Tag Archives: හොද නරක

අද පෝය!!!

අද පෝය!!! ඒ කිව්වෙ, භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක. පූජකයන් හරි, භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ … Continue reading

Posted in කාලීන, තර්කනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

නීතිය හා පාෂාණ්ඩනය

නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

ස්පෙශල් යුනිෆෝම් හැදි ස්පෙශල් මිනිස්සු

අප සමාජයේ සාමාන්‍ය මිනිසුන් සේ නොසැලකෙන, සෑම අවස්ථාවකදීම වාගේ විශේෂ සැලකිලි වලට ලක්වන, සමාජය විසින් “ස්පෙශල්” යැයි සලකණු ලබන විශේෂ වූ මිනිසුන් කොටසක් වේ. මොවුන් විසින් අප සමාජයට නිතර “අවවාද” හා “අනුශාසනා” කරනු ලබයි. හොද හා නරක පිළිබදව යම් යම් … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

මරණ දඩුවම පිළිබද විමසුමක්

මිනිසුන්ගේ යහපැවැත්ම උදෙසා මිනිසුන් විසින්ම සාදාගත් සම්මුතීන් මැද ජීවත්වන අප මරණීය දණ්ඩනය ගැන සදාගන්නා සම්මුතිය කුමක්ද? මරණිය දණ්ඩනය නැමති ක්‍රියාව සහ එහි ප්‍රතිඵල ගැන මම දකින ආකාරය සහ මේ මාතෘකාව ගැන අප සදාගත යුතු සම්මුතිය පිළිබදව වන මගේ මතයට හේතු … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

“සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි” ස්ථාවරයේ ගැටලු

සදාචාරය පිළිබදව නානාප්‍රකාර මතයන් ඇත. “සදාචාරය වනාහී මානව යුතුකම් ය” යනු ඒ අතරින් එකකි. “සදාචාරාත්මක දේ නම් මිනිසුන්ගේ සතුට රැකගන්නා දේය” යනු සදාචාරය සම්බන්ධයෙන් අප සමාජයේ ප්‍රචලිතව ඇති තවත් මතයකි. සදාචාරය පිළිබදව ඇති තවත් මතයක් වනුයේ “සදාචාරය සංස්කෘතියට සාපේක්ෂයි ” … Continue reading

Posted in සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , | 3 Comments

සදාචාරය පිළිබද විමසුමක්

ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් තුළ සදාචාරය පිළිබදව වන කතිකාවත ප්‍රධාන තැනක් ගනී. පාරභෞතිකය සහ ඥාන විභාගය යන විෂය පථයන් යටතට ගැනෙන සිතක් පවතීද, සහ මානව දැනුමේ පරාසයන් මොනවාද වැනි දාර්ශනික ගැටලු මෙන් නොව නානාවිධ සදාචාරාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට වඩාත් අදාල … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

සදාචාරය!

සදාචාරය වනාහී හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගයක් වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති (සාපේක්ෂ) නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ … Continue reading

Posted in කාලීන, දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්

හිරු උදාවෙත්ම පෙරදා රාත්‍රියේ පැතිර තිබූ මීදුම කෙමෙන් කෙමෙන් මැකී ගියේ ය. තවත් අලුත් උදෑසනකි. තවත් අලුත් දවසකි. වෙනදා මෙන්ම එදින ද අයෝවා ප්‍රාන්ත වැසියෝ උදෑසනින්ම සිය දෛනික වැඩ කටයුතු ඇරඹීය. ගොවීහු සිය ගොවිපලවල් වෙත ගියහ. වෙළෙන්දෝ සිය කඩ කාමර … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 21 Comments

Dear BBS

I see that your establishment has convinced itself of being a force for good; I also take it that you’ve assumed the task of being the sole copyright holders, and saviors of Buddhism. However, this is not the sort of … Continue reading

Posted in කාලීන, සදාචාරය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

දන් ඉලක්ක හා පින් ඉලක්ක බවට පත්වෙන අසරණ දරුවන්

අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , | 20 Comments

ආගම නිරන්තරවම ප්‍රශ්නකිරීමට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුළ පැවතීම වැදගත් වන්නේ ඇයි?

සුරාව, සූදුව සහ ආගම කිසි දිනෙක සමාජයෙන් ඉවත් කළ නොහැක. ලොකයේ බොහෝ රාජ්‍යයන් කිසියම් හෝ කලක මේවා බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත (උදාහරණ: ඇමරිකාව, රුසියාව, චීනය). මෙම උත්සාහයන් සාර්ථක නොවීය. නමුත්, සුරාව, සූදුව සහ ආගම අසීමන්තිකව දෝරේ ගලන්නට … Continue reading

Posted in ඓහිකත්වය (secularism), කාලීන, දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

සදාචාරය සහ ආගම

සදාචාරය (ethics) යන විෂයපථයෙන් මූලික වශයෙන්ම අරමුණු කරගන්නේ අප කළයුතු දේ සහ නොකළ යුතු දේ වෙන්කර හදුනාගැනීමෙහිලා ඉවහල් වන නිර්නායකයන් ස්ථාපිත කරගැනීමයි. එනමුදු, සදාචාරය වනාහී මානව හැසිරීම සම්බන්ධයෙන් යම් යම් උපදේශනයන් අඩංගු වන්නා වූ එකම විෂයපථය නොවේ. ආගම් තුලින්ද, මානව … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments