Tag Archives: කුමාර සංකල්ප

නීතිය හා පාෂාණ්ඩනය

නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

සරාර්ථවිද්‍යා සංරචක හා ගුරුත්වාකර්ෂණය

මිදුලට ගොස් රාත්‍රී අහස දෙස බලන්න. අහස වළාකුලු වලින් ආවරණය වී නොමැති නම් ඔබට නානාවිධ ආකාශ වස්තු රාශියක් දැකගත හැකි වනු ඇත. මෙම ආකාශ වස්තූන් අතුරින් බොහෝමයක් තාරකාය. අපගේ සාමාන්‍ය ප්‍රතිභානයන්ට අනුව, අපි මෙලෙස දකින්නේ “මේ මොහොතේ” අහසේ “තියෙන” තාරකාය. … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

දැනුම පිළිබද විවිධ මතවාද

මීට කලකට ඉහත ඉදිරිපත් කරන ලද ලිපියකින් අප “දැනුම” යන වචනය “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) ලෙස අර්ථ දක්වා සිටියෙමු. මානව දැනුමේ ශාක්‍යතාව හා ස්වභාවය මෙන්ම මානව දැනුමේ ප්‍රධාන මූලාශ්‍රයන් පිළිබද වන්නා වූ නානාවිධ ස්ථාවරයන් ගැන කෙටි … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 1 Comment

පාරභෞතික ද්වෛතවාදය, විඤ්ඤාණවාදය හා භෞතිකවාදය

ගස් වනාහී විඤ්ඤාණයක් සහිත සවිඤ්ඤාණක වස්තූන් ද? ශුක්‍රාණුවට විඤ්ඤාණයක් තිබේ ද? යුක්තාණුව සවිඤ්ඤාණක ද? කලලයක් තුළ විඤ්ඤාණය හටගන්නේ සංසේචනය වූ අවස්ථාවේදීම ද? නැතිනම්, මාස තුනේදී ද? එසේත් නැතිනම්, මාස පහේදී ද? යනාදී වශයෙන් විඤ්ඤාණයේ “අගමුල” සෙවීමට මූණුපොතේ සිටින අප සහෘදයන් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment