Tag Archives: ආගම

අද පෝය!!!

අද පෝය!!! ඒ කිව්වෙ, භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක. පූජකයන් හරි, භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ … Continue reading

Posted in කාලීන, තර්කනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

සාමාන්‍ය හේතුවාදය හා දාර්ශනික හේතුවාදය

රසායන විද්‍යාඥයන්ට මෙන්, ගණිතඥයන්ට පර්යේෂණාගාර අනවශ්‍ය ඇයි? ගණිතඥයින් යම් යම් ගණිතමය සත්‍යතාවයන් දැනගන්නේ කෙසේද? සමතලා පෘෂ්ඨයකදී, සියලු ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් බව අප ඉගෙනගතිමු. මෙම ප්‍ර‍කාශය සාක්ෂි සහිතව ස්ථාපනය කරන්නේ කෙසේද? අපට කඩදාසි ත්‍රිකෝණ සිය ගණනක් … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

නීතිය හා පාෂාණ්ඩනය

නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ… පුරාතන ග්‍රීක සමාජයේ විසූ දාර්ශනිකයන් අතරින් නිරාගමික චින්තනයකට සමාන චින්තනයක් තිබුණු තවත් දාර්ශනිකයෙකු වූයේ ඩිමොක්‍රිටස්ය. ඩිමොක්‍රිටස් ජීවත් වූ කාල පරාසය හරියටම කීමට අපට හැකියාවක් නොමැත. එසේවුවද, ආසන්න වශයෙන් ගත් කළ, ක්‍රිස්තු පූර්ව 460ත් ක්‍රිස්තු පූර්ව 360ත් … Continue reading

Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – පළමු කොටස

නිරාගමිකත්වය යනු අද ඊයේ හෝ මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නො වේ. පුරාතන ග්‍රීසියේ මෙන්ම පුරාතන භාරතය තුළ ද නිරාගමිකත්වය පිළිගත් සහ නිරාගමිකත්වය ප්‍රචලිත කරනු ලැබූ දාර්ශනිකයෝ සිටියහ. මෙම ලිපිය මගින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ පුරාතන ග්‍රීසියේ පැතිර තිබුණු නිරාගමික … Continue reading

Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

ස්පෙශල් යුනිෆෝම් හැදි ස්පෙශල් මිනිස්සු

අප සමාජයේ සාමාන්‍ය මිනිසුන් සේ නොසැලකෙන, සෑම අවස්ථාවකදීම වාගේ විශේෂ සැලකිලි වලට ලක්වන, සමාජය විසින් “ස්පෙශල්” යැයි සලකණු ලබන විශේෂ වූ මිනිසුන් කොටසක් වේ. මොවුන් විසින් අප සමාජයට නිතර “අවවාද” හා “අනුශාසනා” කරනු ලබයි. හොද හා නරක පිළිබදව යම් යම් … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

පරිණාම-න්‍යාය සහ යහමග අඩවිය

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් … Continue reading

Posted in ජීව විද්‍යාව, විද්‍යාව, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , | 2 Comments

Religion and Phobia Interdepend

We, none of us, are born with a religion. The luckier among us are not even born into a religion. Some of us are given the very necessary but hardly given choice of believing what we want to believe. It … Continue reading

Posted in දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

Reflections on Self

Philosophical questions about the existence and the nature of “self” have troubled humans for many years. In many religions and in many philosophical schools of thoughts, the questions surrounding the concept of self were examined in great detail. Further, the … Continue reading

Posted in දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

ප්‍රශ්නය: ඔබේ කාලයෙන් වැඩි කොටසක් “වාස්තවික යථාර්තය” නම් වූ සංකල්පයක් සාකච්ඡා කිරීම සඳහා වැය වේ. මෙය වැදගත් මාතෘකාවක්ද? රිටිගල: තමන්ට බැහැරින් පවතින කිසියම් “පරම සත්‍යයක්” හෙවත් “ඇත්තෙන්ම පවතින ලෝක ස්වභාවයක්” ගැන අවිඥානක හෝ සවිඥානක සිතිවිල්ලක් ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති … Continue reading

Posted in කාලීන, දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments

සදාචාරය පිළිබද විමසුමක්

ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් තුළ සදාචාරය පිළිබදව වන කතිකාවත ප්‍රධාන තැනක් ගනී. පාරභෞතිකය සහ ඥාන විභාගය යන විෂය පථයන් යටතට ගැනෙන සිතක් පවතීද, සහ මානව දැනුමේ පරාසයන් මොනවාද වැනි දාර්ශනික ගැටලු මෙන් නොව නානාවිධ සදාචාරාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට වඩාත් අදාල … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

සදාචාරය!

සදාචාරය වනාහී හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගයක් වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති (සාපේක්ෂ) නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ … Continue reading

Posted in කාලීන, දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව

ජාතිවාදි ෆැන්ටසි වෙනුවෙන් “ළමයි හදාපල්ලා” යැයි කියන මධ්‍යම පාන්තිකයන් අතුරින් කවරෙකුවත් ළමයි දහය පහලොව හදන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සිය ගෝත්‍රයේ ඔලු ගෙඩි ගණන දුප්පත් අසරණයන් ලවා වැඩි කර ගැනීමට ය. මුන්ට තමන්ගේ ගෝත්‍රයේ දුප්පත් අසරන මිනිස්සු පෙනෙන්නේ හරක්  පට්ටියේ අයිතිකාරයාට … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 39 Comments

නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්

හිරු උදාවෙත්ම පෙරදා රාත්‍රියේ පැතිර තිබූ මීදුම කෙමෙන් කෙමෙන් මැකී ගියේ ය. තවත් අලුත් උදෑසනකි. තවත් අලුත් දවසකි. වෙනදා මෙන්ම එදින ද අයෝවා ප්‍රාන්ත වැසියෝ උදෑසනින්ම සිය දෛනික වැඩ කටයුතු ඇරඹීය. ගොවීහු සිය ගොවිපලවල් වෙත ගියහ. වෙළෙන්දෝ සිය කඩ කාමර … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 21 Comments