මෙම අඩවිය මගින් නියෝජනය කරනුයේ ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිර්ආගමික (නැතහොත් “නිරාගමික”, හෝ “කිසිම ආගමක් නැති”) ජනතාවයි. නිර්ආගමික පුද්ගලයන් පිළිබදව බොහෝ දෙනා තුළ ඇත්තේ ඉතා අවම දැනුමකි. එමෙන්ම, වත්මන් සමාජය තුළ නිර්ආගමික පිරිස් පිළිබද ඇති ආකල්පයන් බොහෝදුරට අසත්‍යය. මේ නිසා ගෝලීය මට්ටමෙන් මෙන්ම දේශීය මට්ටමෙන්ද නිර්ආගමික පුද්ගලයින්ව නානාප්‍රකාර අසාධාරණයන්ට සහ වෙනස්කම් වලට භාජනය වීම සුලභය. උදාහරණයක් ලෙස, වත්මන් ශ්‍රී ලංකාව තුළ කිසිම ආගමක් නොමැති දරුවෙකු හට පාසලේ දී ආගම විෂය හැදෑරීමෙන් වැළකී සිටීමේ නිදහස නැත. නිර්ආගමික පිරිස් නියෝජනය කිරීම වෙනුවෙන් කැපවුණු අඩවියක අවශ්‍යතාවය මූලික වශයෙන්ම පැන නගින්නේ මේ හේතූන් නිසාය.
සරලව අර්ථදක්වන්නේ නම්, “නිර්ආගමිකයා” යන වචනයෙන් අදහස් කරනුයේ කිසිම ආගමක් නොමැති පුද්ගලයෙක්ය. මෙය වනාහී ඉතාම ගොරෝසු අර්ථදැක්වීමකි. “කිසිම ආගමක් නොමැති අයෙක්” යනුවෙන් “නිර්ආගමිකයා” යන වචනය අර්ථදැක්වීම වනාහී සීනි මල්ලක් අල්ලේ තබාගෙන එහි ස්කන්දය පිළිබද ඇස්තමේන්තුවක් කිරීම වැනි ක්‍රියාවකි. එනම්, ඉන් අපට ලැබෙන්නේ හුදෙක් දළ අදහසක් පමණක් විනා වඩා නිවැරදිවූත් සියුම්වූත් පිළිතුරක් නොවේ. එබැවින්, “කිසිම ආගමක් නොමැති අයෙක්” යනුවෙන් නිර්ආගමිකයෙකු අර්ථදැක්වීම ඒ හැටි ප්‍රයෝජනවත් දෙයක් වන්නේ නැත. “කිසිම ආගමක් විශ්වාස නොකරන නමුත් ජෝතිශ්‍ය පිළිගන්නා අයෙකු නිර්ආගමිකයෙකු යනුවෙන් ගැනෙනවාද නැද්ද” යනාදී ගැටලු විසදීමෙහිලා “නිර්ආගමිකයෙකු යනු කිසිම ආගමක් නොමැති අයෙක්” යන අර්ථදැක්වීම ප්‍රමාණවත් පරිදි සියුම් (precise) නැත. එබැවින්, ඉහතකී අර්ථදැක්වීම තවදුරටත් සුමට කළ යුතුය. එකී සුමට කිරීම ඉදිරි ලිපි හරහා කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් “නිර්ආගමිකයෙකු යනු කිසිම ආගමක් නොමැති අයෙක් ය” යන අර්ථදැක්වීම ඔබ හමුවේ තබමි.
නිරාගමික මිනිසුන් පිළිබද ජනතාවට කරුණු දැක්වීම සහ නිරාගමිකත්වය සනාථ කිරීම උදෙසා තර්කයන් ගෙනහැර දැක්වීම මෙම අඩවියේ ප්‍රධානතම අරමුණුයි. ඊට අමතරව අප විසින් මෙම අඩවිය හරහා විද්‍යාව වෙනුවෙන් පෙනීසිටීමටත්, ශ්‍රී ලාංකීය ජනතාව තුළ විද්‍යාව කෙරෙහි ඇති උනන්දුව දියුණු කිරීමටත් අපේක්ෂා කරන්නෙමු. එබැවින්, නිරාගමිකබව යන තේමාව හැරුණුකොට විද්‍යාව පිළිබද තොරතුරු ඇතුළත් ලිපිද මෙම අඩවිය තුළින් ඔබට දැක ගත හැකි වනු ඇත.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ විසිර සිටින සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිර්ආගමිකයින්, හේතුවාදීන්, සංශයවාදීන්, මානවවාදීන්, ඓහිකවාදීන් සහ භෞතිකවාදීන් හට මෙන්ම විද්‍යාව ප්‍රියකරන්නන් හටද අප අඩවිය හා එක්වන ලෙස ඉල්ලා සිටිමි.
නිර් ආගමිකත්වයද ආගමකි 🙂 එම නිසා නිර් ආගමිකයන් යනු සැබෑ නිර් ආගමිකයන් නොවේ..:)
LikeLike
මුද්දර එකතු කිරීම විනෝදාංශයකි. නමුත් විනෝදාංශයක් නොමැතිව සිටීම විනෝදාංශයක් නොවේ.
LikeLike
හෙ හෙ මුද්දර එකතු කිරිම විනෝදාංශයක් ලෙස ගැනිම ස්ටිරියෝටයිප් එකකි.එය විනෝදාංශයක් ලෙස නොගැනීමද ස්ටිරියෝටයිප් එකකි..
මම ඔබගේ ස්ටිරියෝටයිප් පිලිගැනීමට බැදී නැතුවා මෙන්ම ඔබ මගේ ස්ටිරියෝටයිප් පිලිගැනීමට ද අවශ්‍යතාවයක් නැත…
LikeLike
There are 3 elements that define stereotyping
1. It is the collective impression of a habit formation, wherein which classification takes place to identify those who are stereotyped from the much larger social paradigm.
2. However, the fundamental definition of a stereotype lies in its it’s perceiver, not the subject of it, therefore invalidating the pre-percieved characteristics of that stereotype from being generally applicable.
3. One subjective stereotype is not restricted from behaving in just one stereotypical habit formation only, It is possible for a social being to allude to one or more stereotypes at the same time.
Therefore, if collecting stamps is a stereotype, and not collecting stamps is also a stereotype, the common factor in this difference is “stamps and its possession” – but both of these parties are conscious about stamps.
And if atheism is the equivalent of not having a hobby- it is therefore not resemblant of collecting or not collecting stamps, it is but the state of considering stamps as “irrelevant” thus, it is simply a state of ideals that people share without possible preconceived stereotyping – which intern makes your argument invalid.
LikeLike
මමත් නිර් ආගමික අදේව වාදියෙකි . මෙය ඉතා හොඳ බ්ලොග් අඩවියකි.
LikeLike
pawkaara weasigea putaalaa…
LikeLike
නැවතී කමෙන්ට් කලාට ස්තූතියි. ඔබ වැනි පුද්ගලයන් කිසියම් ආගමකට අනුගතවී සිටීම, (එම ආගමට එතරම් හොඳ නැති වුවත්) පෞද්ගලිකව ඔබට වඩා සුදුසය.
LikeLike
සුපිරී මචෝ…මෙක පට්ට බ්ලොග් එකක් වෙයි කියල හිතනවා.මම මේ වගේ එකක් හොය හොය හිටියේ.ආගම් වලින් පෙන්වන කලු සුදු ලෝකයට වඩා ලස්සන ලෝකයක් ඇත්තටම තියනවා…..එහෙම හිතන්න පුලුවන් තරම් දියුනු මට්ටමක සිටින පිරිස එකට එකතු වෙනවා දකින්න මම කැමතියි.නමුත් අපිට දෙශපාලනයෙන් වියුක්ත වෙලා විද්‍යාව සහ නිර් ආගමික වීම ගැන කතා කරනවට වඩා ඉතා ඉහල මට්ටමේ දෙශපාලනික අදහස් මේ සංවාදයන්ට මුසු වෙනවා නම් මේක පට්ට.
LikeLike
මන්ද බුද්ධික මොන්ගල් පරයන් පිරිසක් විසින් ස්වයං වින්දනය සඳහා පවත්වාගෙන යන හත් පොලේ ගූ ගාගත් බ්ලොග් එකකි
LikeLike
නැවතී කමෙන්ට් කලාට ස්තූතියි. නිරාගමිකත්වය හැමෝටම හරියන්නේ නැත. ඔබ වැන්නට කිසිසේත්ම ගැලපෙන්නෙ නැත. ඔබ වැනි පුද්ගලයන් කිසියම් ආගමකට අනුගතවී සිටීම, (එම ආගමට එතරම් හොඳ නැති වුවත්) පෞද්ගලිකව ඔබට වඩා සුදුසය.
LikeLike
සත්‍ය වශයෙන්ම
ආගම ඔවුන්ගේ මත් ද්‍රව්‍ය වී ඇත ඔවුන් මත් වී සිටීම ආගමට හොද නැති වුවත් ඔවුන්ට පෞද්ගලිකව වඩා යහපත්ය
LikeLike
නිරාගමිකයන් රටට ඉතා වැදගත් වන්නේ පේන්න තිබෙන ගොන්පාට් නිසාය.සකෘදාගාමී භික්ෂූන්,ඊනියා රහතන් වහන්සේලා නිසා රටම පිස්සු පීකුදු වෙයි.එහෙත් මරණින් මතු ජීවිතයක් නතැයි කියන්න බෑ නේද? ඒ තුලින් යම් පාර භෞතික දේවල් පැවතිය නොහැකිද?විශේෂයෙන් කොවුර්වාදී භෞතිකවාදය තුල පංචේන්ද්‍රියන්ට හසු නොවන සියල්ල ප්‍රතික්ෂේප වේ.
LikeLike
ඉහත කොමෙන්ටුව වර්ඩ්ප්‍රෙස් නැතිනිසා ඇනෝ ලෙසයි දැම්මේ මම yakamamayaka@gmail.com මගේ බ්ලොග් එක http://yakaageadaviya.blogspot.com/
LikeLike
Appreciate the effort. Probably I’m gonna be regular reader here 🙂
LikeLike
නියමයි! හොඳ ආරම්භයක්!!
LikeLike
buruvo set ekak patan gata buru vadak
LikeLike
this is a good work. i like to join with your hard work. contact meon face book viraj elvitigala
LikeLike
හොය හොයා හිටි තැනක් බොහොම සන්තෝෂයෙන් join වෙන්නම්
LikeLike
බුදුන් නිරාගමිකයිද?
LikeLike
Oh thank You
Nice to Secularism In Sri lanka
i would like to be a member
and I am a Great Atheist
LikeLike
The texts here are really interesting
and clearly matching with my thinking
and I would like to make some requests
1/ upload mere articles on parapsychology, soul, mind and so on
2/ collect all Atheists and form a association where we can have the membership
LikeLike
ඉතා මනහර සාකච්ඡාවකට වටිනා පදනමක් ! තේරුම් ගෙන සිටින ආකාරය නිවැරදිනම් කාලාම ගමේ දී බුදුන් වහන්සේ හමුවේ විමසීම් කළේ ඔබ වැනි නිරාගමික බුද්ධිමතුන් පිරිසක් විය හැකියි මට සිතෙනවා.
LikeLike
and I would too ask
3/ Give any form where all of us van share our ideas, discuss our doubts and come to a common conclusion( we can use online chat rooms)
4/ Post a description of every member of it.(it is better to add the name, age, residence, contact information)
5/ Provide important points which would be useful to win arguments(against creationism, rebirth, miracles, and etc)
LikeLike
මේ බ්ලොග් සටහන ඉතාම වැදගත් නිර්ආගමිකයෝ යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් සොයා යාමට මගක්. එහෙත් තවමත් එය නිර්වචනය කිරීම දුබල මට්ටමක පවතින බවයි පෙනෙන්නේ නේද? //විනෝදාංශයක් නොමැතිව සිටීම විනෝදාංශයක් නොවේ.// යන්නෙන් කෙරෙන පැහැදිලි කිරීම ප්‍රමාණවත් වී නැත.
LikeLike
Nice to see that sri lanka has a bit of a movement of the side of Atheism. Opening eyes from the old conservative mindsets built on a very religious platform. Keep up the good work.!
LikeLike
keep up the good work. we need this atheist movement in SL
LikeLike
ඉතා හොද වැඩක්. සාමාන්‍ය යෙන් මතක වස්ත්‍ර බණක් නොකියා මළ ගෙදරක අවසන් කටයුතු කිරීමට මේ සමාජයෙන් ඉඩක් ලැබේද? ඔබගේ අදහස් දක්වන්න
LikeLike
Keep up this great work… Find me on Facebook, Chamith Akalanka Samarasinghe. http://www.chamithcas.wordpress.com
LikeLike
This z awesome. I believe “if there is religion there is war”. Non of the religious leaders want to bring peace & harmony to world. They want only money and spread their religion. I hate being religious. Atheism is the best way.
LikeLike
niyamai.maanushiyathwayata garu kalata math kisima agamak adahanne piliganne nathi kenek.
LikeLike
Hi Guys nice to see this blog , specially created for Srilankan secularists , i m an ex muslim from Sri Lanka , would love to be in touch with other secularists in sri lanka , pls write to my mail : slexmusi@gmail.com
LikeLike
බණ්ඩාගේ අඩවියෙන් දැකලයි මෙහාට ගොඩවුනේ, මට කියන්න නිරාගමිකයන් වන ඔබට පොදු ආචාර ධර්ම තිබෙනවාද? කවුරැහරි නිරාගමික හිතවතෙක් මම ලියූ පෝස්ටුවට ඒ ගැන අදහසක් දක්වන්න. ස්තූතියි. https://deepthidonkor.blogspot.com/2019/09/blog-post_48.html
LikeLike