Tag Archives: රිටිගල ජයසේන

උපත හා ජෝතිෂ්‍යය

“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

පාරභෞතික ද්වෛතවාදය, විඤ්ඤාණවාදය හා භෞතිකවාදය

ගස් වනාහී විඤ්ඤාණයක් සහිත සවිඤ්ඤාණක වස්තූන් ද? ශුක්‍රාණුවට විඤ්ඤාණයක් තිබේ ද? යුක්තාණුව සවිඤ්ඤාණක ද? කලලයක් තුළ විඤ්ඤාණය හටගන්නේ සංසේචනය වූ අවස්ථාවේදීම ද? නැතිනම්, මාස තුනේදී ද? එසේත් නැතිනම්, මාස පහේදී ද? යනාදී වශයෙන් විඤ්ඤාණයේ “අගමුල” සෙවීමට මූණුපොතේ සිටින අප සහෘදයන් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

ප්‍රශ්නය: ඔබේ කාලයෙන් වැඩි කොටසක් “වාස්තවික යථාර්තය” නම් වූ සංකල්පයක් සාකච්ඡා කිරීම සඳහා වැය වේ. මෙය වැදගත් මාතෘකාවක්ද? රිටිගල: තමන්ට බැහැරින් පවතින කිසියම් “පරම සත්‍යයක්” හෙවත් “ඇත්තෙන්ම පවතින ලෝක ස්වභාවයක්” ගැන අවිඥානක හෝ සවිඥානක සිතිවිල්ලක් ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති … Continue reading

Posted in කාලීන, දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments

අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව

ජාතිවාදි ෆැන්ටසි වෙනුවෙන් “ළමයි හදාපල්ලා” යැයි කියන මධ්‍යම පාන්තිකයන් අතුරින් කවරෙකුවත් ළමයි දහය පහලොව හදන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සිය ගෝත්‍රයේ ඔලු ගෙඩි ගණන දුප්පත් අසරණයන් ලවා වැඩි කර ගැනීමට ය. මුන්ට තමන්ගේ ගෝත්‍රයේ දුප්පත් අසරන මිනිස්සු පෙනෙන්නේ හරක්  පට්ටියේ අයිතිකාරයාට … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 39 Comments

නිරාගමිකත්වය සහ ආගම් විවේචනය

“මේ නිරාගමිකයන් නම් බෞද්ධ පදනමටම පමණක් ගරහන එන්.ජී.ඕ කුමන්ත්‍රණ කරුවන් පිරිසකි” යන අවලාදය අහලාම එපා වී ඇත. නමුත්, මේ අවලාදයට පිළිතුරක් දිය යුතුම ය. ශ්‍රී ලාංකීය නිරාගමිකයින් බොහෝ දෙනෙකුගේ හත්මුතු පරම්පරාවම නිරාගමික නො වේ. එබැවින් ඔවුන් කුඩා කල හැදුනු වැඩුනු, … Continue reading

Posted in කාලීන, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 15 Comments