පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ…

පුරාතන ග්‍රීක සමාජයේ විසූ දාර්ශනිකයන් අතරින් නිරාගමික චින්තනයකට සමාන චින්තනයක් තිබුණු තවත් දාර්ශනිකයෙකු වූයේ ඩිමොක්‍රිටස්ය. ඩිමොක්‍රිටස් ජීවත් වූ කාල පරාසය හරියටම කීමට අපට හැකියාවක් නොමැත. එසේවුවද, ආසන්න වශයෙන් ගත් කළ, ක්‍රිස්තු පූර්ව 460ත් ක්‍රිස්තු පූර්ව 360ත් අතර කාලය තුළ ඩිමොක්‍රිටස් ජීවත් වූවා යැයි පැවසිය හැක. උතුරු ග්‍රීසියේ Abdera නගරයේ උපන් හෙතෙම ලියුසිපස් (Leucippus) නම් විද්වතාගේ සිසුවෙකි.

නිරාගමිකත්වයට ඩිමොක්‍රිටස් වැදගත් වනුයේ ඔහු භෞතිකවාදී ලෝදැක්මක් දැරූ පුද්ගලයෙක් හෙයිනි. ඩිමොක්‍රිටස්ට අනුව, විශ්වය ප්‍රධාන වශයෙන්ම සංඝටක දෙකකින් සමන්විත වේ. එනම්, පරමාණු හා හිස් අවකාශයයි. මෙහිදී අප අවධාරණය කර ගත යුතු කරුණ වන්නේ ඩිමොක්‍රිටස් විසින් “පරමාණුව” යන වචනය භාවිත කලේ වර්තමානයේ එම වචනය භාවිත වන අර්ථයෙන් නොවන බවයි. ඩිමොක්‍රිටස්ට අනුව “පරමාණුවක්” යනු තවදුරටත් බෙදා වෙන් කල නොහැකි කුඩා අංශුවකි. ඩිමොක්‍රිටස් ප්‍රකාශ කලේ විශ්වයේ ඇති සියලු දෑ “පරමාණු” වලින් – එනම් – තව දුරටත් බෙදා වෙන් කල නොහැකි කුඩා අංශු වලින් නිර්මිත බවයි.

ඩිමොක්‍රිටස්ගේ ස්ථාවරය තේරුම් ගැනීමට මෙම චිත්ත පර්යේෂණයේ නියැලෙන්න. ලී කොටයක් ගෙන එය යම් ආකාරයකින් දෙකට කැපුවා යැයි සිතන්න. එනම්, අප විසින් මුලින් තනි වස්තුවක් ලෙස තිබූ ලී කොටය, දැන් වස්තු දෙකකට බෙදා වෙන් කර ඇත. එම ලී කැබලි දෙකෙන් එකක් ගෙන අපට නැවත වරක් කොටස් දෙකකට කැපිය හැක. එලෙස කපා ලබා ගත් ලී කැබලිද අපට නැවත වරක් කොටස් වලට කපා වෙන් කර හැක. නමුත්, ඩිමොක්‍රිටස් තර්ක කළ ආකාරයට, අපට අනන්තවත් වාරයක් මෙම ලී කොටය කපා වෙන් කල නොහැක. එනම්, ලී කොටය සෑදී තිබෙනුයේ තව දුරටත් බෙදා වෙන් කල නොහැකි අංශූන්ගෙනි.

නිකමට මෙන්, පදාර්ථය අනන්තවත් වාරයක් බෙදා වෙන් කල හැකි යැයි සිතමු. එලෙස, පදාර්ථය අනන්තවත් වාරයක් බෙදා වෙන් කර, අප ලබාගන්නා එක් අංශුවක ප්‍රමාණය කොපමණ ද? එම අංශුවට යම් ප්‍රමාණයක් – එනම් – දිගක්, පළලක්, ඝනකමක් තිබේ නම්, එය පරමාණුවකි. එම අංශුව දිගක්, පළලක්, ඝනකමක් නැති ජ්‍යාමිතික ලක්ෂයක් බදු දෙයක් විය හැකිද? ඩිමොක්‍රිටස්ට අනුව එසේ විය නොහැකිය. මන්දයත්, ජ්‍යාමිතික ලක්ෂ අනන්තවත් සංඛ්‍යාවක් එකතු කර වුවද අපට පදාර්ථයක් තනාගත නොහැකි බැවිනි.

ඩිමොක්‍රිටස් පැවසූ ආකාරයට, විවිධ ප්‍රමාණයේ “පරමාණු” ඇති අතර පරමාණු වනාහී සදාකාලික, වෙනස් නොවන දේවල් ය. එමෙන්ම, පරමාණු වලට පාටක්, උෂ්ණත්වයක්, සුවදක් නොමැති බව ද ඩිමොක්‍රිටස් විසින් කියා සිටියේය. තවද, ඩිමොක්‍රිටස් විසින් මරණයෙන් මතු පැවැත්මක් ඇතැයි යන මතය බැහැර කළේය.

පුරාතන ග්‍රීක දාර්ශනිකයින් අතරින් නිරාගමිකයින්ට වැදගත් වන තවත් දාර්ශනිකයෙකු වන්නේ එපිකියුරස්ය. එපිකියුරස්ගේ ලෝකදැක්ම සියයට සියයක් නිරාගමික නැත. මන්දයත්, එපිකියුරස් විසින් නානාප්‍රකාර ග්‍රීක දෙවිවරුන්ගේ පැවැත්ම පිළිගත් බැවිනි. එසේවුවද, එපිකියුරස්ට අනුව, දෙවියන් හට මානව ජීවිතය පිළිබද උනන්දුවක් නැත. එබැවින්, දෙවියන් හිටියත් නෑ වගේය.

ක්‍රිස්තු පූර්ව 341 දී, ග්‍රීක දූපතක් වන සැමොස් (Samos) දිවයිනේ උපත ලද එපිකියුරස් වයස අවුරුදු 35 දී පමණ ඇතැන්ස් නගරයට සංක්‍රමණය විය. එපිකියුරස් විසින් පොත් පත් තුන් සියයක් පමණ රචනා කර ඇත. නමුත්, ඒ සියල්ල අද දක්වා සුරක්ෂිතව නැත. වර්තමානයේ ඉතිරිව ඇත්තේ එපිකියුරස් විසින් ලියන ලද පොත් අතුරින් කිහිපයක් පමණි.

එපිකියුරියානු ලෝකදැක්ම අනුව අප මරණයට බිය විය යුතු නැත. මරණ බය වනාහී නානාවිධ අධිස්වභාවාත්මක, ආගමික විශ්වාස නිසා හටගැනෙන්නක් බව එපිකියුරස්ගේ මතය විය. එමෙන්ම, එපිකියුරස් විසින් මරණයෙන් මතු පැවැත්මක් හෝ පුනර්භවයක් ඇතැයි යන ස්ථාවරය පිළිගත්තේ නැත.

නිරාගමිකත්වය වනාහී හදිසියේ පැතිර ගිය සෝබනයක් නොවන බවත්, පුරාතනයේ සිට පැවත එන්නක් බවත් මෙම කරුණු හරහා පැහැදිලි වේ.

ලිව්වේ – කුමාර සංකල්ප

Advertisements
This entry was posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

3 Responses to පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස

  1. Mayya says:

    //නිරාගමිකත්වය වනාහී හදිසියේ පැතිරගිය සෝබනයක් නොවන බවත්, පුරාතනයේ සිට පැවත එන්නක් බවත් මෙම කරුණු හරහා පැහැදිලි වේ.//

    නිරාගමිකත්වය මෙන්ම ආගමද හදිසියේ පැතිරගිය සෝබනයක් නොවන බව් මෙන්ම පුරාතනයේ සිටම පැවතෙන බවත්, එකිනෙක පාර්ශව වලට ඉතිහාසයේ සිටම බුල්ඩෝසර් කරනු ලැබු ජයග්‍රහනයක් කිසිම විටක නොලැබුන බවත් මටද පැහැදිලි වී ඇත…

    එමෙන්ම නිරාගමිකත්වය මෙන්ම ආගමද ඉතිහාසයේ විවිධ කාල වල විවිද අර්ථ වලින් දේශපාලනය නැමැති ගණිකාව සමග යහන්ගත් වී ඇති බවද අපට පැහැදිලි වී ඇත.

    එමෙන්ම ආගමට ඉට්ටයිල් එකට ජීවිතය වුවත් පරදුවට තැබිමට සුදානම් බල සේනා අර සේනා , හින්දු, බෞද්ධ කතොලික, මුස්ලිම් අන්තවාදී පොරවල් සේම ඩොකින්ස්, සෑම් හැරිස් ගේ පොත පත කියවා ඇග රත් කර ගත් නිරාගමිකයන් අතරද ඇත්තේ පොඩි වෙනසක් බවද අපට තේරී ඇත..

    එක එක මතවාද කරට ගත් පිස්සන් දගලන නමුත් කුමන මතවාදයක් උනත හරියට ග්‍රහණය අර ගත් වෙදා කලබල නොවන බවත් අපට පැහැදිලිය….

    Like

    • ආගම වනාහී වර්තමානයේ හදිසියේ පැතිර ගිය සෝබනයක් යැයි මම කිසි තැනක සදහන් කර නැත. නිරාගමිකත්වය ප්‍රචලිත වීමට පෙර සිට ආගම් පැවති බව මම පිළිගනිමි.

      නමුත්, මෑතකදි මම නිරීක්ෂණය කරපු දෙයක් තමා ආගම් අදහන අය නිරාගමිකත්වය “අලුත් සෝබනයක්“ ලෙස හදුන්වා දීම…ඒක කරුණක් වශයෙන් ගත් කළ වැරදියි..

      ඩොකින්ස්ගෙ, සෑම් හැරිස් පොත පත කියවපු නිරාගමිකයන් කරන්නෙ අන්තර්ජාලයේ හෝ පුවත්පත් තුල සිය අදහස් පළකරන එක..ඒකෙ වැරැද්දක් නෑනෙ..ආගම් අදහන අයත් ඕනතරම් තමන්ගෙ අදහස් පලකරන්නෙ…

      Like

  2. Pra Jay says:

    apatheism නිරාගමිකත්වයට අයත් වන්නේද?

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s