Tag Archives: philosophy

දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1

එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් … Continue reading

Posted in තර්කනය, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 12 Comments

උපත හා ජෝතිෂ්‍යය

“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

නීතිය හා පාෂාණ්ඩනය

නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සරාර්ථවිද්‍යා සංරචක හා ගුරුත්වාකර්ෂණය

මිදුලට ගොස් රාත්‍රී අහස දෙස බලන්න. අහස වළාකුලු වලින් ආවරණය වී නොමැති නම් ඔබට නානාවිධ ආකාශ වස්තු රාශියක් දැකගත හැකි වනු ඇත. මෙම ආකාශ වස්තූන් අතුරින් බොහෝමයක් තාරකාය. අපගේ සාමාන්‍ය ප්‍රතිභානයන්ට අනුව, අපි මෙලෙස දකින්නේ “මේ මොහොතේ” අහසේ “තියෙන” තාරකාය. … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments