මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ කතිකාව සිදුවන බව පෙනෙන්නට තිබුණි.

සුපුරුදු පරිදි, හිස් වාගලංකාර යොදාගනිමින් නලින් ද සිල්වා මෙරට “සිංහලබෞද්ධ” යන ලේබලය යොදාගෙන තමන් හදුන්වාගන්නා ජනතාවගේ හැගීම් ආමන්ත්‍ර‍ණය කිරීමට එම ලිපිය තුල කටයුතු කර තිබෙණු දක්නට ලැබේ. නලින්ගේ ලිපියේ දාර්ශනික ගැඹුරකින් යුත් තර්කයන් කිසිවක් නැත. ඇත්තේ “මෙන්න මුන් සිංහලබෞද්ධ මෙව්වා එකට කෙලවන්න හදනෝ” යන කන්දොස්කිරියාව පමණි.

නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ එක් අදහසක් නම් “ලංකාව දැනට සිංහලබෞද්ධ රටක් නිසා, ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන අදහසයි. තර්කයේ පහසුව තකා පමණක්, දැනට ලංකාව සිංහලබෞද්ධ රටක්ය යන කාරණය පිළිගත්තද, එයින් “ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන ප්‍ර‍ස්තුථය ගම්‍ය නොවන බව කිය යුතුය. “දැනට තත්ත්වය මෙසේය එබැවින් සැමදාම තත්ත්වය මෙසේ විය යුතුය” යනුවෙන් තර්ක කිරීම දෝෂ සහිතය. “දැනට රට තුල හොරකම් හා මිනීමැරුම් සිදුවන බැවින් හොරකම් හා මිනීමැරුම් වලට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇත්තේද නලින් විසින් ඉදිරිපත් කරනු ලැබූ “ලංකාව දැනට සිංහලබෞද්ධ රටක් නිසා, ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇති දෝෂයමය. දර්ශනය පිළිබදව විද්වතෙකු වන නලින් ද සිල්වා මේ බව දන්නාමුත් ඔහුගේ පාඨකයින් අතර බහුතරය මේ බව නොදන්නා නිසා ඔහුට එම වාගලංකාරය නිතර නිතර භාවිත කිරීමට ඉඩ ප්‍ර‍ස්ථාව සැලසී ඇත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි.

ලිව්වේ – අසීයා මිතුරුසිංහ

Advertisements
This entry was posted in කාලීන, තර්කනය, Sinhala and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

6 Responses to මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

  1. ජනිත් says:

    සිංහල පැත්තකට දාලා බෟෙද්ධ ගත්තත් බාර් වැසිය යුතුය කියන රෙස්ට්‍රික්ෂන් එක බුදුන් කොයි කාලේ කියපු එකක්ද…😯

    Like

  2. jagath pathirana says:

    //දැනට ලංකාව සිංහලබෞද්ධ රටක්ය යන කාරණය පිළිගත්තද, එයින් “ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන ප්‍ර‍ස්තුථය ගම්‍ය නොවන බව කිය යුතුය.

    මේ ක පැහැදිලි නෑ.
    ඔයා හිතන හැටියට ලංකාව සිංහලබෞද්ධ රටක්ය කීමෙන් අදහස් වියයුත්තේ මොකක්ද?

    //“දැනට රට තුල හොරකම් හා මිනීමැරුම් සිදුවන බැවින් හොරකම් හා මිනීමැරුම් වලට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇත්තේද නලින් විසින් ඉදිරිපත් කරනු ලැබූ “ලංකාව දැනට සිංහලබෞද්ධ රටක් නිසා, ලංකාව තුල සිංහලබෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් දිය යුතුය” යන තර්කයේ ඇති දෝෂයමය

    හොරකම් සහ මිනීමැරුම් වෙනවා වගේම ඒවා වැරදියි කියන මතයත් පවතිනවා
    විශේෂත්වයක් දීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
    විශේෂ අවසරයක් දියයුතුයිද? නැතිනම් විශේෂ උනන්දුවක් දක්වා මර්ධනය කල යුතුද?

    මිනිසාගේ විශේෂ ලක්ෂණයක් තමයි සංස්කෘතිය මත යැපීම.
    සංස්කෘතියක උදව් නැතිව මිනිසාට මළ/ මුත්‍රා පහකරන්නත් බෑ.
    සංස්කෘතියක් ගොඩනැඟිලා තියෙන්නේ තනිකරම තර්කයෙන්ම නෙමෙයි.

    එක සංස්කෘතියකට විරුද්ධ කෙනා දැන හෝ නොදැන වෙනත් සංස්කෘතියකට සහයෝගය දෙනවා.

    මම නම් ලංකාව සිංහලබෞද්ධ රටක් හැටියට පිලිගන්නේ නෑ. 1815න් පසු ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    ලංකාව සිංහලබෞද්ධ රටක් වියයුතු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.

    පෝය දිනවල මත්පැන් හල් වැසීමට විරුද්ධ අය දැන හෝ නොදැන සේවය කරන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට.

    Like

  3. සංස්කෘතියක උදව් නැතිව බහිස්‍රාවීය කටයුතු කරන්න බෑ කියන අදහස පිළිගන්න බෑ…ඇරුත්, ඒක පිළිගත්තත් එතනින් සංස්කෘතියට රාජ්‍ය අනුග්‍ර‍හය දීලා සුරැකිය යුතුයි කියලා ගම්‍ය වෙන්නෙ නෑ….සංස්කෘතිය කියන්නෙ රජයට අදාල දෙයක් නොවේ…මිනිසාගේ හෝ මිනිස් කණ්ඩායම් වල පෞද්ගලික දෙයක්…රජයේ ජොබ් එක සංස්කෘතිය රැකීම නොවේ…..ඒ නිසා ව්‍යවස්ථාවේ තෝරාගත් සංස්කෘතියකට මුල්තැන දීම නොකල යුතුයි…

    // එක සංස්කෘතියකට විරුද්ධ කෙනා දැන හෝ නොදැන වෙනත් සංස්කෘතියකට සහයෝගය දෙනවා.//
    මේකට කියන්න තියෙන්නෙ, ඕනෑම කෙනෙක්ට ඕනෑම සංස්කෘතියකට සහය දෙන්න අයිතිය තියනවා…..තමාට උපතින් ලැබුණ සංස්කෘතියට පමණක් සහය දිය යුතුය කියලා නියමයක් නෑ…නමුත්, කලින් කියූ පරිදි රජයක රාජකාරිය සංස්කෘතිය ගැන කටයුතු කිරීම නොවන නිසා රජයක් යම් සංස්කෘතියකට සහය දීම වැරදියි…රජය විසින් කිසිම ආගමක් හෝ සංස්කෘතියකට සහය දෙන් නැතිව රජය විසින් ආගම/ සංස්කෘතිය වගේ මාතෘකා සම්බන්ධයෙන් උදාසීන ප්‍ර‍තිපත්තියක් අනුගමනය කළ යුතුයි.
    // මම නම් ලංකාව සිංහලබෞද්ධ රටක් හැටියට පිලිගන්නේ නෑ. 1815න් පසු ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    ලංකාව සිංහලබෞද්ධ රටක් වියයුතු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    පෝය දිනවල මත්පැන් හල් වැසීමට විරුද්ධ අය දැන හෝ නොදැන සේවය කරන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට.//
    මේ කාරණා එකිනෙකට පරස්පරයි…ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්නං (දැනට) ඇයි පෝය දවසෙ බාර් නැත්නම් මත්පැන් හල් වහන්නෙ??
    රජයක් කළ යුත්තේ සිංහලබෞද්ධ සංස්කෘතියටවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියටවත් සේවය කිරීම නොවේ…කිසිම සංස්කෘතියකට සේවය නොකර සිටීම..රටේ ජනතාවට තමන් කැමති ඕනෑම සංස්කෘතියකට ගැතිවෙන්න පුලුවන්…එම සංස්කෘතිය තුල සදාචාරයට පටහැනි දෙයක් නියෝග නොකරන තාක්කල්..නමුත්, මම කතාකරන්නෙ ජනතාව ගැන නොව රාජ්‍ය ප්‍ර‍තිපත්තිය ගැන

    Like

  4. Amila L says:

    This is ‘palu geyi walan bindeemak’. If you are sufficiently confident to criticise his writings, you can directly write your comments under relevant post in his Facebook page.

    Like

පාඨක ප්‍රතිචාර...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s