Tag Archives: බටහිර විද්‍යාව

සරාර්ථවිද්‍යා සංරචක හා ගුරුත්වාකර්ෂණය

මිදුලට ගොස් රාත්‍රී අහස දෙස බලන්න. අහස වළාකුලු වලින් ආවරණය වී නොමැති නම් ඔබට නානාවිධ ආකාශ වස්තු රාශියක් දැකගත හැකි වනු ඇත. මෙම ආකාශ වස්තූන් අතුරින් බොහෝමයක් තාරකාය. අපගේ සාමාන්‍ය ප්‍රතිභානයන්ට අනුව, අපි මෙලෙස දකින්නේ “මේ මොහොතේ” අහසේ “තියෙන” තාරකාය. … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

විද්‍යාවේ දර්ශනය – කෙටි හැදින්වීමක්

“විද්‍යාව” යනු කුමක්ද? බැලූ බැල්මට මෙය සරල ප්‍රශ්නයකි. පාසල් වල සහ විශ්ව විද්‍යාල වල උගන්වනු ලබන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන්” බවත් සංගීතය, චිත්‍ර කලාව, ආගම වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන් ලෙස නොගැනෙන විෂයන්” බවත් බොහෝ … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , | 1 Comment

පරිණාම-න්‍යාය සහ යහමග අඩවිය

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් … Continue reading

Posted in ජීව විද්‍යාව, විද්‍යාව, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , | 2 Comments

චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ… චාල්ස් ඩාවින් ගිය පාසලේ ඉගැන්වූයේ ප්‍රධාන විෂයන් දෙකකි. ඒ වනාහී ග්‍රීක භාෂාව සහ ලතින් භාෂාවයි. ඊට අමතරව ඉතිහාසය හා පුරාතන භූවිද්‍යාව යන විෂයන් ද අතිරේක විෂයන් ලෙස ඩාවින්ට ඉගෙනගැනීමට සිදු විය. මෙකී කලා විෂයන් හැදෑරීමට ඩාවින් … Continue reading

Posted in චරිතාපදාන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – පළමු කොටස

විද්‍යාවේ ප්‍රගතියට උරදුන් නානාවිධ පුද්ගලයින් පිළිබදව තොරතුරු ඔබ හමුවේ තැබීම මෙම නිරාගමික බ්ලොග් අඩවියේ එක් අරමුණකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව නම්, යම් විද්‍යාත්මක න්‍යායක් වඩා හොදින් තේරුම් ගැනීම පිණිස එම න්‍යාය ඉදිරිපත් කෙරුණු සන්දර්භය පිළිබද කරුණු දැනසිටීම මහෝපකාරී වීමයි. අප … Continue reading

Posted in චරිතාපදාන, Sinhala | Tagged , , , , , , , , , , , , , , | 5 Comments

Proof of Objective Reality

Suppose, for example, that you look at a sunflower. You experience the yellowness of the sunflower. Plus, if you touch the sunflower, you may experience the smoothness of sunflower petals. You may also experience the aroma of the sunflower. In … Continue reading

Posted in දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

පඤ්ඤත්ති පිළිබද විමසුමක්

නලින් ද සිල්වා විසින් නිතරම පාහේ ආඩම්බරයෙන් කියන්නේ කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව ය. නලින් විසින් ඉදිරිපත් කරනු ලබන මෙකී ප්‍රස්තුථයේ නිරවද්‍යතාවය නිර්ණය කරගැනීම පිණිස මූලික වශයෙන්ම අර්ථ දැක්විය යුතු වචන දෙකක් තිබේ. එකක් නම්, “කාලය” යන වචනය යි. අනෙක … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 12 Comments

අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

ප්‍රශ්නය: ඔබේ කාලයෙන් වැඩි කොටසක් “වාස්තවික යථාර්තය” නම් වූ සංකල්පයක් සාකච්ඡා කිරීම සඳහා වැය වේ. මෙය වැදගත් මාතෘකාවක්ද? රිටිගල: තමන්ට බැහැරින් පවතින කිසියම් “පරම සත්‍යයක්” හෙවත් “ඇත්තෙන්ම පවතින ලෝක ස්වභාවයක්” ගැන අවිඥානක හෝ සවිඥානක සිතිවිල්ලක් ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති … Continue reading

Posted in කාලීන, දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments

What Galileo really did?

Look around you. You may find things such as papers and feathers, which are light and therefore easy to lift. Look around you further. You may see things such as cars and trucks, which are heavy and thus impossible for … Continue reading

Posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , | 2 Comments

විද්‍යාව පිළිබද විමසුමක්

විද්‍යාව තුලින් ඉදිරිපත් කරන නානාවිධ ප්‍රස්තුථයන් ඇත. එකී ප්‍රස්තුථයන් න්‍යායන් ලෙස ස්ථාපනය කරමින් ඒවා නාමකරණය කිරීම විද්‍යාව තුළ සාමාන්‍යයෙන් සිදු වේ. බොහෝවිට විද්‍යාවේ එන න්‍යායන් නම් කරනුයේ එකී න්‍යායන් ව්‍යුත්පන්න කිරීමෙහිලා පුරෝගාමී වූ පුද්ගලයන්ගේ නම් වලිනි. චලිතය පිළිබදව වන නිව්ටෝනියානු … Continue reading

Posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 17 Comments

විද්‍යාව හා දර්ශනය පටලවා ගැනීම

දැනුම පිළිබද නානාවිධ අදහස් ඇත. එකී අදහස් කිසියම් විශ්ලේෂණයකට බදුන් කරන කතිකාව ඥාන විභාගය (epistemology) යනුවෙන් හැදින්වේ. “දැනුම” යන වචනය අර්ථදැක්වීම සහ මානව දැනුමේ සීමාවන් හදුනාගැනීම, දැනුමේ ස්වභාවය නිර්ණය කරගැනීම, දැනුම ලබාගැනීමෙහිලා ඉන්ද්‍රයන්ගේ භූමිකාව නිවැරදිව වටහාගැනීම, දැනුම සහ මනස අතර … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

නිව්ටෝනියානු න්‍යායන් ඉගෙනීමේ වැදගත්කම

ඇල්බට් අයින්ස්ටයින් විසින් 1905 වර්ෂය තුළ විශේෂ සාපේක්ෂතා න්‍යායද 1915 වර්ෂය තුළ සාධාරණ සාපේක්ෂතා න්‍යායද ඉදිරිපත් කරන තෙක් චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබද විද්‍යාවේ ස්ථාපිතව තිබුණේ නිව්ටෝනියානු න්‍යායන්ය. අයින්ස්ටයින් ඉදිරිපත් කෙරූ න්‍යායන් මගින් නිව්ටෝනියානු න්‍යායන් අවලංගු වනවා යැයිද එම නිසා නිව්ටෝනියානු … Continue reading

Posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 56 Comments

උද්ගමනය පිළිබද ගැටලුව සහ කාල් පොපර්

බටහිර, පෙරදිග, නිරිතදිග, ඊසානදිග, එක්ස්කිමෝ, ඊජිප්තු, චීන, ඇමසෝනියානු යනා දී වශයෙන් විද්‍යාව නානාවිධ මාදිලියන්ගෙන් යුක්ත වනවාද නැතහොත් “විද්‍යාව” යන වචනයේ නිවැරදි ව්‍යවහාරය වනුයේ කිසිදු විශේෂණ පදයකින් තොරව “විද්‍යාව” යනුවෙන් ද යන්න ගැටලුවකි. ඒ ගැටලුව අපට දාර්ශනික මට්ටමෙන් සංවාදයට බදුන් කළ … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 27 Comments

උද්ගමනය පිළිබද ගැටලුව (කෙටි හැදින්වීමක්)

එකමත් එක රටක ගොවිපලක් තුළ කළුකුමෙකු ජීවත් විය. ඒ වනාහී එසේ මෙසේ කළුකුමෙකු නොව විද්‍යාත්මක කළුකුමෙකි. යම් දෙයක් පිළිබදව නිගමනයකට එළඹීමට ප්‍රථමයෙන් ඉන්ද්‍රයන් හරහා එක්රැස් කරගත් නානාප්‍රකාර නිරීක්ෂණයන් ගැඹුරු විචාරයකට භාජනය කිරීම මෙම කළුකුමාගේ සිරිත විය. එක් දිනක්, තමාට ගොවිපල … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

“බටහිර” විද්‍යාව සහ පරිසර විනාශය

නලින් ද සිල්වා මැතිතුමාට අනුව බටහිර විද්‍යාව තුළින් පරිසරය විනාශ වීම හැර කිසිදිනෙක හොඳක් සිදු නො වේ. හේතු නොදක්වාම “ඊනියා” හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් යනාදිය ද “හරි යන්නෙ නැතිබව” එතුමා පවසයි. අපගේ පුරාණ කර්මාන්ත හා ගොවිතැන විසඳුම බවද එතුමා … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

නිර්ආගමිකත්වය අර්ථදැක්වීම

හැදින්වීම පිටුව තුළ අප විසින් “නිර්ආගමිකයා” යන වචනය නිර්වචනය කරනු ලැබු‍වේ “කිසිම ආගමක් නොමැති අයෙක්” යනුවෙනි. එකී නිර්වචනය වනාහී තවදුරටත් සුමට කළයුතු ඉතා ගොරෝසු නිර්වචනයක් බව එහිදී අපි කීවෙමු. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එකී සුමට කිරීම සිදුකිරීමට යි. … Continue reading

Posted in නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , | 9 Comments

විද්‍යාත්මක යථාර්තවාදය සහ විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය: කෙටි හැදින්වීමක්

“සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක දරුවන් ගණන 2.5 කි” යන වගන්තිය සළකන්න. මෙම වගන්තිය “නිවැරදියි” යැයි මදකට උපකල්පනය කරමු. එනම්, සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක සිටින දරුවන් ගණන 10.3ක් වත් 0.7ක් වත් නොව 2.5ක් යැයි සිතමු. සංගණන වාර්තා වල මෙන්ම විවිධ සමාජ … Continue reading

Posted in දර්ශනය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments