැක්වීම වැරදිය. “පරිණාමවාදය” යන වචනයෙන් බහුලව හැදින්වූ පමණින් පරිණාම-න්‍යාය අසත්‍ය බව ඔප්පු නො වේ.

එමෙන්ම, පරිණාම-න්‍යායට විකල්ප විශ්වාසයක් ලෙස ඇතැමුන් විසින් ඉදිරිපත් කරන මැවුම්වාදය සැළකුවද එයද “වාදයකි”.“පරිණාමවාදය” යනුවෙන් හදුන්වා තිබීම වනාහී ඩාවින්ගේ න්‍යායේ අඩුපාඩුවක් නම් “මැවුම්වාදය” (as opposed to මැවුම්-න්‍යාය) යනුවෙන් මැවුම්වාදය හදුන්වා තිබීම ද “දෙවියන් ලෝකය මැව්වාය” යන ස්ථාවරයේ අඩුපාඩුවකි. මේ බව වටහා නොගන්නා යහමග ඩොට් කොම් කතුවරුන් හුදෙක් වචන හරඹ පමණක් යොදාගනිමින් පරිණාම-න්‍යායට වඩා මැවුම්වාදය “සිරා” යනුවෙන් තර්ක කරයි.

ආගම් වල සදහන් කරන ප්‍රේතයන්, භූතයින්, ජින්වරුන් වැනි අදෘශමාන සත්ත්වයින්ගේ පරිණාමය පිළිබදව ඩාවින්ගේ න්‍යායේ කිසිදු සදහනක් නැතැයි යහමග අඩවිය පවසයි. ඩාවින්ගේ න්‍යායේ අදෘශමාන සත්ත්වයින් පිළිබදව සදහන් කරන දේ විමසීමට පෙර ඔය කියන්නා වූ අදෘශමාන සත්ත්වයින් සිටින බවට සාක්ෂි යහමග අඩවියේ කතුවරු විසින් ඉදිරිපත් කළ යුතු ය. යම් කිසි සත්ත්ව කොට්ඨාෂයක් “ඉන්නවා” යැයි ආගමික ඉගැන්වීම් වල සදහන්ව තිබූ පමණින් එම සත්ත්වයින් ඉන්නා බව ඔප්පු නො වේ. එබැවින්, “අදෘශමාන ජීවීන් පිළිබදව පරිණාම-න්‍යාය මුනිවත රකී” යනුවෙන් යහමග අඩවිය තුල ඉදිරිපත් කර ඇත්තේ බොල් තර්කයකි.

ලිව්වේ – කුමාර සංකල්ප

This entry was posted in ජීව විද්‍යාව, විද්‍යාව, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

4 Responses to පරිණාම-න්‍යාය සහ යහමග අඩවිය

  1. jagath says:

    පරිනාම වාදය හා මැවුම් වාදය අතර ගැටුමක් නෑ
    නෝවාගේ කාලයේ ජල ගැල්මෙන් බේරුණු සතුන් කිහිප දෙනා පරිනාමය වී අද ඇති සත්ව ලෝකය බිහිවුනා ඒක දේව කැමැත්ත

    Like

  2. Aramuna says:

    We like to sit with you guys to talk about this matter.
    පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!
    http://www.aramuna.lk/evolution/evointro.html

    Like

  3. Anonymous says:

    chals davin wisinma kiyala thiyenawa me mathaya anagathayedi wenas wiya heki bawa. denata soyagath sakshi anuwa oppu wi thibena bawa sathyak. namuth wenas wiya hekiy.

    Like

    • Ben MacTavish says:

      ඉතින් විද්‍යාව කොහොමත් එහෙම තමයි. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරොත් ඕනෑම න්‍යායක් බිඳින්න පුලුවන්. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂන න්‍යාය ගන්න. ඔබ උඩ පැන්නොත් අනිවාරෙන් බිමට වැටෙනවනෙ? ඒත් කවදාහරි එහෙම නොවැටුනොත් ගුරුත්වාකර්ෂන න්‍යාය බිඳ වැටෙනවා (උදාහරණයක් විදිහට කිව්වෙ ඒක).

      Like

පාඨක ප්‍රතිචාර...